ආදරය විඳීමක් විතරමයි.
මේ දවස්වල එලකිරි එකේ ආදරය ගැන ගොඩක් ට්‍රෙඩ් යන හින්දා මටත් හිතුනා පොඩ්ඩක් ආදරය ගැන කතා කරන්න.
මම මේ කතා කරන්නෙ ආදරයට වඩා ආදරය නැතිවුනාම දැනෙන දුක ගැන.මේක අපේ නංගිල මල්ලිලට ගොඩක් වැදගත් වේවි කියලා මට හිතෙනවා.
අපේ හිතට මුලින්ම ආදරය දැනෙන්න පටන් ගත්තු දවසෙ ඉදලම ඒක හරිම සුන්දර අත්දැකීමක්.
තව කෙනෙක් ගැන අපේ හිතට ආදරයක් ඇතිවුනු දවසෙ ඉඳන් අපි එයාට ආදරය කරනවා.සමහර වෙලාවට තව කෙනෙක්ව දැකපු ගමන්ම අපිට එයා ගැන ආදරය හිතෙනවා.හරියට සංසාර ගත පුරුද්දක් වගේ.
ඒත් සමහරවෙලාවට අපිට අපේ හිතේ තියෙන ආදරය ඒ අයට කියන්න වෙන්නෙ නෑ.කොහොම හරි ඒක කියා ගත්තත් සමහර වෙලාවට එයා ඒකට කැමති නෑ.
නැත්නම් එයා වෙන කෙනෙකුට අයිති වෙලා ඉවරයි.
ඉතින් එහෙම වුනාම අපි කොච්චර ආදරය කරත් එයාව අපිට ලං කර ගන්න බැරි වෙනවා.
ඒ වෙලාවට අපිට දැනෙන්නෙ මොන තරම් දුකක්ද........
ඒ වගේමයි කොහොම හරි පටන් ගෙන දෙන්නට දෙන්න ආදරය කරන්න ගත්තට පස්සේ.එතකොට අපි එයාට පණටත් වැඩිය ආදරය කරනවා.අපි හිතන්නෙ එයත් එහෙමයි කියලා.ඒ හින්ද අපේ ජීවිතයටත් වැඩිය අපි එයාට ආදරය කරනවා.
ඔහොම ආදරය කරන කෙනා එක පාරටම අපිව දාල ගියොත්, අපිට ආදරය කරන අතරෙම වෙන කෙනෙකුටත් ආදරයකරල තිබුනොත්, නැත්නම් මොන තරම් ආදරය කරත් කිසියම් හේතුවක් හින්දා දෙන්නට වෙන් වෙන්න වුනොත්........
මේ අවස්ථාවන් හැම එකකදිම පිට කොච්චර නම් දුකක් දැනෙනවද.හැමදෙයක්ම එපා වෙනවා,ඇයි අපිට මෙහෙම වෙන්නෙ කියලා හිතෙනවා,සමහර වෙලාවට ජීවිතය පවා නැති කර ගන්න හිතෙනවා.
ඒ අත්දැකීම ඒ තරම්ම අමාරු එකක්.
ආදරය නැතිවුනාම දැනෙන දුක ඒක සිංහල භාෂාවේ විවිධ විදිහට හඳුන්වනවා.විරහව.විප්‍රයෝගය,විප්‍රලම්භය ඔය වගේ නම් ගොඩක් තියෙනවා.මේ හැම දෙයකින්ම හඳුන්වන්නේ ඒ දැනෙන දුක.
ඒත් ඔයගොල්ලන්ට පොඩ්ඩක්වත් හිතිල තියෙනවද.ඒ දැනෙන දුක සුන්දර විඳීමක් මිසක් කාලකණ්ණි විඳවීමක් නෙමෙයි කියලා.
බලන්න මේ ලෝකෙ වැඩිම ප්‍රමාණයක් කවි,සින්දු,කතන්දර ලියවිලා තියෙන්නෙ ආදරය ගැන නෙමෙයි විරහව ගැන.
ඒ විරහව විඳින්න මිනිස්සු එච්චරටම ආස හින්දා...
ඒ දුක ගැඹුරටම දැනෙන කෙනෙකුට නම් මේක දැක්කම මාත් එක්ක තරහත් යයි.
ඒත් ඇත්ත ඒකම තමයි.
එහෙම දුකක් ඇති වුනාම ඒ දුක විඳින්න.හොඳටම අඬන්න,සිංදු අහන්න,කවි කියවන්න,කවිලියන්න,ඒ ගැන තමන්ට විශ්වාසවන්ත ලඟම අයත් එක්ක කියන්න,ගොඩක් අය එහෙම වුනාම එලකිරි එකත් එක්ක ඒ දුක බෙදා ගන්නවා ඒක හරිම හොද දෙයක්.
කොල්ලො නම් මෙහෙම වුනාම බොන්නත් පටන් ගන්නවා.බොන එක හොද වැඩක් නෙමෙයි.ඒත් එතකොට හිතේ තියෙන දේවල් අනිත් අයට කියන්න පුළුවන්.මම කියන්නෙ බේබද්දෙක් වෙන්න කියල නෙමෙයි.
මේ හැමදෙයක් කරන අතරෙම ඒ ආදරයට වෛර කරන්න නම් එපා.කවදාවත් ඒ අයගෙන් පලිගන්න හිතන්න එපා.අපිට නැතිවුනත් ඒ ආදරයට හැමදාම ආදරය කරන්න.
හැබැයි ඔය හැම දෙයක්ම කරම අතරෙ තමන් කල යුතු කිසිම දෙයක් අතපසු කර ගන්න එපා.
ඉගෙන ගන්න කාලෙනම් ඒ කටයුතු පොඩ්ඩක්වත් අතපසු කර ගන්න එපා.රස්සාවක් කරනව නම් ඒකෙ වැඩත් පොඩ්ඩක්වත් අතපසු කරන්න එපා.පුන්චි සිදුවීමක් හින්දා තමන්ගෙ අනාගතය චුට්ටක්වත් විනාශ කර ගන්න එපා.ජීවිතයට ඒක දැනෙන්න දෙන්න එපා.කොටින්ම අපිට නැතිවුනේ ඒ ආදරය විතරක්ම කර ගන්න.වෙන කිසිම දෙයක් නැති කර ගන්න එපා.
ඔය ගෙවන්න අමාරුම කාල සීමාව බොහොම පොඩියි.ඊට පස්සෙ අපිට ඒ දුක දැනෙන එක අඩු වෙනවා.ඒක ටික ටික අතීතයට එකතු වෙනවා.ඊට පස්සෙ ඒක අතීතයේ සුන්දර මතකයක්.
මතක් කරල රස විඳිය හැකි සිහිනයක්.
ඒත් එහෙම වෙන්නෙ අපි අපේ අනාගතය ඒ හින්ද පොඩ්ඩක්වත් විනාශ කර නොගත්තොත් විතරමයි.
එහෙම නොවුනොතින් නම් අපිට වෙන්නෙ හැමදාම විඳවන්න.
ආදරය වගේම විරහවත් සුන්දරයි.හැබැයි ඒ ඒක හරියට විඳගත්තොත් විතරයි.