සැස්ලිට් අයියා වෙනුවෙන්...

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සැස්ලිට් අයියා වෙනුවෙන්...

    සැස්ලිට් අයියා වෙනුවෙන් උපහාර රේඩියෝ වැඩසටහනක්......

    2tIw82k.gif


    http://www.elakiri.com/forum/member.php?u=35153

    එළකිරියේ අපි ගොඩක් දෙනෙක් දන්නවා ඉස්සර එළකිරි රේඩියෝ එකෙන් ඔබව හමු වුනු සැස්ලිට් අයියා අප අතරින් වෙන් වුනා කියල...:(
    මුලින්ම ඔහුගේ ආත්මයට නිවන් සුව පතනවා.:love:

    මම සැස්ලිට් අයිය කියන්නේ කවුද විස්තර දන්නේ නැහැ. එළකිරියේ ඇතුලේ ලොකුවට හමු වෙලත් නැහැ.ඔහුගේ එකම රේඩියෝ වැඩසටහනක් වත් අහලා නෑ.මම දැකලා තියෙන්නේ ඔහුගේ ගීත විචාර විතරයි.
    ඒ මනුස්සයා වටින, හොඳ මනුස්සයෙක් බව දන්නවා....:sorry:

    එළකිරියේ ඔහුව පෞද්ගලිකව හඳුනන කට්ටිය ඔහුට ඉස්සර ඉඳලම උදව් කරන්න ඇති.ඔහුගේ අසනීප වෙලාවල් වලදී ඔහුට උදව් කරන්න ඇති. ඔහුගේ අවසන් කටයුතු වෙනුවෙන් සහභාගී වෙන්නත් ඇති...
    මට අද මෙහෙම දෙයක් හිතුනා, ඔහු එලකිරිය වෙනුවෙන් කරපු දේවල් වලට උපහාරයක් සිද්ද වෙන විදිහට ඔහු වෙනුවෙන් '' එළකිරි රේඩියෝ '' වැඩසටහනක් පැවැත්වුවොත් හොඳයි කියල....

    එක කරන්න ඕනේ මොන පිළිවෙලටද කියන දේ ගැන මට අදහසක් නැහැ.
    එළකිරි රේඩියෝ කණ්ඩායමේ සාමාජිකයෝ පුළුවන් නම් ඒ ගැන හිතල බලනවද ?
    කට්ටියගේ අදහස් ඉදිරිපත් කරනවා නම් වටිනවා.....:confused:

    ( මගේ හිතට ආපු පුංචි අදහසක් විතරයි. එළකිරි රේඩියෝ එක දැන් නැවතිලා තියෙන්නේ ඇයි , අතීත සිදුවීම් ගැන මම කිසිම දෙයක් දන්නේ නැහැ.
    එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම්, මේ අදහස ප්‍රායෝගික නැත්තම් කමක් නැහැ..:confused::confused:)



    ඔහු නොකියාම නික්ම ගියේය.......

    එලකිරියේ රේඩියෝව නැවත පණ ගසා නැගිටින කාලයේ ඔහු අපි එ සත් කාර්‍යට උර දුන්නේ අපෙන් පසු පැමිනෙන පරම්පරාව යහපත් මිනිසුන්, සුන්දර මිනිසුන් කල යුතුය අය අපේ පොදු මතය නිසාය......

    රසාස්වාදනය පිලිබඳව ඔහුට තිබූ ඇම්ම හොඳින්ම පෙනුනේ එලකිරියේ චැට් බාර් එක තිබූ ඒ කාලයේය..ඔහුත් මාත් ගීත වල නිරුක්ති, විඳීම්, සරු තැන් ගැන වරු ගනන් චැට් ගසා ඇත.


    ඔහු එලකිරියට දුන් බොහෝ දේ අතර සුන්දර ගීයක ඇරඹුම 1 සහ 2 වෙත ඔහු කල ගීත විඳීම් ගැන ලිපි පවතින්නේ අග්‍ර ම ස්ථානයේය....


    එලකිරි රේඩියෝවට ඔහු ගෙන ආ මියුරු ගී සර ත්, ඔහු ඔහුගේ බිරිඳ සමඟ ගෙන ආ ඉරබටු තරුවත් සදානුස්මරණීය වේ.....

    සකිය නුඹට නිවන් සුව නොපතමි....

    නුඹ නැවත ඉපදිය යුතුය...දීර්ඝායුෂ සහිතව නැවත් ඉපදිය යුතුය....

    ඒ අප පටන් ගත් දෙය තවම ආවසන් නොමැති නිසාය.....
     

    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    සුමුදු නැත්තන් අපි කවුරුත් සාස්ලිට් කියලා කියන සහෝදරයා කලක් මාත් එක්කත් නිතරම කතා කලා,එ 2011-2012 කාලයෙදි,මගේ යම් කිසි අසනිප තත්වයක් තිබුනා,මට මතකයි ඔහු කියනවා මල්ලි අසනිප කාටද නැත්තෙ ඔවා ගනන් ගන්න එපා කියලා හිත හදනවා,මම ඉතින් එ දවස් වල ස්කයිප් එකෙන් එයත් එක්ක නිතරම කතා කලා සෙට් උනාම,හොඳ මනුස්සයෙක් ඇත්තටම එකාලේ නම් එයාට පවුලේ ප්‍රශ්නත් තිබ්බා පස්සෙ මම හිතන්නෙ එවා හරි ගියා,එවා නිසා බිමට ඇබ්බැහි උනාද මන්දා....දුකයි එත් මොනවා කරන්නද.........
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ ගැන පරණ සාමාජිකයන්ගේ අදහස් මොනවද ?

    ඒ මිනිස්සු තමා මේ අදහස හොඳද නරකද කියන එක තීරණය කරන්න ඕනේ...
    දත් කිඹුලා, තරිඳු MJ , ගමයා , හෂාන් dis ඇතුළු පරණ එළකිරි රේඩියෝ ටීම් එකේ කට්ටිය මොකද කියන්නේ ?
    :confused::confused::confused:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කරන්න පුලුවන් නම් හොඳ දෙ‍යක්.:D



    එලකිරි රේඩි‍යෝවේ සස්ලිට් අ‍යි‍යා කරපු ප්‍රේමකීර්ති ද අල්විස් උපහාර‍ය, ජෝතිපාල, ක්ලැරන්ස් උපහාර වැඩසටහන් කවදාවත් අමතක කරන්න බැරි වාර්තා ති‍යපු වැඩසටහන් කිව්වොත් වැරදි නෑ.:yes:


    ඒ වගේ කෙනෙක් වෙනුවෙන් රේඩි‍යෝ වැඩසටහන් කිරීම ඔහු වෙනුවෙන් දෙන්න පුලුවන් හොඳම ගෞරව‍යක් වේවි. :)
     
    • Like
    Reactions: Dodo Mahaththaya