මේ සින්දුවේ තේරුම කියන්න පුළුවන්ද?

johnvaljohn

Member
Jun 26, 2009
75
6
0
මේ සින්දුවේ තේරුම කියන්න පුළුවන්ද?

"බොරළු ඇනෙන පය රිදවන" කියන්නේ ඌව පළාතේ දුප්පත් මිනිස්සුන්ගේ ජීවිතේ ගැන කියන සින්දුවක්. ඒත් ඒකෙන් හරියටම කියන්නෙ මොකක්ද කියලා මට තෙරෙන්නේ නෑ. ඒකේ පළමුවෙනි කවිය නම් පැහැදිලියි. ඉතුරු කවි දෙකේ තෙරුම ගැන ඔබේ අදහස් පුලුවන්නම් කරුණාකරලා කියන්න. මම මේ සමග ගී පද ටිකත් ලිව්වා, මට තේරුණ විදියට.

බොරළු ඇනෙන පය රිදවන වෙහ්ව්ස මදක් නිවාගන්න
ඔබේ සතුටු මුහුන අපට ටිකක් හොන්ඩින් බලාගන්න
මහත්වරුනි බදුලු ඔයෙන් කිරි කන්ඩුලක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලි මල් කඳුළු වතුරු ටිකක් බොන්න

කලේ ගිහින් නිදි වැරුවා කකුණ සඳුන් ___ ___
ඒ සඳුනුන් හිත තැවරූ සුවඳ පවා සිහින වැනී
අඳුරට දුක එකතු වෙලා නින්ද බිඳුණු පැලට ___
අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී

රෑන ගිගා කටුසු කොබෙයි උරග නාග සපුනි වනේ
නුම්බට වගේමයි අපටත් දුක් පීඩා විඩා දැනේ
කඳු ඉස්මත්තෙන් පාවී වැගිරෙන දුන්හිඳ හීනේ
පුන්චි එවුන්ටයි ලස්සන කිරිගරුඬෙන් කවිය වුනේ

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඔයාට හරියටම නොතේරෙන්නෙ මොනවද කියලා කිව්වොත් සමහරවිට උදව් කරන්න පුළුවන් වෙයි..
     
    johnvaljohn

    Member
    Jun 26, 2009
    75
    6
    0
    ඔයාට හරියටම නොතේරෙන්නෙ මොනවද කියලා කිව්වොත් සමහරවිට උදව් කරන්න පුළුවන් වෙයි..

    බොහොම ස්තුතියි මචෝ. මට තෙරුම් ගන්න අමාරු ඒ සින්දුවේ සාහිත්‍යයමය තේරුම තමයි. විශෙෂයෙන්ම මෙන්න මේ කොටස් ටිකේ:

    "මහත්වරුනි බදුලු ඔයෙන් කිරි කඳුලක් අපිත් ගන්න"

    "කැලේ ගිහින් නිදි වැරුවා කකුණ සඳුන් ___ ___
    ඒ සඳුනුන් හිත තැවරූ සුවඳ පවා සිහින වැනී"

    "අඳුරට දුක එකතු වෙලා නින්ද බිඳුණු පැලට ___
    අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී"

    "කඳු ඉස්මත්තෙන් පාවී වැගිරෙන දුන්හිඳ හීනේ
    පුන්චි එවුන්ටයි ලස්සන කිරිගරුඬෙන් කවිය වුනේ"

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    බොහොම ස්තුතියි මචෝ. මට තෙරුම් ගන්න අමාරු ඒ සින්දුවේ සාහිත්‍යයමය තේරුම තමයි. විශෙෂයෙන්ම මෙන්න මේ කොටස් ටිකේ:

    "මහත්වරුනි බදුලු ඔයෙන් කිරි කඳුලක් අපිත් ගන්න"

    කඳුලක් කියන එක ස්වල්පයක් කියන අදහසින් යොදා ගන්නවා. ඉතින් ඒ කියන්නේ කිරි ටිකක් ගන්න සල්ලි ඕනෙනේ.. බෙලිමල් විකුණලා තමයි සල්ලි හොයා ගන්නේ

    "කැලේ ගිහින් නිදි වැරුවා කැපුන සඳුන් දණ්ඩ දනී
    ඒ සඳුනින් හිත තැවරූ සුවඳ පවා සිහින වැනී"

    එයාලා රෑ නිදිමරාගෙන කැලේ ගිහින් සදුන් අතු කපන් එනවා විකුණන්න. ඒ සදුන් සුවඳ ඒ ගොල්ලන්ට ගෙනෙන්නේ සතුටක් මොකද අමතර ආදායමක්නේ...

    "අඳුරට දුක එකතු වෙලා නින්ද බිඳුණු පැලට වදී
    අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී"

    රෑට එයාලට නින්දක් නෑ. කළුවරත් එක්ක එයාලගේ පැලට දුකත් එනවලු මොකද එයාලට හෙටක් (අනාගතයක්) නෑ.. (බදුලු ඔයට තියෙනවා කියන්නේ ස්වාභාව ධර්මයට කොහොමත් පහුවදාට ඉර පායනවනේ)

    "කඳු ඉස්මත්තෙන් පාවී වැගිරෙන දුන්හිඳ හීනේ
    පුන්චි එවුන්ටයි ලස්සන කිරිගරුඬෙන් කවිය වුනේ"

    දුනහිද ලස්සනයිනේ.. කිරිගරැඩ වගේ.. හැබැයි යමක් නොතේරන ළමයින්ට වගේ, ඒ සුන්දරත්වය විදින්න වැඩිහිටියන්ට අවස්ථාවක් නෑ.

    පැහැදිලීද ?.......:):):)
     
    johnvaljohn

    Member
    Jun 26, 2009
    75
    6
    0
    පැහැදිලීද ?.......:):):)

    බොහෝම ස්තුතියි මචෝ. උඹේ පැහැදිලි කිරීම නියමයි. මට දැන් තේරෙනවා.
    :):):):)
    උඹ මේක මට කියලා දුන්නට නැවතත් ස්තුතියි.
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    දැන්ගන්න කැමති කෙනෙක්ට යමක් කියලා දෙන්න ලැබීමත් ලොකු සතුටක්..... අනිත් එක කීයෙන් කී දෙනාද දැන් කාලේ සිංදුවක තේරුමට අවධානය දෙන්නේ
     
    Last edited:

    johnvaljohn

    Member
    Jun 26, 2009
    75
    6
    0
    දැන්ගන්න කැමති කෙනෙක්ට යමක් කියලා දෙන්න ලැබීමත් ලොකු සතුටක්..... අනිත් එක කීයෙන් කී දෙනාද දැන් කාලේ සිංදුවක තේරුමට අවධානය දෙන්නේ

    ඔවු මචං, මම පොඩි කාලෙ ඉන්දලාම සාහිත්‍යයට කැමතියි. ඒත් අවාසනාවට සිංහල සාහිත්‍ය දිගටම ඉගෙන ගන්න බැරි වුනා, මේ මඟුල් විද්‍යාවක් හින්දා... :):)

    උඹ වගේ කෙනෙක් මේ විදියට හමු වීමට ලැබීම සතුටක්.
    :)
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    කඳුලක් කියන එක ස්වල්පයක් කියන අදහසින් යොදා ගන්නවා. ඉතින් ඒ කියන්නේ කිරි ටිකක් ගන්න සල්ලි ඕනෙනේ.. බෙලිමල් විකුණලා තමයි සල්ලි හොයා ගන්නේ

    එයාලා රෑ නිදිමරාගෙන කැලේ ගිහින් සදුන් අතු කපන් එනවා විකුණන්න. ඒ සදුන් සුවඳ ඒ ගොල්ලන්ට ගෙනෙන්නේ සතුටක් මොකද අමතර ආදායමක්නේ...

    රෑට එයාලට නින්දක් නෑ. කළුවරත් එක්ක එයාලගේ පැලට දුකත් එනවලු මොකද එයාලට හෙටක් (අනාගතයක්) නෑ.. (බදුලු ඔයට තියෙනවා කියන්නේ ස්වාභාව ධර්මයට කොහොමත් පහුවදාට ඉර පායනවනේ)

    දුනහිද ලස්සනයිනේ.. කිරිගරැඩ වගේ.. හැබැයි යමක් නොතේරන ළමයින්ට වගේ, ඒ සුන්දරත්වය විදින්න වැඩිහිටියන්ට අවස්ථාවක් නෑ.

    පැහැදිලීද ?.......:):):)

    එළකිරි ඔය කියලා දිලා තියෙන්නේ අපුරැවට................:):)