මුරලි ක්රිකට් බලධාරීන්ට දෙහිකපයි
ඉන්දියානු ප්රීමියර් ලීග් තරගාවලියට සහභාගී වී සිටින ක්රීඩකයින් යළි කැඳවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් හිටපු සුපිරි දගපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ගේ දැඩි අප්රසාදය පළ වී තිබේ.
එළඹෙන එංගලන්ත සංචාරය දඩමීමා කරගනිමින් ශ්රී ලංකා ක්රිකට් පාලක මණ්ඩලය විසින් මැයි මස 05 වන දිනට පෙර මෙම ක්රීඩකයින් යළි කැඳවීමට තීරණය කිරීම ඇදහිය නොහැක්කක් බව ඔහු CNN-IBN පුවත් සේවයට පවසා තිබේ.
ඉන්දියානු ප්රීමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්රී ලංකා ක්රිකට් පාලක මණ්ඩලය විසින් මැයි 22 දක්වා අවසර ලබා දී තිබියදී හදිසියේම ආපසු කැඳවීමට තීරණය කිරීම ගැටලු සහගත බව මුරලිදරන් කියා සිටියි.
මෙම ක්රීඩකයින් ක්රිකට් පාලක මණ්ඩලයේ අවසරය මත මැයි 22 දින දක්වා මෙම තරගාවලියේ ක්රීඩා කිරන බවට ගිවිසුමකට බැඳී ඇති බවද ඔහු පෙන්වාදෙයි.
මැයි මස 05 වන දිනවන විට ක්රීඩකයින්ට නිමාකළ හැකිවන්නේ ප්රීමියර් ලීග් තරගාවලියේ අඩක් පමණක් බවද,මෙමගින්ක්රිඩකයින්ව මානසික වශයෙන් ඇදවැටෙනු ඇතැයිද,එයින් අහිමිවන දේ බොහෝ වෙනු ඇතැයිද මුත්තයියා මුරලිදරන් චෝදනා කරයි.
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයින් මෙම තරගාවලියට සහභාගී විය යුතු නැති බව කල්තියා පාලක මණ්ඩලය විසින් දැනුම්දිය යුතුව තිබුණු බවද හෙතෙම අවධාරණය කරයි.
ලෝක කුසලානයෙන් පසුව අප ඇමරිකානු ඩොලර් මිලියන 25 ක් ණය වී ඇති බවද,ඉන්දියාව හා ශ්රී ලංකාව අතර හොඳ හිත පලුදු නොවන ආකාරයට කටයුතු කිරීම වැදගත් බවද මුරලිදරන් සඳහන් කරයි.