ධාතු විස්තරය

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ධාතු විස්තරය

අප මහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණා විසින් බෙදාදෙන ලදී. එහිදී ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වලටත් ලංකාවටත් ධාතු ගෙන ගිය අතර, අද වන විට මෙම ධාතුන් ගෙන් බොහොමයක් (බොහෝ විට සියල්ලම) බුදුන්ගේ දේශය යන විරුදාවලිය ලත් මේ පින්බිමෙහි තැන්පත්ව ඇත. ගෞතම බුදුන් වහන්සේට පෙර විසූ කකුසඳ, කෝනාගම, කාශ්‍යප යන බුදුන් වහන්සේලා භාවිතා කල දෑද අතීතයේ මහමෙව්නා උයනේ නිදන් කර ඇත. මේ එම ධාතු විස්තරයයි.

සම්බුද්ධ පරිණිර්වාණයෙන් පස්සෙ ආදාහනයෙන් නොදැවී ඉතිරි උනේ ධාතුන් 7යි, නලාට ධාතුව, දෙ අකු ධාතුන් හා සතර දළදා ධාතුන්, ඉතිරි ධාතුන් සුඹුලු පරිදි විසිරුණාලු.

දළදාව 01
මෙයින් වම් දළදාව ඛේම ස්ථවිරයන් දරසෑයෙන්ම ගත් අතර දන්ත පුරයේ කාලිංග බ්‍රහ්මහදත්ත රජුට පැවරුවා..... කාලයාගේ ඇවෑමෙන් ලක්දිව කිත්සිරි මෙවන් රජ දවසේ හේමමාලා සහ දන්ත කුමරුන් ලක්දිවට රැගෙන විත් අද වන විට එම දළදාව මහනුවර දළදා මාළිගයෙහි තියෙනවා.

දළදාව 02
එක් දකුණු දළදාවක් ද්‍රෝණ බමුණා හිසේ සඟවගත් වෙලේ ශක්‍රයා ඇවිත් එම දළදා ධාතුව හොරෙන්ම අරං ගිහිං සිළුමිණ සෑයෙ තැන්පත් කලාලු.

දළදාව 03
තෙවන දළදාව ගන්ධාර රට රජු විසින් අරන් ගියා.

දළදාව 04
සිව්වන දළදාව නාග ගෝත්‍රිකයන් විසින් නා ලොවට ගෙනගොස් පූජා පැවැත්වුවා ...... නන්ද නම් රහතන් වහන්සේ නමක් භාරයේ තිබුන මේ දළදාව පරපුරෙන් පරපුරට විත්, කාවන්තිස්ස රජ සමයේ කාවන්තිස්ස රජුගේ සොයුරිය සෝමාදේවිය නමින් ගොඩනැගූ සෝමාවතී සෑයේ නිධන් කරනු ලැබුවා.

ක්ෂීණ ධාතුන්, අඟුරු සහ නැළිය
මෙම ධාතුන් කොටස් අටකට බෙදූ ද්‍රෝණ බමුණා එය විශාලා නුවර ලිච්ඡවී රජ දරුවන්ට, කිඹුල්වත්පුර ශාක්‍යන්ට, අල්ලකප්ප නුවර බූලි රජදරුවන්ට, රාමගාමයේ කෝළියයන්ට, වේඨදීපක බමුණුගම බමුණන්ට සහ පාවා නුවර මල්ල රජදරුවන්ට බෙදාදී රන් නැලිය ද්‍රෝණ බමුණා විසින් ගන්නා ලදී ...... සියල්ලෝම මෙම ධාතු නිදන් කර දාගැබ් තැනවූ බව සදහන්.

මේ අනුව පිලිවෙලින් රජගහනුවර, විසාලා මහනුවර, කිඹුල්වත් පුර, අල්ලකප්ප නුවර, රාම ග්‍රාමය, වේඨදීපක නුවර්, පාවා නුවර සහ කුසිනාරා නුවර දාගැබ් 8ක් ද, ද්‍රෝණ බමුණා සහ ධාතුන් බෙදීමෙන් පසු පැමිණි පිප්පලි නුවර රජදරුවන් ඉතිරි වූ අඟුරු ගෙන කල දාගැබ ඇතුළුව දඹදිව ගෞතම බුදුන්ගේ ධාතුන් නිදන් කල දාගැබ් 10ක් විය.

මහසුප් නම් තෙරණු කෙනෙකු, අනාගතයෙහි අන්‍ය ලබ්ධිකයන් විසින් මේ දාගැබ් විනාශ කරන බව දැන අජාසත් රජුට පවසා ඉහත ධාතු තැන්පත් කල දාගැබ් අටෙන් රාමග්‍රාමයේ දාගැබ හැර අනික් ධාතුන් සියල්ල එකතු කොට කරඬු සතක බහා රජගහ නුවර ගිණිකොන දාගැබක් කරවන ලදී. රාමග්‍රාමයේ දාගැබෙහි වූ ධාතුන් නොගත්තේ එම ධාතුන් වහන්සේලා පසුකලෙක ලංකාවේ ඉදිවන්නට නියමිත රුවන්මැලි සෑයට ගෙනයන බැව් උන්වහන්සේ දැනසිටි නිසාලු.

දකුණු අකු ධාතුව
ශක්‍රයා සතුව සිළුමිණ සෑයේ වූ මෙම ධාතුව පසු කලෙක ථූපාරාමයට වැඩමවූ බව සදහන්ය. ථූපාරාමය ඇති ස්ථානය, මෙම භද්‍ර කල්පයේ පෙර විසූ බුදුවරුන්ගේද ධාතු නිඳන් කල ස්ථානයක් බැවින් අකු ධාතුව වැඩම වූ කල යමා මහ පෙළහර පෑ බව පැවසේ. (කකුසඳ බුදුන්ගේ ඩබාරාධාතුව, කෝනාගම බුදුන්ගේ පටීධාතුව සහ කාශ්‍යප බුදුන්ගේ ජලසාටිකාව ථූපාරාමයට බටහිරින් වූ ප්‍රවේජවස්තු නම් කැලෑවී තිබූ තැන නිදන් කර තිබූ අතර, මෙම ගෞතම බුදුන්ගේ අකු ධාතුව එතැනට වැඩම කරන කල ධාතුව යමා මහ පෙළහර පා එම පැරණි ධාතුන් එහි වන බව දැන් විය යුතු යැයි ගෞතම බුදුන් වහන්සේ පරිණිර්වාණයට පෙර අධිෂ්ඨාන කල සේක.)

නලාට ධාතුව
කාවන්තිස්ස රජු විසින් ලලාට ධාතුව තැන්පත් කර සේරුවාවිල වෙහෙර ඉදිකරන ලද බව සදහන්ය. මෙතැනට ධාතුව වැඩමවන තෙක් එය කොහේ තිබුණි දැයි සොයා බැලිය යුතුය.

තිස්සමහාරාමයේ ඇති දළදා ධාතුව
වම් යටි හකු දලදාව තිස්සමහාරාම වෙහෙරෙහි ඇති බවට 10 වැනි සියවසේ ප්‍රවාදයක් ගැන මිහිඳු ඈපා ගේ කිරින්ද ටැම් ලිපියෙහි ඇත. එසේනම් එයද ගන්ධාරයේ තිබූ දළදාව විය හැක.

ග්‍රීවා ධාතුව
සැරියුත් තෙරුන්ගේ ගෝල සරභූ තෙරුන් වහන්සේ විසින්, බුදුන් වහන්සේගේ චිතකයේ ගිනි නිවෙන්නටත් පෙරම නොදැවී ඉතුරුවුණ ග්‍රීවා ධාතුව ගෙන සිරිලකට වැඩම කල බව සඳහන් වේ. එය බුදුන් වහන්සේ ජීවමාන සමයේම කේශ ධාතු නිදන් කර සුමන රජුන් විසින් මහියංගනයේ කල දාගැබේම තැන්පත් කරන ලදී.

මේ ආකාරයෙන් බුදුන් වහන්සේගේ ධාතුන් සියල්ලක්ම වගේ සහ සිව්මහා බුදුවරුන්ගේ ධාතුන්ද තැන්පත්ව ඇති මෙම පොලව ඇත්තෙන්ම පින්බරය. මෙහි සිංහල බෞද්ධයෙකුව උපදින්නට නම් අපිත් රැස් කර ඇත්තේ සුළුපටු කුසල් සම්භාරයක් නොවන බවත් පැහැදිලිය. එමෙන්ම බුදු දහම ආරක්ෂා කරන රටේ බෞද්ධයන් ලෙස උපන් අපට පැවරුන වගකීමක්දවෙයි. එනම් මෙම ශාසනය රැකගැනීමයි.

උපුටා ගැනීම - රාවන සොයුරෝ

1_13_02_09_11_24_31-1.jpg
 
Jan 24, 2009
3,532
130
0
ශා මාරයි නේ. මම මේ විස්තරේ සමහර දේවල් විතරයි දැනගෙන හිටියේ. තෑන්කියු වේවා මල්කා :eek:
අර ඉන්දියාවේ හම්බුන දලදාව එතකොට මේවායින් එකක් වෙන්න බෑ නේද?
 
Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    EK eke wadiya dakinna nathi widiyaka thread ekak...niyamai sis...thawa tikak pahadili unaanam thama honda...:D

    Rep denna baalu..
    You must spread some Reputation around before giving it to Amalka101 again.
     
    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala

    අපේ අය ගොඩාක් හිතන් ඉන්නේ ලංකාව කියන්නේ මෙලෝ රහක් නැති රටක් කියලයි මේ පිංබර දේශයේ වටිනාකම ගැන සදහනක් සමඟම මේ දහම් පඩුර තිළින කලාට ගොඩාක් ස්තුතී.....:yes::yes::yes:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    EK eke wadiya dakinna nathi widiyaka thread ekak...niyamai sis...thawa tikak pahadili unaanam thama honda...:D

    Rep denna baalu..
    You must spread some Reputation around before giving it to Amalka101 again.
    පැහැදිලි නැති තැනක් තිබේ නම් අහන්න මල්ලි, මට පුළුවන් තරමින් පැහැදිලි කරලා දෙන්නම්
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බුදුන් වැඩිය අප දේශය කෙතරම් පින්බරද කියල හිතෙන්න හා එය දිවි හිමියෙන් අප එකාවන්ව එක්ව එක් සිත්ව රැකිය යුතුයි නේද කියන තැනට මේ ලිපිය වැදගත් කරුණු රැසක් අපිට විස්තර වශයෙන් දක්වා තිබෙනවා..

    නංගියා ඔයාට ගොඩාක් පින් මේ පින්බර සටහනට......
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පැහැදිලි නැති තැනක් තිබේ නම් අහන්න මල්ලි, මට පුළුවන් තරමින් පැහැදිලි කරලා දෙන්නම්

    මට පැහැදිලි නැති තැනක් තියනවා..
    කවුද අක්කේ නාගයෝ..එතකොට නාලොව කොහෙද තියෙන්නෙ..:nerd:

    මෝඩ ප්‍රශ්නයක් වගේ නං සමාවෙන්න..:sorry:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ශා මාරයි නේ. මම මේ විස්තරේ සමහර දේවල් විතරයි දැනගෙන හිටියේ. තෑන්කියු වේවා මල්කා :eek:
    අර ඉන්දියාවේ හම්බුන දලදාව එතකොට මේවායින් එකක් වෙන්න බෑ නේද?
    හ්ම්ම්ම් ....... හරියටම කියන්න බෑ, ඉන්දියාවෙ ගන්ධාරයට ගිය දළදාව ගැන ඊට පස්සෙ පැහැදිලි විස්තරයක් ලැබිලා නැහැනෙ. සමහරවිට මේ හමුවෙලා තියෙන්නෙ බුදුන් වහන්සේගෙම දළදාවක් නම් මේ ගන්ධාරයේ එක වෙන්න ඉඩ තියෙනවා. නමුත් මං දන්න තරමින් (අහලා තියෙන තරමින්) බුදුන් වහන්සේගෙ සර්වඥ ධාතුන් ඔක්කොම වගේ තියෙන්නෙ ලංකාවෙ .... ඒ වගේම ඉතිහාසෙ පුරාවට ඉන්දියාවෙ කල්ක්‍රියාව නිසා ඒ පැත්තෙන් ඇහෙන කතාන්දරත් එක පාරටම පිළිගන්න අපි තවදුරටත් ලෑස්ති නෑ. හොඳම දේ අපිම තොරතුරු රැස් කරලා ඇත්ත හොයාගන්න එකයි. :D
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මට පැහැදිලි නැති තැනක් තියනවා..
    කවුද අක්කේ නාගයෝ..එතකොට නාලොව කොහෙද තියෙන්නෙ..:nerd:

    මෝඩ ප්‍රශ්නයක් වගේ නං සමාවෙන්න..:sorry:
    නාගයො කිව්වෙ නාග ගෝත්‍රිකයො ...... අපි වගේම මිනිස්සු. මුහුද ආශ්‍රිත ප්‍රදේශ වල, විශේෂයෙන්ම වරායන් අසල තමා නාගයින්ගෙ ජනපද තිබුණෙ. හේතුව එයාලා වෙලඳාම් කටයුතු වල යෙදීම. 'මඩුකස පුගියන' කියන්නෙ අපේ නාගයින්ට අයත්ව තිබුණ ලෝකයේ විශාලම නැව් සමාගමක්. :cool:

    නාගලෝකෙ නේ? ......... සාහිත්‍යයට අනුව නාගලෝකෙ තියෙන්නෙ පොළව යට. ඒ වගේම ඔය කියන කාලෙ ලංකාවෙ හොද දියුණු උමං තාක්ශණයක් තිබුණා. බහුතරයක් නාගයො පොළොව යට විසීම හරියට අපි බේස්මන්ට් වල ඉන්නව වගේ වෙන්ට ඇති. හැබැයි අපිට වඩා සැපට
    එයාලා ඉන්න ඇති, මොකද තාක්ශණය අතින් දියුණුයිනෙ :P
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    නාගයො කිව්වෙ නාග ගෝත්‍රිකයො ...... අපි වගේම මිනිස්සු. මුහුද ආශ්‍රිත ප්‍රදේශ වල, විශේෂයෙන්ම වරායන් අසල තමා නාගයින්ගෙ ජනපද තිබුණෙ. හේතුව එයාලා වෙලඳාම් කටයුතු වල යෙදීම. 'මඩුකස පුගියන' කියන්නෙ අපේ නාගයින්ට අයත්ව තිබුණ ලෝකයේ විශාලම නැව් සමාගමක්. :cool:

    නාගලෝකෙ නේ? ......... සාහිත්‍යයට අනුව නාගලෝකෙ තියෙන්නෙ පොළව යට. ඒ වගේම ඔය කියන කාලෙ ලංකාවෙ හොද දියුණු උමං තාක්ශණයක් තිබුණා. නාගයො පොළොව යට විසීම හරියට අපි බේස්මන්ට් වල ඉන්නව වගේ වෙන්ට ඇති. හැබැයි අපිට වඩා සැපට
    එයාලා ඉන්න ඇති, මොකද තාක්ශණය අතින් දියුණුයිනෙ :P

    බුදුහාමුදුරුවො නාගදීපයට වැඩියෙත් ඔය නාගයන් අතර ඇතිවුන යුද්ධයක් බේරන්න කියලා මම අහලා තියනවා...එතකොට ඔය නාග kingdom එක ඔය විදියට දියුණු වෙලා golden age එකක් වෙලා තිබ්බෙ මීට වසර කීයකට විතර පෙරද..

    ආ තව ප්‍රශ්නයක් තියනවා ශ්‍රීව ධාතුව කියන්නෙ මොකක්ද..:rolleyes: