සීනි`පෙට්ටිය

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
සීනි පෙට්ටිය


ඔහු කුස්සියට පැමිණ සීනි පෙට්ටිය විවෘත කළේය. ඇතුළත බලා එය වසා දැමීය.
බිරිය මේ සියල්ල බලා සිටියාය.
යළිත් කුස්සියට පැමිණි ඔහු සීනි පෙට්ටිය ඇරියේ ය. ඇතුළට එබිකම් කළේය. පෙට්ටිය වසා දැමුවේය.
‘‘ඔයා මොනවද ඔය කරන්නේ. අරිනවා... බලනවා... වහනවා’’ බිරිඳ ඇසුවාය.
‘’දොස්තර මට කිව්වා නිතරම ‘ෂුගර් ලෙවල්’ එක චෙක් කරන්න කියලා’’ ඔහු පිළිතුරු දුන්නේ ය.



කිවිසුම් යාම

වයසට යමින් සිටින සිය පියාට කාන්තාවක් සුභ පතයි. ‘‘මට ඔබ ගැන හරි ආඩම්බරයි. ඔබට කිඹුහුම් යද්දී ඔබේ අතින් කට වසා ගන්න දැන් ඉගෙන ;ගන තිබෙන බව මම දැකල තියෙනවා’’.
‘‘ඇත්තෙන් ම ඔව්!’’ යැයි වයස්ගත පුද්ගලයා පැවසීය. ‘එහෙම නැතුව මම කොහොමද මගේ දත් කුට්ටම අල්ලා ගන්නේ?






කෑම වේල

“හලෝ! මම මැඩම් පැරෆනේලියා. මට ඉක්මන් කරල බැදපු කුකුලෙක් එවනව ද?”
“අපි ළඟ බැදපු කුකුල් මස් නෑ”
“එහෙනම් උයාපු ඉස්සෝ ප්ලේට් දෙකක් එවනවා ද?”
“අපි ළඟ උයාපු ඉස්සොත් නෑ”
“මොන කරදරයක් ද මන්ද. එහෙනම් මට එළුමස් කරියක් විගහට එවනවා.”
“එළු මස් කරි අපි ළඟ නෑ.”
“හලෝ ඔය ගාර්ධිර් අය්යා ගේ හෝටලේ ද?”
“නැහැ, අපි මේ මාලක්ක ගේ් මල් කඩේ.”
“එහෙම නම් මට සුදුමල් වඩමක් එවන්න අපේ මිනිහ දැනටමත් බඩගින්නේ මැරිල ඇති!




පහේ ශිෂ්‍යත්වයට සායනික ප්‍රතිකාරයක්

පහේ ශිෂ්‍යත්ව වැඩමුළුවක් පසුගියදා හොරණ පාසලකදී පැවැත්විණි. එම වැඩමුළුවේ දී ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවන් පමණක් නොව ඔවුන්ගේ මව්පියෝ ද දැනුවත් කරති.
ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවන්ට දිය යුතු ආහාර ගැන ද මව්පියන්ට කරුණු කියා දීමත් හොරණ වැඩමුළුවේ දී සිදු විය.
හොරණ වැඩමුළුවට දොස්තර කෙනෙකු සහභාගී කරවා ගන්නට ඒ ගැන හොරණ පදිංචි හිතවත් නිලධාරී මහතකුට කතා කිරීමට අසෝකා පියවර ගත්තාය.
‘ඔව් ! ඔව් ! ඔයා ගිහින් මං මේ කියන අය හමුවෙන්න කෝ. ඒ අය උදව් කරාවි’ අපේ නිලධාරී මහතා කීවේය.
ඒ අනුව අසෝකා ගොස් නිලධාරීතුමාගේ යාලු දොස්තරලා දෙන්නෙක් සමඟ කතා කර තිබේ.
‘ආ ඒ මහත්තයාද ? මං හොඳට දන්නවා. ඒ මහත්තයාගෙ බල්ලා මේ ගිය සතියෙත් මං ළඟට ගෙනාවා. මොකද ඉතින් මගෙන් කෙරෙන්න ඕන’ දොස්තර ඇසුවේය.
අසෝකාට කටඋත්තර නැති විය.









:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

හොඳනම් රෙප් එකකුත් දීලා යන්න................


 
  • Like
Reactions: Rovin