|
ජංගම දුරකතන භාවිතය ඉහළට. -
04-13-2011, 08:36 AM
මෙරට ජංගම දුරකතන භාවිතය 65% ත්, 75% ත් අතර, ප‍්‍රමාණයකින් වැඩි වී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වර්තමානයේ මෙරට ජනතාවගෙන් අතිබහුතරයක් ජංගම දුරකතන භාවිත කරන බවයි. එමෙන්ම මේ වනවිට වෙළඳපොලේ ජංගම දුරකතනයන්හි මිල පහත වැටීමද මෙලෙස භාවිතය ඉහළ යාමට හේතුවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ අතර, මෙරට ජංගම දුරකතන සහ ස්ථාවර දුරකතන භාවිතය 86% කින් පමණ වැඩි වී ඇති බවද ඔහු සඳහන් කළා.
|