ගෝටා තාම ඇමරිකානුවෙක් බව සනාථ වෙයි

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටා තාම ඇමරිකානුවෙක් බව සනාථ වෙයි

    2019-11-15-090141.png

    (ලංකා ඊ නිව්ස් -2019.නොවැ.15, ප.ව.2.10) ගෝඨාභය තමන් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තා යැයි කියමින් මෙතෙක් මුළු රටටම පෙන්වූ ගෝනි සෙල්ලම අහවර කරමින් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ලිපියක් මගින් ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කිරීම සම්පූර්ණ නොමැති බවත් ඔහු පෙන්වන සහතික ව්‍යාජ ඒවා බවත් ප්‍රකාශ කර තිබේ.

    හදිසි කාරණාවක් ලෙස සඳහන් කරමින් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ජාතික ආරක්ෂක කොට්ඨාශයේ නීති සහ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ක්‍රිස්ටෝපර් හාඩී විසින් මෙකී ලිපිය නොවැම්බර් 11 දින යොමු කර ඇත්තේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ පුරවැසි සේවයේ අධ්‍යක්ෂ වරයා වෙත ය.

    ඒ මගින් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ අයැදුම්පත කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට අප්‍රියෙල් 17 දා බාර දී ඇති බවත් ඒ අයැදුම්පත තානාපති කාර්යාලය විසින් ඇමරිකානු ජාතික ආරක්ෂක කොට්ඨාශයේ ගිනිකොණ දකුණ සහ මධ්‍යම ආසියාව බාර කොට්ඨාශය වෙත යොමුකර ඇති නමුත් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ඉවත් කිරීම අවසන් වී නැති බවත් අවධාරණය කරයි.

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ පුරවැසි සේවය විසින් නිකුත් කළා යැයි කියමින් ‘ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකයක්’ විශාල වශයෙන් අන්තර්ජාලයේ මෙන්ම ගෝඨාභයගේ ජනාධිපතිවරණ නියෝජිතයින් විසින් බෙදාහරින නමුත් එය ව්‍යාජ සහතිකයක් බවත් ක්‍රිස්ටෝපර් හාඩී සඳහන් කරයි.

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ගෝඨාභයගේ පුරවැසිභාවය ඉවත් කිරීම පිළිබඳ කිසිදු ඉල්ලීමක් ‌‌මෙතෙක් ඇමරිකානු අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලැබී නොමැති බවත් අසාමාන්‍ය ඉල්ලීමක් කළ විටක දී වුව ඒ සඳහා අවශ්‍ය හේතු සහ උපදෙස් ලබා දිය යුතු නමුත් එවැන්නක් සිදුව නැති බවත් ක්‍රිස්ටෝපර් හාඩි පවසයි.

    දැනට අයැදුම්කර තිබෙන ගෝඨාභයගේ පුරවැසිභාවය අත්හැරීම පිලිබඳ විවිධ රාජ්‍ය ආයතන සිදුකරමින් තිබෙන ක්‍රියාවලියට ඉහත කී ව්‍යාජ සහතිකය බාධාවක් වී තිබෙන බැවින් එකී ක්‍රියාවලිය වහාම අත් හිටුවන ලෙසද ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ජාතික ආරක්ෂක කොට්ඨාශයේ නීති සහ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ක්‍රිස්ටෝපර් හාඩී රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ පුරවැසි සේවයේ අධ්‍යක්ෂ වරයාට දන්වා තිබේ.

    මේ අනුව මෙතෙක් කල් ගෝඨා පෙන්වූ ගෝනි සෙල්ලම බොරුවක් බව ඇමරිකාව විසින් නිල වශයෙන්ම අද අවධාරණය කර තිබේ. ඔහු ඇමරිකානු පුරවැසියෙකි. ඔහුට මේ ඡන්දයට ඉදිරිපත් විය නොහැකිය. ඔහු අද ඉල්ලා අස්විය යුතුය. නැතහොත් ඔහු ව්‍යාජ සහතික ‌පෙන්වමින් රට මුලා කිරීමට එරෙහිව ලංකාවේ ‌මෙන්ම ඇමරිකාවේ ද ‌වෙනම නඩුවලට මුහුණ දීමට සිදුවනු ඇත.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    දැන් ඕව අදාලම නෑ දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ල කිව්වත් අපි ගෝඨාභයට ඡන්දෙ දෙන එක නතර කරන්නෙ නෑ නෑ නෑමයි. පෑඩ් සජිය අපිට එපා
     
    • Like
    Reactions: danlix

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ඕව අදාලම නෑ දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ල කිව්වත් අපි ගෝඨාභයට ඡන්දෙ දෙන එක නතර කරන්නෙ නෑ නෑ නෑමයි. පෑඩ් සජිය අපිට එපා

    api nemei uba kiyala kiyapan…
    mokada hamoma uba wage close minded na..
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටා ඩොකියුමන්ස්ට් බාරා දීලා තියෙනවා.ඒ උනාට ඒක තාම අනුමත වෙලා නෑ.වසරක කාලයක් යනවා ඒක කැන්සල් කරගන්න.මේ අනුව ගෝටා තාම ඇමරිකානුවෙක්.ඒ නිසා දෙන චන්දය වැඩක් නෑ.මොකද නීතිවිරෝදී.ගෝටාගේ ලෝයර් කියන්නේ ගෝටාගේ ඇප්ලිකේෂන් එක ඇමරිකාව පිලිගතහොත් ඔහුගේ සිටිෂන් එක අප්‍රේල් 17 ඉඅදන් කැන්සල් වෙනවා කියලා.නමුත් ඒක වැඩක් නෑ.මොකද සිටිෂන්ශිප් එක පෙන්ඩින් තියෙන කෙනෙක්ට ඉල්ලන්න බෑ.ඉල්ලන්න පුලුවන් සිටිෂන් ශිප් එක සම්පූර්නයෙන්ම නාමයෝජනා දිනට කලින් අහෝසි කර ගත්ත අයෙක්ට පමනයි.ඒක පැහැදිලිව ගීතාගේ කේස් එකෙන් ඔප්පු උනා, ගීතා ස්විස්ලනතයේ සිටිෂන් ශිප් එක කැන්සල් කරන්න ඇප්ලිකේෂන් දීලා තිබුනට නොමිනේෂන් දවස වෙනකම් ඒක අනුමත වෙලා නෑ.ඒ අනුවා ගීතට අයින් වෙන්න උනා.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    රතන හාමුදුරුවන්ගේ අත්සනත් හොරෙන් ගහල ලියුම් එලියට දාපු තොපියි enews එකයි ඇමරිකාවත් එක්ක වෙන වෙනම නඩු දාපන් ඉතින් ponziyo........................
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දැන් ඕව අදාලම නෑ දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ල කිව්වත් අපි ගෝඨාභයට ඡන්දෙ දෙන එක නතර කරන්නෙ නෑ නෑ නෑමයි. පෑඩ් සජිය අපිට එපා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අදාල නෑනේ.... we are not interested කී පාරක් කියන්නද බන්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර නැති බවට මේ වන විට අන්තර්ජාලයට මුදා ගත ලිපිය සම්පූර්ණ අසත්‍ය දිවිල්ලක් බවත් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකාවක් අප වෙත සඳහන් කළාය.

    ඇය සඳහන් කරන ලද්දේ ලිපියේ සඳහන් දිනය වන නොවැම්බර් 11 වන දා ඇමෙරිකාවේ මහජන නිවාඩුවක්ද වීම හාස්‍ය උපදවන්නක් වන බවයි.

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක මහජන නිවාඩු දිනයකදී එවන් ලිපි හුවමාරු නොකරන බවද ඇය කියා සිටියාය.

    එමෙන්ම කිසිවකුගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමේ අවසාන බලාධිකාරිය ඇත්තේ අදාල පුද්ගලයාගේ පුරවැසිභාවය ඇති රටේ ඇති තානාපති කාර්යාල බවද පැවසූ ඇය එතැනින් එම අවසන් ලිපි නිකුත් කර ඇමරිකානු විදේශ ගමන් බලපතය ආදී ලේඛනයන් අහෝසි කිරීම සිදු කරන බවද කියා සිටියාය.

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    November 11 USA veterans day eka..fedaral holiday ekak.. lol

    Anika official letter ekaka normally use karanne full name eka,, meke thiyenne just Gotabaya Rajapaksa...
    anika name eka witharai,, kisima identification detail ekak ne,, Passport no mokawath,, nikan kellekta dena letter ekak wage,, paw appa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Anika official letter ekaka normally use karanne full name eka,, meke thiyenne just Gotabaya Rajapaksa...
    anika name eka witharai,, kisima identification detail ekak ne,, Passport no mokawath,, nikan kellekta dena letter ekak wage,, paw appa

    ochchara dewal hithala karanna ba yako 1500i denne… :angry:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    දැන් ඕව අදාලම නෑ දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ල කිව්වත් අපි ගෝඨාභයට ඡන්දෙ දෙන එක නතර කරන්නෙ නෑ නෑ නෑමයි. පෑඩ් සජිය අපිට එපා
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    දැන් ඕව අදාලම නෑ දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ල කිව්වත් අපි ගෝඨාභයට ඡන්දෙ දෙන එක නතර කරන්නෙ නෑ නෑ නෑමයි. සජිය අපිට එපා
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ගෝටා ඩොකියුමන්ස්ට් බාරා දීලා තියෙනවා.ඒ උනාට ඒක තාම අනුමත වෙලා නෑ.වසරක කාලයක් යනවා ඒක කැන්සල් කරගන්න.මේ අනුව ගෝටා තාම ඇමරිකානුවෙක්.ඒ නිසා දෙන චන්දය වැඩක් නෑ.මොකද නීතිවිරෝදී.ගෝටාගේ ලෝයර් කියන්නේ ගෝටාගේ ඇප්ලිකේෂන් එක ඇමරිකාව පිලිගතහොත් ඔහුගේ සිටිෂන් එක අප්‍රේල් 17 ඉඅදන් කැන්සල් වෙනවා කියලා.නමුත් ඒක වැඩක් නෑ.මොකද සිටිෂන්ශිප් එක පෙන්ඩින් තියෙන කෙනෙක්ට ඉල්ලන්න බෑ.ඉල්ලන්න පුලුවන් සිටිෂන් ශිප් එක සම්පූර්නයෙන්ම නාමයෝජනා දිනට කලින් අහෝසි කර ගත්ත අයෙක්ට පමනයි.ඒක පැහැදිලිව ගීතාගේ කේස් එකෙන් ඔප්පු උනා, ගීතා ස්විස්ලනතයේ සිටිෂන් ශිප් එක කැන්සල් කරන්න ඇප්ලිකේෂන් දීලා තිබුනට නොමිනේෂන් දවස වෙනකම් ඒක අනුමත වෙලා නෑ.ඒ අනුවා ගීතට අයින් වෙන්න උනා.

    Mama dan mechchara wela marigena munta oka kiuwa.
    Koo pili ganne nane bn.

    GOTA win karath diwrum denna ba ape rate LAW ekata anuwa.
     
    • Like
    Reactions: roma3547