කෙල්ලෙක් දාගමු!! තුන්වන පාඩම

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,185
    8,184
    113
    M-Town
    කෙල්ලෙක් දාගමු!! තුන්වන පාඩම

    මෙන්න එහෙනම් පලවෙනි/දෙවෙනි කොටස... මුලින්ම ...බලපු නැති අය වෙනුවෙන්...
    http://www.elakiri.com/forum/showthread.php?t=1916279
    http://www.elakiri.com/forum/showthread.php?p=25335141#post25335141

    ඩීසන්ට් එකේ කෙල්ලෙක් දාගමු
    ========================
    (තුන්වන පාඩම)

    අද පාඩම මුදල් ඉපයීම ගැන .. මොනදේ කරන්නත් සල්ලි කීයක් හරි හම්බ කරන්න ඕන...
    කෙල්ලො නඩත්තුව ලේසි නෑ😂

    හරි අද වැඩිය අතුරු කතා නැතුව පාඩමට එමු. මම කිව්වා අද මූල්‍ය කලමණාකරණය සහ එහි වැදගත් කම. ගැන කතාකරනවා කියලා. ඇත්තටම මම අද කියා දෙන්නෙ සල්ලි කොහොමද ඉතුරු කරන්නෙ කියලා. හැබැයි මේ ක්‍රමය හොදටම ගැලපෙන්නෙ රැකියාවක් කරන කෙනෙක්ට වඩා තමන්ගෙම බිස්නස් එකක් කරන කෙනෙක්ට. රැකියා කරන කෙනෙක් මාස් පඩි ගන්න නිසා උපයන මුදලට එකවර තට්ටු වීමේ සම්බාවීතාව ඉහලයි. මොකද ගොඩක් අය පඩිය ලැබෙනකන් ණය වෙනවා. පඩි ගත්තම කරන්නෙ අර ණය බේරීම. ඇත්තටම මේක බොහොම කණගාටු දායකයි. බෝඩිමකට ගෙවාගෙන ගෙදරටත් ගානක් යවලා බොහොම අමාරුවෙන් ඉතුරු කරන්න ගියත් මොකකට හරි ඒක වියදම් වෙනවා. මම වෙනම දවසක ජොබ් කරන අයට ඉතිරි කරන්න ක්‍රමයක් කියා දෙන්නම්. අද බිස්නස් කාරයන්ට මේ කියලා දෙන ක්‍රමය උත්සාහය කරලා බලන්න.

    මම රස්සවක් ජීවිතේට කරලා නෑ. කිසිම කෙනෙක් යටතේ සේවය කරලා නෑ. මම ඒක කියන්නෙ අලි ඔලුවෙන් කියලා උඹලා හිතන්න එපා. මට එහෙම බෑ.. කැමති නෑ. ඉතිං පොඩිකාලෙ ඉදන් කරේ රැකියාවක් වෙනුවට දෑතේ කර්මාන්ත. 😁 ඉස්සෙලාම කොම්පියුටර් හැදුවා. පස්සෙ ෆෝන්. මම මුල ඉදන්ම බිස්නස් එක මැනේජ් කලා. මම කොම්පියුටර් 3 කින් පටන් ගත්ත බිස්නස් එක මාසෙට කොම්පියුටර් 15 සේල් කරන්න ඩිවලොප් කලා. ඒ කාලේ කොම්පියුටර් එකක් කිව්වම හෙන ලොකුයි.මම රීකන්ඩිශන් ඩෙල් ඩෙස්ක්ටොප් මැශ්න් තමයි වික්කෙ. ඒවා ආෆ්ට සේල් ලේසියි. හාඩ් එහෙම ගලවන්න ඇණ තිබ්බෙනෑ. ලස්සන ප්ලාස්ටික් ට්‍රේ එකකින් තමයි හවුසින් කරලා තිබ්බෙ.ඒ වගේම ලෙඩ අඩුයි. මට සෙට් වුණා USA ඉදන් ඒවා ඩිරෙක්ට් ගේන තැනක්. මම එතනින් අරන් 5000/= ලාබ තියන් වික්කා. මා සෙට කෑලි 10-15, ඒ අතර ප්‍රින්ටර්, ස්කෑනර් ,UPS , PEN, Keyboard , Mouse , කෑල්ල දෙක ගෙනත් ස්ටොක් එක අප්ග්‍රේඩ් කරා. සාමාන්‍යයෙන් එකක් විකිනෙද්දි මම දෙකක් ස්ටොක් එකට දාන්න පුරුදු වුණා. එව් අතර රෙපෙයාර් සේල් එකෙනුත් හොද ප්‍රොෆිට් තිබ්බා. අහල පහලා ආයතන සේවා ගත්තෙ මගෙන්, ප්‍රින්ටර් කාට්‍රීජ්, ටෝනර්, රිබන් මම දැම්මා. මෙහෙම බිස්නස් එක දියණු කරන් යද්දි මම විවිධාකාර මුදල් ඉතිරිකිරීමේ ක්‍රම අත් හදා බැලුවා.

    1. ග්‍රාමීය බැංකුවක දිනපතා මුදලක් ඉතිරි කිරීම.

    මේ ක්‍රමය ඉතා පහසුයි. මොකද ගොඩක් ප්‍රාග්ධන, #සර්වෝදය #RDB වගේ ක්ශුද්‍ර මූල්‍ය ආයතන ශොප් වලටම ඇවිත් සල්ලි ගන්නවා. ස්ලිප් අතේ පුරවලා දීලා. එහෙම වුණාම දවසට 500/= ගානෙ දාන් ගියාම නිකම්ම මාසෙට 15,000/= ඇවිත්.ඒ නිසා අදම ග්‍රාමීය බැංකුවක ගිණුමක් ඇරලා දවසට 100/= හරි දාන්න. ඒක ගන්න එපා. ✋

    2. අවශ්‍යනම් පමණක් චෙක් ගණුදෙනු කරන්න.

    මම මුල ඉදන් චෙක් පොතක් හදා ගත්තා. ඒ කාලෙ මහජන බැංකුවෙ ඒක හැදුවෙ රුපියල් 25,000/= ක් හෝල්ඩ් කරන්. ඒ වගේම චෙක් පොතක් තියන කෙනෙක්ගෙන් රෙකමන්ඩේශන් අරං. ව්‍යාපාරයක් කරනවනම් චෙක් ඕනෙ. ඒත් පිස්සුවෙන් වගේ චෙක් ලියලා අමාරුවෙ වැටෙන්න එපා. චෙක් එකක් රිටන් විම තමන්ට අවාසියි. ඊට වඩා චෙක් වංචා ඉතාම බරපතළයි. මම චෙක් වලින් ගනුදෙනු කලේ කොම්පියුටර් බඩු ගන්න. මට මාසයක් කල්දුන්නා wholesale බඩු දුන්න තැනින්. මම මාසෙන් රෝල් කරලා සල්ලි දැම්මා. පස්සෙ මම මොබයිල් ෆෝන් රෙපෙයාර් කරන්න ගත්තම චෙක් ගණුදෙනු අවම කලා. ඒ ෆීල්ඩ් එකේ ලාබ වැඩි නිසා. කලමණාකරණය පහසු වුණා. දැන් මම මගේ කොම්පැනියෙන් වත් චෙක් ලියන්නෙ ආදායම් බදු ගෙවන්න විතරයි. අපේ ගණුදෙනු කෑෂ් විතරයි. චෙක් හොදයි පරිස්සමෙන් කරන්න ඕනෙ. නිකම් චෙක් කොල අත්සන් කරලා තියන්න එපා. හිතවත් කමට අනුන්ට චෙක් කොල ඉරන්න එපා. ඒවා නරක වැඩ.

    3. වියදම් ලිවීම.

    මේක සාර්ථක ක්‍රමයක් නෙවෙයි. කාලයක් මමමේක කරා සැරට. ටොපියක් කැවත් අපි ලිව්වා. පොලේ යන්න ගිය ගාන. බයික් එකට ගහපු තෙල්, කාපු බීපුවා සියල්ල. මම සාක්කුවෙ පොඩි නෝට් බුක් එකක් තියන් එකක් නෑර වියදම් ලිව්වා. මෙහෙම මාස 3 ලියද්දී අපි අපේ සාමාන්‍ය මාසික වියදම සොයා ගන්න පුලුවන්. එහෙම කරලා අනවශ්‍ය වියදම් කපන්න පුලුවන්. ඒ කියන්නෙ නොකා , නොඇද ඉන්න එක නෙවෙයි. සතියට දෙපාරක් කඩෙන් නම් ඒක එකකට සීමා කරන්න. රයිස්,කොත්තු, ආප්ප කෑම අඩු කරලා ගෙදරින් කන්න පුරුදු වෙන්න. ටැක්සි ගමන් සීමා කරලා බස් එකේ යන්න. අනවශ්‍ය වියදම් හොයාලා අඩු කරන්න. ඒත් මම දැන් ලියන්නෙ නෑ. ලියලා වියදම් කරන්න අවශ්‍ය තත්වයක මම අද නෑ. හැබැයි මුල් කාලෙ තමන්ගෙ ආදායම් වියදම් ගැන දල අවබෝධයක් ගන්න මේ ක්‍රමය අතිශ්‍ය වැදගත් දරුවනේ..

    මගේ සාර්ථක ඉතුරුම් ක්‍රමය. ❤💪
    ========================

    මම ඉතාම සරළ ක්‍රමයක් අනුගමනය කලා

    ඒ තමයි මම ප්ලාස්ටික් Jar 4 ක් ගත්තා. ඒවා පහත ආකාරයට නම් කලා

    1. ණය පියවීම් 💸
    2. ව්‍යාපාර සංවර්ධන 💰
    3. දිනපතා වියදම් 💸
    4. ඉතුරුම් 💵

    මෙහෙම බොක්ස් 4ක ලියලා මගේ බිස්නස් එකේ දිනපතා ආදායම එකතුව අරං 4 ට බෙද්දා.
    එතනින් මට ලෝන් වලට යන මුලු මුදල මාසිකව බලලා ඒක 30 න් බෙද්දා(මාසෙට දින 30 කියලා හිතලා) ඒ ගාන දැම්මා ණය පියවීම් පෙට්ටියට. 💪

    බිස්නස් එකේ කොම්පියුටර් එකක් වික්කනම්, පෙන් එකක් වික්කනම් ඒවට මට යන කොස්ට් එක ව්‍යාපාර සංවර්ධන පෙට්ටියට දැම්මා. 💪

    මාසෙ වියදම ලියලා දැනගත්ත නිසා ඒකට තව 5000/= එකතු කරලා 30 බෙදලා ඒ ගාන දැම්මා වියදම් බොක්ස් එකට. මේකෙ බිල් වියදම් පවා තිබ්බා.💪

    ඉතිරි සියලූම මුදල් ඉතිරි කිරීම් පෙට්ටියට දැම්මා ❤❤

    මෙහෙම කරද්දි මට ලස්සන්ට බිස්නස් එකේ කොස්ට් එක එකතු වුණා. කොස්ට් එක කලවං කරන් සල්ලි වියදම් කරලා බිස්නස් එක අනාගත්තෙ නෑ. වියදම් වලට ලස්සනට බජට් එකක් සෙට් වුණා. ඒ ගාන පන්නලා වියදම් කලේ නැ. ඉතිරි සියල්ල ඉතිරිකිරීමේ ගිණුමට බැර වුණ නිසා අසීමිතව ඉතිරි කලා. ❤😁🤭

    සතිපතා මේ ඉතිරි මුදල් ගිණුම් ගත කලා. බැංකු පොත් දෙකක් රන් කලා. එකකට විතරයි කාඩ් ගත්තෙ. දෙකටම ඔන්ලයින් බෑන්ක් ලිංක් කලා. වියදම් ගිණුමෙනුත් ඉතුරු සල්ලි A ගිණුමට දැම්මා ඒක වියදම් කරන්න ඉතිරියක් විදියට. 💪 ඒකෙන් කෑවා බිව්වා. ජොලි කලා. B බැංකු ගිණුම එන්න එන්න වර්ධනය වුණා. ඒවයින් FD ලෝන් දැම්මා. ඉඩමක් ගත්තා. ඊට පස්සෙ වුණ දේවල් අද උදේ ලිව්වා

    එහෙනම් අද පන්ති ඉවරයි.

    හැමෝම මේ කෝස් එක ඉවර වෙද්දි තමන්ගෙම බිස්නස් එකක් පටන් අරන් පට්ට කෑල්ලක් දාගන්න ඕනෙ. ඒ වගේම තමන් වෙනුවෙන් පතන් ආපු ඒ උරුමක්කාරිය සොයාගන්න ඕනෙ. ඒකට මං වගේ හදිස්සි වෙන්න එපා. ඉවසන්න. සැනසීම එතනයි. ❤
    පිරිමි පරිච්ඡේදය..
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    පට්ට විස්තතරය මචං 3ම කියවුවා රෙප් ++

    මාස් පඩි කාරයෙක් ඉතුරු කරන විදිහ ඕන නම් මගෙ එක්ස්පීරියන්ස් ෂෙයා කරන්නම්.

    මම දැං ලංකාවෙ නෙවෙයි ඉන්නෙ. ලංකාවෙ පටන් ගත්තෙ 12000 පඩියකට ට්‍රෙනින්.

    ලංකාවෙන් යද්දි සත පහක් බැංකුවකට ණය නැතුව මගෙම ගෙයක් හදලා (වාහනයකුුුුුුුත් තිබ්බා ඒක විකුණල සල්ලි ටික ස්ථාවර තැන්පතුවක දැම්මා නිකන් රොද උඩ වාහනය දිරන එක තේරුමක් නැති නිසා.) 
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    පට්ට විස්තතරය මචං 3ම කියවුවා රෙප් ++

    මාස් පඩි කාරයෙක් ඉතුරු කරන විදිහ ඕන නම් මගෙ එක්ස්පීරියන්ස් ෂෙයා කරන්නම්.

    මම දැං ලංකාවෙ නෙවෙයි ඉන්නෙ. ලංකාවෙ පටන් ගත්තෙ 12000 පඩියකට ට්‍රෙනින්.

    ලංකාවෙන් යද්දි සත පහක් බැංකුවකට ණය නැතුව මගෙම ගෙයක් හදලා (වාහනයකුුුුුුුත් තිබ්බා ඒක විකුණල සල්ලි ටික ස්ථාවර තැන්පතුවක දැම්මා නිකන් රොද උඩ වාහනය දිරන එක තේරුමක් නැති නිසා.) 

    එක්ස්පීරියන්ස් එක දාපන් මචෝ මේකෙ ගොඩක් වැදගත් වෙයි සෙට් එකටම

    ප.ලි :- ණය නැතුව ඉතුරු කරලා ගෙයක් හදලා වාහනයක් ගන්න කොච්චර කල් ගියාද මචං
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,185
    8,184
    113
    M-Town
    එක්ස්පීරියන්ස් එක දාපන් මචෝ මේකෙ ගොඩක් වැදගත් වෙයි සෙට් එකටම

    ප.ලි :- ණය නැතුව ඉතුරු කරලා ගෙයක් හදලා වාහනයක් ගන්න කොච්චර කල් ගියාද මචං

    ඉස්සර හැදුවට දැන් හදන්න බෑ බන්. දැන් සල්ලි තියෙන මිනිස්සුත් ණය වෙලා ගෙවල් හදන්න පටන් ගන්නේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    kellek daganna thread 3k tiyanawa :lol:

    budu ammoooo

    kellek daganna ochchara mahansi wenna oni naha ban :P
    onawata wada wenas wela watena kelloth oni naha

    be yourself ;)

    Habai ube thread eke content tika watinawa kollek ta poddak piliwelakata inna :D
     
    Last edited:

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    එක්ස්පීරියන්ස් එක දාපන් මචෝ මේකෙ ගොඩක් වැදගත් වෙයි සෙට් එකටම

    ප.ලි :- ණය නැතුව ඉතුරු කරලා ගෙයක් හදලා වාහනයක් ගන්න කොච්චර කල් ගියාද මචං

    ඉස්සර හැදුවට දැන් හදන්න බෑ බන්. දැන් සල්ලි තියෙන මිනිස්සුත් ණය වෙලා ගෙවල් හදන්න පටන් ගන්නේ.

    අවුරුදු 7ක් තිස්සෙ එකතු කරපුවා සහ පොඩි පොඩි රෝල් ගස්සල තමා මචං ණය නෑ කිවුවට මම මිලියන 1ක් පර්සනල් ලෝන් එකක් දැම්මා 2වෙනි අවුරුද්දෙ හැබැයි යන්න කලින් ඒක සෙටල් කලා.. දැන් ණය 0යි. වත්කම තියං ඉන්නවා විකුණුවෙ නෑ ආපහු එන්න උනොත් වැටිලා ඉන්න තැනක් ඕනෙ නිසා

    මම මගේ අත්දැකීම දාන්නං හැමෝටම හරියන එකක් නෑ ඒත් ගන්න පුලුවන් දෙයක් තියෙ නං ගනිල්ලා
     
    • Love
    Reactions: sakuntha1996

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මම රජයෙ විශ්ව විද්‍යාලයක උපාධිදාරියෙක් මුලදි සයන්ස් කරන්න ගිහින් බොට්ටුවකින් පරිඝනක විද්‍යා පාඪමාලාවට මාරු උනා.. ඇත්තටම කිවුවොත් සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් කරනවට මඩා මුලදි මට උමනාව තිබ්බෙ භෞතික විද්‍යාව පැත්තෙන් උසස් අධ්‍යයාපනය ලබන්න ඒත් ගෙදර බලපෑමත් එක්ක බොට්ටුව ආපු චාන්ස් එක ගන්න මම තීරණය කලා.. ඩිග්‍රියෙ 3 වෙනි අවුරුද්දෙ ට්‍රෙනින් එකක් එනවා ඒකට යද්දි 8000 ගානෙ මාස 6ක් හම්බුනා. මහපොළ ශිෂ්‍යාදාර දැකලවත් තිබ්බෙ නැති මට පලවෙනියට හම්බුන 8000 පට්ට වටින දෙයක් උනා..

    ඒත් ඒක ජොගි දාලා විනාශ කර ගන්න නං ගියේනෑ.. ඒ වෙද්දි කෙල්ලෙ ක් හිටියෙත් නෑ (මට මේ වෙද්දි කෙල්ලෙක් ඉදල තිබ්බෙත් නෑ දාගන්න උවමනාවක් තිබ්බෙත් නෑ. ආ නෑම කියන්න බෑ ඔලෙවල් කාලෙ නං එකක් දිහා බල බල හිටියා ඒත් හරි ගියේ නෑ අර උඹෙ පලවෙනි ලිපියෙ තියනවා වගේ මම ඒ දවස්වල වැඩියෙ පෙනුම ගැන හිතපු නැති නිසා වෙන්න ඇති) ඉතිං කොහොම හරි, මම වැඩියෙ වියදමට පෙළඹුනේ නෑ.. බිවුවත් බොන්නෙ පාටියක වගේ නිසා මට බොන යාලුවො හිටියෙත් නෑ. 8000 න් 2000 ක් වගේ ඉතුරු කරා ගෙදරන් ගේන කෑම එක කාලා ගෙදර නැවතිලා ඉදපු නිසා බොඩිං ගාස්තු සහ කෑමවලට අමතර වියදම් කරන්න උමනාවක් ආවෙ නෑ. මම කියන ඔය සීන් එක 2010 එතකොට කිරිබත්ගොඩ ඉදං බම්බා වලටම ගියේ 25ද කොහෙද දවසට 60ක් ඇති උනා මට යන්න එන්න. ඉතුරු සල්ලි වලින් මාසෙට සැරයක් පොඩි ෆන් එකක් වගේ ගත්තා. කොහොම හරි ලැබුන මල් ගානෙන්ම හතරෙන් පංගුවක් ඉතුරු කරන්න මට පුරුදු උනේ ඔය විදිහට.

    ඉතිරු කරන සීන් එක හරියටම එන්ටර් වෙන්න ගත්තෙ 40000 ක පඩියකට රස්සාවකට ගියාම 2012. එතකොට 40000ක් කියන්නෙ සාමාන්‍යයෙන් හොද පඩියක්.

    මට මතකයි මට පඩි හම්බෙන මුල් මාසෙම මම යන වියදම කැල්කියුලේට් කරා. එක්සෙල් ෂිට් එකක ගමනට ගියප, පෙරෙරා ඇන් සන් එකෙන් කාපු රෝල් එකේ ඉදං මම මාස කීපයක් මේ විදියට බැලුවා මට හම්බෙන පඩිය කොච්චර වියදං කරාද කියල.. මම දැක්කා මේක ලියපු අපේ යාලුවත් දාලා තිබ්බා එයා ගණන් හදල අයිඩියා එකක් ගත්තා කියල. මාත් ඒකම කරා

    කතාවෙ මේ හරිය වෙනකං කියවං යන උංට හිතෙයි මු පට්ට බොරින් සල්ලි වියදං කරල නැතුව කුණා වගේ ඉතුරු කරල කියල. හැබැයි මම එහෙම හිතන අයට කියන්න තියෙන්නෙ හම්බු කරන්න හම්බෙන මුල් චාන්ස් එකේම ගොනා වැඩ කඩං පැන්න වගේ වියදං කරන්න ගත්තොත් උඹ අවුරුදු 5ක් ගියාම නවතින්නෙ ලොකු ආර්ථික ප්‍රශ්නයක වෙන්න පුලුවන්. ඊට වඩා අලුතින් හම්බු කරන්න ගන්න මල්ලිලා ටික මුලදි තමං දාඩිය මහන්සියෙන් හම්බු කරන සල්ලි වලට වටිනාකමක් දුන්නොත් ජීවිතේ දවසක් ඒවි ඒ සල්ලි වලින් ලයිෆ් එක ආතල් එකේ විදින්න පුලුවන් වෙන

    කොහොම හරි ආපහු කතාවට ආවොත් මම අර විදිහට ප්ලෑන් කරල වියදං කරන්න ගත්ත නිසා මට පුලුවන් උනා ඉතුරු වෙන ගානේන් වෙඩිමට කොටසයි, ඉතුරු කරන්න කොටසයි විදිහට දෙවිදියකට ඉතුරු කරන්න

    කොහොම හරි මගේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එක උනේ මට ආපු වෙන ජොබ් ඔෆර් එකකට මම අවුරුද්දක් ඇතුලත යන්න තීරණය කරපු එක. එතන පඩිය නං හොදයි ඒ කාලෙ හැටියට 90ක් විතර ලැබුනා මතකයි. හිටපු හැටියට දෙගුණයක වැඩි වීමක්. ගොඩන් මම වැඩ කරපු තැන හිටපු සීනියර්ලා කිවුවා අවුරුද්දෙන් ජොබ් මාරු කරන්න එපා කියලා ඒත් හම්බුන පඩිය හින්දා මම ඒක කලා. වැදගත්ම දේ තමා කොල්ලෙක්ගෙ ආදායම වැඩි වෙද්දි අනිවා ඌ වියදම ඒ හා සමානවම ඇජස්ට් කරගන්නවා. ඒත් මම ඒ අනවශ්‍ය වියදම් ටික කලින්ම අදුනගෙන තිබ්බ නිසා එහෙම ලොකුවට මගෙ වියදම වෙනස් කර ගත්තෙ නෑ.

    එතකොට කට්ටිය එක්ක සෙට් වෙලා පාටි දාලා බීලා ආතල් අරගන්න එවුන් අනන්තවත් උඹලට හම්බෙයි. ඒත් උඹට ඒවට වත්කමක් නැත්තං උඹ දැන ගන්න ඕනෙ උඹ උඹෙ ගමන යන්න. මම වැඩ කරපු තැන් 4ම එක එක ජාතියෙ ඩයල් සෙට් උනා. ගොඩක් උං බීලා ආතල් අරං, මොඩල් එක ආපු ගමං අල්ත්ම ෆොන් එක අරං අනවශ්‍ය විදියට තමං හම්බුකරගන්න දේ වියදං කරන උං. තමංම මුල්‍ය විනයක් ඇති කරගන්න එක තමයි වැදගත්ම කාරණය

    මම මාසෙට හම්බෙන සැලරි එකෙන් අනිවා භාගයකට වඩා ඉතුරු කරනවා. මටත් මේක ලියපු එක්කෙනා කිවුවා වගේ බෑන්ක් අකවුන්ට් 2ක තිබ්බා. එකක් කාඩ් එක එක්ක එන එක. මම ඒකට සල්ලි තියා ගන්නෙ බොහොම පොඩි ගානයි. පඩිය ආපු ගමන් මම කාඩ් එක නැති එකවුන්ට් එකට දාන්නෙ. දාලා මට ඕනෙ ගාන මම අරකෙන් ගන්නවා. කාඩ් එක නැති අකවුන්ට් එකට මම ඔන්ලයින් හදල තිබ්බෙත් නෑ එතකොට සල්ලි ගන්න පොතත් උස්සං බැංකුවකට යන්න වෙනවා. ගොඩක් වෙලාවට හැමතිස්සෙම එහෙම යන්න බැරි නිසා අනවශ්‍ය වියදං වලට වියදං වෙන එක අඩුයි.

    දැන් නං ගොඩක් බැංකු වල කාඩ් දෙන්නැති මාසෙකට ගන්න පුලුවන් වාර ගාන සීමා කරපු අකවුන්ට් තියනවා ලංකාබැංකවෙ රන් උල්පත වගේ මමත් පස්සෙ ඒකකට මාරු කලා මොකද පොලිය 2පාරක් හම්බෙන සීන් එකක් තිබ්බ නිසා

    මම ඔහොම මාස 3ක් ඉතුරු කරන සල්ලි මාස 3කට සැරයක් ස්තාවර තැන්පතු දානවා. මුල් කාලෙ නං පොලිය හොදයි මට මතක විදියට 15% වගේ දීපු කාලත් තිබ්බා

    පස්සෙ පස්සෙ නං පොලිය අඩු වෙද්දි මම ටිකක් කොටස් වෙළදපල බැලුවා (දැන්නං රෙකමන්ඩ් කරන්නෙ නෑ මාත් එක පාරට ඔක්කොම නොදා දවසේ රෝල නොගහ බ්ලු චිප් කම්පැනි ලොන්ග් ටර්ම් අරං දැම්ම අඩුවට හම්බුනාම)

    ඒ වගේම කියන්න ඕනෙ වැදගත් දෙයක් තමයි ජීවිතේ මුල්‍ය තීරණ ගන්න කොට දුර බලල ගන්න එක. මට මතකයි 2014 අග හරියෙ තමයි ඇක්සියො හයිබ්‍රිඩ් මුලින්ම ලංකාවට ආවෙ. මට සෙට් උනා ගෙන්නන එකෙක් ලක්ෂ 38කට ජී අන් රෙජිස්ටර් එකක් ගෙන්නන්න අතේ ඉතුරු කරපු සල්ලි තිබ්බා පොඩි ලිස් එකක් දාන්න විතරයි තිබ්බෙ. ඒ එක්කම අපේ ගෙවල් හරියෙන්ම ඉඩං කෑල්ලක් ආවා ලක්ෂ 12 පර්චස් 10ම බස් පාරටත් ළගයි අනික ගමේම නිසා ඉන්න උංවත් අදුනනවා. අන්තිමට මම තීරණය කරා ලීස් දාලා ඇක්සියො එකක් අරං ලොකෙට පෙන්න දුවනවට වඩා ඉඩම අරං දාන්න මම ගේ හැදුවෙ ඒකෙ. දැන් දැං අපේ පැත්තෙ පර්ච් එක ලක්ෂ 8ක් වගෙ අන්තිමට බලද්දි, පස්සෙ ඉතිරි සල්ලි වලින් පොඩි වාහනයක් ගත්තා.

    මේ කතාව කිව්වෙ මුල්‍ය තීරනයක් ගන්න කොට දුර බලල ගන්න කියන එක කියන්න. මොකද කොල්ලෙක් උනාම ආස ඇති ලයින් එක දාලා අලුත්ම වංඩියක් බස්සගෙන ඉන්න ඒත් අන්තිමට වාහනයක තෙල් ගගහ සර්විස් කර කර ඉන්සුරන්ස් ගෙව ගවෙ හම්බුකරන සල්ලි ලොන් වලට හිර කර ගත්තම ගොඩ නැගෙන්න බෑ මුල් කාලෙදි

    අනික් දේ තමා ක්‍රෙඩිට් කාඩ්. මම රස්සාවට ගිහින් 3 වෙනි අවුරුද්ද වෙනකං ගත්තෙ නෑ එක කාඩ් එකක්වත්. අද කොල්ලෙක් වැඩට ගිය ගමන් සැලරි ස්ලිප් 3ක් පෙන්නන්න් පුලුවන් උනාද ඌ ගන්නවා කාඩ් එක. අරං උලනවා හතර වටේටම. ක්‍රෙඩිට් කාඩ් තියන එකෙන් වෙන තව දෙයක් තමා තමන්ට අත්‍යවශය නොවන වැඩකට නැති වියදම් කරන්න පෙළඹෙන එක. අරකෙ සල්ලි තියන නිසා තමන්ට ඇත්තටම මුල්‍ය ශක්තිය නැති උනත් හිතන්නෙ නැතුව උලල දානවා. අන්තිමට මාසෙ පඩිය වැඩි හරියක් වාරිකයි පොළියයි ණය ගෙවනවා

    Last edited:

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,185
    8,184
    113
    M-Town
    ඉතිරු කරන සීන් එක හරියටම එන්ටර් වෙන්න ගත්තෙ 40000 ක පඩියකට රස්සාවකට ගියාම 2012. එතකොට 40000ක් කියන්නෙ සාමාන්‍යයෙන් හොද පඩියක්. මම ඒ වෙද්දි අෆයාර් එකක් පටන් අරන් තිබ්බා (මගෙ දැං නෝනා තමා එයා) අපි දෙන්නා එක වයසෙ හින්දා මට රස්සාව සෙට් උන ගමං බදින්න සෙට් වෙන සීන් එකක් තිබ්බෙ. අවුරුදු 2ක් කොහොම හරි ඇද ගත්තා 2014 වෙනකං බදින් නැතුව. ඒත් හිත දන්න නිසා වෙඩිමක් කන්න වෙනවා කියල මුල ඉදංම පඩියෙන් කොටසක් ඒකට ඉතිරි කරන්න ඕන කමක් තිබ්බා. කොහොම හරි මට මතකයි මට පඩි හම්බෙන මල් මාසෙම මම යන වියදම කැල්කියුලේට් කරා. එක්සෙල් ෂිට් එකක ගමනට ගියප, පෙරෙරා ඇන් සන් එකෙන් කාපු රෝල් එකේ ඉදං මම මාස කීපයක් මේ විදියට බැලුවා මට හම්බෙන පඩිය කොච්චර වියදං කරාද කියල.. මම දැක්කා මේක ලියපු අපේ යාලුවත් දාලා තිබ්බා එයා ගණන් හදල අයිඩියා එකක් ගත්තා කියල. මාත් ඒකම කරා

    කතාවෙ මේ හරිය වෙනකං කියවං යන උංට හිතෙයි මු පට්ට බොරින් සල්ලි වියදං කරල නැතුව කුණා වගේ ඉතුරු කරල කියල. හැබැයි මම එහෙම හිතන අයට කියන්න තියෙන්නෙ හම්බු කරන්න හම්බෙන මුල් චාන්ස් එකේම ගොනා වැඩ කඩං පැන්න වගේ වියදං කරන්න ගත්තොත් උඹ අවුරුදු 5ක් ගියාම නවතින්නෙ ලොකු ආර්ථික ප්‍රශ්නයක වෙන්න පුලුවන්. ඊට වඩා අලුතින් හම්බු කරන්න ගන්න මල්ලිලා ටික මුලදි තමං දාඩිය මහන්සියෙන් හම්බු කරන සල්ලි වලට වටිනාකමක් දුන්නොත් ජීවිතේ දවසක් ඒවි ඒ සල්ලි වලින් ලයිෆ් එක ආතල් එකේ විදින්න පුලුවන් වෙන

    කොහොම හරි ආපහු කතාවට ආවොත් මම අර විදිහට ප්ලෑන් කරල වියදං කරන්න ගත්ත නිසා මට පුලුවන් උනා ඉතුරු වෙන ගානේන් වෙඩිමට කොටසයි, ඉතුරු කරන්න කොටසයි විදිහට දෙවිදියකට ඉතුරු කරන්න

    කොහොම හරි මගේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එක උනේ මට ආපු වෙන ජොබ් ඔෆර් එකකට මම අවුරුද්දක් ඇතුලත යන්න තීරණය කරපු එක. එතන පඩිය නං හොදයි ඒ කාලෙ හැටියට 90ක් විතර ලැබුනා මතකයි. හිටපු හැටියට දෙගුණයක වැඩි වීමක්. ගොඩන් මම වැඩ කරපු තැන හිටපු සීනියර්ලා කිවුවා අවුරුද්දෙන් ජොබ් මාරු කරන්න එපා කියලා ඒත් හම්බුන පඩිය හින්දා මම ඒක කලා. වැදගත්ම දේ තමා කොල්ලෙක්ගෙ ආදායම වැඩි වෙද්දි අනිවා ඌ වියදම ඒ හා සමානවම ඇජස්ට් කරගන්නවා. ඒත් මම ඒ අනවශ්‍ය වියදම් ටික කලින්ම අදුනගෙන තිබ්බ නිසා එහෙම ලොකුවට මගෙ වියදම වෙනස් කර ගත්තෙ නෑ.

    එතකොට කට්ටිය එක්ක සෙට් වෙලා පාටි දාලා බීලා ආතල් අරගන්න එවුන් අනන්තවත් උඹලට හම්බෙයි. ඒත් උඹට ඒවට වත්කමක් නැත්තං උඹ දැන ගන්න ඕනෙ උඹ උඹෙ ගමන යන්න. මම වැඩ කරපු තැන් 4ම එක එක ජාතියෙ ඩයල් සෙට් උනා. ගොඩක් උං බීලා ආතල් අරං, මොඩල් එක ආපු ගමං අල්ත්ම ෆොන් එක අරං අනවශ්‍ය විදියට තමං හම්බුකරගන්න දේ වියදං කරන උං. තමංම මුල්‍ය විනයක් ඇති කරගන්න එක තමයි වැදගත්ම කාරණය

    මම මාසෙට හම්බෙන සැලරි එකෙන් අනිවා භාගයකට වඩා ඉතුරු කරනවා. මටත් මේක ලියපු එක්කෙනා කිවුවා වගේ බෑන්ක් අකවුන්ට් 2ක තිබ්බා. එකක් කාඩ් එක එක්ක එන එක. මම ඒකට සල්ලි තියා ගන්නෙ බොහොම පොඩි ගානයි. පඩිය ආපු ගමන් මම කාඩ් එක නැති එකවුන්ට් එකට දාන්නෙ. දාලා මට ඕනෙ ගාන මම අරකෙන් ගන්නවා. කාඩ් එක නැති අකවුන්ට් එකට මම ඔන්ලයින් හදල තිබ්බෙත් නෑ එතකොට සල්ලි ගන්න පොතත් උස්සං බැංකුවකට යන්න වෙනවා. ගොඩක් වෙලාවට හැමතිස්සෙම එහෙම යන්න බැරි නිසා අනවශ්‍ය වියදං වලට වියදං වෙන එක අඩුයි.

    දැන් නං ගොඩක් බැංකු වල කාඩ් දෙන්නැති මාසෙකට ගන්න පුලුවන් වාර ගාන සීමා කරපු අකවුන්ට් තියනවා ලංකාබැංකවෙ රන් උල්පත වගේ මමත් පස්සෙ ඒකකට මාරු කලා මොකද පොලිය 2පාරක් හම්බෙන සීන් එකක් තිබ්බ නිසා

    මම ඔහොම මාස 3ක් ඉතුරු කරන සල්ලි මාස 3කට සැරයක් ස්තාවර තැන්පතු දානවා. මුල් කාලෙ නං පොලිය හොදයි මට මතක විදියට 15% වගේ දීපු කාලත් තිබ්බා

    පස්සෙ පස්සෙ නං පොලිය අඩු වෙද්දි මම ටිකක් කොටස් වෙළදපල බැලුවා (දැන්නං රෙකමන්ඩ් කරන්නෙ නෑ මාත් එක පාරට ඔක්කොම නොදා දවසේ රෝල නොගහ බ්ලු චිප් කම්පැනි ලොන්ග් ටර්ම් අරං දැම්ම අඩුවට හම්බුනාම)

    සල්ලි හම්බ කරන්න නම් මහන්සි වෙන්න ඕන බං.
    Uba qwa Hari Salli pennala genu hoyana eka therumak ne.
    You must spread some Reputation around before giving it to smaldeniya again.
     
    Last edited: