අනිච්ච ලක්ඛණ

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

[FONT=&quot]අනිච්ච ලක්ඛණ නැත්නම් අනිත්‍යතාවයේ සලකුණු තමයි විපරිණාම සහ අඤතභාවයේ විෂය පථය. විපරිණාම කියන්නේ ස්වභාවය රැඩිකල් විදියට වෙනස් වෙන එක. ඒ කියන්නේ වර්තමාන තත්වයේ ඉඳලා වර්තමාන තත්වයේ නොවන ආකාරයට වෙනස් වෙන එක. අඤතභාව කියන්නේ ස්වභාවයේ සිදුවන වෙනස් වීම. මේ දේවල් දකින්න පුළුවන් වෙන්නේ සිහියෙන්, විවෘතව තියෙන මනසකට විතරයි.

අපි බොහෝම පරීක්ෂාකාරීව පහන් දැල්ලක ක්‍රියාකාරීත්වය මනසින් දකිද්දී අපිට පුළුවන් වෙනවා ඒ දැල්ලේ තියෙන අත් නොහැරෙන අංග පහත් දකින්න. ඒ කියන්නේ ඇති වීම, වැඩීම, පැවැත්වීම,අඩු වීම සහ නිවීම කියන ඒවා. අපි දකිනවා දැල්ල කියන්නේ මොහොතක ඇති වීමක් විතරයි කියන එක. මේ තමයි රූප සංකලනයේ ආරම්භය. ඒත් ඒ ගින්න නෙමෙයි. අපි දකිනවා ඇති වුනාට පස්සේ දැල්ල නොනැවත්වී වර්ධනය වෙන්න පටන් ගන්නවා. මේ තමයි රූප සංකලනයේ වර්ධනය. ඒත් ගින්න නොවෙයි. අපි දකිනවා දැල්ල ඒකේ ස්වභාවිකව පවත්නා තත්වයේදී නොනැවත්වී පත්තු වෙනවා. මේත් ගින්න නොවුනත් රූප සංකලනයේ නො‍නැවැත්වීමයි. අපි දකිනවා දැල්ල නිවීගෙන යනවා. මේත් ගින්න නෙමෙයි නමුත් රූප සංකලනයේ අවසන් වීගෙන යාමයි. ඉන්පස්සේ අපි දකිනවා දැල්ල නිවෙනවා. මේ තමයි රූප සංකලනයේ අවසානය නමුත් ගින්න නෙමෙයි. මේ දැල්ල තුලින් ඇති වෙන රශ්නයයි ගින්න වෙන්නේ. දැල්ල පවතින්නේ පෙර කියපු අංග පහ තියෙද්දීයි. මේ නිසා මේ අංග පහ අපිට පුළුවන් දැල්ලේ ස්වභාවයෙන්ම සිදුවෙන වෙනස්වීම් (අඤතභාව) කියලා හඳුන්වන්න. එ‍සේම අනිත්‍යතාවය ලෙසත්. මේ අංග පහ ගැන අවධානය යොමු කරාම තේරෙනවා දැල්ල කියන්නේ අනිත්‍ය දෙයක් කියලා. ඒ විදියටම අපි තේරුම් ගන්න ඕනා ‍සෙලවෙන සෑම දෙයක්ම අනිත්‍යයි කියලාත්.

[/FONT]
[FONT=&quot]මයික්‍රෝස්කෝප් එකකින් පුළුවන් යම් කිසි දෙයක තියෙන පියවි ඇහැට පේන්නේ නැති ක්ෂුද්‍ර පරමාණු දකින්න. මේවා එහාට මෙහාට ගමන් කරනවා. මේ ස්වභාවය දිහා බලන් ඉඳිය සමහර බටහිර මිනිස්සු ඔය [/FONT]Leibnitz, Fechner [FONT=&quot]වගේ අය කියන්නේ, විශ්වාස කරන්නේ මේ රූප සංකලනය පණ තියෙන සත්තු කියලා. නමුත් ඒවාට ඇත්තටම පණ නෑ. ඒ සිද්ධ වෙන්නේ භෞතික වෙනස්වීම් (සෘතු) හේතුවෙන් නැවත නැවත සිදුවන රූප සංකලනයක්. මේ නැවත ඇති වීමෙන් මෙතනදි අදහස් කරන්නේ ආචාය රූපයි. [/FONT]

[FONT=&quot]අපිට ගලා යන වතුර පාරක් දිහාවෙ නැත්නම් කේතලයක ඇති වතුර උණු වෙලා නටද්දි එහෙම දකින්න පුළුවන් වතුරේ සෙලවෙන ස්වභාවය. මේ තමයි සෘතු හේතුවෙන් සිදු වන රූප සංකලනයේ නැවත නැවත ඇතිවීම්. මේ විදියට වතුරේ සිදු වෙන චලනයන් වතුර ගලා නොයන සහ නිසලව තියෙන විටදීත් මයික්‍රෝස්කොප් එකක් ආධාරයෙන් දකින්න පුළුවන්. මේ විදියට එක් රූප සංකලනයක් ඇති වෙමින් තවත් සංකලනයක් නැති වෙලා යන එක හඳුන්වන්නේ අනිච්ච රූප කියලා. මේකත් වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. මේ විදියට අළුත් රූප සංකලනයක් ඇති වෙමින් පරණ රූප සංකලනය නැති වෙන එක සිදු වෙන විටදී සන්තති රූප හඳුනගන්න පුළුවන්. මේ විදියට අධික වේගවත් ලෙසට අළුත් රූප ඇතිවීමේදී අපචාය රූප දකින්න පුළුවන්. පරණ රූප නැති වීම වේගෙන් සිදු වෙද්දි ජරාත රූප දකින්න පුළුවන්.

මේ ඉස්සෙල්ල දක්වපු අංග පහ හැම දෙයකම වගේ තියෙනවා. ඉතින් අපි ම‍යික්‍රෝස්කෝප් එකකින් යම් දෙයක් දෙස බැලුවම ඒක පණ ඇති ‍සතෙක් චලනය වෙනවා වගේ දැක්කට එතනදි සිදු වෙන්නේ භෞතික වෙනස් වීම් වලින් සිදු වෙන රූපයේ අළුත් ඇති වීම් විතරයි. [/FONT]

[FONT=&quot]
අපේ සිරුර ගත්තම කෙස් ගසේ ඉඳන් අනිකුත් හැම අංගයකමත් මේ අංග පහ දකින්න පුළුවන්. මේ දිහා මයික්‍රෝස්කෝප් එකක් පාවිච්චි කරමින් බැලුවමත් අර චලනය වෙන ස්වභාවය දකින්න පුළුවන්. මේ තමයි කර්මය, මනස, කෑම සහ භෞතික වෙනස් වීම් හේතුවෙන් ඇති වෙන රූප සංකලනයේ නැවත නැවත ඇති වීම. ඉතින් අපි මසැසින් බැලුවොත් ‍සිරුර හැදිලා තියෙන හැම දෙයකම ඇති අනිත්‍ය බව පැහැදිලිව දකින්න පුළුවන්. ‍[/FONT]

[FONT=&quot]
මේ කියපු හැම දේම රූපයේ අනිත්‍යතාවය විදියට දක්වන්න පුළුවන්. [/FONT]

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
50
Kottawa

මේක ඔයාගේ අදහසක්ද ? නැතිනම් පොත් පත් කියවලා අරගත්ත අදහසක් ලියපු එකක්ද ?
 
hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
මේක ඔයාගේ අදහසක්ද ? නැතිනම් පොත් පත් කියවලා අරගත්ත අදහසක් ලියපු එකක්ද ?

ඇත්තටම මේ මන් ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්ත දේවල්. වැරදි ඇති. ඒවාට සමාවෙන්න. ඒ වගේම තියෙන වැරදි පෙන්වලා දෙන්න. ඒක මට කරන ලොකු උදව්වක් යාළුවා
 
UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
50
Kottawa
ඇත්තටම මේ මන් ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්ත දේවල්. වැරදි ඇති. ඒවාට සමාවෙන්න. ඒ වගේම තියෙන වැරදි පෙන්වලා දෙන්න. ඒක මට කරන ලොකු උදව්වක් යාළුවා

ධර්මය වගේ දේවල් කියන කොට පරිස්සම් වියයුතුයි. හරියටම දන්නේ නැතිනම් දාන්න එපා ලොකු විනාශයක් වෙන්න පුළුවන්. ;)

අනිච්ඡ සංඥාව හොඳටම විස්තර කරපු තැනක් ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා. මෙහෙමයි විස්තර කරලා තියෙන්නේ

අන්ච්ඡ කියන වචනයෙන් එන අදහස කියලා තියෙනව... "කතමාචානන්ද සබබ සංකාරන්තු අනිච්ච සංඥා" - ආනාන්ද සියළු සංකාර වල අනිච්ච සංඥාව කුමක ද කියලා අහල "ඉඳං භික්ඛු ආනනද සබ්බ සංකාරන්තු අනිච්ච සංඥා අට්ටියති ... හරායති... ජිගුච්ඡති" ... ඒ කිව්වේ අනිච්ඡ සංඥාව කියනන්නේ ... හරියට අට්ඨියති - ඇට ගොඩ වගේ ... කොච්චර කෑවත් බඩපිරෙන්නේ නැහැ ... බල්ලෙක් ඇටගොඩක් කනවා වගේ උගේ ලේ රහට කනවා මිසක් උගේ බඩ පිරෙන්නේ නැහැ... හරායති - කෙසෙල් කඳක් අරගෙන පලාගෙන පලාගෙන ගියත් කිසි හරයක් හම්බුවෙන්නේ නැහැ වගේ .... ජිගුච්ඡති - මල මූත්‍ර වලට ඇති කැමත්ත වගේ... කියලා...

කොටිම විස්තර කරලා තියෙන්නේ අනිසි දේවල් හැටියට මිසක් ස්තීර නැහැ කියලා නෙමෙයි... (ස්තීර නැති ස්වභාවය ඇත්ත ඒ හින්දම නෙමෙයි දුක හටගන්නේ)

වෙලාක් ලැබුනොත් හෝ කැමත්තක් තියෙනවා නම http://www.hiddendhamma.net/ එකේ මුල්පිටුවේ ධර්ම දේශනා තුන පිළිවලට අහන්න.
 
බොහෝම ස්තුතියි. ඔයාගේ දැනුවත් කමේ ප්‍රමාණයෙන් ඔයා අනිත්‍යතාවය ගැන දන්න දේවල් වලින් නිගමනයකට ඇවිත් තියෙනවා. සතුටු වෙන්න පුළුවන් ඔයාට. තෙරුවන් සරණයි. ගිරිමානන්ද සූත්‍රය වගේම තව සූත්‍ර 83,999ක් තියෙනවා සඳහන් වෙලා. මට නම් තාම ඒ ඔක්කොම කියවලා තේරුම් ගන්න බැරි වුනා ඇත්තටම. පුළුවන් ඉක්මනින් උත්සහවත් වෙනවා. ඔයාට හිතෙන්නේ ඔයාගේ මාර්ගය හරි කියලා නම් මන් ඒකට මුකුත් කියන්නේ නෑ. මන් ඒකට ගරු කරනවා, වෙන දෙයක් නිසා නෙමෙයි ප්‍රතිපත්තියක් තියෙන නිසා.අනික මන් ඔයා තරම් දන්නේ නෑ. ඒ නිසා මේ විදියට මාව දැනුවත් කල එක ගැන ස්තුති වෙනවා. මන් මේ ගැන කල්පනා කරලා අඩු පාඩුවක් වේ නම් හදා ගන්නම්. බොහොම පින් මාව නිවැරදි කලාට
 
:) ගිරිමානන්ද සූත්‍රයේ විතරයි අනිච්ඡ සංඥාව ගැනතියෙන්නේ (මා හට හමුවුනේ එපමණයි). අනෙක් තැන්වල තියෙන්නේ අනිච්ච කියන එකට අනිත්‍ය කියලා සිංහල අර්ත දීලා විතරයි. සමහර තැන්වල අනිසි කියලා තියෙනවා.

තවනැනක් තියෙනවා පටිසම්භිදාමග්ගප්‍රකරණයේ කුමන අර්තයෙන්ද අනිච්ච කියන්නේ කියලා විස්තර කරලා.. සකන්ධ වශයෙන් හා පටිච්චසමුප්පාද වශයෙන් ...
 
දන්නවාද යාළුවා. ඔයා ‍වගේ අය අද විතරක් නෙමෙයි එදත් ඉඳලා තියෙනවා. ඔයා අනත්ත ගැන කරපු කොමන්ට් එක ඒකට හොඳ උදාහරණයක්. අපි අපේ වැරදි නිවැරදි කර ගන්න ඕනා. මන් කිව්වේ මගේ වැරදි හොඳද. ඔයා හොඳට හොයන්න. ආයත් පාරක් මේ පෝස්ට් එක කියවන්න හොඳට. ඉන් පස්සේ තව වැරදි පෙන්වලා දෙන්න. ඒ ඔක්කොම මට රත්තරන් වගේ තමයි වටින්නේ.

එකම දෙයක් ඔයත් කිරිබත්ගොඩ ඥාණන්ද හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෙන් නොවෙන්න ඇති කියලා මන් හිතනවා.
 
එක එක්කනා බලන විදිහ අනුව තමන් හරි කියලා හිතනවා. එහෙන් මෙහෙන් අහුල ගත්ත කෑලි එකතු කරලා අවබෝධ වුණා වගේ දානවා. :) ... ඔය කියන විග්‍රහා හරිනම් ප්‍රතිඵල තියෙන්න ඕන. ප්‍රතිඵල නැත්තේ ඇයි කියලත් හොයන්න වෙනවා :)

මම ඥාණන්ද ස්වාමින්වහන්සේගේ ශිෂ්‍යයෙක් නොවෙයි. නමුත් උන්වහන්සේගේ දේශනා හරිම සරලයි වටිනවා ඒකනිසා උන්වහන්සේට මම හිසනමා ගරුකරනවා. .. උන්වහන්සේගේ ශිෂ්‍යයෙක්‍ද නොවන කෙනෙක්ද කියන මෙතනට අදාල වන්නේ කොහොමද කියලා මට තෙරෙන්නේ නැහැ..
 
මාත් එහෙමමයි. ඒක නිසාමයි ඇහුවෙ. ඔයා හොඳ දැනුවත් කෙනෙක් නිසා.
 
conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ධර්මය වගේ දේවල් කියන කොට පරිස්සම් වියයුතුයි. හරියටම දන්නේ නැතිනම් දාන්න එපා ලොකු විනාශයක් වෙන්න පුළුවන්. ;)

    අනිච්ඡ සංඥාව හොඳටම විස්තර කරපු තැනක් ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා. මෙහෙමයි විස්තර කරලා තියෙන්නේ

    අන්ච්ඡ කියන වචනයෙන් එන අදහස කියලා තියෙනව... "කතමාචානන්ද සබබ සංකාරන්තු අනිච්ච සංඥා" - ආනාන්ද සියළු සංකාර වල අනිච්ච සංඥාව කුමක ද කියලා අහල "ඉඳං භික්ඛු ආනනද සබ්බ සංකාරන්තු අනිච්ච සංඥා අට්ටියති ... හරායති... ජිගුච්ඡති" ... ඒ කිව්වේ අනිච්ඡ සංඥාව කියනන්නේ ... හරියට අට්ඨියති - ඇට ගොඩ වගේ ... කොච්චර කෑවත් බඩපිරෙන්නේ නැහැ ... බල්ලෙක් ඇටගොඩක් කනවා වගේ උගේ ලේ රහට කනවා මිසක් උගේ බඩ පිරෙන්නේ නැහැ... හරායති - කෙසෙල් කඳක් අරගෙන පලාගෙන පලාගෙන ගියත් කිසි හරයක් හම්බුවෙන්නේ නැහැ වගේ .... ජිගුච්ඡති - මල මූත්‍ර වලට ඇති කැමත්ත වගේ... කියලා...

    කොටිම විස්තර කරලා තියෙන්නේ අනිසි දේවල් හැටියට මිසක් ස්තීර නැහැ කියලා නෙමෙයි... (ස්තීර නැති ස්වභාවය ඇත්ත ඒ හින්දම නෙමෙයි දුක හටගන්නේ)

    වෙලාක් ලැබුනොත් හෝ කැමත්තක් තියෙනවා නම http://www.hiddendhamma.net/ එකේ මුල්පිටුවේ ධර්ම දේශනා තුන පිළිවලට අහන්න.

    හරි එහෙනම් කියන්න බලන්න අනිච්ච කියන්නේ කැමති සේ නෑ කියන එකටද නැතිනම් අනිසි කියන අර්ථයෙන්ද?
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    පටිසම්භිදාමග්ගප්‍රකරණය කොහෙන්ද මට download කරලා කියවන්න පුළුවන්?
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මම UniMatrixzero තුමාට PM කරා ප්‍රශ්න වගයක් අහලා, කෝ ඒවාට තාම පිළිතුරු නෑ නේ?:D:D
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    50
    Kottawa

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    50
    Kottawa
    මම UniMatrixzero තුමාට PM කරා ප්‍රශ්න වගයක් අහලා, කෝ ඒවාට තාම පිළිතුරු නෑ නේ?:D:D

    මෙන්න ඔයා PM කරපු ප්‍රශ්නයි උත්තරයි

    conservative said:
    1) පටිච්ච සමුත්පාදය චතුරාර්ය සත්‍යයේ අඩංගු වෙන්නේ කොතනකද ?

    2) විඥානය කියන්නේ සිතටද, නැතිනම් විශේෂයෙන් දැනගන්නවා කියන එකටද?

    3) රූප, වේදනා, සංඥා,සංස්කාර, විඥාන කියන ඒක කියන්නේත්, පටිච්ච සමුත්පාදයේ එන විඥානය කියන්නෙත් එකක්ද දෙකක්ද?

    ප්‍රශ්නේ ... හේතුව .. ඒක විසදගන්න මාර්ගය.. ඒ මාර්ගය අනුගමනය කිරීම. ඉතින් ප්‍රශ්නේ කියන්නේ දැන් ඵලය ... (මම මේ දුකට පත්වුනේ ඇයි .. මම මනුස්සයෙක් වෙන්න ආස කරපු නිසා නේද මේ ලෙඩ දෙන කයක් මට ලැබුනේ. ඒ ජාතිය පහල කලේ කොහොමද මොනවා කරන්න ගිහින්ද .. පිටිපස්සට බලාගෙන යනවා.. අහුවෙනව භවය තමයි ජාතියට හේතුව .. ඉතින් පටිච්චසමුප්පාදය පටිපස්සට බලාගෙන ගියාම අහුවෙනව දුක්ඛ සමුදය .. මොකක් නිසා ද මේ දුක හටගත්තෙ කියලා.. අවිද්‍යා / තෘෂ්ණා දෙක නිසා කියල අහුවෙන්වා)... දැන් තීරනයක් ගන්නවා මාර්ගය සහා මාර්ග අනුගමනය... අවිදයාවෙන් නම ජාති ජරා මරණ දුක්ක දෝමනස්ස උපායාස එනවා.. ඒක තේරුම් ගන්නවා.. ඒක වලක්වන්න නම අවිද්‍යාව නිරෝධ කරගන්න ඕන .. අවිද්‍යා නිරෝධ නම සංඛාර (අවිද්‍යාවෙන් කරන සංඛාර) නිරෝධයි.. ඔහොම ඔහොම ජාති නිරෝධයි... ජාරා මරණ සේරම නිරෝධයි... ඒකයි කිව්වේ චතුරාර්‍ය සත්‍ය දැක්ක කෙනා පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දකිනවා කියලා..

    විඥාණය කියන්නේ පොදුවේ භාවිත කරන නමක්.. ඒ තැන් තැන්වලට ඔබින විදිහට ගන්න වෙනවා.

    මේ දෙක දෙකක් අර කලින් කිව්වා වගේ තැනට ඔබින විදිහට ගන්න වෙනවා ..

    උපමාවක් කියන්නම්.. අම්මා කියනවා පුතාට පුතේ උයන්න "හොඳ බණ්ඩක්කා" ටිකක් ගේන්න කියලා පුතා අහනවා හොඳ බණ්ඩක්කා කියන්නේ මොනවද... අම්ම විස්තර කරනවා ලපටි ... මේ විදිහට මුදුන නිකන්ම කැඩෙනවා කියලා. තාත්තා පුතාට කියනවා කොරටුවට දාන්න "හොඳ බණ්ඩක්කා" (හොඳට මෝරපු ඇට ගන්න පුළුවන් තත්වේ තියෙන) ටිකක් ගේන්නා පැල කරගන්න කියලා... පුතා දැන් අර අම්මා කියපු ජාතියේ බණ්ඩක්කා ගෙනල්ලා දුන්නාම මොකද වෙන්නේ ????

    ඉතින් වචනේ එක වුණාට තැනට සුදුසු විදිහට ගන්න ඕන
     
    හොඳ උත්තරයක්. හිතන්න ඕනා. pm හින්දා අපි මැදිහත් වෙන්න හොඳ නෑ කියලයි මන් හිතන්නේ. විමසිලිමත් බුද්ධියෙන් දකිත්වා.
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    හොඳ උත්තරයක්. හිතන්න ඕනා. pm හින්දා අපි මැදිහත් වෙන්න හොඳ නෑ කියලයි මන් හිතන්නේ. විමසිලිමත් බුද්ධියෙන් දකිත්වා.

    කමක් නෑ !!! මැදිහත් වුනාට කමක් නැහැ !!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙන්න ඔයා PM කරපු ප්‍රශ්නයි උත්තරයි

    1) පටිච්ච සමුත්පාදය චතුරාර්ය සත්‍යයේ අඩංගු වෙන්නේ කොතනකද ?

    ප්‍රශ්නේ ... හේතුව .. ඒක විසදගන්න මාර්ගය.. ඒ මාර්ගය අනුගමනය කිරීම. ඉතින් ප්‍රශ්නේ කියන්නේ දැන් ඵලය ... (මම මේ දුකට පත්වුනේ ඇයි .. මම මනුස්සයෙක් වෙන්න ආස කරපු නිසා නේද මේ ලෙඩ දෙන කයක් මට ලැබුනේ. ඒ ජාතිය පහල කලේ කොහොමද මොනවා කරන්න ගිහින්ද .. පිටිපස්සට බලාගෙන යනවා.. අහුවෙනව භවය තමයි ජාතියට හේතුව .. ඉතින් පටිච්චසමුප්පාදය පටිපස්සට බලාගෙන ගියාම අහුවෙනව දුක්ඛ සමුදය .. මොකක් නිසා ද මේ දුක හටගත්තෙ කියලා.. අවිද්‍යා / තෘෂ්ණා දෙක නිසා කියල අහුවෙන්වා)... දැන් තීරනයක් ගන්නවා මාර්ගය සහා මාර්ග අනුගමනය... අවිදයාවෙන් නම ජාති ජරා මරණ දුක්ක දෝමනස්ස උපායාස එනවා.. ඒක තේරුම් ගන්නවා.. ඒක වලක්වන්න නම අවිද්‍යාව නිරෝධ කරගන්න ඕන .. අවිද්‍යා නිරෝධ නම සංඛාර (අවිද්‍යාවෙන් කරන සංඛාර) නිරෝධයි.. ඔහොම ඔහොම ජාති නිරෝධයි... ජාරා මරණ සේරම නිරෝධයි... ඒකයි කිව්වේ චතුරාර්‍ය සත්‍ය දැක්ක කෙනා පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දකිනවා කියලා..

    2) විඥානය කියන්නේ සිතටද, නැතිනම් විශේෂයෙන් දැනගන්නවා කියන එකටද?

    විඥාණය කියන්නේ පොදුවේ භාවිත කරන නමක්.. ඒ තැන් තැන්වලට ඔබින විදිහට ගන්න වෙනවා.

    3) රූප, වේදනා, සංඥා,සංස්කාර, විඥාන කියන ඒක කියන්නේත්, පටිච්ච සමුත්පාදයේ එන විඥානය කියන්නෙත් එකක්ද දෙකක්ද?

    මේ දෙක දෙකක් අර කලින් කිව්වා වගේ තැනට ඔබින විදිහට ගන්න වෙනවා ..

    උපමාවක් කියන්නම්.. අම්මා කියනවා පුතාට පුතේ උයන්න "හොඳ බණ්ඩක්කා" ටිකක් ගේන්න කියලා පුතා අහනවා හොඳ බණ්ඩක්කා කියන්නේ මොනවද... අම්ම විස්තර කරනවා ලපටි ... මේ විදිහට මුදුන නිකන්ම කැඩෙනවා කියලා. තාත්තා පුතාට කියනවා කොරටුවට දාන්න "හොඳ බණ්ඩක්කා" (හොඳට මෝරපු ඇට ගන්න පුළුවන් තත්වේ තියෙන) ටිකක් ගේන්නා පැල කරගන්න කියලා... පුතා දැන් අර අම්මා කියපු ජාතියේ බණ්ඩක්කා ගෙනල්ලා දුන්නාම මොකද වෙන්නේ ????

    ඉතින් වචනේ එක වුණාට තැනට සුදුසු විදිහට ගන්න ඕන

    Niyamayi!!:yes::yes:
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    1) ගිරිමානන්ද සූත්‍රයේ අනිච්ච සඥා ව විස්තර කරලා තියෙන්නේ , බල්ලෙක් ඇට ගොඩකට ආසා කිරීම, හරයක් නෑ වගේ දේවල් වලින්. ඒ කියල තියෙන්නේ විපරිනාම වෙන දේවල්වලට ආසා කිරීම හරියට ඉතින් බල්ලෙක් ඇට ගොඩකට ආසා කිරීම වගේ, කොච්චර ලෙව කෑවත් එපා වෙන්නේ නෑ, ඒ මස්කට්ට නැතිවුනාම තව එකක් ලෙව කනවා, හරියට අපි ආසාවන් පස්සේ ගිහින් ඒක නැති වුනාම දුක වෙලා තව එකක් බදා ගන්නවා වගේ. ඒවගේම වෙනස්වෙන දෙකටත් ආසා කිරීම හරයක් නැහැ.