"මලානික_නිල්_තිත"
1990 වසරේදී වොයේජර් යානයට මේ ඡායාරූපය ලබාගත හැකි වූයේ කාල් සේගන් ගේ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස ය. සැතපුම් බිලියන 3.7ක් එපිට විශ්වයට අප වාසය කරන ග්‍රහයා පෙනෙන්නේ මෙලෙසයි. දැනට වඩාත්ම දුරින් සිට ලබාගන ඇති පෘථිවියේ ඡායාරූපය මෙයයි.
පුදුමයට පත් වුණා ද? කෝ පෘථිවියක් මේකෙ? බොරු නෙමෙයි මේ ඇත්තයි!
ඡායාරූපයේ දකුණු පසට වෙන්න තියන රතු පලස දිගේ පහලට නෙත් යොමු කරන්න.
ඡායාරූපයේ මැද කොටසෙන් මදක් පහලට යන විට රතු පලස මත මලානික නිල් පැහැ තිතක් ඇති!
ඔව් ඒ කුඩා තිත තමයි!... ඉහලින් දක්වා ඇති ඡායාරූපය විශාලනය කළොත් මේ විදියට ඒ
කුඩා තිත පෙනේවි...
මේ දර්ශන පථයේ සිට බැලූ විට ඒ ග්‍රහයා බුද්ධිමත් ජීවයකට රැකවරණය දෙන බව දැනගත හැකි ක්‍රමයක් නොවේ. එය තවත් එක් ලක්ෂ්‍යයක් පමණයි. එයද මලානික නිල් පැහැ ලක්ෂ්‍යයක්. විශ්වයට අප කොයි තරම් නොවැදගත් සහ අල්ප දැයි මෙයින් දැක ගත හැකියි.
කාල් සේගන් ගේ බිරිඳ යෝජනා කළ පරිදි සිත් ඇදගන්නා සුළු පරීක්ෂණයක් මේ ඡායාරූපය මත කළ හැකියි. අපගේ ආගමික විශ්වාසයන් කෙතරම් විහිළුසහගත ලෙස බාහිරයෙකුට පෙනේවි දැයි එය හෙලි කරයි.
නැවත වරක් ඒ මලානික නිල් පැහැ තිත දෙස බලන්න... හොඳ දීර්ඝ බැල්මක්... ඒ තිත දෙස හැකි තරම් වෙලාවක් බලා සිට මෙසේ සිතීමට උත්සාහ කරන්න... "දෙවියන් වහන්සේ මුලු විශ්වයම නිර්මාණය කර ඇත්තේ මිලියන 10කින් හෝ එවැනි ගණනක් වූ ජීවී කොටස් වලින් එක් පිරිසක් පමණක් වූ ඒ දුහුවිලි අංශුවේ වසන ජීවය වෙනුවෙන් පමණයි"
දැන් තව පියවරක් ඉදිරියට තබමු. සෑම දෙයම නිර්මාණය කර ඇත්තේ ඒ ජීවයෙනුත් එක් ප්‍රභේදයකට, එක් ලිංගයකට, එක් ජාතියකට හෝ එක් ආගමක් අදහන පිරිසකට පමණක් යැයි සිතීමට උත්සාහ කරන්න. එය ඉතා නොගැලපෙන, නුසුදුසු කියමනක් යැයි ඔබට නොහැඟෙන්නේ නම් මෙසේ කිරීමට උත්සාහ කරන්න. ඡායාරූපයේ ඇති වෙනත් තිතක් දෙස බලන්න. ඒ ග්‍රහයා වෙනත් බුද්ධිමත් ජීවයකට රැකවරණය දෙන බව සිතන්න. ඔවුනුත් විශ්වය මැවූ දෙවි කෙනෙක් ගැන අදහන බව සිතන්න. ඔවුන් මෙලෙස තම අයිතිය කියා පෑම ඔබ කොතරම් දුරකට බරපතල, වැදගත් කරුණක් ලෙස ගනු ඇත්ද?
තම "මලානික නිල් තිත" (Pale Blue Dot : Carl Sagan) නම් කෘතියෙහි කාල් සේගන් මෙසේ සඳහන් කරයි:
බැහැර විශ්වයේ ජීවියෙක් "විශ්වය නිර්මාණය කර ඇත්තේ අප වෙනුවෙන්..! අප තමයි එහි කේන්ද්‍රයේ ඉන්නේ..! අනෙක් සියල්ල අපට පූජා සත්කාර කරනවා..!" යැයි කෑ ගසන අප වර්ගයා දෙස බලා නිගමනය කරනු ඇත්තේ අප මේ කියාපාන දෙය විනෝදජනක බවයි, අපගේ අභිලාෂයන් අනුකම්පා උපදවන සුළු බවයි, එසේම, මේ නම් අමන මෝඩයන්ගේ ග්‍රහලොව බවයි.
ඔහුගේ මේ ප්‍රකාෂයට එකඟ නොවී සිටීම දුෂ්කර ය. මේ අන්වීක්ෂ දුහුවිලි තිතේ ආගම් අතර ඇති වී තිබෙන අසහනය ඉතා නිරර්ථක ය. ජනයාට තම දෑස් විවර කර විශ්වයේ තම සැබෑ තරාතිරම දැකගත හැකි නම් ලෝකය මීට වඩා බෙහෙවින් සාමකාමී, සෞභාග්‍යමත් ස්ථානයක් වනු ඇත.
තවත් කියවිය යුතුම ලිපියක්...
http://www.elakiri.com/forum/showthread.php?p=9713081

Attachments
Last edited: