ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Health & Lifestyle
Reload this Page කාන්තාවක් කල කැත වැඩේ
Reply
 
Thread Tools
(#1)
Old
piyal1234's Avatar
piyal1234 piyal1234 is offline
Senior Member
piyal1234 will become famous soon enough
 
Posts: 102
Join Date: Jul 2014
Oh! කාන්තාවක් කල කැත වැඩේ - 09-17-2019, 09:14 AM

කාන්තාවක් කල කැත වැඩේ




කාන්තාවක් තනිව පාවිච්චි කළ මෝටර් රියක් මිලට ගැනීම කැලුම්ගේ අරමුණ විය. ඒ පිරිමින්ට වඩා හොදින් කාන්තාවන් ඔවුන්ට අයත් මෝටර් රථ නඩත්තු කරන බැවින්ය.
තමන්ගේ අවශ්‍යතාව කැලුම් විසින් ඔහුගේ මිතුරන්ටද පවසා තිබුණේ කොහෙන් හරි හොද හෝඩුවාවක් ලැබෙනු ඇතැයි යන විශ්වාසයෙනි. කැලුම් බලාපොරොත්තු වූ පරිදිම දිනක් මිතුරකුගෙන් ඇමතුමක් ලැබිණ. වත්තල ප්‍රදේශයේ තමන් දන්නා හදුනන කාන්තාවක් ඇයගේ මෝටර් රථය විකුණන බලාපොරොත්තුවෙන් සිටින බව මිතුරා පැවැසුවේ එම රථය පරීක්ෂා කිරීම සදහා යාමයට දිනයක්ද කාන්තාවගෙන් ලබාගත් බව කියමිනි.



කතා කරගත් පරිදි කැලුම් සිය මිතුරාද සමග වත්තල ප්‍රදේශයේ කාන්තාව පදිංචි වී සිටින ස්ථානය වෙත සෙනසුරාදා දවසක ගියහ. හුනුපිටිය පාරේ ගොස් වමට හැරී ඇතුළට ගමන්ගත් විට විශාල වත්තක් මැද පිහිටි තට්ටු දෙකේ පරණ නිවසක් දෙදෙනාටම දකින්නට ලැබිණ.


අගුළු දමා නොතිබුණ ගේට්ටුවෙන් වත්තට ඇතුළු වූ දෙදෙනා නුදුරින් පෙනුණ පෝටිකෝව වෙත ගියේ විකිණීමට නියමිත කුඩා ප්‍රමාණයේ රථය ඉතා පිරිසිදුව දිලිසි දිලිසි තිබෙන ආකාරය දුරදීම දුටු බැවිනි.
පෝටිකෝව වෙත පැමිණි කැලුම් රථය පිටතින් පරීක්ෂා කරද්දී මිතුරා ගෙදර විදුලි සීනුව නාද කළේය. ඉදිරිපස මහ දොරෙන් ඇතුළල බැලූ විට පෙනුණේ ඉහළ මාලයට ඇදුන දැව තරප්පුවයි.


සුළු මොහොතකට පසු කාන්තා රුවක් තරප්පුව දිගේපහළට පැමිණෙනු දුටු දෙමිතුරෝ සිනහමුසුව ඇය හමුවට යන්නට සූදානම් වූහ. එහෙත් ඊළග මොහොතේ කැලුම් ගල් ගැසුනාක් මෙන් හුන් තැනම නැවතුනේය. ඔහුට ඔහුගෙම දෑස් විශ්වාස කළ නොහැකි තරම් විය.
කැලුම් සහ මිතුරා වෙත පැමිණියේ රූපවාහිනියේ, වේදිකාවේ සහ සිනමාවේ චරිතාංග නිළියකි. ඇය භද්‍ර‍ යෞවනයක් නොවේ. වයස අවුරුදු 32ක් පමණ කිව හැකිය. රූමත්ය. නිළියගේ නිවුන් සහෝදරියකටත් වඩා ඇය එම නිළියගේ පෙනුමෙන් යුක්ත වූවාය.


ඔයා හරියටම අරයා වගේමයි” කැලුම් සුහදව පැවැසුවාය.
ඔව්. හුගක් දෙනා එහෙම කියනවා.. මිස්ටර් රස්සාවක් කරනවාද” ඕ ඇසුවාය.
ඔව්.. ඔව්.. මෙයා තමයි Script Writer කැලුම්.
මිතුරා කැලුම්ව හදුන්වා දුන්නේය. අනතුරුව කැලුම් මෝටර් රථයද පරීක්ෂා කර මිල ගණන්ද විමසා රථය මිලදී ගන්නට කැමැත්ත පළ කළේය.
“මම මිස්ටර් කැලුම්ගේ ෆෝන් නම්බර් එක දෙන්නකෝ. මම උත්තරයක් දෙන්නම්” අවසානයේ කාන්තාව පැවැසුවාය.
ඇයට සිය ජංගම දුරකතන අංකය ලබාදුන් කැලුම් ආපසු පැමිණියේ රූමත් නිළියගේ පෙනුමට මෙම කාන්තාව මොන තරම් සමීප දැයි කල්පනා කරමිනි.
පසුදින උදයේ කැලුම්ට එම කාන්තාවගෙන් දුරකතන ඇමතුමක් ලැබිණ.
”මිස්ටර් කැලුම්ට පුළුවන්ද මාව බොරැල්ලේදී මුණ ගැහෙන්න” ඇය විමසා සිටියාය.


”බොරැල්ලේ කොහාටද”
“ලීඩෝ එක ළගට එන්නකෝ. දවල් 11ට විතර” ඇය කීවාය.
එදින දහවල් කැලුම් බොරැල්ලේදී ඇය හමුවිය. ඇය කැලුම්ව මෝටර් රියක නංවාගෙන පැමිණියේ පොල්හේන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ස්ථානයකටය.
එම ස්ථානයේ රථය නවතන විට කැලුම් දුටුවේ ජෝඩු කිහිපයක් එම ගොඩනැගිල්ලට ඇතුළු වන අයුරුය. එය දුටු පමණින් මෙම ස්ථානය ජෝඩු සදහා කාමර සපයන ස්ථානයක් බව කැලුම් තේරුම් ගත්තේය.
“අපි වෙන තැනකට යමු. මෙතන අපිට කතා කරන්න හොද තැනක් නෙවෙයිනේ..” කැලුම් පැවැසුවේය.


“බය වෙන්න එපා. මේක මගේ” කාන්තාව කීවාය.
එහෙත් කැලුම්ගේ බලවත් අකැමැත්ත හේතුවෙන් ඔහුද කැටුව මෙම කාන්තාවට වෙනත් ස්ථානයකට යන්නට සිදුවිය. එය සාමාන්‍ය හෝටලයකි.
“ඇයි මට එන්න කිව්වේ” කැලුම් ඇසුවේය.
“මගේ කාර් එක ඔයාට විකුණන්න බැහැ කියන්නයි ඔයාව මුණ ගැහෙන්න ඕනේ වුණේ. මිස්ටර් කැලුම් හොද මනුෂ්‍යයෙක්. නැත්නම් දැන් අපි දෙන්නා ඉන්නේ මෙතන නෙවෙයිනේ..මගේ හෝටලේ..කාමරේ. මගේ කාර් එක හුග දෙනෙක් දන්නවා. ඔයා මගේ කාර් එක ගත්තොත් ඔයාට නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වේවි. මට ඔයාට කියන්න ලොකු කතාවක් තියෙනවා. කැමැති නම් ඒ කතාවෙන් ඔයා හොද කතාවක් ලියලා ෆිල්ම් එකක් කළත් කමක් නැහැ”
කාන්තාව පැවැසුවාය.


එතැන් සිට ඇය ඇයගේ ජීවිත කතාව මෙසේ දිග හරින්නට වූවාය.
“ඔයා කිව්ව වගේ මම අසවල් නිළිය වගේ තමයි. ඒ නිසාමයි මට මේ රස්සාවට බහින්න සිද්ධ වුණේ. මගේ රූපයට හුගක් දෙනා රැවටුණා. ඔය අතරේ සුප්‍රසිද්ධ කෙනෙක් මට සයිප්‍රස් යන්න සූදානම් කර දුන්නා. රස්සාවකට කියලා මාව යැව්වත් මාව වැටුණේ එහෙ තිබුණ සම්බාහන මඩමකට. ඒ ඉන්න කොට දවසක් පොලීසියෙන් පැන්නා. අල්ල ගෙන ගිහින් නඩු දැම්මා. ඊට පස්සේ හිරේ ගියා. අවුරුදු පහක් හිරේ ඉදලා ලංකාවට ආවා. ඊට පස්සේ නැවතත් පුරුදු රස්සාවටම බැස්සේ මගේ දුව ජීවත් කරන්න.


මගේ නිළි පෙනුමෙන් හොදට මම හම්බ කළා. රටේ ලොකු ලොකු සල්ලිකාරයෝ හදුනා ගත්තා. හම්බ කරපු සල්ලි ඉතිරි කරලා තමයි ඔයාව අරගෙන ගිය තැන තිබුණ හෝටලය ගත්තේ. එතන දැන් මම මැඩම්. ගැහැණු ළමයි කීප දෙනෙක් වැඩ කරනවා. කපල්ස් වලටත් කුලියට දෙනවා. රූපවාහිනියේ අලුත් අලුත් නිළියොත් මම හයර් කරනවා. මේ හැම දෙයක්ම කරන්නේ මගේ දුව උසස් අධ්‍යාපනය සදහා එංගලන්තයට පිටත් කරන තුරු විතරයි. එයා දැන් A/L කරනවා.


හැබැයි දුව මේ කිසිම දෙයක් දන්නේ නැහැ. මට ඕනේ මගේ සම්පූර්ණ ජීවිත කතාව පොතකට ලියලා ඒ පොත යම් දවසක දුවගේ අතට දෙන්න. පොත දීලා මම කියනවා “දුවේ උඹේ අම්මා උඹව මේ තැනට ගේන්න විදපු දුක් කන්දරාව තමයි මේ පොතේ ලියලා තියෙන්නේ” කියලා කාන්තාව පැවැසුවාය.
සබැදි පුවත්


– ඒ නිළියක් නෙවෙයි සර්..ඩමියක්




Read more

Last edited by piyal1234; 09-17-2019 at 10:27 AM.
Reply With Quote
(#2)
Old
PoweruseR's Avatar
PoweruseR PoweruseR is offline
Senior Member
PoweruseR is a jewel in the roughPoweruseR is a jewel in the roughPoweruseR is a jewel in the roughPoweruseR is a jewel in the roughPoweruseR is a jewel in the roughPoweruseR is a jewel in the rough
 
Posts: 2,545
Join Date: Oct 2011
Location: In Your Heart
09-17-2019, 09:19 AM

Issara naki modayo genunge wahana gaththata dan mole thiyena ekek gan na ban. Genu,docala, thama wahana jarawatama pawichchi karanne.bte story eka kiyewwe na
Reply With Quote
(#3)
Old
WhyNot1's Avatar
WhyNot1 WhyNot1 is offline
Senior Member
WhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to all
 
Posts: 2,808
Join Date: Nov 2016
09-17-2019, 09:40 AM

මිනිස්සුන්ගේ තියන ගොං මතයක් බං ගෑනු පාවිච්චි කරන වාහන හොදයි කියන එක.
1) ගෑනියෙක් ලේසියෙන් කාර් එකක බොනට් එකවත් ඇරලා බලන්නෙ නෑ. තෙල්, වතුර වත් හරියට තියනවද කියලා.
2) වාහනය ලයිට් කනු වලයි, ගේට්ටු කනු වලයි හප්ප ගන්නවා ඉවරයක් නෑ.
3) වෙලාවට සර්විස් කරන්නෙ නැ

ඒත් ලංකාවේ ගොඩක් පිරිමි ladies used cars හොයනවා

Last edited by WhyNot1; 09-17-2019 at 10:03 AM.
Reply With Quote
(#4)
Old
WhyNot1's Avatar
WhyNot1 WhyNot1 is offline
Senior Member
WhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to all
 
Posts: 2,808
Join Date: Nov 2016
09-17-2019, 09:41 AM

Quote:
Originally Posted by PoweruseR View Post
Issara naki modayo genunge wahana gaththata dan mole thiyena ekek gan na ban. Genu,docala, thama wahana jarawatama pawichchi karanne.bte story eka kiyewwe na
අනිවා බං
Reply With Quote
(#5)
Old
Sara531's Avatar
Sara531 Sara531 is offline
Senior Member
Sara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant future
 
Posts: 26,369
Join Date: Jan 2016
Location: තරු අතරේ
09-17-2019, 09:43 AM

Quote:
Originally Posted by WhyNot1 View Post
මිනිස්සුන්ගේ තියන ගොං මතයක් බං ගෑනු පාවිච්චි කරන වාහන හොදයි කියන එක.
1) ගෑනියෙන් ලේසියෙන් කාර් එකක බොනට් එකවත් ඇරලා බලන්නෙ නෑ. තෙල්, වතුර වත් හරියට තියනවද කියලා.
2) වාහනය ලයිට් කනු වලයි, ගේට්ටු කනු වලයි හප්ප ගන්නවා ඉවරයක් නෑ.
3) වෙලාවට සර්විස් කරන්නෙ නැ

ඒත් ලංකාවේ ගොඩක් පිරිමි ladies used cars හොයනවා

අනේ මේ
Reply With Quote
(#6)
Old
WhyNot1's Avatar
WhyNot1 WhyNot1 is offline
Senior Member
WhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to allWhyNot1 is a name known to all
 
Posts: 2,808
Join Date: Nov 2016
09-17-2019, 10:04 AM

Quote:
Originally Posted by Sara531 View Post
අනේ මේ
Ridila™
Reply With Quote
(#7)
Old
ACHIK's Avatar
ACHIK ACHIK is offline
Senior Member
ACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to allACHIK is a name known to all
 
Posts: 7,924
Join Date: Jun 2015
09-17-2019, 10:10 AM

Quote:
Originally Posted by WhyNot1 View Post
මිනිස්සුන්ගේ තියන ගොං මතයක් බං ගෑනු පාවිච්චි කරන වාහන හොදයි කියන එක.
1) ගෑනියෙක් ලේසියෙන් කාර් එකක බොනට් එකවත් ඇරලා බලන්නෙ නෑ. තෙල්, වතුර වත් හරියට තියනවද කියලා.
2) වාහනය ලයිට් කනු වලයි, ගේට්ටු කනු වලයි හප්ප ගන්නවා ඉවරයක් නෑ.
3) වෙලාවට සර්විස් කරන්නෙ නැ

ඒත් ලංකාවේ ගොඩක් පිරිමි ladies used cars හොයනවා
Reply With Quote
(#8)
Old
lkkanika's Avatar
lkkanika lkkanika is offline
Senior Member
lkkanika has a spectacular aura aboutlkkanika has a spectacular aura aboutlkkanika has a spectacular aura aboutlkkanika has a spectacular aura aboutlkkanika has a spectacular aura about
 
Posts: 1,692
Join Date: Nov 2008
09-17-2019, 10:37 AM

bump
Reply With Quote
(#9)
Old
hichchiputha's Avatar
hichchiputha hichchiputha is offline
Senior Member
hichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud of
 
Posts: 14,415
Join Date: Jan 2018
Location: වොන්ඩර් ලැන්ඩ්
09-17-2019, 10:54 AM

Quote:
Originally Posted by WhyNot1 View Post
මිනිස්සුන්ගේ තියන ගොං මතයක් බං ගෑනු පාවිච්චි කරන වාහන හොදයි කියන එක.
1) ගෑනියෙක් ලේසියෙන් කාර් එකක බොනට් එකවත් ඇරලා බලන්නෙ නෑ. තෙල්, වතුර වත් හරියට තියනවද කියලා.
2) වාහනය ලයිට් කනු වලයි, ගේට්ටු කනු වලයි හප්ප ගන්නවා ඉවරයක් නෑ.
3) වෙලාවට සර්විස් කරන්නෙ නැ

ඒත් ලංකාවේ ගොඩක් පිරිමි ladies used cars හොයනවා
apet gahanu kenekta wandiyak tiyenawa
wandiya wena kenekta dennet na
okkoma service company
goda dostharalata atha thiyanna dennet na
Reply With Quote
(#10)
Old
<DNA's Avatar
<DNA <DNA is offline
Senior Member
<DNA is a name known to all<DNA is a name known to all<DNA is a name known to all<DNA is a name known to all<DNA is a name known to all<DNA is a name known to all<DNA is a name known to all<DNA is a name known to all<DNA is a name known to all<DNA is a name known to all<DNA is a name known to all
 
Posts: 15,754
Join Date: Oct 2012
Location: Mathugama/Kaluthara/Sri Lanka
Send a message via Skype™ to <DNA
09-17-2019, 11:26 AM

ඒ පිරිමින්ට වඩා හොදින් කාන්තාවන් ඔවුන්ට අයත් මෝටර් රථ නඩත්තු කරන බැවින්ය.

Reply With Quote
Reply

Bookmarks

Tags
කාන්තාව, dont read more, post all shit here

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06886 seconds with 9 queries