2012 Loke Winasai-ලාංකිකයෙකුගෙන්-අනාවැකි! (Okkolama balanne)

dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
2012 Loke Winasai-ලාංකිකයෙකුගෙන්-අනාවැකි! (Okkolama balanne)

Source: www.gossip9.com (ලිපියේ සම්පුර්ණ අයිතිය Gossip9.com සතුවේ)


ලෝක විනාශය ගැන ලාංකිකයෙකුගෙන් අනාවැකි!



ඉතා ඇත අතීතයේ විසු තාරකා විද්‍යාඥයන් දෙදෙනෙක් මනසින් තමා හා සම්බන්ධ වෙන බව පවසමින් අනාවැකි පලකරන පුද්ගලයෙක් පිලිබඳ ලිපියක් ලංකාදීප සඳැල්ල පුවත්පතේ පල වී තිබෙනවා.

1969 සිට අනාවැකි පලකරන මොහු පලකල බොහෝමයක් අනාවැකි සත්‍ය වී වී ඇති අතර ඔහුගේ අනන්‍යතාව රහසක් ව ඇත්තේ ප්‍රසිද්ධියට ඔහු අකමැති නිසාවෙනි.

ජපානයට සිදු වූ ව්‍යවසනය ගැනත් ඔහු අනාවැකි පල කර තිබෙනවා.
ඒ මෙසේයි

"විෂ ගබඩා කර ඇති භාජන විනාශ වෙයි.විශාල වශයෙන් තණ බිම් ඇති ප්‍රදේශ වල ඇති කරන ගවයන්ගෙන් ගන්න මස් හා කිරි ආහාරයට ගැනීමෙන් රෝගබාධ ඇතිවේ.

විෂ ලෝකය පුරා පැතිරෙයි.උදේට ගෙයින් පිටව යන අය වැසි වලට නොතෙමිය යුතුය. මේ ආකාරයේ යුරෝපයේ සුදු ජාතිකයන්ගේ රටකද මහා පිපිරීමක් ඇතිවේ.එයින් අග්නි ජාලා පැතිරේ.විශාල ප්‍රදේශයක් අළු බවට පත්වෙයි".

මේ ඉදිරියේදී සිදුවන ලෝක විනාශය පිලිබඳ ඔහුගේම වචනවලින් පලකල අනාවැකියයි.

1969 වසරේ සිට මගේ අධිමානසික බලයෙන් ඇතැම් අවස්ථාවල අපගේ දේශයට සිදුවන විපත් ආදිය පිළිබඳව අනාවැකි මගේ දිනපොතේ සඳහන් කරගත්තෙමි.අදාළ සියලු අනාවැකි සටහන් කර තිබු දිනපොත් සුරැකිව මා ළඟ තිබේ.එහි සටහන් කර තිබු විපත් ආදී සියල්ලම එලෙස සිදුවිණි.නමුත් නැවකි කිසිවක් ජනමාධ්‍ය වලට නිකුත් නොකර මගේ හිතවතුන්ට පමණක් හෙළිකර නිහඬ වුයේ කිසිදු ප්‍රසිද්ධියක් අපේක්ෂා නොකර බැවිනි.

කෙසේ වුවද මේ හා ය කර ඇති ලිපියේ ඇති නවතම අනාවැකිය අපගේ දේශයට මතුනොව මුළුමහත් ලෝකයටම දැඩි හානි සිදුවන්නක් බැවින් හූදු දයානුකම්පාව නිසාම මෙසේ දැන්වීමට අපේක්ෂා කලෙමි.

2011 පෙබරවාරි 6 වනදා මධ්‍යම රාත්‍රී 3.00 ත් 4.00 ත් කාලයේදී මට මේ පුවත් ලබාදෙන අදිසි බලති ආත්මය මගේ සිරුරුගතවී නිවසින් පිටතට පැමිණ අහස්කුස දෙස නෙත් යමු කර මේ හා සම්බන්ධ කර ඇති දල සටහන මා අත පත් කෙරිණි.එහි සේයා පිටපතක් මෙහි යා කොට අත.එහි මුල්පිටපත මා ළඟ සුරැකිව තැබිණි.මා සාමාන්‍ය පුද්ගලයෙකු බැවින් මෙහි ලා කිසිදු අවබෝධයක් නැත.

එබැවින් මෙම සටහනින් ඔහු පෑ අදහස කුමක්දයි වෙසෙසින් අභ්‍යවකාශයේ තාරකා විද්‍යාව පිලිබඳ හසල දැනුම ඇති අයෙක්ගෙන් විමසන්නේ නම් මැනවි.ඒ අදිසි පුද්ගලයා මා හා කතා කරන්නේ විදෙස් බසකින් වුවත් ඔහු අදහස් කරන දෙය මට පැහැදිලිව අවබෝධ වේ.

නුදුරු අනාගතයේදී මුළු ලෝකයටම විශාල හානියක් සිදු වේ.එයින් ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් මිය යයි.විශාල දේපල හානියක් සිදුවේ. මහ පොලවේ තැනින් තැන මුහුදු බත් වේ.සමහර රටවල් කැබලි වලට කැඩී යන අතර ඇතැම් කොටස් සොයාගැනීමට පවා නොහැකි වේ.මෙය හේතුව හිරුගෙන් කොටසක් කැඩී හිරු මඩලෙන් පිටට පැන වෙන් වී තවත් ග්‍රහලෝකයක ගැටී එයින් කොටසක් සමග පෘතුවිය කරා ඇදී ඒමයි.එම කැබලි පෘථිවියට ලංවන විට තව තවත් කැබලි වලට කැඩී පෘථිවිය මත පතිත වේ.

විශාල කොටසක් පතිත වන්නේ අරාබි කරයේ කාන්තරයකටය. තාප බලපෑම් නිසා එසේ සිදුවේ.තවත් කොටසක් පතිත වන්නේ ඉන්දියාව සතු බිමකටය.ඇමරිකාව ඇතුළු යුරෝපයේ රටවල් කිහිපයකටම මෙම කැබලි පතිත වේ.හිම මිදෙන ප්‍රදේශයකට වැටෙන කැබලි නිසා හිම කඳු දිය වී විශාල රල පහරවල් අඩි 20,30 උසට රටවල් තුලට කා වදී.ඔස්ට්‍රේලියාවට වැටෙන කැබලි හෙයින් විශාල රල පහරවල බලපෑමෙන් එරටට විශාල හානියක් සිදු වේ.මේ උල්කාපාත වැටීමෙන් ජනිතවන කම්පනයෙන් ශරීර අවයව පුපුරා මිනිසුන් හා ජීවීහු කෝටි ගණනක් මියදෙති.

මෙම කොටස් පොලව මත පතිතවීමෙන් ඇතිවන තාපයෙන් හා දුවිලි වලාවන් අහසේ ගැටීම නිසා ඇතිවන හුමාලය නිසා ඇතිවන පටලයෙන් දින කිහිපයක් පොළොවට හිරු එලිය නොලැබී අන්ධකාර වෙයි.සියලුම ගස්වල පත්‍ර හැලි යයි.සියලුම මිනිසුන් හා ජීවින් ටික කාලයක් යන තුරු අන්දමන්ද වී සිටිති.මෙම කැබලි පොලවට වැටීමට සිදුවන හානිය මෙන් සමාන හානියක් තැන්පත් කර ඇති යුධ යුධ හා බෝම්බ වල කැබලි වැදීමෙන් පුපුරා යාමෙන් සිදු වේ.තෙල් ලිං ගිනි ගනී.

මේ කාලය ළඟ වන විට ලෝකයම අඳුරු ස්වභාවයක් ගනී .පරිසරයේ වෙනසක් ඇති වේ.මුහුදු ජීවීහු වෙරලාසන්නයට රැස් වෙති.මාස ගණනක් යනතුරු සුනඛයෝ උඩු බුරලීමට පටන් ගනී.ගවයෝ තපුල් ලෑමට පටන් ගනී.සෙසු සතුන්ද ශබ්ද නගා කෑ ගැසීමට පටන් ගනී.උරගයින් පොලොව මතු පිටට පැමිණ ඉබාගාතේ ඇවිදින්නට පටන් ගනී.මිනිසාද ඔවුන් අනුගමනය කිරීම වටී.සඳු ගිනිබෝලයක් මෙන් දිස් වේ.

මේ විපර්යාසය සිදුවන් කාලය නියත වශයෙන් කීමට අපහසු වන්නේ කැබලි වලට බිඳී පොලොව කා ඒමේදී වේග බාධකයන්ගේ හැපීම් ගැටීම තුලින් කැබලි පාවී විසිර ගොසින් බර අඩු වීමක් සිදු වන නිසාය.

මේ සිදුවීම ඉතාමත් නුදුරු අනාගතයේදී සිදු වීමට නියමිතය.මෙය ලෝක විනාශයක් නොවේ.ලොව වැනසෙන්නේ නැත.ලෝක භුමියේ කොටසක් හා සත්වයින් කොටසක් පමණක් මෙයින් විනාශ වේ.

ක්‍රි.ව 1011 දී මොන්ගෝලියාවේ විසු තාරකා ගණිත විද්‍යාඥයකු ලෙසින් මා අමතන කෘසේ දින 366 නොකඩවා අහස දෙස බලා ආකාශ වස්තු නිරීක්ෂණය කොට ප්‍රකාශ කල සිදුවීමත්,ඩීන් මොනාකෝ නමින් මා අමතන්නා විසින් යම් යම් උපකරණ භාවිතයෙන් විශ්වය ගවේෂණය කොට ප්‍රකාශ කරන දෙයත් එකම දෙයකි.

නමුත් මේ පිළිබඳව කෘසේ ගේ කාලයත් ඩීන් මොනකොගේ කාලයත් අතර මාස 10 දින 3 ක පරතරයක් ඇත.මොවුන් දෙදෙනාම වරින්වර මට සන්නිවේදනය කරන අතර ඔවුන්ගෙන් ඩීන් මොනාකෝ නම් තැනැත්තා ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන අතර කෘසේ හෝ කුසේ හෝ ඒ සමාන නමක් ඇති පුද්ගලයා කියන භාෂාව කිසිවෙකුටත් නොතේරේ.එහෙත් ඔහු කියනා දෙය තේරුම් යයි. මොවුන් දෙදෙනාම මේ සිදුවීම පිලිබඳ මට වරින්වර පවසයි.

මේ හා සම්බන්ධ කර ඇති දල සටහන
worlds-end.jpg
අවසාන වශයෙන් ඔහු සඳහන් කර ඇත්තේ මෙවැනි අනතුරු වලින් බේරිය හැක්කේ පින් කරන අයට පමණක් බවත් සිංහල රට මේ අනතුරෙන් බේරෙන බව ඔහු අතින් අදහස් කියන්නන්ගෙන් වරින් වර කියවී ඇති බවත්ය.
 
Last edited:

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
සිංහල රටේ ඉපදුනු එක ගැන මට හරි සතුටුයි. මචන් උබේ අවසරේ තියෙනවනම් මේකේ කොපියක් මම තියගන්නම්. මේගැ තව විස්තර තියෙන වනම් කියන්න.:(
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඩයිනෝසරයන් වඳ වෙච්ච කතාව වගේමයි නේ.කතාව? :rolleyes: