ඉඩිඅමින්ගේ තවත් ගොදුරක් - ලංකා කාර්යාලයට ş
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පතක් වූ "ලංකා" පුවත්පතේ කාර්යාලය අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ මුද්‍රා තැබූහ. එම නිලධාරීන් පැවසුවේ හදිසි නීති රෙගුලාසි යටතේ තමන්ට ලැබී ඇති බලතල අනුව මෙම පියවර ගත් බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජික ප්‍රියදර්ශන දයාරත්න මහතා, "මෙය ප්රජාතන්ත්රවිරෝධී ක්‍රියාවක්, රටේ ප්‍රධාන මැතිවරණයක් අවසනවනවාත් සමගම මෙවැනි පියරවක් ගැනීම ඉතාම බරපලයි. ජනාධිපතිවරණයෙන් පසුව මේවන විට මාධ්‍ය ආයතන කිහිපයකටම බලපෑම් එල්ලවී තිබෙනවා. ඇතැම් මාධ්‍යවේදීන් මෙවන විටත් අතුරුදහන් කර තිබෙනවා. මෙය ප්රජාතන්ත්රවාදයට, යහපාලනයකට කිසිසේත් සුදුසු තත්වයක් නොවෙයි. රටේ සියලු ප්රගතිශීලි ජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ මෙවැනි ප්රජාතන්ත්ර විරෝධී තත්වයන්ට විරුද්ධව ප්රජාතන්ත්රවාදය යටතේ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට පෙරට එන ලෙසයි." යැයි ප්‍රකාශ කළේය.
source:http://www.lankatruth.com/sin/index...-11-03&catid=34:2008-10-13-08-28-51&Itemid=27