අදටත් ගැලපෙන බණ පද

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
අදටත් ගැලපෙන බණ පද

කාශ්‍යප මහරහතන් වහන්සේ විසින්

ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස දැන් භික්ෂූහු දුවර්වහ. දුවවබැව් කරණ දහමින් සමන්විතහ. නොඉවසන්නෝය. අනුශාසනාව නුහුරට ගන්නෝය.වහන්ස යම් කිසිවෙක් කුසල් දහම්හි සැදැහැ නැද්ද, කුසල් දහම්හි හිරි නැද්ද, කුසල් දහම්හි ඔතප් නැද්ද, කුසල් දහම්හි වැර නැද්ද, කුසල් දහම්හි නුවණ නැද්ද, ඔහුට යම් රැයක් හෝ දවාලක් හෝ පැමිණේ නම් කුසල් දහම්හි පිරිහීමම කැමති විය යුතු. වැඩීම කැමති විය නොහේ.

වහන්ස, සැදැහැ නැති පුරුෂ පුද්ගලයා යනු මෙය පිරිහිමෙකි. වහන්ස, හිරි නැති පුද්ගලයා යනු මෙය පිරිහීමෙකි. වහන්ස, ඔතප් නැති පුරුෂපුද්ගලයා යන මෙය පිරිහීමෙකි. වහන්ස කුසීත පුරුෂපුද්ගලයා යනු මෙය පිරිහීමෙකි. වහන්ස දුෂ්ප්‍රාඥ පුරුෂපුද්ගලයා යන මෙය පිරිහීමෙකි. වහන්ස කිපෙනසුලු පුරුෂ පුද්ගලයා යන මෙය පිරිහීමෙකි. වහන්ස බද්ධවෛර ඇති පුරුෂපුද්ගලයා යන මෙය පිරිහීමෙකි. වහන්ස අවවාද කරන භික්ෂුහු නැත්තාහ යන මෙය පිරිහීමෙකි.
දෙවන ඔවාද පූත්‍රය සං.නි.2-290

සාමාන්‍ය බෞද්ධ ඉගැන්වීම් වලට අනුව භික්ෂුව කියන වචනයේ අරුත වන්නේ සංසාරේ බිය දන්නා, දක්නා තැනැත්තා කියන එක. ඉතින් එදා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවන්ට තමන් වටා ඉන්න භික්ෂූන් ගැන කියාපු දේවල් අද අපිට අදාල නොවෙනවා කියලා කාට කියන්න පුළුවන්ද?
 
Last edited:
  • Like
Reactions: ela_eluwa120

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අනිවා...අදටත් ගැලපෙනවා...අද පාර්ලිමේන්තුවේ වුනත් බහුලව ඉන්නෙ ඔය හිරි-ඔතප් නැති, බද්ධ වෛර ඇති අය...:yes:
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, තියුණුය, රළුය, අනුත්තරවූ අර්හත් අවබෝධය පිණිස අන්තරාය කාරය. මහණෙනි, යම් සේ බිළී වැද්දෙක් ඇමින් යුත් බිළිය ගැඹුරු දිය විලෙක බහන්නේද, ඇමෙහි ලූ ඇස් ඇති එක්තරා මත්ස්‍යයෙක් එය ගිලින්නේය. මහණෙනි මෙසේ ඒ මත්ස්‍යයා බිළිය ගිලගත්තේ දුකට පැමිණියේ වැනසුමට පැමිණියේ බිළීවැදි විසින් කැමති සේ කටයුත්තෙක් වන්නේය. මහණෙනි, බිළී වැද්දා යනු පවිටු මරුට නමකි. මහණෙනි බිළිය යනු ලාභසත්කාර කීර්තිප්‍රශංසාවනට මේ නමකි.

මහණෙනි, යම් කිසි මහණෙක් උපන් ලාභසත්කාරකීර්තිප්‍රශංසා ආශ්වාද කෙරේද, කැමති වේද, මහණෙනි, මේ මහණ තෙමේ ගිලගත් බිළි ඇත්තේ දුකට පැමිණියේ වැනසුමට පැමිණියේ පවිටු මරු විසින් කැමති සේ කටයුත්තෙක් යයි කියනු ලැබේ. මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණුය, තියුණුය, රළුය, අනුත්තරවූ අර්හත් අවබෝධය පිණිස අන්තරාය කාරය. මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු. උපන් ලාභසත්කාරකීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු. උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා අපගේ සිත ක්ෂය කොට නොම සිටින්නේය යි. මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යතුමැයි.

බළිය සූත්‍රය සං.නි.5.1.2

ලාභ සත්කාර ගැන බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මේ විදියට. ඒත් අද අපි ලාභ සත්කාර හොයාගෙන කොයි තරම් නම් දුර ගමනක්ද යන්නේ? අපි අපි ගැනම හිතලා බලන්න ඕනා. අපි නිවන් දකින්න නම් හිතන්නේ මේ දේවල් වලින් ඈත් වෙන්න ඕනා. ඒත් අපේ අවාසනාවට අපිට මග පෙන්වන්න ඉන්න අපේ කල්‍යාණ මිත්‍රයෝ වියයුතු අයත් අද හොයන්නේ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවම තමයි. ඒ අය ලඟට යන අපිටත් වෙන්නේ අඩුවක් නැතිව ඒ දේවල් හොයන්නම තමයි. කෙනෙක් තමන්ටම කියලා අයෙක් අසපු රට පුරා හදාගෙන හදාගෙන යනවා. කවත් කෙනෙක් ආශ්‍රම පිහිටවනවා. තවත් අය බුදුවෙලා. තවත් අය පාරමිතා පෙරහැරේ යනවා. තවත් සමහරු මාතෘ දිව්‍ය රාජයාට වන්දනා කරනවා. තවත් අය මෛත්‍රී බෝධි සත්වයන්ට වැඳ වැඳ පෙරහැරේ යනවා.තවත් අය නිවන් දැකලා මන් නිවන් දැක්කා කියලා පාරම් බානවා. තවත් අය සෝවාන් වෙන්න පාඨමාලා පවත්වනවා සල්ලි අරන්. ‍තවත් අය ලංකාවේ බුදුහාමුදුරුවෝ ඉපදුනා කියලා පොත් පත් ලියලා තමන්ගේ මතය වපුරන්න උත්සාහ කරනවා. ඒ හැම දේම අඩු නැතිව අපේ ඇත්තෝ තමන්ගේ කරගෙන ඉන්ටර්නෙට් එකෙයි, පොත් වලිනුයි ප්‍රචාරය කරනවා. බුද්ධ ධර්මයත් එක් එක් අයගේ දේපල කරගෙන. එකී මෙකී නොකී හැම දුරාචාරයක්ම කරලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ලාභසත්කාර කීර්තිප්‍රශංසාම තමයි. හැබැයි බුදුහාමුරුවෝ දේශනා කරන්නේ ඒවා අතහරින්න කියලායි. අනේ මන්දා බුදුහාමුදුරුවන්ට වැරදුනාද නැත්නම් අපිට වැරදුනාද කියලා.