ජීවිතයම_වූ_ආදරය..Daily Updating
අපේ h_abeysinghe මලය එයාගේ සුන්දර ආදර කතාව මේ දවස් ටිකේම කට්ටිය රසවිඳින්න ඇතිනේ.. ඒක කියවද්දී මටත් මගේයි Mrs Geniusගෙයි ආදර කතාව මුල ඉඳලම මතක් වුනා.. ඒ නිසා මං කල්පනා කලා කට්ටියට එකත් කියන්න.. ඔයාලගේ අදහස් උදහස් මොනවා වුනත් මට කමක් නෑ.. ඒවා කියන්න හැමෝටම පේන්න..
මේක 100%ම ඇත්ත කතාවක්. සියලු සිදුවීම් සත්‍යයි..
මුලින්ම කියන්න ඕන සැබෑ ආදරවන්තයෝ තමුන්ගේ ආදරය වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්තියි.. ජීවිතය පුජා කරන්න වුනත්.. හැබැයි ඒ කැක්කුම පපුවට දැනෙන්නේ ඇත්තටම ආදරය කරන අයට විතරයි.. මගේ කතාව දිගටම කියෙවුවොත් හැමෝටම තේරෙයි අපි සැබෑ ජීවිතයේදී සිදු නොවෙන පොත් වල විතරක් සිදු වෙනවා කියල හිතාගන ඉන්න කටුක සිද්ධි ගොඩකට මායි Mrs Geniusයි ඇත්තටම මුණ දීල තියනවා.. ඒවගේම අපි ඒවා ජය අරගන අද වෙනකල් බොහොම ආදරයෙන් ඉන්නවා.. මං මුල ඉඳල කතාව පටන් ගන්නම්.. කතාව නම් ටිකක් දිගයි.. මොකද 2003 ඉඳල වුන දේවල් තියනවා කියන්න.. ඒ වගේම මතක තියාගන්න මේකේ නම් මන:කල්පිතයි, ඒත් මේ නම් අපේ ඇත්ත නම් වල තියන කොටස්. ඔන්න එහෙනම් කියවන්න පටන් ගන්න..
Genius89: චතුරංග
Mrs Genius: හංසිකා
අපි මේ කතාව පටන් ගන්නේ 2003 න් එතකොට මං 9 වසරේ.. කුරුණෑගල තිබුන ප්‍රසිද්දම පිරිමි විදුහලේ තමයි මං ඉගෙන ගත්තේ.. අපේ තාත්ත රට ඉන්නේ අම්මයි මායි නංගියි තමා ගෙදර හිටියේ..
මේ කාලේ ඉතින් අපි චු කොල්ලොනේ.. ඒත් ඉතින් වැරදි වයසනේ.. අපේ කොල්ලෝ ඔක්කොම කෙල්ලන්ට බැල්ම දාන්නන පටන් ගත්ත කාලේ.. ඉස්කෝලෙදි වැඩිය කල්ලි ගැහෙන් නැතුව පාඩුවේ පැත්තකට වෙලා මගේ වැඩ ටික කරගන හිටපු ජාතියේ එකෙක් තමා මං.. ඒ නිසා මට වැඩිය යාළුවො හිටියෙත් නෑ.. ගයාන් කියල එකෙක් හිටිය ඒත් ඌ එච්චර ඉගෙන ගන්න දේවල් වලට උනන්දුවක් තියන එකෙක් නෙමේ.. (අදටත් ඌ මගේ යාළුවා..) ඒත් ඉතින් එහෙම හිටිය කියල මාත් ඉතින් කෙල්ලෝ දිහා නම් නොබලා හිටියේ නෑ.. ඒ වයසත් එක්ක එන ආක්ර්ශනේ නිසා.. ඒත් මං කෙල්ලන්ට පේන්න කෙල්ලෝ දිහා බැලුවේ නෑ එහෙම බලන්න මං ලැජ්ජයි..
ඔය කාලේ මං ක්ලාස් වලට ගියෙත් නෑ. කොහොම හරි 2003 අග වාර විභාගේ ලිවට පස්සේ 2004 මං 10 පන්තියට යන්නේ. ඕ ලෙවල් වලට ලං වෙන නිසා අම්ම කිව ගණන්, විද්‍යාව, ඉංග්‍රීසි වලට ක්ලාස් හොයාගන්න කියල.. අපේ ගෙදර එහාපැත්තෙ හිටියේ කුරුණෑගල ප්‍රසිද්ධම ගණිත ගුරුවරයෙක්.. අපේ අම්ම ඒ සර්ට කතා කරලා මාව ඒ ක්ලාස් එකට දැම්මා.

Last edited: