[FONT="]අනිච්ච ලක්ඛණ නැත්නම් අනිත්‍යතාවයේ සලකුණු තමයි විපරිණාම සහ අඤතභාවයේ විෂය පථය. විපරිණාම කියන්නේ ස්වභාවය රැඩිකල් විදියට වෙනස් වෙන එක. ඒ කියන්නේ වර්තමාන තත්වයේ ඉඳලා වර්තමාන තත්වයේ නොවන ආකාරයට වෙනස් වෙන එක. අඤතභාව කියන්නේ ස්වභාවයේ සිදුවන වෙනස් වීම. මේ දේවල් දකින්න පුළුවන් වෙන්නේ සිහියෙන්, විවෘතව තියෙන මනසකට විතරයි.
අපි බොහෝම පරීක්ෂාකාරීව පහන් දැල්ලක ක්‍රියාකාරීත්වය මනසින් දකිද්දී අපිට පුළුවන් වෙනවා ඒ දැල්ලේ තියෙන අත් නොහැරෙන අංග පහත් දකින්න. ඒ කියන්නේ ඇති වීම, වැඩීම, පැවැත්වීම,අඩු වීම සහ නිවීම කියන ඒවා. අපි දකිනවා දැල්ල කියන්නේ මොහොතක ඇති වීමක් විතරයි කියන එක. මේ තමයි රූප සංකලනයේ ආරම්භය. ඒත් ඒ ගින්න නෙමෙයි. අපි දකිනවා ඇති වුනාට පස්සේ දැල්ල නොනැවත්වී වර්ධනය වෙන්න පටන් ගන්නවා. මේ තමයි රූප සංකලනයේ වර්ධනය. ඒත් ගින්න නොවෙයි. අපි දකිනවා දැල්ල ඒකේ ස්වභාවිකව පවත්නා තත්වයේදී නොනැවත්වී පත්තු වෙනවා. මේත් ගින්න නොවුනත් රූප සංකලනයේ නොනැවැත්වීමයි. අපි දකිනවා දැල්ල නිවීගෙන යනවා. මේත් ගින්න නෙමෙයි නමුත් රූප සංකලනයේ අවසන් වීගෙන යාමයි. ඉන්පස්සේ අපි දකිනවා දැල්ල නිවෙනවා. මේ තමයි රූප සංකලනයේ අවසානය නමුත් ගින්න නෙමෙයි. මේ දැල්ල තුලින් ඇති වෙන රශ්නයයි ගින්න වෙන්නේ. දැල්ල පවතින්නේ පෙර කියපු අංග පහ තියෙද්දීයි. මේ නිසා මේ අංග පහ අපිට පුළුවන් දැල්ලේ ස්වභාවයෙන්ම සිදුවෙන වෙනස්වීම් (අඤතභාව) කියලා හඳුන්වන්න. එසේම අනිත්‍යතාවය ලෙසත්. මේ අංග පහ ගැන අවධානය යොමු කරාම තේරෙනවා දැල්ල කියන්නේ අනිත්‍ය දෙයක් කියලා. ඒ විදියටම අපි තේරුම් ගන්න ඕනා සෙලවෙන සෑම දෙයක්ම අනිත්‍යයි කියලාත්.
[/FONT] [FONT="]මයික්‍රෝස්කෝප් එකකින් පුළුවන් යම් කිසි දෙයක තියෙන පියවි ඇහැට පේන්නේ නැති ක්ෂුද්‍ර පරමාණු දකින්න. මේවා එහාට මෙහාට ගමන් කරනවා. මේ ස්වභාවය දිහා බලන් ඉඳිය සමහර බටහිර මිනිස්සු ඔය [/FONT]Leibnitz, Fechner [FONT="]වගේ අය කියන්නේ, විශ්වාස කරන්නේ මේ රූප සංකලනය පණ තියෙන සත්තු කියලා. නමුත් ඒවාට ඇත්තටම පණ නෑ. ඒ සිද්ධ වෙන්නේ භෞතික වෙනස්වීම් (සෘතු) හේතුවෙන් නැවත නැවත සිදුවන රූප සංකලනයක්. මේ නැවත ඇති වීමෙන් මෙතනදි අදහස් කරන්නේ ආචාය රූපයි. [/FONT]
[FONT="]අපිට ගලා යන වතුර පාරක් දිහාවෙ නැත්නම් කේතලයක ඇති වතුර උණු වෙලා නටද්දි එහෙම දකින්න පුළුවන් වතුරේ සෙලවෙන ස්වභාවය. මේ තමයි සෘතු හේතුවෙන් සිදු වන රූප සංකලනයේ නැවත නැවත ඇතිවීම්. මේ විදියට වතුරේ සිදු වෙන චලනයන් වතුර ගලා නොයන සහ නිසලව තියෙන විටදීත් මයික්රෝස්කොප් එකක් ආධාරයෙන් දකින්න පුළුවන්. මේ විදියට එක් රූප සංකලනයක් ඇති වෙමින් තවත් සංකලනයක් නැති වෙලා යන එක හඳුන්වන්නේ අනිච්ච රූප කියලා. මේකත් වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. මේ විදියට අළුත් රූප සංකලනයක් ඇති වෙමින් පරණ රූප සංකලනය නැති වෙන එක සිදු වෙන විටදී සන්තති රූප හඳුනගන්න පුළුවන්. මේ විදියට අධික වේගවත් ලෙසට අළුත් රූප ඇතිවීමේදී අපචාය රූප දකින්න පුළුවන්. පරණ රූප නැති වීම වේගෙන් සිදු වෙද්දි ජරාත රූප දකින්න පුළුවන්.
මේ ඉස්සෙල්ල දක්වපු අංග පහ හැම දෙයකම වගේ තියෙනවා. ඉතින් අපි මයික්‍රෝස්කෝප් එකකින් යම් දෙයක් දෙස බැලුවම ඒක පණ ඇති සතෙක් චලනය වෙනවා වගේ දැක්කට එතනදි සිදු වෙන්නේ භෞතික වෙනස් වීම් වලින් සිදු වෙන රූපයේ අළුත් ඇති වීම් විතරයි. [/FONT]
[FONT="]
අපේ සිරුර ගත්තම කෙස් ගසේ ඉඳන් අනිකුත් හැම අංගයකමත් මේ අංග පහ දකින්න පුළුවන්. මේ දිහා මයික්‍රෝස්කෝප් එකක් පාවිච්චි කරමින් බැලුවමත් අර චලනය වෙන ස්වභාවය දකින්න පුළුවන්. මේ තමයි කර්මය, මනස, කෑම සහ භෞතික වෙනස් වීම් හේතුවෙන් ඇති වෙන රූප සංකලනයේ නැවත නැවත ඇති වීම. ඉතින් අපි මසැසින් බැලුවොත් සිරුර හැදිලා තියෙන හැම දෙයකම ඇති අනිත්‍ය බව පැහැදිලිව දකින්න පුළුවන්. [/FONT]
[FONT="]
මේ කියපු හැම දේම රූපයේ අනිත්‍යතාවය විදියට දක්වන්න පුළුවන්. [/FONT]

ගිරිමානන්ද සූත්‍රයේ විතරයි අනිච්ඡ සංඥාව ගැනතියෙන්නේ (මා හට හමුවුනේ එපමණයි). අනෙක් තැන්වල තියෙන්නේ අනිච්ච කියන එකට අනිත්‍ය කියලා සිංහල අර්ත දීලා විතරයි. සමහර තැන්වල අනිසි කියලා තියෙනවා. 
