මචං, වැඩේ හොඳයි තමයි කරල තියෙන විදියයි වැරදි. හරි දේට හරි කියන්නත්, වැරැද්දට වැරදියි කියන්නත් මම දෙසැරයක් හිතන කෙනෙක් නෙමෙයි.
copyrights මෙතනට අදාල නෑ කියන එක වැරදියි. මම දන්නවා ලංකාවේ මේ වගේ ෆෝරම් වල ඉන්නේ බහුතරයක් Copy & Past කරන අය කියලා. ඒකේ කිසි වැරැද්දක් නෑ, හැබැයි කොපි කලේ කොහෙන්ද කියලා සඳහන් කරන එක සදාචාරය සම්බන්ධ දෙයක්. රටක් හැදෙන්න නම් සදාචාරයක් තියෙන මිනිස්සු ඉන්න ඕන. Copyrights මෙතන වැදගත් නැත්නම් මේ වගේ ෆෝරමයක ගුණාත්මක බව පහල යන්නත් ඒක බලපානවා. ඔයාල කැමති එළකිරි ෆෝරමය හොරුන්ගේ තිප්පොලක් වෙනවටද? නැත්නම් සාදාචාරසම්පන්න හොඳ මිනිස්සුන් ඉන්න තැනක් වෙනවටද? රැපා මීට කලින් හොඳ දේවල් එවපු පලියට ඔබේ ෆෝරමයේ සදාචාරය බල්ලට දාලා ඔහුගේ ක්*රියාව සාධාරණීකරණය කිරීම කොච්චර දුරට සාධාරණද?
මම කොතනකවත් ආගමට ගරහලා නැහැ. එහෙම ගරහන්න මම අ*බෞද්ධයෙක් නෙමෙයි. නමුත් මම ප්*රශ්න කළේ රැපා කියන පුද්ගලයා ලෝකෙට ප්*රදර්ශනය කරන මහාලොකු බෞද්ධකම ඇත්තටම ඔහු තුල තියද කියලයි!
- yes machan.
නැහැ මචං, නම නොකිව් එකට නෙමෙයි. වෙන අයගේ ලිපි අරගෙන තමන්ගේ වගේ ෆෝරම් වල, සංවාද මණ්ඩප වල දාන එකටයි.
මචං මම නම් ලිපියේ මුල් අයිතිකරුගේ නම හෝ ලිපියේ මූලය අනිවාර්යෙන්ම දානවා. ඒක නොදාඉන්න තරම් හීනමානයක් මට නැහැ. උදාහරණ ඕනෙ නම් මගේ බ්ලොග් අඩවියේ ඇති ලිපි බලන්න. සෑම ලිපියකම මුල් කතුවරයා සහ මූලය (source) සඳහන් කර ඇති.
http://asipatha.blogspot.com
බෞද්ධයෝ කියන්නේ දැන දැන වැරදි කරන මිනිස්සුන්ට නෙමෙයි.
මම හැම වෙලාවෙම ඉවසිලිවන්තයි. උපේක්ෂාසහගතයි. නමුත් මේ ලංකාවේ ඉන්න කාඩ්බෝඩ් බෞද්ධයෝ බුද්ධාගමේ නාමයෙන් හෝ වෙනත් ආකාර වලින් කරන පහත් වැඩ ඉවසලා ඉවසලා එපා වෙලයි තියෙන්නේ. අනික වැරදි කරනකම් බලාගෙන ඉදීමේ බෞද්ධකම මොකක්ද?
මගේ වචන සැරපරුෂ වෙන්න ඇති. ඒව ඉතිං ඒ විදියට පාවාච්චි කලේ නැත්නම් අභාවයට යනවනේ...

රැපා වැරැද්ද පිළිගත්තේ උපහාසයෙන්, මගේ නම නොකියවීම නිසා මම මේක ලිව්ව ගානට. ඒකයි ඊට පස්සෙත් පිළිතුරු එව්වේ. අනික රැපා කියන්නේ කවුද කියලා මම ගොඩක් කල් ඉඳලා දන්නවා. රැපා සමඟ වාද විවාද ගොඩක් සිංහලයෝ සංවාද මණ්ඩපයේ මම කරලා තියනවා. එහෙම වාද කරන්නේ අදහස් හුවමාරු කරගන්න, නොදන්න දේ දැනගන්න, වැරදි නිවැරදි කරන්න, වගේ නොයෙක් නොයෙක් *හේතු නිසා. වෛරබැඳගෙන ගහමරාගන්න නෙමෙයි.
ඒ අස්සේ තවත් මනුස්සයෙක් (Dreamworks_naveen) මගේ මේ ලිපියම (
http://www.elakiri.com/forum/showthread.php?t=96125) කොපි කරලා. ඒ මදිවට ඒක එයා ලිව්වෙත් කියලා කියනවා... ඔන්න ලංකාවෙ මිනිස්සුන්ගෙ සදාචාරය. විලි ලැජ්ජා නැතුව අන්තර්ජාලයෙත් මෙහෙම පිස්සු කෙලින එවුන් ඉන්නවනේ.