|| ජීවිතේ ජීවත් වෙන එකයි වටින්නේ.... ||

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
|| ජීවිතේ ජීවත් වෙන එකයි වටින්නේ.... ||

හිතට පුන්චි අස්වැසිල්ලක් ඇති වුන මොහතක...
ඇස් දෙක පියාගෙන...
ජිවිතේ හමුවුන පිනි බින්දු එකතු කරගෙන අතීතයට යන්න.
මහා බොර වතුරක් ඇස් දෙක පාමුලින් ඉහිරිලා...
ජිවිතේ දුක් නදියක් වගේ ගලා ඒවි...
බින්දුවෙන් බින්දුව අහිද ගත්ත වේදනාවන්...
ඉකිගහගෙන කඩා හැලේවි...

කවුරුත් නැති හුදකලා තැනකට යන්න...
ඒ හැම දුකක්ම ඇස් වලින් කඩා ගෙන වැටෙන්න ඉඩ දෙන්න...
පපුවේ මාන්ශ පුපුරු ගහගෙන එන,
සිදුවීම් එකෙන් එක ඔබ ඉදිරියේ දිස්වෙවි...
ගලන කදුලු වලට දෝරගලන ඉකිබිදුම්...
එකින් එක ඔබ ඉදිරියේ දිස්වෙවි...
ගලන කදුලුවටට දෝරගලන ඉකිබිදුම් වලට...
වැට කඩොලු බදින්න එපා...
එවාට කඩා හැලෙන්න ඉඩ දෙන්න...

හුගක් වෙලා යනකල්ම ඔබේ ඉකිබිදුම ඔබට ඇසේවි...
කදුලු ගලාවි...
ටිකෙන් ටික ඒ දුක තුරල් වෙලා,
පුන්චි අස්වැසිල්ලක් ලැබේවි...
එත් එක්කම හිතට ගලන්න ඉඩ දෙන්න...
පුන්චි සද දිය අහුරකට...
ජීවිතයේ ආදරණීයම තත්පරවලට...
දයාබර හිතකින් ඔබ අත් විදපු සුවද...
ආදරණීය සුරතකින් උණුසුම...

හිතට දැනුන රැකවරණය, ආදරය...
සුන්දර හිතකින් මවා ගන්න...
ආදරණීය අම්මගෙ ඇස් දෙක, තාත්තාගේ පපුවේ උණුසුම...
දැක සන්සුන් වෙන්න...
ඔබේ සිතට නිදහසේ ඉන්න ඉඩ දෙන්න...
හිත නිහඩ කරගන්න...
තරු පිරුණු අහසක් යට,
අදුර මෝදු වෙනකොට,
මොහතක් තාරුකා දෙස බලන්න....
අන්තිමේදි නිසල සද දිහා බලන්න...
පුන්චි මැටි පහනක් දල්වලා බුදුන් පාමුල තබන්න...
පිනි ඉහිරුන පිපුනු සුවද මලක,
සුවද විදින්න...

ඔබේ හිත් ගොමුවේ ඔබට ආදරය කරන,
සමනලයාගෙ තටු සිදී ගිහින්...
තටු විහිදලා රොන් සුනු පුරන...
වාසනාව අහිමි වුන ඒ සමනල කුමාරයාට,
ඔබේ ආදරයේ ඇගිලි තුඩු වල උණුසුම විදගන්න දෙන්න

ජීවිතය සුන්දරයි...
එක හැමදාටමත් එහෙමමයි...
ජිවිතය විදිනු මිස,
විදවන්න එපා, මොහතකටවත් තනියෙන්...
ඉරිසියාව ,වෛරය,ක්‍රෝධය තාවකාලිකයි ...
සත්‍ය කොතරම් වසන් කරන්න හැදුවත්...
එය යලි මතු වෙනවාමයි...
මනුස්සකම වඩා උතුම්...
ඉන්න ටිකේ හොදින් ජිවත් වෙන්න...

කදුලු පිසදා ජිවිතය තෙරුම් ගෙන....
මගේ වේදනාව කදුලක්ව ඔත්පල වන්නට ඉඩ නොදී,
ශක්තියක් වී ගලා යාමට ඉඩ දි මගේ ගමන මම
පාඩුවේ යන්නෙමි...

n5rfc.jpg

ප.ලි : මෙය හුදෙක් නිසදැසක් නොවන බව කරුනවෙන් සලකන්න.
 
nwnbs

Member
හිත හිමීට සන්සුන් උනා වගේ... :)
අර්ථවත් නිසදැසක්... ඒත් මේක නිසදැසක්ම පමණක් නොවන නිසා...
සුබ අනාගතයක් නංගා... ඉදිරියටම යන්න... :)
 
kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong
took 2 mins to read... 30 mins to understand ;)
yeah.... finally u created a masterpiece :D
nyc..... have no word to appreciate :yes:
Keep it up nanga... CONGRATZ :cool::cool:

-------------------------------------
ප.ලි : මෙය හුදෙක් නිසදැසක් නොවන බව කරුනවෙන් සලකන්න.

;)
 
Last edited:

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    කියවද්දි හිතට ඒ සුවය දැනුනා වගේ....
    මොන දේ වුනත් ජීවිතය සුන්දරයි කියන එක අමතක කරන්න එපා....
    ලස්සන නිර්මාණයක්
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Bohoma lassnai angel..jeewithey athdhakeem hugaak mama mey padha peliwalin dhakka..atthamai apey jeewithey koccharakanam dewal thiyenawadha apita therum ganna bari..theru nogath,therunath piligannathiy...mama hugaak kamathy wachanaya thamai..nidhahasa widhinn hadhawathata idadhenna" mey kawiye eeytika anthargatha wela thiyenwa..:)

    godaak sthuthy nangee!:)
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    කියවද්දි හිතට ඒ සුවය දැනුනා වගේ....
    මොන දේ වුනත් ජීවිතය සුන්දරයි කියන එක අමතක කරන්න එපා....
    ලස්සන නිර්මාණයක්
    mmm jiwithaya sundarai inna tike hodata inna ekai karanna tiyenne :rolleyes:
    Thanks saho :)
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Bohoma lassnai angel..jeewithey athdhakeem hugaak mama mey padha peliwalin dhakka..atthamai apey jeewithey koccharakanam dewal thiyenawadha apita therum ganna bari..theru nogath,therunath piligannathiy...mama hugaak kamathy wachanaya thamai..nidhahasa widhinn hadhawathata idadhenna" mey kawiye eeytika anthargatha wela thiyenwa..:)

    godaak sthuthy nangee!:)

    mmmm man komath swabawadarmayata adare kenek aiye :) rata ahanse taru diha balan inna jiwithe puduma nidahasak tiyenne...mama kenti giyama duka hitunama godoak welawata eka karanawa hitha relax wenna.kawi hithakata kawadawath darunu wenna bari bawa oya dannawane :D Man mage jiwithe man kamati widiyata nidahase gewanna kamati kenek katawath ona widiyata man mage nidahasa seema karaganne na.anunge dewal hoyannet na :D mama mage paduwe inna kamati kenek eka aiye oya dannawane :) meka mage jiwithaye nokiayawunu kathawak....
     
    ජීවිතයේදී සිදුවන සමහර සිදුවීම් තදින්ම අපිට හිතට වදිනවා......එහිදී අපිට නිතැතින්ම කඳුලක් නො එන්නට පැතුවත් එය වලකාලිය නොහැකියි....
    ඔයා කිව්වා වගේම "ගලන කදුලුවටට දෝරගලන ඉකිබිදුම් වලට...
    වැට කඩොලු බදින්න එපා...
    එවාට කඩා හැලෙන්න ඉඩ දෙන්න... "
    අපි මුහුන දිය යුතුයි....මන්ද එයින් අපේ ජීවිතයට තවත් පඩමක් කියා දෙන නිසා..........
    කිසිවෙක් කිසිවෙකුට නොකිව්වාට ඔවැනි පසුබිමක හිඳිනා විටක දැනෙන සැබෑ හැඟුම් වචනයින් පෙන්නවා අඩුයි..මන්ද ඒ අතීතයට අකමැති නිසා........
    අප සිත් තුල ඇතිවනා වේදනාවන් හමුවේ මෙවන් දෑ දකිනා විට සිතට මහත් රුකුලක් ගෙන එනවා නිසැකයි.එ වගේම ලොකු පන්නරයක්.......

    හොඳ පණිවිඩයක් දෙන නිර්මනයක්.........මෙය හුදෙක් නිසදැසක් නොවනවා කියලා අදහස් කළ දේ සැබෑ අත්දැකීමක් විය යුතුයි කියලයි මගේ අදහස
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ;)[/QUOTE]

    Ow oba hari panda :D eka mage jiwithey athdakeemak saba jiwitaya ha EK jiwtaya sambandai :)

    Thanks,Meka oyata godak lassanata penune oyath jiwithaye godak wedanawan hithe tiyan inna kenk niza :)