නැන්දගෙ කරදරේ

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අල්ලපු ගෙදරින්
    මට හරිම කරදරේ
    ආන්ටිගෙ දූවයි,
    මට දෙන්න හදන්නේ
    පාරෙදි දැක්කත්
    දානවනෙ බර බරේ
    හැංගිල හිටියත්
    මට මාර කරදරේ
    දූවයි මාවයි
    ගැළපෙනව කියන්නේ
    රාහුලා කේතුලා
    මැච් වෙනව කියන්නේ
    දූවයි වත්තයි
    දෑවැද්දට දෙන්නේ
    උන්දැගෙ දූමයි
    මට ගන්න කියන්නේ
    දෙබරුන් ඇන්නා
    වාගේනේ පෙනෙන්නේ
    ඒකිගෙ මුහුණේ
    පැච්වර්ක් තියෙන්නේ
    මීට කලින් ලව්
    දහ දෙනයිලු හිටියේ
    මේකිගෙ හොඳටයි
    උන් ගියා කියන්නේ
    අර ඒ නැන්දා
    මේ පැත්තට එන්නේ
    බයකට නෙමෙයිනෙ මං
    ලිස්සල යන්නේ
    උන්දැගෙ දූ නම්
    මට එපා දෙයියනේ
    තනිකඩ වෙන්නම්
    ඒ සැපයි දෙයියනේ
    ඒකිව ගත්තොත්
    මම නහියි ජීවිතේ..



    :P;);):yes:;);):P



    ~#ඨාකුර්Z#~ විසිනි.