මනෝමා

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ඔන්න මගෙන් අලුත් වැඩක්. :) මේක කතාවක්. අද ආරම්භය. පස්සේ කාර්යයබහුල ජිවිතේ අතරතුර ලැබෙන පුංචි ඉඩ කඩ වල මේක අලුත් කරනවා. කතාව පටන් අරන් දිගටම ගෙනියන්න හැමෝම සප් එක දෙන්න. :D මැදට පැනල මෝඩ ජෝක් දාන්න නම් එපා :baffled:

මෙහි එන සියලු චරිත, ස්ථාන ආදී සෑම දෙයක්ම මනක්කල්පිත බව කාරුණිකව සලකන්න. :dull:

මේක ලවු කතාවක්. :love: කතාව පටන් ගන්නේ වසර 40 කට පමණ පෙර. ඔන්න එහෙනම් ඉස්සෙල්ලම අද හැදින්වීම :D
56d7ef197b.jpg


මනෝමා තමයි එයාලගේ ගෙදරම බාලම කෙලි පොඩ්ඩ. එයාට අයියල දෙන්නෙකුයි අක්කල දෙනෙකුයි ඉන්නවා. අක්කලා දෙන්නා ලස්සනට හැඩ වැඩ දාල ඉන්න කාලේ. සරලව කියනවනම් කොල්ලෝ විසේ ගහපු කාලේ. එක්කෙනෙක්ට 17 යි අනිත් කෙනාට 18 යි. මනෝමා නංගිත් දැන් හොදට මෝරන් එන වයසේ අවුරුදු 15 විතර. මනෝමා ඉස්කෝලේ යන කාලේ ඉදල හරිම හැඩයි ඒවගේම කටත් සැරයි. තාම ඉස්කෝලේ 10 පන්තියේ. මනෝමා යන්නේ කොළඹ ලොකු පිරිමි පාසලක් පිටිපස්සේ තියන කාන්තා පාසලකට. මනෝමගේ අක්කලත් ගියේ මේකට. මනොමාගේ අයියල දෙන්නා තමා පවුලේ වැඩිමහල්ම. අයියල දෙන්නත් හොද අයියල තමා. වැඩිපුරම කරන්නේ පාරේ රස්තියාදු ගහන එක. ගෙදර නංගිලට පෙරන්න බැරි කමට මෙයාල ටියුෂන් පන්ති ලග කරක් ගහන එක කරන්නේ.
මනොමගේ තාත්තා කරේ ව්‍යාපාර වැඩ. ව්‍යාපාර වැඩ කිව්වට කරන්නේ දෙමටගොඩ පොලේ බුලත් විට, සුරුට්ටු විකුණන එක. අමාරිස් අයියා කිව්වොත් හැමෝම දන්නවා මිනිහව. අමාරිස්ගේ බිරිද වෙලා ඉන්නේ ලංසි ගැණු කෙනෙක් නමින් ලීසා කියල. වත්තේ ඉන්න ලස්සනම ගෑණි කියල තමා හැමෝම කියන්නේ. ලීසා කියන්නේ සුද්දෝන්ගේ කාලේ ඒජන්ත කෙනෙක්ගේ ගෙදර වැඩට රට ඉදන් ගෙනාපු ගැණු කෙනෙක්. අමාරිස් දවසක් එජන්ත උන්නැහැගේ ගෙදරට සුරුට්ටු වගයක් දෙන්න ගිය වෙලාවක තමා ලිසාව දාගෙන තියෙන්නේ. දැන් ඔයාලට පොඩි ගැටළුවක් ඇති මනොමාගේ තාත්තා, කොහොමද ළමයි 5 දෙනකුයි ලංසි ගෑනියකුත් බුලත් විට විකුණලා නඩත්තු කරන්නේ කියල. බුලත් විට සුරුට්ටු කිව්වට මෙයා යටින් කරේ ගංජා, කුඩු වගේ ඒවා විකුණන එක. එක නිසා මනොමාගේ පවුලේ අයට සල්ලි වලින්නම් අඩුවක් නැහැ. පුංචි පුංචි හැල හැප්පීම් තිබුනත් කෙල්ලෝ තුන් දෙනාටයි කොල්ලෝ දෙන්නටයි මනොමගේ තාත්තා හොදට කන්න බොන්න අදින්න දුන්නා. මනෝමාගේ ගෙදර විස්තර ඇති කියල හිතනවා. ඊලග දවසේ කතාවේ පලවෙනි කොටසින් හමු වෙමු.
:D
 
  • Like
Reactions: cspmaxx

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පුදුමයි උබට මේවගෙ හැකියාවක් තියෙන එක ගැන:shocked:
කතාව නම් එල වගෙ :D
ජයවේවා
11.gif
 

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මෙක මෙ සරත් ෆොන්සෙකට ගහන මඩක් නොවුනොත් පුදුමයි
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    දුවිලි පිරුන කොළඹ පාරක් දිගේ අක්කල දෙන්නයි නංගියි හරිම අපුරුවට පාසල් යනවා. හැබැයි මේ අක්කලා දෙන්නටයි නන්ගිටයිනම් පාරවල් වල ඉන්න කොල්ලෝ කුරුට්ටන්ගෙන් අනවශ්‍ය කරදර වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. පළාතේම නම ගිය අයියලා දෙන්නගේ ආරක්ෂාව හැම විටම ලැබුනා. අයියලා දෙන්නට නම් යාලු මිත්‍රයින්ගෙන් කිසිම අඩුවක් තිබ්බේ නැහැ. කොලු භාෂාවෙන්ම කියනවනම් නංගිලා තුන් දෙනාට ආරක්ෂා සහිතව ටෝක් කරන්න ඕන අය ඉස්සෙල්ලම සෙට් කර ගන්නේ අයියල දෙන්නව. මොකද එතකොට ආරක්ෂාව සහිතව වැඩේ කර ගෙන යන්න පුළුවන්. වටේම තියන පිරිමි පාසල් වල ඉන්න කොල්ලොත් හැඩට වැඩට යන එන කෙල්ලෝ අත හරින්නේ නැහැ.
    ඔන්න ඔය අතරේ උණුසුම් නවම් මසේ හැම පාසලකම වගේ ක්‍රීඩා උත්සව වලින් උණුසුම් වෙලා. මනෝමත් දුවන්න පනින්න හරිම දක්ෂයි. මනෝමගේ පාසලේ ක්‍රීඩා පිටියක් නම් නැහැ. හැමෝම ගැහැණු ළමයි ටික ඉස්කෝලෙන් අරන් එන්නේ ඉස්කෝලෙට ටිකක් ලගින් තියන වයිට් පාක් එකට.


    ඊළගට මොකද වෙන්නේ කියල ඊලග අප්ඩෙට් එකෙන් බලමු
     
    • Like
    Reactions: uajanath

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මාව දිරිමත් කරන හැමෝටම ස්තුතියි :)

    මෙක මෙ සරත් ෆොන්සෙකට ගහන මඩක් නොවුනොත් පුදුමයි

    මේවගේ ලස්සන වැඩකට මඩ දේශපාලනය ගාව ගන්න එපා මචන්
     
    • Like
    Reactions: khewagee

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනේ යකෝ ... උඹට ඕකට මනෝම නැතුව ඉරන්ති වගේ එකක් දාගන්න තිබුන්නැද්ද :lol:

    yes machaN ගොනා හැරෙන්නෙ පොල් පැලේට වගෙ

    NATHTHAN UDE PANDARA MOO WATINA WEDAK KARAI
    KOHEN HARI ITHIN මැක්කගෙ කථාව වගේ නවතියි මැක්කගෙන්
     

    sandun2

    Well-known member
  • Jan 11, 2009
    900
    308
    63
    **SRI LANKA**
    අඩේ , ඌ උඩින්ම දාල තිබුනනෙ මෝඩ ජෝක්ස් දාන්න එපා කියලා . ඔය බලු දේශපාලනේ ගාවගන්න එපා බන්ස් .... :growl:

    ** කථාව දිගටම කරගෙන යමන් මචන් . . ගුඩ් වර්ක් . . .chEEErzzzzzzzzzzz !!!!!!