සිරි මුකයේ අසිරිමත් කතා by උදය ගම්මන්පිල

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    සිරි මුකයේ අසිරිමත් කතා by උදය ගම්මන්පිල

    අපි දැක්කා ඇල්පිටියේ ජනතාව සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපති සිහිනය කුඩු පට්ටම් කර දමනවා. ඒක දැක්කහම අද ඒ අය කියනවා ඇල්පිටිය කියන්නේ අපේ බලකොටුවලු. ඒක හරියට කොළඹ මහනගර සභාව එක්සත් ජාතික පක්ෂය දිනනවා වගේලු. ජනපතිවරණය මේකෙන් මනින්න බැහැ කියලයි ඒගොල්ලො කියන්නෙ. අපි මේ කතාවේ ඇත්ත නැත්ත බලමු. බෙන්තර ඇල්පිටිය ආසනය හැදිලා තියෙන්නේ ප්‍රාදේශීය සභා දෙකකින්. ඒ තමයි බෙන්තොට සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා දෙක. බෙන්තොට ප්‍රාදේශීය සභා මැතිවරණය තිබ්බා 2018 පෙබරවාරි මාසයේ. පොහොට්ටුවට 46%යි. ශ්‍රීනිපයට 11%යි. එජාපයට 26%. මාස විස්සකට පස්සේ ඒ අල්ලපු කොට්ඨාසය ඇල්පිටියෙ ඡන්දය තියෙනකොට අපේ 46%ය 56%ය වෙලා. සහෝදර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 11% සිට13% දක්වා යනවා. එජාපයේ 26% පල්ලම් බහිනවා 23% දක්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ 13% ලැබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පල කලාට පස්සෙයි. ඒ කියන්නේ අපේ 56% සහ ඒ 19% එක්වූ විට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට දැන් 69% තිබෙනවා.

    රනිල්ට බෑ කියලා ඡන්ද දිනවන්න ගෙනාපු අපේක්ෂකයා සජිත් පුතා ඇවිල්ල කරල තියෙන්නෙ රනිල්ගේ 26%ය 23% දක්වා පල්ලම් බස්සපු එකයි. සජිත් පුතේ ඔයාගේ ජනාධිපති සිහිනය ඇල්පිටියෙන් කුඩුපට්ටම් වෙලා ඉවරයි කියන එක අපි එතුමාට මතක් කරනවා. කොළඹ මහ නගර සභා වගේ ඒවා ලංකාවේ තව තියෙන්නේ හතයි. නමුත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වගේ ඒවා 340න් 270ක්ම, ඇල්පිටියවල් කියලා අපි එක්සත් ජාතික පක්ෂයට මතක් කරනවා. රනිල්ට පුළුවන් වෙච්ච ටිකවත් ඇයි සජිත්ට බැරි උනේ කියලා අපි හොයලා බලන්නට ඕනෑ.

    බ්‍රෝකර් වෙනුවට ජෝකර්

    එක්සත් ජාතික පක්ෂයේ නායකයා රට කඩාගෙන විකුණනකොට අපිට මේ බ්‍රෝකර් එක්ක ගමනක් නැහැ අපිට අලුත් නායකයෙක් අවශ්‍යයි කිව්වා. කට්ටියක් ලක ලෑස්ති වෙලා අප ගාව ඉන්නවා හොඳ බඩුවක් කියලා දුන්නා. බැලින්නම් බොලේ මෙයා ජෝකරයෙක්. කට ඇරියොත් කියන්නේ ගොන් කතාවක්. මේ ගොන් කතා කීම අහගෙන ඉන්න බැරුව සැප්තැම්බර් මාසේ 27 වෙනිදා මම එතුමාට අභියෝගයක් කළා. එදා සිට ජනාධිපතිවරණයට තිබුණේ දින 50යි. මම ඔබතුමාට දෙනවා දවස් දහයකට එක ගානේ ගොන් කතා පහක් කියන්න. පහට වඩා කිව්වොත් ජනාධිපතිවරණය අකුලගෙන ගෙදර යන්න කියලා. පළවෙනි දවස් 10 ගතවෙනකොටම මේ යෝදයා කතා පහ කියලා ඉවරයි.

    මොනවද මේ ගොන් කතා. ඔක්තෝම්බර් මාසේ දෙවැනිදා මෙයා කියනවා මම වැටුප් ගන්නේ නැතුව වැඩ කරනවා කියලා. වැටුප් නොගෙන වැඩ කරන්න මෙයා රස්සාවක් කරලා තියෙනවද. නැහැ. දොස්තර ඉංජිනේරු ගණකාධිකාරී වගේ වෘත්තියක් කරලා තියෙනවද. ඒත් නැහැ. අඩුම ගානේ බුලත්විට කඩයක් වගේ ව්‍යාපාරයක් වත් කරල නැහැ. පරම්පරාවෙන් ආපු දෙයක්වත් තියෙනවද බලන්න තාත්තා දිහා බැලුවා. තාත්තටත් වෘත්තියක් ව්‍යාපාරයක් නැහැ. එහෙනම් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජනාධිපති පුටුවේ වාඩි වෙලා පඩි නොගෙන වැඩ කරන්න සල්ලි කොහෙන්ද ? අපේ රාජ්‍ය දේපල කුණුකොල්ලෙට විකුණලා ටෙන්ඩර් මගඩි කරලා ජාවාරම්කරුවන්ගේ සල්ලි වලින් ජීවත් වෙන්න නේද මේ හදන්නේ. ඊට වඩා පඩිය අරන් ජීවත් වෙන එක නම්බුකාරයි මහත්තයෝ කියලා අපි සජිත් ප්‍රේමදාස මහත්තයට කියනවා.

    එතුමාගේ දෙවෙනි ගොන් කතාව වන ශ්‍රී මුඛය ගැන කී කතාව ගැන මා කතා කරන්නේ නැහැ. මොකද එය මුළු රටම දන්නවා. එතුමාට මහනායක හිමිවරුන් ඇවිල්ලා සමාව ගන්න කියනකං බුදුරජාණන් වහන්සේට තමන්ම සමාන කර ගත්ත එකට සමාව ගන්න වත් බැරි වුනා.

    ඔක්තෝම්බර් මාසේ 4 වෙනිදා තුන්වන ගොන් කතාව සිරිකොතේදී කියනවා. මම ජනතාව අතර නැති කොට මට ලෙඩක් හැදෙනවා. ජනතාව වැඩි වැඩියෙන් ඉන්නකොට තමයි මගේ ඇඟට වැඩි වැඩියෙන් ඔක්ෂිජන් ලැබෙන්නේ කියලා. හයේ පන්තියේ විද්‍යාව අප ඉගෙන ගත්තා. මිනිසුන් ඔක්සිජන් ආශ්වාස කරනවා. පිටකරන්නේ කාබන්ඩයොක්සයිඩ්. සෙනග වැඩි වෙන්න වැඩි වෙන්න එතන තියෙන කාබන්ඩයොක්සයිඩ් ද වැඩි වෙනවා. රවී කරුණානායක කිවුවාට සජිත් 10 අසමත් කියලා මෙන්න බොලේ මෙයා හයේ පන්තිය වත් සමත් නැහැ. සෙනග වැඩිවෙනකොට ඔක්සිජන් වැඩියෙන් ලැබෙන්න විදියක් නැහැ කියන එක සජිත් ප්‍රේමදාස මහත්තයා දන්නේ නැහැ.

    එතුමා හය අසමත් කියල නේද හිතෙන්නේ. නැහැ 4ත් අසමත් බවයි පෙන්නේ. මං ඒකත් කියන්නම්. ඔක්තෝම්බර් මාසේ පස්වෙනිදා පොලොන්නරුවේ ගොවි සමුළුවක් අමතමින් මෙතුමා කියාගෙන යනවා ගොවියන්ට දෙන සහන ලැයිස්තුව. කියාගෙන කියාගෙන ගිහිල්ලා ජනතාවගෙන් අහනවා මෙච්චර සහන දෙන්න සල්ලි කොහෙන්ද සජිත් ප්‍රේමදාසට කියලා තමුන්නාන්සේලා හිතෙනවා ඇති නේද කියලා. ධම්මපදයේ ගාථාවක් එහෙම කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා එයා කිසිම වැටුප් වේතනයක් ගන්නෙ නැහැ. ඒ සියල්ල භාණ්ඩාගාරයට හරවා යවා ඒ මුදලින් මේ සහන දෙන්න කියලා නියම කරනවලු.

    මම ලලිත් වීරතුංග මහතාගෙන් ඇහුවා ජනාධිපතිතුමාට මසකට ලැබෙන ගාන කීයද කියලා. ඒ මුදල රුපියල් 97 දහසයි. අපි නිකමට හිතමු ලක්ෂයක් කියලා. වසරටම ලැබෙන්නේ ලක්ෂ දොළහයි. ලක්ෂ 12ක් භාණ්ඩාගාරයට යවලා ලක්ෂ 12,000 ක සහන බෙදන්න කිව්වොත් එය භාණ්ඩාගාරයට ඉටු කරන්න පුලුවන්ද. 1 x 12 කීයද කියලා දන්නේ නැහැ කියන්නේ සජිත් හය විතරක් නෙවෙයි හතර වත් සමන් නැහැ කියලා අපට බය නැතුව තීරනය කරන්න පුළුවන්.

    ඔක්තෝබර් මාසයේ දහ වෙනිදා ගාලුමුවදොර රැස්වීමේදී එතුමා කියනවා මම ජනාධිපති උනහම මගේ ආරක්ෂක ඇමැති විදිහට සරත් ෆොන්සේකා මහත්මයා පත් කරනවා කියලා. අනේ අහිංසකයා නැගිටලා ජනතාවට ආචාර කරනවා, වටේ ඉන්න කට්ටිය බදාගන්නවා. අතට අත දෙනවා. අර විල්පත්තු කැලේ කපපු යෝධයා රිෂාඩ් බදුර්දීන් ඇවිල්ලා බදාගන්නවා යන්තම් මම බේරුනා කියලා. 2003 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව ජනාධිපතිතුමා අනිවාර්යෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය තමන් සතුව තබාගත යුතුයි. එම තීන්දුව දුන් සරත් එන් සිල්වා අග්‍රවිනිශ්චකාරතුමා ගෙන් මම ඇහුවා එතුමාගේ තීන්දුව 19 යටත් පස්සේ වලංගු ද කියලා. එතුමා කියනවා එතුමන් ඒ තීන්දුව දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (අ) වගන්තිය යටතේ. එය 19යෙන් වෙනස්වෙලා නැහැ. ඊළඟ ජනාධිපති අනිවාර්යෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය තමන් ළඟ තබා ගත යුතුයි කියලා. අහිංසක ෆොන්සේකා sorry.com තමයි.

    මිත්‍රවරුනි දැන් ගොන් කතා ගණන 5 යි. ඊට කලින් කිව්ව ගොන් කතා දෙකකුත් මතක් කරලා දෙන්නම්. එතුමා දවසක් කියනවා මම උදේ 4 ඉඳන් රෑ 12 වෙනකම් දවසට පැය විස්සක් වැඩ කරනවා, අන්න එහෙම තමයි ජනාධිපතිවරු ඉන්න ඕන කියලා. මිත්‍රවරුණි වෛද්‍යවරු නම් කියන්නේ දිනකට පැය 6කට වඩා නිදා ගන්නෙ නැතුව අඛණ්ඩව හිටියොත් ඒ යෝධයාට පිස්සු හැදෙනව කියලයි. පිස්සෙක් ජනාධිපති කරමුද කියලයි අපිට තීරණය කරන්න වෙන්නේ. ඔය විස්සක් නොනිදා සිටීම ජනාධිපතිකමට සුදුසුකමක් නම් ඊට වඩා සුදුස්සෙක් අපේ ගෙවල් ගාව ඉන්නවා. මාස 6 ක කුඩා දරුවෙක් ඉන්නවා. ඒ පොඩි දරුවා නම් සජිත් නිදාගෙන ඉන්න පැය හතරෙත් ඇහැරලා අඬනවා. එහෙමනම් සජිත් නෙවෙයි ඒ මාස හයේ පොඩි එකාව ජනාධිපති අපේක්ෂක කරන්න කියලා අපි කියනවා.

    තව දවසක සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනවා බලන්න මගේ මූණ.මගේ ඇස් ගිලිලා තියෙන්නෙ. මගේ කම්මුල වල ගැහිලා තියෙන්නේ. මහන්සිවෙලාමයි මට මෙහෙම වෙලා තියෙන්නේ. ඒ නිසා මමයි ජනාධිපතිකමට සුදුස්සා කියලා. මට ඒ කතාව කියන කොට මතක් උනේ මම කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ බොරැල්ල හංදියේ සුපර්මාර්කට් එක ගාව හිටියා ගංජා ගුණේ කියලා හාදයෙක්. ඉස්කෝලේ යන කාලේ ඔහු අපෙන් රුපියල් දෙකක් ඉල්ලනවා ගංජා සුරුට්ටුවක් ගන්න. සජිත්ගෙ මොන ඇස් ගිලිල්ලක් ද? ගංජා ගුණේගෙනේ ඇස් දෙක ගිලිලා තියෙන්නේ. සජිත්ගේ මොන කම්මුල් වල ගැහිල්ලක් ද ? ගංජා ගුණේගෙනේ කම්මුල වල ගැහිලා තියෙන්නේ. එහෙනම් සජිත් ප්‍රේමදාස මැතිතුමාට වඩා බොරැල්ල හන්දියේ ගංජා ගුණේත් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට දිරිපත් කරන්න සුදුසුයි කියලා අප ප්‍රකාශ කරනවා.

    -උදය ගම්මන්පිල
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    පෞ ඉතීම් :sorry:

    මධුමාදව නිසා ගෝඨාගෙන් ගම්මන්පිලටත් කැපිල්ල. දවස් 5කින් නෝ කෝල් !

    පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පසුගිය දින පහම තිස්සේ ගෝඨාභය රාජපක්ෂ මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ දරා ඇතත් ඔහුගේ එකදු ඇමතුමකට හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වේ.

    පොහොට්ටුවේ කඩවත ජන රැළිය සඳහා දෙදෙනාම සහභාගී වී සිටියත් එතැනදී ද කිසිදු පෞද්ගලික කතාබහක යෙදීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ගම්මන්පිලට අවස්ථාවක් ලබා දී නැත.

    ගම්මන්පිල මහතාගේ දෙවැනියා වන මධුමාදව අරවින්ද මහතා නිසා ඇතිවූ සිද්ධිය මෙම විරසකයට මුල්වී ඇති බවයි පොහොට්ටුවේ ආරංචිමාර්ග සඳහන් කළේ.

    මධුමාදව අරවින්ද මහතා විසින් සිදු කළ දැඩි මුස්ලිම් විරෝධී ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වීමෙන් අනතුරුව ඔහුට එරෙහිව පියවර ගන්නා ලෙස ගෝඨාගේ ප්‍රධාන නීතීඥ මොහොමඩ් අලි සබ්‍රි මහතාගෙන් දැඩි පීඩනයක් එල්ල වී තිබිණි. ඒ අනුව මධුමාදවව තනතුරුවලින් ඉවත් කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් පොහොට්ටුවේ සිංහල ජාතිකවාදී දේශපාලනඥයින් වෙතින් ගෝඨාට යළිත් පීඩනයක් එල්ල වී ඇත.

    මෙසේ මධුමාදව නිසා දෙපාර්ශ්වයෙන්ම තමන් වෙත පැමිණි බලපෑමෙන් කණස්සල්ලට පත් ගෝඨාභය රාජපක්ෂ මහතා උදය ගම්මන්පිල වෙත ඒ පීඩනය මුදා හරිමින් ඔහු සමඟ සියලු සබඳතා අත්හිටුවා ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    •• මම නිදාගන්නෙ නෑ 😂
    •• මම පාරෙ නිදාගන්නව😂
    •• මම උදේ 5ට නැගිටිනව 😂
    •• මම දෙපතුල ලගට එනව.😂
    •• මම මහ රෑට ගෙදරට එනව ඔබ සතුටින්ද බලන්න.😂
    •• මම දුශ්කරක් ක්‍රියා කරනව😂
    •• මට ඔයාල දැක්කම ඔක්සිජන් එනව😂
    •• මගේ දෑත් පිරිසිදුයි 😂
    •• මම මැරෙන්න බය නෑ 😂
    •• මම වහලෙක් වගෙ ඔයා ලග සේවය කරනව😂
    •• මම සපත්තු දාන්නෙ නෑ 😂
    •• මම ශ්‍රී මුඛයෙන් කතා කරන්නෙ😂
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    *අපිත් එක්ක මැරෙනවා කිව්වා
    *රෑට රෑට සතුට අරන් එනවා කිව්වා
    *වේගෙන් කරමු කිව්වා
    *අන්ධකාරයට ආලෝකයක් වෙනවා කිව්වා
    *අපි දැක්කම නිකන්ම ඔක්සිජන් එනවා කිව්වා
    *අපි වෙනුවෙන් දුෂ්කරක්‍රියා කරනවා කිව්වා
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    •• මම නිදාගන්නෙ නෑ 😂
    •• මම පාරෙ නිදාගන්නව😂
    •• මම උදේ 5ට නැගිටිනව 😂
    •• මම දෙපතුල ලගට එනව.😂
    •• මම මහ රෑට ගෙදරට එනව ඔබ සතුටින්ද බලන්න.😂
    •• මම දුශ්කරක් ක්‍රියා කරනව😂
    •• මට ඔයාල දැක්කම ඔක්සිජන් එනව😂
    •• මගේ දෑත් පිරිසිදුයි 😂
    •• මම මැරෙන්න බය නෑ 😂
    •• මම වහලෙක් වගෙ ඔයා ලග සේවය කරනව😂
    •• මම සපත්තු දාන්නෙ නෑ 😂
    •• මම ශ්‍රී මුඛයෙන් කතා කරන්නෙ😂

    :lol::lol::lol:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,002
    1
    61,107
    113
    Mother Earth
    • ඔයාල දැක්කම මගේ පයිය නගිනවා.
    • කෝ ළඟට එන්න ඇවිල්ලා මගේ ටොපා අල්ලලා බලන්න 'ඩිග්-ඩිග්' ගාලා ගැහෙන හැටි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    • ඔයාල දැක්කම මගේ පයිය නගිනවා.
    • කෝ ළඟට එන්න ඇවිල්ලා මගේ ටොපා අල්ලලා බලන්න 'ඩිග්-ඩිග්' ගාලා ගැහෙන හැටි.

    ආර්‍යාව බී ලයික්:

    33geng.jpg
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    .

    -උදය ගම්මන්පිල

    මේ ගම්මන්පිල කියන ස්ටුපිඩ් බිච් ට.

    මදුමාදව අරවින්ද පුද්ගලයගේ කැරැක්ටර් මම දන්නේ නැහැ.
    නමුත් වීඩ්යෝ එකක් නිසා මදුමාදව පක්ෂෙන් ඉවත් වෙලා ගියා.
    ඉන්න බැරි නිසානේ යන්නේ.
    ඒ වීඩියෝ එකේ මොකක්ද තිබෙන වැරදි ප්‍රකාශය?
    ශරියා ලො එකට විරුද්ධ එකද?

    ගම්මන්පිල කියන ඩොන්කියා ගෝ ටු හෙල් :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113

    මේ ගම්මන්පිල කියන ස්ටුපිඩ් බිච් ට.

    මදුමාදව අරවින්ද පුද්ගලයගේ කැරැක්ටර් මම දන්නේ නැහැ.
    නමුත් වීඩ්යෝ එකක් නිසා මදුමාදව පක්ෂෙන් ඉවත් වෙලා ගියා.
    ඉන්න බැරි නිසානේ යන්නේ.
    ඒ වීඩියෝ එකේ මොකක්ද තිබෙන වැරදි ප්‍රකාශය?
    ශරියා ලො එකට විරුද්ධ එකද?

    ගම්මන්පිල කියන ඩොන්කියා ගෝ ටු හෙල් :angry:

    This has been discussed in length on this thread:

    http://www.elakiri.com/forum/showthread.php?t=1915303
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    This has been discussed in length on this thread:

    http://www.elakiri.com/forum/showthread.php?t=1915303

    ගෝටාභයට මෙ වෙලාවේ කාගෙ සහය ලැබුනත් ගෝටාභය මහින්දට වැරදුණු දේවල් නැවත් සිදි නොකාරාවි සිතනවා. ගෝටාභයගේ ශක්තියට හානි නොකරාවි සිතනවා.

    මම කතා කලේ ගෝටාභය ගැන නෙවෙයි. ගම්මන්පිල නමැතිඩොන්කියට. එයාට පැහැදිලිව කියන්න තිබුණා ඒ වීඩියෝවේ රෝහිත කියන පොලිටීෂියන් කියන වගේ වැරැද්දක් නැහැ කියලා. ෂරියා වලට විරුද්ධයි කියන්න බැරි නම් සහරාන් කෙනෙක් නැවත නො එයි කියන්න බැහැ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113

    ගෝටාභයට මෙ වෙලාවේ කාගෙ සහය ලැබුනත් ගෝටාභය මහින්දට වැරදුණු දේවල් නැවත් සිදි නොකාරාවි සිතනවා. ගෝටාභයගේ ශක්තියට හානි නොකරාවි සිතනවා.

    මම කතා කලේ ගෝටාභය ගැන නෙවෙයි. ගම්මන්පිල නමැතිඩොන්කියට. එයාට පැහැදිලිව කියන්න තිබුණා ඒ වීඩියෝවේ රෝහිත කියන පොලිටීෂියන් කියන වගේ වැරැද්දක් නැහැ කියලා. ෂරියා වලට විරුද්ධයි කියන්න බැරි නම් සහරාන් කෙනෙක් නැවත නො එයි කියන්න බැහැ

    ෂරියා වලට විරුද්දයි කියල කියන්න සමස්ත මුස්ලිම් ප්‍රජාව හම්බ මරක්කලයො, උං එක්ක හැප්පෙන්න අපි සිංහල ජනතාව පෙළගස්සනව කියන්න ඕන නෑනේ. ගෝඨා පැහැදිලිව කිව්වනෙ රටම එක නීතියකට ගේනවා කියලා, ඒකට මුස්ලිම් හා සිංහල මිනිස්සු හැප්පෙන්නෙ මොකටද?

    ජාතිය උලුප්පලා චන්ද ගන්න එක TNA, SLMC, ACMC වගේ පක්ෂ කරන වැඩක්, ඒ ක්‍රමේටම සිංහල චන්ද ගන්න කරපු කතාවක් ඒක.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මේ ගම්මන්පිල කියන ස්ටුපිඩ් බිච් ට.

    මදුමාදව අරවින්ද පුද්ගලයගේ කැරැක්ටර් මම දන්නේ නැහැ.
    නමුත් වීඩ්යෝ එකක් නිසා මදුමාදව පක්ෂෙන් ඉවත් වෙලා ගියා.
    ඉන්න බැරි නිසානේ යන්නේ.
    ඒ වීඩියෝ එකේ මොකක්ද තිබෙන වැරදි ප්‍රකාශය?
    ශරියා ලො එකට විරුද්ධ එකද?

    ගම්මන්පිල කියන ඩොන්කියා ගෝ ටු හෙල් :angry:
    මනුස්සය හෙන සංවේදී එකෙක් නෙ දුක හිතෙන්න ඇති :yes: ඔක්කොම දමල ගහල ගිහින්
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ෂරියා වලට විරුද්දයි කියල කියන්න සමස්ත මුස්ලිම් ප්‍රජාව හම්බ මරක්කලයො, උං එක්ක හැප්පෙන්න අපි සිංහල ජනතාව පෙළගස්සනව කියන්න ඕන නෑනේ. ගෝඨා පැහැදිලිව කිව්වනෙ රටම එක නීතියකට ගේනවා කියලා, ඒකට මුස්ලිම් හා සිංහල මිනිස්සු හැප්පෙන්නෙ මොකටද?

    ජාතිය උලුප්පලා චන්ද ගන්න එක TNA, SLMC, ACMC වගේ පක්ෂ කරන වැඩක්, ඒ ක්‍රමේටම සිංහල චන්ද ගන්න කරපු කතාවක් ඒක.

    ඔයා පටලවගෙන කතා කරන්නේ

    ගෝටාභය රට එක නීතියකට පත්කරන්නේ කොහොමද? මේ ඉලෙක්ෂන් දිනලනේ.
    එයා කිව්වා අන්තවාදී නොවන අය ඔහු සමග කියලා.
    ඔපොනන්ට් ට අන්තවාදී පක්ෂ සහය තිබෙනවා
    මධුමාධව ඔය කතාකලේ ඡන්ද එකතු කරන්නද ආයුධ එකතු කරන්නද?
    සින්හල මිනිසුන්ගේ ඡන්ද එකතු කරන්න
    කාට විරුද්ධවද? අන්තවාදීන්ට විරුද්ධව

    උං එක්ක හැප්පෙන්න අපි සිංහල ජනතාව පෙළගස්සනව කියන්න ඕන නෑනේ
    ඡන්දේ දෙන්නනේ පෙළ ගස්වන්නේ :dull:

    ජාතිය උලුප්පලා චන්ද ගන්න එක TNA, SLMC, ACMC වගේ පක්ෂ කරන වැඩක්, ඒ ක්‍රමේටම සිංහල චන්ද ගන්න කරපු කතාවක්
    ඒ අය අන්තවාදය ගැන කතා කරමින් ක්‍රියා කරමින් ඉන්නවා.
    In election එයාලා ඔපොනන්ට් විධියට එනවා. එයාලගේ ඒ වැරැද්ද හයිලයිට් කරන එක, ඊට විරුද්ධව වෝට් කරන්න මිනිස්සු පෙළ ගස්වන එක වැරැදියි කියලද කියන්නේ?

    ජාතිවාදය කියන්නේ අපේ පක්ෂයට මුස්ලිම් උන් එපා දෙමල උන් එපා කියලා වෝට් ඉල්ලුවනම්. :dull:

    tenor.gif

    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මනුස්සය හෙන සංවේදී එකෙක් නෙ දුක හිතෙන්න ඇති :yes: ඔක්කොම දමල ගහල ගිහින්

    මම අප්‍රෙල් මාසයේ ඉදලා මේකේ නිතර හිටියා.
    මම හිතුවේ නැහැ මිනිස්සු මේ තරම් වෙනස් වෙයි කියලා
    පොලිටික්ස් නිසා
    අන්තවාදයට විරුද්ධ වීම, ජාතියට විරුද්ධ වීමක් වගේ කියනවනේ

    මට මම ගැන ගොඩක් ආඩම්බරයි මෙහෙම ජීවත් වූ අයට වඩා.
     
    • Like
    Reactions: LazyLizard

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    පෞ ඉතීම් :sorry:

    මධුමාදව නිසා ගෝඨාගෙන් ගම්මන්පිලටත් කැපිල්ල. දවස් 5කින් නෝ කෝල් !

    පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පසුගිය දින පහම තිස්සේ ගෝඨාභය රාජපක්ෂ මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ දරා ඇතත් ඔහුගේ එකදු ඇමතුමකට හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වේ.

    පොහොට්ටුවේ කඩවත ජන රැළිය සඳහා දෙදෙනාම සහභාගී වී සිටියත් එතැනදී ද කිසිදු පෞද්ගලික කතාබහක යෙදීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ගම්මන්පිලට අවස්ථාවක් ලබා දී නැත.

    ගම්මන්පිල මහතාගේ දෙවැනියා වන මධුමාදව අරවින්ද මහතා නිසා ඇතිවූ සිද්ධිය මෙම විරසකයට මුල්වී ඇති බවයි පොහොට්ටුවේ ආරංචිමාර්ග සඳහන් කළේ.

    මධුමාදව අරවින්ද මහතා විසින් සිදු කළ දැඩි මුස්ලිම් විරෝධී ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වීමෙන් අනතුරුව ඔහුට එරෙහිව පියවර ගන්නා ලෙස ගෝඨාගේ ප්‍රධාන නීතීඥ මොහොමඩ් අලි සබ්‍රි මහතාගෙන් දැඩි පීඩනයක් එල්ල වී තිබිණි. ඒ අනුව මධුමාදවව තනතුරුවලින් ඉවත් කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් පොහොට්ටුවේ සිංහල ජාතිකවාදී දේශපාලනඥයින් වෙතින් ගෝඨාට යළිත් පීඩනයක් එල්ල වී ඇත.

    මෙසේ මධුමාදව නිසා දෙපාර්ශ්වයෙන්ම තමන් වෙත පැමිණි බලපෑමෙන් කණස්සල්ලට පත් ගෝඨාභය රාජපක්ෂ මහතා උදය ගම්මන්පිල වෙත ඒ පීඩනය මුදා හරිමින් ඔහු සමඟ සියලු සබඳතා අත්හිටුවා ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

    සජියට කලින්ම උබල පටන් ගත්තද රෑට රෑට ගෙවල් අස්සෙ එබෙන වැඩේ. :rofl::rofl::rofl: