පද පේලි .....

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
යුගයෙන් යුගයේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ
වෙරළින් වෙරළේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ......

සීතල කඩු තුඩු ඇනෙන රැයේ
උණුසුම සලසන ග්‍රීෂ්මයක් විය
පවසින් වැලපෙත කරදියරේ
පිපුරුනු දෙතොලට වර්ෂාවක් විය......

සුන්බුන් වූ විට සැඩ සුළඟේ
දියපිට ඉන්නට දැව යහනක් විය
වල්මත් වූ විට දිවි දියඹේ
ගොඩබිම පෙන්වන තරු ලකුණක් විය........


ගී පද: සුනිල් ආරියරත්න
සංගීතය: ස්ටැන්ලි පීරිස්
ගායනය: නන්දා මාලිනී
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
විදුලිය එළිය දැක ගිණිහුල දියේ හෙලා
මඟ වැරදිලා දිවුවේ මං මුලා වෙලා
පැන ගිය මුවන් ලඟ හැලුනයි නෙලූ පලා
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා.......

කස්තුරි කපුරු කෑ තරමට එපාවුනි
තිත්තයි අනේ තිත්තයි මීවදේ පැණී
ඇස් රතුකල කොලොප්පමකට හිනාවුනී
මහමෙර වගේ නුඹ නොදොඩා බලා වුනි......

මෝල්ගහත් ඇවිලුණි කරුම ගින්නට
උණුසුම මදිවුනා ඔය පැලෙ ඉන්නට
ආ ගිය මාවතක් හිම නෑ පෙනෙන්නට
අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට..........

ගී පද: ස්වර්ණ ගුණවර්ධන
සංගීතය: ෂෙල්ටන් විජේසේකර
ගායනය: ඉන්ද්‍රාණි බෝගොඩ
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ලඳු ඕවිටි කළල් මතින් සුසුම් ගඟක් ගලනවා
බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර දිවෙනවා
අළුත් පාර හැදෙනවා........

හිරු පායා අපේ හිසට සෙවන ගෙනෙනවා
පොළොව දැවී අපේ පයට සිහිල සදනවා
දූවිලි මඳ පවන් හමා ගිමන් නිවනවා
දෑතේ කරගැට දෙතොලට පවන් සලනවා.......

අපේ ශ්‍රමය කළුගල් වී බිම වැතිරෙනවා
රන් දහඩිය තාර වෙලා උඩින් ගලනා
මැති උතුමන් නමින් පාරෙ කඩුලු ඇරෙනවා
පාර අයිනෙ අපි හැමදා බලා ඉන්නවා.......

ගී පද: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: එඩ්වඩ් ජයකොඩි
 
Jan 15, 2009
9,238
368
0
කිරුළ මුතු ලෙහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැළපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම්දෙනා
තන තන තාන තම්දෙනා

දිළිසෙනා සේම කරළිය දිලෙන්නේ නැතී
වන්නමක් සේම සුමිහිරි තානමක් නැතී
සකියෙනි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරී
සකියෙනි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරී

රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇතී
නළල් පට මාල හත්පට සින්නවී ඇතී
සකියෙනි රීදී කාසි සොලවන්නට බෙරපදය මදී
සකියෙනි රීදී කාසි සොලවන්නට බෙරපදය මදී

ගායනය - ජානක වික්‍රමසිංහ
පද පේළි - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - එච්.එම්. ජයවර්ධන

 

marley

Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    මාර්ලි ගොයියා හරි මිනිහා
    තුවක්කුවක් කරේ තියා දවසක් දඩයමේ ගියා
    මාර්ලි ගොයියා හරි මිනිහා
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කීන දං මිටක් කඩං ආවා මගෙ නංගෝ
    කාටවත් නෙමෙයි නගාටයි මේ ආ නංගෝ
    පොඩි කාලේ වාගේ අපේ ඔන්න ඔට්ටුයි කියාලා
    හැංගි මුත්තා හොයාලා හැංගෙමුදෝ අයියේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සීතල පිණ්නේ
    ළා සඳ එළියේ
    ගැයෙනා ගී සිංදූ
    මා හද රැන්දූ
    ඒ ගී සිංදූ
    කවුදෝ පද බැන්දූ
    සීතල පිණ්නේ
    ළා සඳ එළියේ
    ගැයෙනා ගී සිංදූ
    ඔබ හද රැන්දූ
    මා ගී සිංදූ
    මාසිත පද බැන්දූ


    ශර්ලි||මාලනී
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    බමරිඳු බමරිඳු කුමට වඩින්නේ
    වනමල් කැකුලිය සොයා වඩින්නේ
    වනමල් කැකුලිය කුමට සොයන්නේ
    ලැබුනොත් ඇය පෙම් පවස නිවෙන්නේ

    සැඟවුනු රස මදිරා තුඩ ගාවා
    පෙම් මකරන්දය මුළු වත නාවා
    බමර කුසුම් හදවත් යුග යාවා
    දෙමිය පියුම් ලොව හැම රස පාවා

    බමරිඳු බමරිඳු ....

    අන් මලකට මකරන්දය ගාවා
    ඔබෙන් ගෙනා බව මලට නොකීවා
    අප පෙම එමලින් මල් පල වේවා
    ලස්සන ලස්සන මල් සුපිපේවා

    බමරුන් නැති ලොව මල් නොපිපෙන්නේ
    මලක් නොලත් ගස නැහැ පල දෙන්නේ
    ගසක් මලක් නැති ලොව කොයි වැන්නේ
    මෙත් ගුණ නැති රළු කතරක් වන්නේ


    පණ්ඩිත් අමරදේව / නන්දා මාලිනී




    ;);););)
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    නෙළා ගන්න බැරි හින්දයි
    ඔබ ඔය තරමට ලස්සන
    නෙළා ගෙනා කිසිම මලක්
    නැහැ ඔය තරමට ලස්සන
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ආදරේ මල් මැලවෙන ගිණි ඇවිලෙන ගිම්හානේ
    කව්රුද වසන්තයේ සිසිලස මෙහි ගෙන ආවේ
    ආදරේ මල් මැලවෙන ගිණි ඇවිලෙන ගිම්හානේ

    ගිණි කඳු අතරද මල් සමය උදාවී මනරම්
    උමතුය මලින් මලට දුව පැන ඇවිදින බිඟුකැන්
    ලිය ගොමු තුල ආලින්දේ
    ජය වේර ගයයි මධුර ගීත ඕවිල්ලේ

    ආදරේ මල් මැලවෙන ගිණි ඇවිලෙන ගිම්හානේ
    කව්රුද වසන්තයේ සිසිලස මෙහි ගෙන ආවේ
    ආදරේ මල් මැලවෙන ගිණි ඇවිලෙන ගිම්හානේ

    කඳුලින් පවස නිවාගත් දෙතොලග සිනහ කුසුම්
    ගිරගින් ගිරග රිදී ජල ධාරා රඟන රැඟුම්
    රාත්‍රී ප්‍රථම ප්‍රහරයේ
    මකරන්ද රැඳෙයි තුඩ තුඩ පරමානන්දේ

    ආදරේ මල් මැලවෙන ගිණි ඇවිලෙන ගිම්හානේ
    කව්රුද වසන්තයේ සිසිලස මෙහි ගෙන ආවේ
    ආදරේ මල් මැලවෙන ගිණි ඇවිලෙන ගිම්හානේ


    නන්දා මාලිනී
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අවපස අහසක තරු ලකුණක් සේ
    අපමණ සයුරක තුරු දසුනක් සේ
    දිගු දිවි ගමනේ
    ඉම ඔබ රැඳුනේ:yes:

    මාවත අවහිර නිමවා
    දළ රළ පෙල සැතපෙනවා
    සැලමුතු සෙනෙහස මඳ පවනක් වී:love:
    ගැඹරේ නිම මුමුණනවා

    දෝතෙක අසනිය ගවසා
    ඔබ පෙරමග හිනැහෙනවා:D
    විකසිත සිහිනය සුබ කවියක් වී
    දෙනෙතේ සිත ලියැවෙනවා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රන්වන් සිනා පෑ මනෝ මාලිගාවේ
    කුමාරී කුමාරී කොහේදෝ මගේ
    මේ වේදනා ඈත පාවි ගියාවේ
    කුමාරී කුමාරී කොහේදෝ මගේ

    අනන්තේ දිගන්තේ සුළං රැල් ඇදේ
    උදාවූ වසන්තේ මිහිරී නොවේ
    දිවා රෑ ගෙවීයයි ලොවේහී මෙසේ
    සරාගී වියෝ ගීත රාවේ ඇසේ
    මේ කල්පනා සෝක සංකා මවන්නේ
    කුමාරී කුමාරී කොහේදෝ මගේ

    සුසුම්වැල් ගලාලා පැතුම් සුන්වෙලා
    රුවන් තාරකාවෝ මොකෝ හැංගිලා
    ඍංගාර ගංගා දිලෙයි සාගරේ
    දුරස්වෙන්නෙ ඇයි මා පැතූ ආදරේ
    බලා ඉන්නවා මා ප්‍රියේ හුදකලාවේ
    කුමාරී කුමාරී කොහේදෝ මගේ

    රන්වන් සිනා පෑ මනෝ මාලිගාවේ
    කුමාරී කුමාරී කොහේදෝ මගේ
    මේ වේදනා ඈත පාවි ගියාවේ
    කුමාරී කුමාරී කොහේදෝ මගේ...


    :love: අමරණීය ජෝති
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මේ මහා සක්වළ තරු රටාවේ
    පිපෙන තරු මල් පුංචි අතකින්
    වසන්නට හැකිනම්
    එය කල හැකිද කෙලෙසින්
    සිත ඇයිද නැති විපරම්
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    අනවසරයෙන් වෙන්ව යනු මැනවි
    ඔබට අභිමත නම්
    සපථ කරවූ සදාකාලික ස්නේහයෙන්
    සමුදෙමිද කෙලෙසින්
    සමුගමිද කෙලෙසින්
    අනවසරයෙන් වෙන්ව යනු මැනවි

    ඉන්ද්‍රචාපය ලෙසින් අකාසේ
    පෙනී නොපෙනී සැඟව යනු මැනවී
    විරාමය දී සෙනෙහසට සිත සෙල්කුලක් කරමින්
    සමු දෙමිද කෙලෙසින්
    සමු ගමිද කෙලෙසින්
    අනවසරයෙන් වෙන්ව යනු මැනවි

    චන්ද්‍රිකාවී විලස රෑ යාමේ
    දැනී නොදැනී මැකී යන මැළවී
    කඩා නටුවෙන් මලක් සුළඟට මුදාලන අයුරින්
    සමු දෙමිද සිතකින්
    සමු ගමිද කෙලෙසින්

    අනවසරයෙන් වෙන්ව යනු මැනවි
    ඔබට අභිමත නම්
    සපථ කරවූ සදාකාලික ස්නේහයෙන්
    සමුදෙමිද කෙලෙසින්
    සමුගමිද කෙලෙසින්
    අනවසරයෙන් වෙන්ව යනු මැනවි


    සනත් නන්දසිරි

    විරහව තදින් හිතට දනවන මධුර තනුවක්

    :(:(:(:(
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ජීවිතය මට උරුම කරදී
    ලය ලෙයින් කිරි කර පෙවූ
    ආදරෙන් සෙනෙහසින් මාව නැහැවූ
    ඔබයි මගෙ අම්මා .............
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    චිතකයේ ගිනි නිවෙනවා අම්මේ
    සත්තමයි නුඹ නම් නිවන් යන්නේ
    අළු යටින් ගිණි පුපුරු මතු වන්නේ
    මහගෙදර ගිනි සෙමෙන් මතු වන්නේ

    සුදු කොඩිත් වැට ඉණි වලට ගන්නේ
    සිව් කොනේ මායිම් වෙනස් වන්නේ
    හතෙන් බෙදලා හත් දොහේ දානේ
    කොටස දොරළඟ තබා උන් යන්නේ
     
    Status
    Not open for further replies.