නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]

    නිවන් දකින්න ලේසිම ක්‍රමය

    මම බුද්ධාගම ගැන ගොඩාක් විස්තර දැන ගත්තේ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් කියවලා..ඒ පොත් සේරම මේ Thread එකේ PDF තියෙනවා Download කරගන්න.. කඩෙන් අරන් කියවනවා නම් වැඩි ගානක් නෑ.ඕනෙම පොතක් Rs.200-300k වගේ ගානක්,ඒත් ඒවයේ තියෙන ධර්මය නම් වටිනවා කෝටි ගානක්..පොත් කඩේකින් මේ පොත් අරන් ඉඩ තියෙන වෙලාවට නිදහසේ කියවලා තේරුම් ගන්න..සංසාරේ භයානක කම තේරුම් ගන්න. මේකයි මගේ Plan එක.

    1. මුලින්ම කියවන්න බෞද්ධයාගේ අත්පොත සහ පුණ්‍යෝපදේශය..ඒ පොත් දෙක තමා Basics .ඒ දෙක කියෙව්වාම අඩුම තරමේ නියම බෞද්ධයෙක් වෙන්න හිතෙනවා..පින් කරන්න හිතෙනවා..

    2.ඊට පස්සේ කියවන්න චතුරාර්ය සත්‍යය පොත..මේක කියෙව්වාම ඇඬෙනවා..සංසාර දුක්ඛය නියමෙට තියෙනවා..

    3. Right..ඊට පස්සේ කියවන්න සූවිසි මහ ගුණය පොත.මේ පොතේ තියෙන්නේ බුද්ධ ,ධම්ම, සංඝ යන තුන් රුවනේ ගුණ සමුදාය...නිවන් දකින්න නම් මේ තුණුරුවන් ගැන අචල ශ්‍රද්ධාවක් ඇති වෙන්නම ඕනෙ..

    4.දැන් මේ වෙනකොට ඔබට නිවන් දකින්න ආසාවක් ඇති වෙනවා අනිවාර්යයෙන්ම..ඊලගට ගන්න බෝධි පාර්ශ්වික ධර්ම විස්තරය පොත.. මේකෙ තියෙන්නේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් ලඟ වඩන්න ඕනෙ ගුණාංග..මේවා ලාවට වගේ ගැඹුරුයි.. ඒත් දෙතුන් පාරක් කියෙව්වම මීටර් වෙනවා..
    ඔය අතරේ කෙලෙස් එක් දහස් පන්සීය,පාරමිතා ප්‍රකරණය වගේ පොතුත් කියවන්න.

    5.දැන් ඔබ ලාවට වගේ Track එකේ යනවා.. ඔන්න දැන් ටිකක් ගැඹුරුයි.. දැන් ගන්න අභිධර්මයේ මූලික කරුණු පොත,,ඕකෙන් දැන ගන්න ඕනෙ සිතේ සියුම් කරුණු..7-8 පාරක් හරි කියවලා තේරුම් ගන්න..

    6. Final Step ගන්න සතිපට්ඨාන භාවනා ක්‍රමය පොත..මම කියවලා තියෙන භාවනා ක්‍රම වලින් මේ භාවනාව ගැන මම මාර විදියට පැහදුනා..ඒක ලේසි සහ ඉක්මනින් ප්‍රථිපල ලබන්න පුලුවන් භාවනාවක්.. කියවලා බලලා ටික ටික දවස ගානේ පුරුදු වෙන්න,,එක පාරට භාවනා පුරුදු වෙන්න බෑ.

    මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය කඳුබොඩ, තලගල,කලුගල(බදුරලිය ) වගේ භාවනා මධ්‍යස්ථාන වල පුරුදු කෙරෙනවා. ටිකක් පුරුදු වුනාම නිවන් දකින්න අවංකවම ඕනෙකමක් තියෙනවා නම් සේරම වැඩ නවත්තලා භාවනා මධ්‍යස්ථානෙකට ගිහින් භාවනා වඩපු ගුරු හාමුදුරුකෙනෙක් ගෙන් වැඩි උපදෙස් අරන් නිර්වාණය ලබන්න උත්සාහ කරන්න...

    හැමෝටම මේ ආත්මෙ නිවන් දකින්න බෑ..ඒත් ඒ භාග්‍යය ඔබ කෙරේ සැඟවිලා තියෙන්න පුලුවන්..ඒක භාවනාවෙන් තොරව කියන්න බෑ...උත්සාහ නොකොලොත් ඔබ අනතුරේ..

    තව එකක් මේ ආත්මේ ඔබට නිවන් දකින්න බැරි උනත් මේ පොත් වලින් දහම් අවබෝදය ලබල කෙලෙස් තුනී කරගෙන ක්‍රමානුකූලව භාවනාවේ යෙදුනොත් අනිවාර්යයෙන්ම ඒක ඊලඟ භවේ නිවන් දකින්න පාරමිතාවක් වෙනවා..

    අනික භාවනාව කියන්නේ හිතා ගන්න බැරි පුණ්‍යක්‍රියවක්..

    සක්වල පුරා වැඩ සිටින බුදු,පසේබුදු,මහ රහතන් වහන්සේ ලාට දෙන දානයට වඩා මොහොතක් භාවනා කිරීමේ කුසලය වැඩියි කියලා බුදු හාමුදුරුවො දේශනා කරල තියෙනවා.

    බුදු හාමුදුරුවො කියල තියෙන්නේ මරණීය හී පහරක් කාපු තැනත්තෙක් ඒ තුවාලයට වෙදකම් කරනවට වඩා ඉක්මනට නිවන් දකින්න උත්සාහ කරන එක වටිනවා කියලයි.

    සත්‍යය ඔබ ලඟමය!එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කළ හැකිය.
    එහෙත් එය අසීරුය.
    වෙනත් කිසිවෙකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකිය.

    තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි.එය සොයා ගත යුත්තේද ඔබමය.

    ඒ නිවැරදි මග අකුරක් අඩු නොකොට වටහා ගැනීමට අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ සරල පොත් පෙල ඔබට උපකාර කරයි!

    සාදු!සාදු!සාදු!

    බුදු දහම ලොවෙහි බැබලේවා!

    Last edited:

    0_Inception

    Member
    Feb 12, 2011
    69
    2
    0

    බුදු හාමුදුරුවො කියල තියෙන්නේ මරණීය හී පහරක් කාපු තැනත්තෙක් ඒ තුවාලයට වෙදකම් කරනවට වඩා ඉක්මනට නිවන් දකින්න උත්සාහ කරන එක වටිනවා කියලයි.

    සාදු!සාදු!සාදු!

    බුදු දහම ලොවෙහි බැබලේවා!

    :yes::yes::yes:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    බොහොමයක් පින් යාළුවා ......

    කට්ටිය ටික ටික හරි Track එකේ යමු නේද? අඩුම ගානේ ඔය පොත් ටික කියෙව්වත් පින කියන්නේ මොකක්ද? ඒක හරියටම කරන්නේ කොහොමද කියලා තේරුම් යනවා.

    නිවන කියන එක බාල මහලු,ස්ත්‍රී පුරුෂ,ගිහි පැවිදි හැම දෙනාටම සාධාරණයි.අනික නියම මාර්ගයේ නොගියොත් නිවන ඉතා දුරයි..

    මොලේ ටිකක් හරි තියෙනවා නම් නුවණින් විමසලා බලලා දෙතුන් පාරක් කියවලා මේ ධර්මය හොඳටම තේරුම් ගන්න පුලුවන්.

    සෝවාන් වීම කියන එක හුඟාක්ම ගැඹුරු දෙයක් නෙමේ. අවශ්‍ය ගුණාංග වඩලා භාවනා වෙන් සිත දියුනු කරාම මේ ආත්මේ නිවන් දකින්න පුලුවන් නම් අනිවාර්යයෙන් සෝවාන් ඵලය ලබාගන්න පුලුවන්,

    චන්දවිමල හාමුදුරුවෝ නිවන් දැක්කා කියලා ගොඩක් අය කියනවා..මොකද හාමුදුරුවන්ගේ විදර්ශනා ඥාණය අති විශිෂ්ටයි.නිවන් අවබෝධ කරල ඒ ප්‍රත්‍යක්ෂ මාර්ගය නියමෙට තියෙනවා ඔය පොත් ටිකේ. පොත් ටික කියෙව්වම ඔය ගොල්ලන්ටත් තේරුම් යයි..

    කම්මැළි නොවී වෙලාව අරන් කියවන්න. බුදු සරණයි!
     
    • Like
    Reactions: JHHA

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ඇත්තටම ගොඩාක් දෙනා නිවන් දකින්න කැමැතියි කියලා කිව්වට,
    නිවන කියන දේ පිළිබඳ නිසි අවබෝධයක් නැතිවයි එහෙම කියන්නේ,
    නමුත් සත්‍ය වශයෙන්ම නිවන සොයා යාම තරම් උතුම් සතුටක් ලැබිය හැකි වෙනත් කිසිවක් ලොවේ නැහැ. හරි අවබෝධයක් අරන් නිවන සොයා යාමයි වැදගත්. අපේ ආත්තම්මලා සීයලා ගොඩාක් වයසට ගියාම තමයි නිවන් දකින්න ඕන කියලා හිතන්නේ.. ඒත් ඒ වෙනකොට එයාලා ප්‍රමාද වැඩියි.. නිවන සොයා යන්න ඕන තරුණ අවධියේදීමයි.. මම හිතන්නේ මම ප්‍රමාද වැඩි නැහැ.. මේ ආත්මේ ටිකක් හරි කරුණු අවබෝධකර ගත්තොත් මෛත්‍රී බුදුන් දැකලා නිවන් දකින්න හරි පුලූවන්නෙ..
    තරුණ කාලේදී මට ජීවිතයේ යථාර්ථය අත්විඳින්න පුලූවන් වුණා..
    ඒ මගින් මම යථාඅවබෝධයක් ලැබුවා.. තව දුරටත් ඒ පිළිබඳ අධ්‍යනයයි මගේ අරමුණ... ඒ තුළින් ලබන මානසික නිදහස වෙනත් කිසිවකින් නොලැබිය හැකි අමිල සතුටක්...
    ඒ නිසා පමා නොවී ඔබත් අද සිටවත් දිනකට පැය භාගයක් හෝ තමාගේ ලෝකෝත්තර ජීවිතය යහපත් කරගන්න බුදු දහම පිළිබඳ අවබෝධයක් ලබන්න...
    මේ සම්බන්ධයෙන් පොත්පත් ඉදිරිපත් තළ සහෝදරයාට මගේ අවංක ස්තූති ප්‍රණාමය.... සාදු... සාදු... සාදු...
     
    ගිහි ගෙය ගිනි ගොඩක් කියල තමා ධර්මයේ සඳහන් වෙන්නේ..
    කෝමත් දැන් කාලෙ හැම දෙයක්ම සංකීර්ණයි..ජීවත් වෙන එක ලොකුම ප්‍රශ්නයක්.. ගොඩක් අය එදා වේල Tours,, මිනිස්සුන්ට ප්‍රශ්න වැඩියි..

    ඒත් මම නම් හිතන්නේ මොන ප්‍රශ්නේ තිබ්බත් මම ලංකාවේ බෞද්ධයෙක් වෙලා ඉපදුනේ ලේසි පාසු පිනකින් නෙමේ..මොකද මුලු ලෝකෙන්ම අද පිරිසිදු බුදු දහම ඉතුරුවෙලා තියෙන රටවල් වලින් අංක එක ලංකාව. අනික වරක් වැන්දත් දෙව් ලෝ සැප ලබා දෙන සිද්ධස්ථාන බොහොමයි ලංකාවෙ.

    ඒක නිසා කෝම හරි සෝවාන් වත් වෙන්න Try එක දෙනවා අවංකවම..මොකද මේ වගෙ Chance එකක් ආයෙත් ලැබෙන්නෙ නෑ.
    සෝවාන් වෙන්න බැරි උනත් අඩුම තරමේ ඒ Try එක ඊලඟ භවේට ලොකු පාරමිතාවක් වේවි.

    මම කට්ටියට අද කාලෙ යන්න පුලුවන් හොඳම Track එක පොත පතින් කිව්වා..යන නොයන එක ඔයගොල්ලන්ගෙ වැඩක්..

    Try N Try..You Will Fly...
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මම කට්ටියට අද කාලෙ යන්න පුලුවන් හොඳම Track එක පොත පතින් කිව්වා..යන නොයන එක ඔයගොල්ලන්ගෙ වැඩක්..

    Try N Try..You Will Fly...
     
    • Like
    Reactions: Mr:Virus

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    පොත් Download කරගෙන කියෙව්වට නම් කමක් නෑ..ඒත් ඔය පොත් ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මන්ඩලයෙන් මුද්‍රණය කරල ඉදිරියට පවත්වගෙන යන්නේ දහසක් අමාරුකම් මැද්දෙ,ඒ නිසා පන්සලටත් ආධාරයක් වෙන විදියට කඩෙන් ගත්තා නම් තමා වැඩිය හොඳ.:yes:
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    මමත් මේ පොත්වලින් බොහොමයක් කියවලා තියෙනවා.
    විශේෂයෙන් ධර්මය ඉගෙනගන්නා අයට ත්‍රිපිකට ග්‍රන්ථ අධ්‍යනය කිරීමට පෙර මූලික දැනුම ලබාගන්න ඉතාමත් වැදගත් වෙන පොත් පෙලක්.:)
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මමත් මේ පොත්වලින් බොහොමයක් කියවලා තියෙනවා.
    විශේෂයෙන් ධර්මය ඉගෙනගන්නා අයට ත්‍රිපිකට ග්‍රන්ථ අධ්‍යනය කිරීමට පෙර මූලික දැනුම ලබාගන්න ඉතාමත් වැදගත් වෙන පොත් පෙලක්.:)
    :yes::yes::yes::yes::yes:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0

    බුදු හාමුදුරුවො කියල තියෙන්නේ මරණීය හී පහරක් කාපු තැනත්තෙක් ඒ තුවාලයට වෙදකම් කරනවට වඩා ඉක්මනට නිවන් දකින්න උත්සාහ කරන එක වටිනවා කියලයි.

    තුවාලයක් උනාම බෙහෙත් දාන එක නේද හොදම ක්‍රමය?
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    මෙන්න මේ VIDEO එක බැලුවම හිතා ගන්න පුලුවන් ලේසියෙන්ම නිවන්න දකින්න පෙරුම් පුරන බෞද්ධයන්ගේ තරම.:growl:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මෙන්න මේ VIDEO එක බැලුවම හිතා ගන්න පුලුවන් ලේසියෙන්ම නිවන්න දකින්න පෙරුම් පුරන බෞද්ධයන්ගේ තරම.:growl:

    යකෝ උඹත් අද නිදහසේ පාරෙ බැහල යන්නේ අපේ රණවිරුවො යුද්දෙ ඉවර කරපු නිසා..ඒ නිදහසට බෞද්ධ ද,මුස්ලිම් ද,සිංහලද,දෙමල ද කියල නෑ..නිදහස හැමෝටම එකයි. යුද්ධ කරන කොට දෙපැත්තෙම මිනිස්සු මැරෙනවා. කාටවත් ඒව වලක්වන්න බෑ. මේ Thread එකට අදාල දෙයක් post කරපන්,

    උඹ නම් Sure එකට යුද්ධෙ ඉවර වෙච්ච එක ඉවසන්න බැරි කොටි Diaspora කාලකන්ණියෙක් වෙන්නැති ගොඩක් Thread
    වල මේ Video එක post කරල තියෙන්නෙ..

    මොනා කරන්නද බන් කොටි පරාද වුනා..සිංහල හමුදාව දිනුවා..යුද්ධෙ ඉවර වුනා..උඹලගේ ඊලාම් රජ්‍යය සිහිනයක් උනා..දැන් අවුරුදු 2කටත් කිට්ටුයි.. දැන් වත් නාඬා ඉඳපන් කොටියෝ...;)
     
    Last edited: