~සමනළයෙකුට වෙඩි තැබීම~
[FONT="]ඇතුලතින් බුර බුරා නැගෙන දුක වාවා ගැනීමට නොහැකිවූ ජනී ජනයා විලාප නගමින් එක රොත්තට ඇදී ආවේ මුහුද ගොඩ ගැලුවාක් වැනි ආවේශයකිනි..[/FONT]
[FONT="]“විජය” නමැති සෙනෙහෙවන්තයාගේ අවසන් හුස්ම පොද නික්ම යන්නට පෙර තමන්ගේ හුස්ම පොද වුව පුදා ඔහු රැක ගැනීමේ පිවිතුරු ඒකායන අදිටනින්ය…[/FONT]
[FONT="]අතට අසුවෙන හා ඇසට පෙනෙන මායිමක පියෑඹු සුන්දර සමනලයෙකුට කුරිරු බල ලෝභීන් වෙඩි තබා මරා දැමූවේ අද වගේ දිනක මීට අවුරුදු විසි දෙකකට පෙරය…[/FONT]
[FONT="]ලාංකීය සිනමාවේ මෙන්ම ලාංකීය දේශපාලනයේ “විජය ලකුණ” විමසා බැලීම අප වෙත පැවරෙන වගකීමක් වන්නේ අද දිනට ඔහු මිය ගොස් වසර 22ක් සපිරෙන නිසාම නොවේ... [/FONT]
[FONT="]ඔහු විසින් ඔහු දුටු කලාව සහ දේශපාලනය ඔහුටම ආවේනික ගති සොබාවෙන් අර්ථ ගන්වා ගත් නව්‍ය භාවය අදටත් ගැලපෙන නිසාවෙනි.[/FONT]
[FONT="]ඔහුගේ පිරිපුන් මානව හිතවාදයත්, රටකට ඇවැසි වූ හරි දැක්මත් ඔහුගේ ජීවිතයෙන් මෙතරම් ඉක්මනට ඔහුට වන්දි ගෙවීමට මුලිකව බල පෑ ඉහලම සුදුසුකම් විය..[/FONT]
[FONT="]ඔහු සතුව තිබූ අව්‍යාජ සිනා රැල්ල හා ඔහු වටා පෙල ගැසී සිටි අති දැවැන්ත ජනතා රැල්ල උහුලා දරා ගත නොහැකිවූ අදිසි බලවේගයන් ඔහුට තුවක්කුවක් අමෝරා ඔහුගේ උතුරා ගලා ගිය මිනිස්කම රැගත් පපු කුඩුම්බිය එකම ලේ විලක් මැද නැවත පිලිසකර කරන්නට බැරි අයුරින් කීතු කීතු වලට සිදුරු කොට දැමීය…[/FONT]
[FONT="]“මගේ මුහුණ දිහා බලාගෙන කවුරුවත් මට වෙඩි තියන එකක් නෑ” යැයි විජය තම මිතුරන් ඉදිරියේ පළකොට තිබූ විශ්වාසයද කුරිරු ඝාතකයා විසින් සිය දබර ඇඟිල්ලෙන් ගැස්සූ කොකා හරහා ක්ෂණයෙන් බිඳ දැමීය..…[/FONT]
[FONT="]මේ මොහොතේ මට විජය “අහස් ගව්ව” සිනමා සලෙරුවේ රඟ පෑ මහතුන් අය්යාගේ භූමිකාව නිතැතින්ම සිහියට නැගේ…විජය එහි රඟ පෑවේ නිර්ධන පංතිය නියෝජනය කරනා කුණු ලොරියක ඩ්‍රයිවර් කෙනෙක්ගේ භූමිකාවයි…[/FONT]
[FONT="]එහි එන මෙම දෙබස් ඛණ්ඩය තවමත් මා සිතෙහි නිබඳව දෝංකාර දෙයි..[/FONT]
[FONT="]“මල්ලී කුණු කොතනද.. අපි එතන” …..[/FONT]
[FONT="]වරක් විජය රඟ පෑ “ක්‍රිස්තු චරිතය” රූප ගත කිරීමකදී වූ හාස්කමකින් මෙම සටහන නිමා කරන්නට මට සිතුණි....[/FONT]
[FONT="]ක්‍රිස්තුස් වහන්සේ කුරුසයත් ඔසවාගෙන දරුණු වධ හිංසාවන්ට මුහුණ දෙමින්, කස පහර කමින් කුරුසයේ ඇන ගැසිම සඳහා ගොල්ගොතාව කරා රැගෙන යන දුක්බර ජවනිකාව රූපගත කරන්නට සියල්ල සුදානම්ව තිබුනි..මෙම රූපගත කිරීම කරන ලද්දේ කතෝලික ජනතාව වැඩි වශයෙන් වෙසෙන මීගමුවට ආසන්න පෙදෙසකයි..…[/FONT]
[FONT="]බයිබලයේ හැටියට ගිගුරුම් දෙන අකුණු සහිත මහා වැස්සක් මෙම රූප ගත කිරීම සඳහා ඇවැසි වූ නිසා චිත්‍රපටයේ අධ්‍යක්ෂක සුනිල් ආරියරත්න ඒ සඳහා කෘතිම වැසි වස්සන්නට උපයෝගි කර ගන්නා උපකරන සියල්ල සීරුවෙන් සුදානම් කොට තබා ජවනිකාව සඳහා විජයට අණ දෙන ලදී..[/FONT]
[FONT="]ආශ්චර්යයකි…විජය කුරුසය පිට තබා ගත් වනම මහා හෙන අකුණු පුපුරා ගොස් ධාරානිපාත වැස්සක් ස්වභාවිකව ඇද හැලෙන්නට විය.. අවට රැස්ව සිටි කතෝලික ජනතාව විජයගේ දෙපා සිඹිමින් ජීවමාන ජේසුතුමා පහල වූ අයුරින් ඔහු ලඟ භක්තියෙන් වැඳ වැටෙන්නට වූහ…..[/FONT]
[FONT="]ආදරණිය විජය…. එදා මෙන් අදත් මා දුටු ප්‍රබලම මානව හිතවාදියා ඔබම පමනෙකි…[/FONT]
[FONT="]ආදරණිය විජය… ඔවුන් ඔබව මරා දැමූවද ඔබ මිය ගොස් නැත….[/FONT]
[FONT="]“දඟගෙයි දඬුවම් සියුමැලි වැඩි නම් අළුගෝසුවනේ එල්ලාපන්…[/FONT]
[FONT="] ඔබේ ගැඹූරු ගී හඬ මට ඈතින් ඇසේ….[/FONT]
සොයුර, ඔබට සුබ රාත්‍රියක්!!.....