අද දින පෘථිවියට ඉතා සමීපව ගමන්ගන්නා ග්‍රහකයක්
12 වන දින(2010 OCT) එනම් අඟහරුවාදා දිනදී පෘථිවියට ඉතා සමීපව ග්‍රහකයක් ගමන්කරනු ඇතැයි විද්‍යාඥයින් පවසයි. 2010 TD54 ලෙස හඳුන්වන මෙය දැනට කර ඇති ගණනය කිරීම් අනුව පෘථිවියේ සිට කි.මී. 46000ක් පමණ දුරකින් ගමන් කරනු ඇත.
මෙම වස්තුයේ විශාලත්වය පිළිබඳව මෙතෙක් හරිහැටි පරීක්ෂණ සිදුකර නැති නමුත් එය මීටර 10ක් පමණ විශාල යයි අනුමාන කරයි. මෙම ග්‍රහකය සෙයාගන්නා ලද්දේ කැටලිනා ස්කයි සර්වේ ව්‍යාපෘතිය විසින් පසුගිය සෙනසුරාදා ය.
මෙම ග්‍රහකය පෘථිවිය හා ගැටීමට කිසිසේත්ම ඉඩක් නැතිබව පවසන විද්‍යාඥයින් එය පෘථිවිය හා ගැටුනද පොලොව හා ස්පර්ෂ වීමට ප්‍රථම අහසේදීම දැවී යනු ඇතැයි තව දුරටත් පවසයි. අන්තර්ජාතික වේලාවෙන් පැය 11.25 ට එය පෘථිවිය හා සමීපතම අවස්ථාවට එළඹේ. ප්‍රබල දුරේක්ෂයක් භාවිතයෙන් දීප්ත විශාලන 14 තරුවකට සමානව පිස්කස් (මීන) සහ ඇක්වේරිස් (කුම්භ) රාශි ආසන්නයේ මෙය ඇතැම්විට දැකගත හැකි ය.
පෘථිවියට ආසන්න වන 103P/Hartley 2 ධූමකේතුව
ඉහත ඡායාරූපය ආධුනික තාරකාවිද්‍යාඥ රෝලන්ඩ් ලිගස්ට්‍රි සතු අඟල් 14ක දුරේක්ෂයකින් මෑතකදී ගන්නා ලද්දකි. ඡායාරූපයේ වම්පස ඉහල "පැක්මෑන්" නිහාරිකාව සහ පහල කොළ පැහැයෙන් හාර්ට්ලි වර්ගාතරුව දැක්වේ.
අදාල දින වලදී අඳුරු අහසක් ඇත්නම් පියවි ඇසින් වුවද මෙම ධූමකේතුව දැකගත හැකි ය. ධූමකේතුව දිනය අනුව පිහින ස්ථානය සඳහා ඉහත තරු සිතියම භාවිතා කරන්න.
මෙම ධූමකේතුව පෘථිවියට සමීපවනවාත් සමඟම නාසා ආයතනයට අයත් EPOXI යානය ධූමකේතුව හා සම්බන්ධ වී පර්යේෂණ පැවැත්වීමටද නියමිත ය.
මීළඟට අඟහරු වෙත යන රෝවරය - සජීවීව
මීළඟට අඟහරු වෙත යාමට නියමිත Mars Science Laboratory රෝවරය මේ දිනවල නාසා හි JPL ආයතනයේ නිර්මාණය වෙමින් පවතින අතර එය අන්තර්ජාලය හරහා සජීවීව දැකගැනීමේ හැකියාව මේ වන විට උදාවී ඇත.
සතියේ දිනවල ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10න් පසුව පමණ රෝවරයේ වැඩකටයුතු කෙරෙන ආකාරය http://www.ustream.tv/channel/498663 ඔස්සේ නිරීක්ෂණය කල හැකිය.
Curiosity ලෙස හැඳින් වන මෙම නව රෝවරය 2011 අගභාගයේදී අඟහරු වෙත යැවීමට නියමිත ය. එය 2012 අගෝස්තු මාසයේ අඟහරු වෙත ළඟා වනු ඇත. අඟහරු මත මීට පෙර ජීවය පැවතුනාද යන්න සෙවීම මෙම රෝවරයේ අරමුණයි.
Last edited: