ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > History
Reload this Page බෙන්තොට ගලපාත පුරාණ රජ මහා විහාරය
 
 
Thread Tools Display Modes
Prev Previous Post   Next Post Next
(#1)
Old
netlife007's Avatar
netlife007 netlife007 is offline
Senior Member
netlife007 is a glorious beacon of lightnetlife007 is a glorious beacon of lightnetlife007 is a glorious beacon of lightnetlife007 is a glorious beacon of lightnetlife007 is a glorious beacon of lightnetlife007 is a glorious beacon of lightnetlife007 is a glorious beacon of lightnetlife007 is a glorious beacon of lightnetlife007 is a glorious beacon of lightnetlife007 is a glorious beacon of lightnetlife007 is a glorious beacon of light
 
Posts: 3,876
Join Date: Feb 2008
බෙන්තොට ගලපාත පුරාණ රජ මහා විහාරය - 11-12-2010, 05:13 AM

බෙන්තොට ගලපාත පුරාණ රජ මහා විහාරය
සටහන හා ඡායාරූප
බර්ටි ලයනල්උඩුගම්පොළ

ශ්‍රී ලංකාද්වීපය එක්සේසත් කළ දුටුගැමුණු මහා රාජයාණන්ගේ සොහොයුරු සද්ධාතිස්ස නරේන්ද්‍රයන් විසින් කරවන ලද්දක් යැයි ජනමතයේ සඳහන් වන ගලපාත රජමහා විහාරය වූ කලි, දකුණු පළාතේ, පිහිටා ඇති, දිගු ඉතිහාසයක් ඇති සුප්‍රසිද්ධ පින්බිමකි.
ආරම්භයේ දී මහරහතන් වහන්සේ පවා වැඩ සිටි බව කියන මෙම ශුද්ධ භූමිය, පෙර රජ පැමිනි දෙවනපෑතිස්, නිශ්ශංකමල්ල, මහා පරාක්‍රමබාහු, දෙවන පරාක්‍රමබාහු, වීරවික්‍රම, හයවන පරාක්‍රමබාහු, කීර්ති ශ්‍රී රාජසිංහ ආදී රජවරුන් විසින්ද මහේන්ද්‍රාධිකාරී ප්‍රතිරාජදේව මහාමාන්‍යවරුන් විසින් ද පුදන ලදුව මූලායතන පදවි ලාභයෙන් පෝෂිත වූ බැවින් ‘සේලාන්තරමූලය’, ‘සෙලාන්තරායතන්’, ‘ගලතුරු මූලය’ යන නම්වලින් මෙම ස්ථානය හඳුන්වා ඇති බව මහා වංශාදී ග්‍රන්ථයන්හි හා ශිලා ලේඛනවල සඳහන් වී ඇත. පාලි චූල වංශයේ භීමතිත්ථ යනුවෙන් හඳුන්වා ඇත්තේ ද, මෙම විහාරය යි.
සර්වඥයන් වහන්සේගේ මහා පාංශුකූල චීවරය දැරූ කෙළෙස් ධ්‍රතාංගධාරී භික්‍ෂූන් අතරින් අගතැන් පත්, බුදුරදුන්ගේ තෘතීය මහා ශ්‍රාවකයන් වහන්සේ ලෙසින් පිදුම් ලද මහා කාශ්‍යප මහරතන් වහන්සේගේ එක් දළදාවක් මෙම ස්ථානයේ වැඩම සිටින බව සඳහන් වීම මෙහි පූජනීය බව රඳා පැවතීමට විශේෂ කාරණයක් වෙයි.
1568 වන විට පර සතුරු උවදුරු වලින් විනාශ වී, ශතවර්ෂ කිහිපයක් මේ විහාරස්ථානය වනගතව පැවතියේ ය.
එහෙත් ධාතූන් වහන්සේ සහිත මෙහි ස්තූපය, විවෘත, උස් වූ ස්ථානයක පැවතිය ද නිරුපද්‍රිතව පැවතීම ආශ්චර්යයක් බව සැමඟේ පිළිගැනීමයි.
ඒ අතර ලක් බුදු සසුන නැවත ඇති කර වදාළ අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ ශිෂ්‍ය දේද්දුව ශ්‍රී ධම්මානන්දාභිධාන මාහිමියන් වහන්සේ මෙහි වැඩමවා බෙම්තොට, ඉඳුරුව, පහළගම් හය යන පළාත් වාසීන්ගේ හා අවට පළාත් වාසීන්ගේ ආධාරෝපකාර ඇතිව විහාරස්ථානය යළි දියුණුවට පත් කළහ.
එදා සිට ශේෂව පවතින පුරා වස්තුවක් ලෙස ආරක්‍ෂිතව පවතින, ලියකම් සිලින් අලංකෘත වූ ශෛලමය උළුවස්ස දැකුම්කළු නිර්මාණයකි. එලෙසින්ම විශේෂ කළුගල් වර්ගයකින් නිර්මාණය කර ඇති ජල පෙරහන ද අගනා පුරා වස්තුවකි.
ආනන්ද ප්‍රතිමාලය සහ පුරාණ විහාරයන්හි ඇති මහනුවර කලා ලක්‍ෂණ විදහා පාන සියුම් සිවුරු රැළි සහිත වූ බුද්ධ ප්‍රතිමා ද මෙහි විශේෂ නිර්මාණය. මහා බ්‍රහ්ම, ශක්‍ර දේව, සුමන, කඳකුමරු, ශිව යන දේව ප්‍රතිමා ඇතුළු බිතු සිතුවම් රාශියක් විනාශ වෙමින් පවතිනු දක්නට ලැබීම, ශෝකාකූල ය. විහාර මන්දිරය තුළ ඇති සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කරන ලද වර්ණාලේපිත ස්තූපය ද විශේෂත්වයකි.
ගලපාත විහාර භූමියේ පසෙක රහස් උමං මාර්ගයක ශේෂයන් දැකගත හැකි ය.
මෙම රහස් මාර්ගය ගලපාත විහාරය අවට ඇති වනවාස විහාරය, බෙන් විහාරය, බෝධිමළු විහාරය සහ උඩකොටුව යන ස්ථාන හා බැඳී පවතින්නට ඇත යනුවෙන් ද මතයක් පවතී. මෙවැනි පෞරාණික වස්තු හා විහාරස්ථාන ආරක්‍ෂා කිරීම ඒ පිළිබඳ වගකිව යුතු අයගේ යුතුකමය.
පෙර රජ දරුවන් විසින් නිර්මාණය කරන ලද, සියපතින් සුසැඳි ජල තඩාගය, අතීත විහාර වාසීන්ගේ ජල අවශ්‍යතා ඉටු කළ තැනක් බව විශ්වාස කළ හැකි ය.
විහාරස්ථානයට නුදුරින් ඇති වාසලවත්ත නමින් හැඳිවෙන ප්‍රදේශ අතීතයේ රජදරුවන් පූජෝපහාර පැවැත්වීමට පැමිණ රැඳී සිටි තාවකාලික වාසලක් තැනූ ස්ථානයක් බවද කියැවෙයි. මෙම විහාරස්ථානයේ විහාරාධිපති සීගිරියේ අනෝම සහ විහාරාධිකාරී බෙම්තොට අස්සජී හිමිවරුන් ද ගෞරවාභිමානයෙන් යුතුව මෙහිදී සිහිපත් කරමු.










බුදු සරණ අන්තරජාල කලාපයේ පළ වූ ලිපියකි








Reply With Quote
 

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.08349 seconds with 9 queries