“ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්”

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    “ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්”

    “ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්”

    මේක තිබුනේ මම ඉස්කෝලේ යන කාලේ කියවපු පොතක. පොත පරිවර්තනය කරලා තියන්නේ මට මතක හැටියට ආචාර්ය ඇන්ටනි ප්‍රනාන්දු කියල කෙනෙක්. පොඩි කාලේ මම හරිම ආසාවෙන් කියවපු මනෝවිද්‍යා පොතක් තමයි මේ කියපු පොත . ඒකේ නම ප්‍රීතිමත් ජීවිතයකට. අවාසනාවකට මම ළඟ දැන් ඒ පොත නැහැ. නමුත් මට මතක හැටියට මේ කතාව දාන්නම්.

    මේකෙදි කියන්නේ අපිට යම් දෙයක් ගැන අබ ඇටයක තරම් වත් ( ඒ කියන්නේ ඉතා කුඩා ප්‍රමාණයේ හෝ ) විශ්වාසයක් තියනවනම් ඒ දේ කරන්න අපිට පුළුවන් කියලා. ඇත්තටම ඔය කියපු දේ මම අත්හදා බලලා ඉතාම සාර්ථක වෙලා තියන නිසා අනිත් අයටත් දැනගන්න කතාව දාන්නම්.

    මේ පොතේ මුල් කෘතිය ලියල තියන්නේ සර් වින්සන් නෝමන් පීල් කියල පූජකවරයෙක් . ඔහු මනෝ උපදේශකයෙක් විදිහටත් කටයුතු කරලා තියනවා. ඒ වගේම ප්‍රසිද්ධ දේශකයෙක්.

    දවසක් මොහුව හම්බ වෙන්න අඹු සැමි යුවලක් එනවා. ඔවුන් දිහා බැලූ බැල්මටම පේනවා හරිම පීඩනයකින් ඉන්න බව. ඒ වගේම බාහිර ස්වරූපය බැලුවත් අපිළිවෙලට ඇඳගෙන නොසන්සුන් ඉරියව්වකින් තමයි දෙන්නම ඉන්නේ.

    ඉතින් මේ උපදේශකයා ඔවුන්ට කතාකරලා අහනවා මොකක්ද ඔබගේ ප්‍රශ්නය කියලා. දෙන්නම එකීනෙකාට නොපරදින විදිහට කියන්නේ තමන් ඉතා දැඩි ආර්ථික අපහසුතාවයෙන් පෙලෙන බවත් තමන් පහුගිය කාලයේ කල කී හැම දේම අසාර්ථක වූ බවත්. ඒ වගේම මේ සියල්ලටම හේතුවුනේ අනිත් අයගේ කුඩුකේඩු කම් බවත් තමන්ගේ අසාර්ථකත්වයට සම්පූර්ණයෙන්ම හේතුවුනේ ඔවුන් බවත් කියලා. සමහරු ගැන කියද්දී උන්ට හෙණ ගහන්න ඕනේ කියලා දෙන්නම එකවර තරඟයට වගේ කිව්වේ දැඩි ආවේගයකින්.

    ඔවුන්ගේ ගැටලුව සියුම්ව විමසල බලපු දේශකයාට පේනවා ඔවුන්ගේ සියළුම ප්‍රශ්නවලට හේතුව අනුන් හරි අනුන්ගේ ක්‍රියාවන් හරි නෙමේ තමන්ගේම ක්‍රියාවන්වල ප්‍රතිපලය තමයි ඔවුන්ට ලැබිලා තියන්නේ කියලා.

    ඒ වගේම තමන්ගේ වැඩකටයුතු ගැන තමන්ට කිසිම විශ්වාසයක් නැති බව ඔවුන්ගේ කතා වලට සවන් දුන් විට තේරුම් ගියා.

    ඉතින් ඔවුන්ගේ හිත හදන ගමන් දේශකයා අපූරු උපදෙසක් දුන්නා.

    එනම් “ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්” ඔය තත්වයෙන් ගොඩ එන්නට ඔබට සීයට සීයක්ම පුළුවන් බව ඔහු අවධාරණය කළා.

    ඉතින් ගෙදර ගීය සැමියා දවසක් බිරිඳගෙන් අහනවා “ මේරි, ඔය කියපු අබ ඇට අපේ ගෙදර තියනවද?” කියලා. සිනාසුන බිරිඳ කියන්නේ ඇයි අපේ කුස්සියේත් තියන්නේ කියලා.

    ඉතින් කුස්සියට ගිය සැමියා , ඔහුගේ නම මොරිස්, කුස්සියේ රාක්කයක තිබුන අබ බෝතලය අතට අරගෙන ඒකෙන් අබ ඇටයක් අත්ලට අරගෙන පරීක්ෂා කර බැලුවා. ඔහු පුදුම වුනා .

    නැවත සියල්ල ගොඩනගා ගන්න මට අවශ්‍ය වෙන්නේ මෙච්චර කුඩා විශ්වාසයක්ද කියලා ඔහු මවිතයට පත්වුනා. තමන් ගැන ඔහුට ආත්ම විශ්වාසයක් ඇතිවුනා . වැටිලා ඉන්න ආර්ථික අගාධයෙන් ගොඩ එන්න මොකක් හරි කරන්න ඕනේ, කරන්න පුළුවන් කියල හිතුවා.

    අබ ඇට සංකල්පය මතක් වෙන්න ඔහු අබ ඇටයක් අරගෙන සාක්කුවේ දාගත්තා . නිතරම අබ ඇටය අල්ලන්න පුළුවන් නම් තමන්ට මේක මතක තියාගන්න ලේසි වෙයි කියල තමයි මොරිස් හිතුවේ.

    හැබැයි පොඩි අබ ඇටයක් නැතිනොවී සාක්කුවේ තියාගන්න එක හරිම අමාරු වැඩක්.

    ඉතින් නැතිවෙන අබ ඇට ගානේ ආපහු ඒවා හොයන්න මොරිස්ට කුස්සියට යන්න සිද්ධ වුනා.
    අබ ඇටය නැතිනොවී සාක්කුවේ තියාගන්න පුළුවන් ක්‍රමයක් ගැන කල්පනා කල මොරිස්ට ඒවා වීදුරු බෝලයකට කැවිය හැකිනම් නැතිනොවී තියාගන්න පහසු බව හිතුනා.

    මේ පිළිබඳව විවිධ පර්යේෂණ කල මොරිස් අවසානයේ අබ ඇට වීදුරු වලට කැවිය හැකි තාක්ෂණයක් සොයා ගත්තා. මේ වීදුරු පලිඟු වලින් කරපු ආභරණ කීපයක් අරගෙන ඔහු දේශකයා හම්බ වුනා.

    මේ ආභරණ අලෙවි කල හැකිදැයි දේශකයාගෙන් ඔහු අසා සිටියා.නමුත් මේ ගැන තමා විශේෂඥයෙක් නොවන බවත් ඒ පිළිබඳව දැනුමක් ඇති අයෙක් වෙත යොමු කල හැකි බවත් දේශකයා මොරිස්ට පැවසුවා.

    අවසානයේ වුනු දේ පුදුමයි. අබ ඇටයක විශ්වාසය ගැන කියවෙන ලස්සන කුඩා පත්‍රිකාවක් ඇමිණු අබ ඇට පලිඟු ආභරණ විකුනුනේ උණු කැවුම් වගේ.

    මොරිස් ෆ්ලින්ට් කෝටිපතියෙක් වුනා. දැන් ඔහු හෝ බිරිඳ කාටවත් හෙණ ඉල්ලන්නේ නැහැ. ශාප කරන්නෙත් නැහැ. හැම අතින්ම ප්‍රීතිමත් ජීවිතයක් ගතකරන ඔවුන් අනිත් අයට උදව් වෙමින් විශ්වාසය පිලිබඳ අබ ඇට සංකල්පය ඔවුන්ටත් ජීවිතය සාර්ථක කරගන්න යොදා ගත හැකි බව කියල දෙමින් ඉන්නවා.

    ඔන්න ඕකයි කතාව මචංලා. මට මතක හැටියට තමයි කෙටුවේ. ඇත්තටම ධෛර්යය අන්තිමට වැටිලා හිටපු වෙලාවල් වල මමත් ඔය කතාව මතක් කරගෙන වැඩ කරලා සාර්ථක වෙලා තියනවා.

    ඒකයි උඹලටත් ප්‍රයෝජනයක් වෙයි කියල හිතල මේක දැම්මේ.

    ඔය පොතේ තව කතා තියනවා. ඉඩ තියන වෙලාවට මං ටයිප් කරලා දාන්නම්.

     
    Last edited:

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,360
    167
    63
    ඔය පොතේ තව කතා තියනවා. ඉඩ තියන වෙලාවට මං ටයිප් කරලා දාන්නම්.
    හරි.. මචන්... හරි...
     
    • Love
    Reactions: Naughtykolla48

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මේකේ තව කතාවක් තියනවා " බාධක ඇත්තේ මනසේය" කියල එකක්. ඒකත් motivational.

    මං පස්සේ දාන්නම්.

    මේ පොත හත වසරේදී මට දුන්නේ යාලුවෙක්. පස්සේ ඌ ඩොකෙක් වුනා. ඊට පස්සේ කුඩු ගහලා අකාලයේ මැරුණා. මේ පෝස්ට් එකෙන් යම් කෙනෙක් ජීවිතයට යමක් එකතු කරගත්තා නම් ඒ පින මැරිච්ච මගේ යාළුවාට ලැබේවා.
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    jnwXbb1.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,959
    113
    34
    Kalutara
    මේකේ තව කතාවක් තියනවා " බාධක ඇත්තේ මනසේය" කියල එකක්. ඒකත් motivational.

    මං පස්සේ දාන්නම්.

    මේ පොත හත වසරේදී මට දුන්නේ යාලුවෙක්. පස්සේ ඌ ඩොකෙක් වුනා. ඊට පස්සේ කුඩු ගහලා අකාලයේ මැරුණා. මේ පෝස්ට් එකෙන් යම් කෙනෙක් ජීවිතයට යමක් එකතු කරගත්තා නම් ඒ පින මැරිච්ච මගේ යාළුවාට ලැබේවා.


    ජංගියක් මුල් වෙන්න ඇති ෂුවර් එකට ඩොකෙක් වෙලත් කුඩු ගැහුවා නම් :sorry: