~ අවුල් පාර්ලිමේන්තුව ~

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
~ අවුල් පාර්ලිමේන්තුව ~

අවුල් පාර්ලිමේන්තුව...


owl_king.jpg



කුඤ්චනාද කරනවා කියන්නේ අලියා කෑගහනවා කියන එකට. ඒ වුණාට අශ්වයෙක් කෑගහන එකට කුඤ්චනාද කරනවා කියල කියන්නෙ නෑ. අශ්වයා කෑ ගහන එකට කියන්නෙ හේෂාරවය කරනවා කියල. බවුවොනම් බුරනවා, කුකුල්ලු නම් කෙකර ගානවා, නයාල පිඹිනවා. ගෙම්බලා බක බක ගානවා.


මේ හැම වචනෙකකම අදහස ශබ්ද කරනවා කියන එක වුණාට ශබ්ද කරන්නෙ මොන සතාද කියන එක අනුව යොදා ගන්න වචනෙ වෙනස් වෙනවා. සිංහල භාෂාවෙ විතරක් නෙවෙයි ඉංග්‍රීසි භාෂාවෙත් මේ වගේ වචන තියෙනවා.

විවිධ වර්ග වල සත්තු කණ්ඩායම් හඳුන්වන්න පාවිච්චි කරන ඉංග්‍රීසි වචන ගොඩාරියයි. කූඹි රංචුවක්නම් an army of Ants , මාලු රංචුවක්නම් a school of fish , පූසො සෙට් එකක්නම් a clan of cats, කුරුල්ලෝනම් flock, මුවෝ, හරක් , බැටලුවෝ වගේ අයට herd. හාවොනම් warren එහෙම නැත්තන් nest. නයාලට pit. කිඹුලලට bask. මේ වගේ වචන ගොඩාරියයි (වැඩි විස්තර ).

කොහොම හරි සත්තු අතරින් කණ්ඩායමක් සඳහා වන උත්තරීතරම වචනෙ අයිතිය හම්බ වෙලා තියෙන්නෙ බකමූණලට. බකමූණල රංචුවකට කියන්නෙ A Parliament of Owls කියලා.


මේ තියෙන්නෙ අවුල් පාර්ලිමේන්තුවක්
.
.
.
.
.
.
.
.
.
.
.
.

OWLS.JPG



ඒ කියන්නෙ අවුල් ව්‍යවස්ථාදායකය
එතකොට අර උඩින්ම තියෙන පින්තූරෙ

තනියම ඉන්න බකමූණා කවුද ?
ඒ තමයි අවුල් විධායකය !!!

..............


 

chanakam2000

Member
Oct 12, 2008
91
0
0
මම අදයි දැක්කෙ මගේ ලිපිය එළකිරි එකෙත් ගිහින් කියලා. ස්තූතියි මගේ ලිපිය එළකිරි එකත් එක්ක බෙදා හදා ගත්තට. :lol: