ϟ₪♣_විශ්වය_♣₪ϟ__2

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
ϟ₪♣_විශ්වය_♣₪ϟ__2

හබල් දුටු අසාමාන්‍ය වස්තුව
4431802.jpg

මෙම සර්පිලාකාර වස්තුව පසුගිය දා හබල් දුරේක්ෂයේ කැමරාවට හසුවූ විශේෂිත දෙයකි. එහෙත් මෙය සර්පිලාකාර මණ්දාකිණියක් නම් නොවේ. මෙය අසාමාන්‍ය ප්‍රාග්-ග්‍රහලෝකමය නිහාරිකාවක් (pre-planetary nebula) බව විද්‍යාඥයින් පවසයි. අහසේ මෙවන් පැහැදිලි සර්පිලාකාර හැඩයක් විද්‍යාඥයින්ට හසුවූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.

IRAS 23166+1655 ලෙස හඳුන්වන මෙම වස්තුව පෙගසස් තාරකා රටාවේ LL Pegasi තරුව ආසන්නයේ දක්නට ඇත. විද්‍යාඥයින් විසින් කරන ලද ගණනය කිරීම් අනුව සර්පිලාකාර නිහාරිකාවේ ඇති ධූලි අංශු සර්පිලයේ මධ්‍යයේ සිට පිටතට පැයට කි.මී. 50,000ක් තරම් වේගයකින් ගමන් කරන බව සෙයාගෙන ඇත.

මෙම අතිවිශේෂ සර්පිලාකාර හැඩයට හේතුව වන්නේ LL Pegasi ද්විත්ව තරු පද්ධතියේ සහයක තරුව යි. මව් තරුව වටා භ්‍රමණය වන සහයක තරුව විසින් එහි ගමන් මාර්ගයේ ඇති ධූලි ගිල දමයි. මෙම සිදුවීම සර්පිල අතර දුර හා සහයක තරුවේ ආවර්ත කාලය අතර ඇති සම්බන්ධතාවයෙන් තවත් පැහැදිලි කල හැකි ය.

ඔලිම්පස් මොන්ස් තුල ජීවීන් ?
4431810.jpg

අගහරු හි ඔපිම්පස් මොන්ස් යනු කි.මී. 24ක් උස කි.මී. 550ක් පළලින් යුත් විශාල ගිණිකන්දකි. මෙය පෘථිවියේ හිමාලය මෙන් තුන් ගුණයක් විශාල අතර මෙය දැනට සොයාගෙන ඇති විශාලතම යමහල වේ.
ඔපිම්පස් මොන්ස් හි ඇති විශේෂත්වය නම් එය පැත්තකට බර වී තිබීමයි. නව සොයාගැනීම් අනුව මෙම විශේෂත්වය නිසා උණුසුම් මැග්මා පොලොව යට ඇති බවට විශ්වාස කරයි. මේ අනුව උණුසුමට හිතකර බැක්ටීරියා පෘථිවියේ ඇති ගිණිකදු ආශ්‍රිත චිමිණි වල ඇතිවාක් මෙන් අගහරු මතද සිටීමට ඉඩ ඇති බවට විශ්වාස කරයි.

අගහරු වටා කක්ෂගතව සිටින එකදු යානයකින් වත් ඔලිම්පස් මොන්ස් ක්‍රියාකාරී ගිණිකන්දක් බව වාර්තා කර නැත. මෙලෙස පැත්තකට බරවූ ප්‍රදේශය වසර මිලියන 115 සිට සර මිලියන 2 දක්වා පැරණිය. මේවා සාමාන්‍ය ගිණිකදු ලක්ෂණ බව පවසන විද්‍යාඥයින් පවසන්නේ මේ අනුව අභ්‍යන්තරයේ සුලු වශයෙන්හෝ ක්‍රියාකාරීත්වයක් තිබිය හැකි බවය
.
අගහරු මත ජීවය?
4431817.jpg

දිගු කලක පටන් අගහරුගේ වායුගෝලය තුල මීතේන් ප්‍රමාණය ඉහල මට්ටමක පවතින අතර මින් කිව හැක්කේ අගහරු සජීවී බවයි. නාසා හි ගොඩාර්ඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මහාචාර්ය ජෙරනිමෝ වෙලනුඒවා මහතා පවසන අන්දමට දැනට මෙම මීතේන් වල පැතිරීම ගනනය කිරීට සහ සිතියම්ගත කිරීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.
කෙසේ නමුත් මෙලෙස මීතේන්පැතිරී ඇත්තේ අගහරු ජීව විද්‍යාත්මකව හෝ භූ විද්‍යාත්මකව හෝ සක්‍රීය නිසාදැයි තවමත් කිව නොහැක.

අගහරුමත මීතේන් මුලින්ම සොයාගනු ලැබුවේ 1999දී ය. නැවත 2001දී සහ 2003දී සොයාගත් අතර එහි මූලය පිළිබදව ‍සොයාගත්තේ නැත. කණ්ඩායම විසින් වසර ගණනක් කල පරීක්ෂණ වලින් අගහරුගේ වායුගෝලයේ මීතේන් වායුව සොයාගෙන ඇත. මේ සදහා හවායි හි ඇති නාසා හි ‍අධෝරක්ත කිරණ දුරේක්ෂය සහ කෙක් දුරේක්ෂය යොදාගෙන ඇත. සියලුම ගණනය කිරීම් කර ඇත්තේ අගහරුගේ වර්ණාවලිය නිරීක්ෂණය කිරීමෙනි.
4431824.jpg

අගහරු මත ඇති ජලය ගිණිකදු ආසන්නයේදී රත්වූ පාෂාණ සමග ප්‍රතික්‍රියා කිරීමෙන් මීතේන් නිෂ්පාදනය වනවා විය හැක. එසේත් නැතිනම් අගහරුගේ පෘෂ්ඨයට යටින් සිටින යම් කිසි ජීව විශේෂයක් නිසා විය හැකිය.

මීතේන් අධික ලෙස නිකුත්වන ප්‍රදේශ තුනක් මේ වන විට හදුනා ගෙන ඇත. මෙම විශාල වායු කලාප අගහරුගේ ඇරැබ් ටෙරා, නිලි ෆොසී සහ සයිට්‍රිස් මේජර් යන ප්‍රදේශවල දක්නට ඇත. සයිට්‍රිස් මේජර් යනු විශාල ගිනිකන්දකි.

තව දුරටත් අදහස් දක්වන පරීක්ෂක පිරිස පවසන්නේ මීතේන් ප්‍රතිශතය උෂ්ණ අධික කාල වලදී ඉහල යන බවය. මේ පිලිබද වැඩිදුර පරීක්ෂණ අගහරු යානා මගින් පෙරල එවූ දත්ත විශ්ලේෂණය මගින්, දැනට අගහරුහි ඇති යානා වින් දත්ත ලබා ගනිමින් සහ අනාගතයෙදී අගහරු වෙත යවන යානා මගින් ලබාගැනීමට පරීක්ෂණ කණ්ඩායම අපේක්ෂා කරයි.
 
Last edited:

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
ඉහල වායුගෝලයෙන් හමුවූ අමුතු බැක්ටීරියා
4431836.jpg

ඉන්දියාවේ ISRO ආයතනය මගින් කරන ලද බැලුන් පරීක්ෂණයකදී ලබාගත් පරීක්ෂණ නියැදියකින් නව බැක්ටීරියා වර්ග තුනක් හදුනාගැනීමට හැකිවී ඇත.
නියැදියෙන් හමුවූ බැකිටීරියා වර්ග 12න් සහ පුස්වර්ග 6න් නමයකම ජාන පෘථිවි ජීවී ජාන වලට සමානකම් දැක්වූ නමුත් තුනක් පමණක් කිසිසේත්ම සමාන නොවීය. මෙම බැක්ටීරියා විශේෂ තුනම අධික ලෙස පාරජම්බුල කිරණ වලට ප්‍රතිරෝධී වීමද කැපී පෙනෙයි.

හයිද්‍රාබාද් හි National Balloon Facility ගුවන්ගත කරන ලද කි.ග්‍රෑ. 459ක් බරැති පරීක්ෂණ උපකරණ රැගත් බැලුමක් විසින් මෙම සොයාගැනීම කර ඇත. මෙම උපකරණය තුල නිරොධනය කරන ලද, සාම්පල් නල දහසයක් ඇති අතර කි.මී. 20 සිට 41 දක්වා උස ප්‍රමාණ වලදී සාම්පල එකතු කරනු ලබයි. සාම්පල එකතුකරගැනීමෙන් පසුව පැරෂුට් ආධාරයෙන් උපකරණය පොලොවට ගොඩබසී. ඉන්පසුව ලබාගත් සාම්පල හයිද්‍රාබාද් හි සෛලික සහ අනුක ජීව විද්‍යාව පිළිබද මධ්‍යස්ථානයේදී පරීක්ෂාවට ලක්කරන ලදී.

අළුතින් සොයාගත් ජීවී විශේෂ වලින් එකක් Janibacter hoylei (ෆ්‍රෙඩ් හොයිල් ගේ නාමයෙන්), දෙවැන්න Bacillus isronensis (ISRO නාමයෙන්) සහ තෙවැන්න Bacillus aryabhata (ඉන්දීය පුරාණ තරකාවිද්‍යාඥ සහ ඉන්දියාවේ ප්‍රථම චන්ද්‍රිකාවේ නාමයෙන්) ලෙසද නම් කරන ලදී.

මෙම බැක්ටීරියා පෘථිවියේ මෙවන් ස්ථානයකින් හමුවීම විශමයජනයකය. නව බැකිටීරියා විශේෂ තුන පිටසක්වලින් පැමිණියාද යන්න පිළිබදව ගැටළුවක් පවතින නමුත් විද්‍යඥයින පවසන්නේ ගිණිකදු පිපිරීමකින් වායුගෝලයට මුදාහැරෙන්නට ඇති බවයි.

තවත් නව ග්‍රහලෝකයක්
4431850.jpg

1998දී පමණ හබල් දුරේක්ෂයෙන් ගන්නා ලද ඡායාරූප නැවත විශ්ලේෂණය කිරීමෙන් නව ග්‍රහලෝකයක් සොයාගැනීමට කැනඩාවේ ‍ටොරොන්ටෝ සරසවියේ පර්යේෂක කණ්ඩායමක් සමත්වී ඇත. හබල්හි ඇති Near Infrared Camera and Multi-Object Spectrometer (NICMOS).නම්වන කැමරාවෙන් ලබාගන්නා ඡායාරූප නැවත අධ්‍යයනය කිරීමෙන් මෙම සොයාගැනීම සිදුකර ඇත. මෙම සොයාගැනීමෙන් පැහැදිලිවන්නේ හබල්ගේ දත්ත ගබඩාවක් ලෙස තබාගැනීමේ වටිනාකම සහ නව ග්‍රහලෝක සොයාගැනීමට යොදාගන්නා නව ක්‍රමයයි.

නව ග්‍රහලෝකය බ්‍රහස්පතිමෙන් හත්ගුණයක පමණ ඝනත්වයකින් යුක්තය. මෙය මුලින්ම සොයාගන්නා ලද්දේ 2007 සහ 2008 කාලයන්හිදී කෙක් සහ ‍ජෙමිනි දුරේක්ෂ භාවිතයෙනි. ආ.ව. 130ක් පමණ දුරින් ඇති HR 8799 තරුව වටා භ්‍රමණය වන බවට සොයාගත් තෙවන තරුව මෙයයි.

සාමාන්‍යයෙන් තරුවකට ඉතා ආසන්නයෙන් ඇති ග්‍රහලෝක දැකගැනිමට අපහසුවන්නේ තරුවෙන් නිපදවෙන අධික ආලෝකය නිසාවෙනි. නමුත් නව ක්‍රමය මගින් එම ආලෝකය ඡායාරූපයෙන් ඉවත් කරනු ලබයි.

නව ග්‍රහලෝකයෙහි තරමක් දුරට වළාකුළු දක්නට ඇති අතර වර්ණාවලිය නිරීක්ෂණය කිරීමෙදී ග්‍රහලෝකයෙහි ජලය තිබිය හැකි බවට සැකයක් පවතී.

එන්සෙලඩස් චන්ද්‍රයාගේ ජෙට්
4431865.jpg

කැසිනි යානය විසින් මෑතකදී ලබාගන්නා ලද මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ සෙනසුරුගේ චන්ද්‍රයෙකු වන එන්සෙලඩස් ය.

මෙම ඡායාරූපයේ ඇති විශේෂතාව වන්නේ චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ප්‍රදේශයෙන් විහිදෙන ජෙට් ය. මෙම ජෙට් හතරට හේතුව ලෙස පවසන්නේ එන්සෙලඩස්ගේ දකුණු ධ්‍රැවයේ ඇති විශාල පැලීම් හතරයි. ඒවායින් නිකුත් වන ජලවාශ්ප චන්ද්‍ර පෘෂ්ඨයේ සිට කි.මී. ගණනාවක් පිටතට විහිදෙයි.

තරුවක ස්කන්ධය සෙවීමට නව ක්‍රමයක්
4431879.jpg

තරුවක ස්කන්ධය සෙවීමේ ක්‍රම අතරට අළුත් ක්‍රමයක් එක් කිරීමට හාවඩ් ස්මිත් සෝනියන් ආයතනයේ තාරකාවිද්‍යාඥ ඩේවිඩ් කිපිං (David Kipping) සමත් වී ඇත.

මෙම ක්‍රමයේදී ඈත ඇති තරුවක් සතුව ග්‍රහලෝකයක් සහ එම ග්‍රහලෝකය සතුව චන්ද්‍රයෙක්ද සිටිය යුතු ය. එසේම එම වස්තු දෙකම තරුව ඉදිරියෙන් ගමන් කල යුතු ය. මෙසේ ඉදිරියෙන් ගමන් කරන විට තරුවේ සහ චන්ද්‍රයාගේ ප්‍රමාණයක් ගණනය කිරීමෙන් තරුව පිළිබඳ අවබෝධ කර ගත හැකි බව ඩේවිඩ් පවසයි.

තරු ඉදිරියෙන් ග්‍රහලෝක ගමන්ගන්නා අවස්ථා 90ක් පමණ මේ වන විට සොයාගෙන ඇති අතර ‍එසේ තරුව ඉදිරියෙන් ග්‍රහලෝකය ගමන් ගන්නා විට ග්‍රහණයට හසුවන ආලෝක ප්‍රමාණය අනුව ග්‍රහලොවේ ප්‍රමාණය සහ තරුවේ ප්‍රමාණය අතර සම්බන්ධයක් ගොඩනැගිය හැකි ය. එහෙත් තරුවේ ප්‍රමාණය සහ ස්කන්ධය පිළිබඳව තොරතුරු දැනගැනීමට නම් පර්ඝනක ආකෘති උදව් කර ගත යුතු ය.

එහෙත් ඩේවිඩ්ගේ නවතම ක්‍රමයට අනුව වස්තු තුනේම ප්‍රමාණය සහ ස්කන්ධය පිළිබඳව ගණනය කළ හැකි ය. මුලින්ම සිදු කරන්නේ චන්ද්‍රයාගේ පරිභ්‍රමන කාලය සහ ග්‍රහයාගේ පරිභ්‍රමන කාලය මැනීමයි. ඉන්පසුව කෙප්ලර්ගේ නියමයන් උපයෝගී කර ගනිමින් තරුවේ ඝනත්වය මැණිය හැකි ය. අවසාන වශයෙන් ග්‍රහලෝකයේ ගුරුත්වය අනුව තරුවේ පිහිටීම (wobble) වෙනස්වීම ගණනය කිරීම සිදු වේ. මෙම දත්ත එකිනෙක ගැලපීමෙන් තරුවේ ස්කන්ධය නිවැරදිවම ගණනය කළ හැකි ය.

ග්‍රහලෝකය සතුව චන්ද්‍රයෙක් නොමැති නම් මෙම ක්‍රියාවලිය කළ නොහැක. මේ වන විට චන්‍ද්‍රයන් සතු ග්‍රහලෝක සොයාගෙන නැතත් කෙප්ලර් යානය විසින් ඉදිරි කාලයේදී එවැනි ග්‍රහලෝක සොයාගනු ඇත. එසේ සොයාගත් විට මෙම ක්‍රමය යොදාගත හැකි බව ඩේවිඩ් පවසයි.