ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page How You Can Help Flood Victims | ගංවතුරින් අවතැන්වූවන්ට උදව් කල හැක
Reply
 
Thread Tools
(#1)
Old
pranathlcp's Avatar
pranathlcp pranathlcp is offline
Senior Member
pranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of lightpranathlcp is a glorious beacon of light
 
Posts: 6,836
Join Date: Jul 2009
Location: Hogwarts School of Witchcraft and Wizardry
! How You Can Help Flood Victims | ගංවතුරින් අවතැන්වූවන්ට උදව් කල හැක - 05-20-2016, 09:36 PM

මේකේ සමහරු අහල තියෙනවා ගංවතුර සහනාධාර විදියට සල්ලි දෙන්න පුලුවන්ද කියල..ඇත්තටම හොයල බැලුවහම මේ මිනිස්සුන්ට උදව් කරන්න විදි ඕනේ තරම් තියෙනවා..මම පල්ලෙහායින් දාන්නම් මේ විදියට අපිට මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් ආකාර..මේ විස්තර මම ගත්තේ yamu.lk එකෙනුයි roar.lk එකෙනුයි..ඒ වෙබ්සයිට් වල මේ ආටිකල් පළකරපු අයට ස්තූතිවන්ත වෙනවා..ඒවායේ තියෙන්නේ ඉංග්‍රීසියෙන්..ඉතින් මම හිතුව මේ ටික සිංහළට පරිවර්තනය කරලා දැම්මොත් හැමෝටම තවත් වැදගත් වෙයි කියල..

මේ ත්‍රෙඩ් එක පුළුවන් තරම් ෆේස්බුක් එකෙයි පුළුවන් පුළුවන් හැම එකේමයි ශෙයා කරන්න


1. Sarvodaya Foundation

  • සර්වෝදය කියන්නේ මේ වෙලාවේ ලොකු වැඩක් කරන ආයතනයක්..විවිද ආකාරවලින් අපේ උදව් මේ ආයතනය හරහා අවතැන් වුනු අයට දෙන්න පුළුවන්..


    PayPal Donations

    http://www.sarvodaya.org/donate

    මේ පේජ් එකේ දකුනු පැත්තේ තියෙනවා Make a Donation කියල බටන් එකක්..එක ක්ලික් කරලා PayPal එකෙන් donate කරන්න පුළුවන්..


    Online Payments using VISA/MasterCard(through Sampath IPG)

    http://www.sarvodaya.org/wp-content/...ay/donate.html

    ඔය ලින්ක් එකෙන් පුළුවන් ඔයාලගේ Credit Cards/Debit Cards පාවිච්චි කරලා අවතැන් වූවන්ගේ සුබසාධනය වෙනුවෙන් ආධාර මුදල් ලබා දෙන්න..


    Cheques

    Sarvodaya Headquarters
    No 98, Rawatawatta Road,
    Moratuwa , Sri Lanka

    ඔය ඇඩ්රස් එකට චෙක් එකක් යවල මුදල් ලබා දෙන්න පුළුවන්..

    Bank Deposits(මුදල් තැන්පතු)

    ලංකාවේ වෙසෙන අයට පහල තියෙන ගිණුමට සල්ලි දාන්න පුලුවන්..

    PHP Code:
    Account NameLanka Jathika Sarvodaya Shramadana Sangamaya (Inc.)
    Account No1590011920
    Account Currency
    Rupees
    Bank
    Commercial Bank of Ceylon Ltd.
    BranchMoratuwa
    Address
    No.116Galle RoadMoratuwaSri Lanka 
    පිටරට ඉන්න අයට මේ එකවුන්ට් එකට දාන්න පුළුවන්..

    PHP Code:
    Account NameLanka Jathika Sarvodaya Shramadana Sangamaya (Inc.)
    Account No159000 8015
    Account Currency
    All currencies accepted
    Bank
    Commercial Bank of Ceylon Ltd.
    BranchMoratuwa
    Address
    No.116Galle RoadMoratuwaSri Lanka
    SWIFT CODE
    CCEY.LK.LX 


    ආධාර ලබාදීම

    මෙයාල Siyatha TV, Varnam TV, Varnam FM, Kiss FM and Real Radio එක්ක එකතුවෙලා මේ campaign එක කරනවා...ගංවතුරෙන් හානි වුනු ප්‍රදේශවල පිහිටි 20කට අධික සර්වෝදය මධ්‍යස්ථානවලින් ආධාර එකතු කරනවා..ඇඳුම්, වතුර බෝතල් සහ වියළි ආහාර වගේ දේවල් එයාල එකතු කරනවා..

    0112 655 255 මේ නම්බර් එකට කෝල් කරලා අධාල ස්ථානවලට ගිහින් ආධාර ලබා දෙන්න පුළුවන්..


2. Uber
  • Uber කියන එක හැමෝම වගේ දැන් දන්නවනේ..මේක ටැක්සි සර්විස් එකක්..ඉතින් මෙයාල මිනිස්සුන්ට සහනාධාර ලබා දෙන එක පහසු කරනවා...

    අවශ්‍ය සහනාධාර ටික pack කරලා ලැස්ති කරගන්න..Uber app එකේ තියෙන uberCARE කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න..පස්සේ Uber එකෙන් වාහනයක් ඔයා ඉන්න තැනටම ඇවිල්ල සහනාධාර මල්ල අරගෙන ගිහින් ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයට ලබා දෙනවා..මේක මෙයාල කරන්නේ නොමිලේ..

    මැයි 20 ඇතුලත Uber පාවිච්චි කරලා ගමන් ගියපු හැමෝම Uber එකට ගෙවපු සල්ලි වලින් 10% ක් මෙයාල කොළඹ නගර සබාවේන් ක්‍රියාත්මක කරපු සහන සේවා වෙනුවෙන් යෙදෙව්වා...

    එයාල ලබාගන්න ආධාර ද්‍රව්‍ය: වියළි ආහාර(පරිප්පු, හාල්, සීනි, ටින් කල මාළු, බිස්කට්ස්), ළමා ආහාර (cereals), ළමා කිරිපිටි, සනීපාරක්ෂක ද්‍රව්‍ය, බ්ලන්කට්ස්, වතුර කෑන්..

    වැඩි විස්තර පහල ලින්ක් එකෙන්..

    https://newsroom.uber.com/sri-lanka/floodrelief/

3. RED 107.8
  • ඔයාලගේ ආධාර (වියළි ආහාර, වතුර හා බෙහෙත් ද්‍රව්‍ය) ලබාදෙන්න පුළුවන් RED 107.8 එකේ පහත තියෙන ඇඩ්රස් වලට..

    136 B, Stanley Tillekeratne Mawatha, Nugegoda (Main Office)
    No.1, Castle Avenue, Colombo 8 (City Office)

    Tel: 0115 551 078


4. TAKAS.LK

  • Takas.lk එකෙන් අපි භාණ්ඩයක් මිලදී ගන්නවා වගේ අපිට පුළුවන් ඒගොල්ලෝ සකස් කරලා තියෙන විවිද ද්‍රව්‍ය මිලදී ගන්න..පස්සේ එයාලම කෙලින්ම ඒවා අධාල තැන්වලට ගිහින් බෙදල දෙනවා...පල්ලෙහා ලින්ක් එක බලන්න..Online Payment එකකින් උදව්වක් කරන්න ඉන්න අයට මේක වටිනවා..

    http://takas.lk/tag/product/list/tag...ist&order=name

5. Kollupitiya Methodist Church
  • හාල්,පරිප්පු,වතුර,ඇඳුම් වගේ දේවල් බාරගන්නවා..පල්ලෙහා ඇඩ්රස් එකට බාරදෙන්න පුළුවන්..

    252, Galle Road, Colombo 3.

    Ronnie : 0777769441
    Channa : 0777261024
    Jenni : 0772491290
    Shan : 07778988847
    Errol : 0112573280

6. Colombo Gospel Tabernacle
  • බෝතල් කල වතුර, ඇඳුම්, පිළියෙළ කල ආහාර හා මුදල් ආධාර බැද්දගාන සහ grandpass ප්‍රදේශවල අවතැන්වූවන්ට ලබාදෙන්න මේ ආයතනය කටයුතු කරනවා..

    No. 80, Manning Place, Colombo 6.
    Contact 112 581 787. (7:30 AM සිට 4:30 PM දක්වා ආයතනය විවෘත්තයි).

7. Sri Lanka Unites
  • බෝතල් කල වතුර, පැකට් කල වියළි ආහාර, පිරිසිදු ඇඳුම් සහ තුවායන් වගේ දේවල් භාරගන්නවා..පල්ලෙහා තියෙන ඇඩ්රස් එකට බාරදෙන්න පුළුවන් මේ දේවල්..

    No 18, Elliot Place, Borella (පොලිස් නිල නිවාස වලට එහායින් තියෙන්නේ)

    Online Payments විදියට මුදල් ආධාර දෙන්නත් පුළුවන්..එකට පල්ලෙහා තියෙන ලින්ක් එකට යන්න..

    https://www.gofundme.com/24vec3ck

8. Socialservice.lk
  • eZcash වලින් donations ලබා දෙන්න පුළුවන්..ඒ වගේම බැංකු තැන්පතු වලිනුත් පුළුවන්..වැඩි විස්තර වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන්..

    eZcash Number : 0769 105 555

    වැඩි විස්තර: http://socialservice.lk/
    0770 136 068
    0772 333 287
    0769 105 555
    0772 381 981

9. The Voice Foundation
  • Contact: 0772 512 374

    මූල්‍යමය ආධාර දෙනවා නම්,

    Account name: Voice Foundation
    Account No: 101000432815
    Bank: NDB (Battaramulla)


10. Drizzling Foundation


11. My Clean Sri Lanka

  • Address: 323, Havelock Road, Colombo - 06, (landmarks: Havelock City, next to Cargills Food City at the Lanka IOC filling station).

    Contact: 0713 344 466, 0778 842 429.


12. Rotaract Club of Faculty of Management & Finance and Rotaract Club of Colombo North (RCCN)
  • පල්ලෙහා තියෙන නම්බර්ස් වලට කතා කරලා විස්තර දැනගන්න පුළුවන්..

    0716 649 788, 0772 454 570, 0777 143 342

    ආධාර ලබාගන්න ස්ථාන:

    1. කොළඹ විශ්වවිද්‍යාලය
    2. No. 237 / 81, Polhengoda Road, Off Siebel Avenue, Colombo 05

    https://www.facebook.com/rotaract.fmf.uoc/
    http://www.facebook.com/RotaractColomboNorth



13. LEADS Emergency Relief
  • 10 kg හාල් මලු, 1 kg සීනි, 250 g තේ කොළ පැකට්, 1 kg පරිප්පු, 500 g සෝයා මීට්, සමපෝෂ පැකට්ස්, බිස්කට් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය වගේ දේවල් බාරගන්නවා..වැඩි විස්තර පහත දුරකථන අංක වලින් ලබාගන්න..

    ඒ වගේම ස්වේච්චාවෙන් සහන සේවා කටයුතු වල යෙදෙන්න කැමති අය ඉන්නවා නම් සම්බන්ද වෙන්නත් පුළුවන්..

    0773 187 652, 0773 957 351.

14. The Ark

  • ගංවතුරින් අවතැන් වූ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ වෙසෙන ජනතාවට සහන සලසන්න මේ කට්ටිය කැමැත්තෙන් ඉන්නවා..පල්ලෙහා තියෙන එකවුන්ට් එකට සල්ලි දාල සම්බන්ද වෙන්න පුළුවන්..

    Account Name: Reformers Community Trust
    Account No: 8117013048
    Bank: Commercial Bank of Ceylon
    Branch: Pita Kotte
    Swift Code: CCEYLKLX

    Contact: 0777 720 247 or 0777 678 221


15. Sri Lanka Red Cross

  • වියළි ආහාර, ධාන්‍ය වර්ග, ළමා කිරිපිටි, ඇඳුම්, බ්ලන්කට්ස් වගේ දේවල් එකතු කරනවා...

    ආධාර ද්‍රව්‍ය පාර්සල් කරලා, 104, Dharmapala Mawatha, Colombo 07 තියෙන Sri Lanka Red Cross Headquarters එකට බාර දෙන්න පුළුවන්..

    වැඩි විස්තර : 0112 691 095

    Online Donations කරන්න පුළුවන් පහල තියෙන ලින්ක් එකෙන්.

    http://www.redcross.lk/online-donations/

16. සිරස, ශක්ති සහ ජෝන් කීල්ස් සහන යාත්‍රා
  • හාල්, පරිප්පු, සීනි, තේ කොළ, ක්ෂණික නූඩ්ල්ස් සහ බිස්කට් වගේ දේවල් පල්ලෙහා තියෙන ඇඩ්රස් එකට ගිහින් පරිත්‍යාග කරන්න පුළුවන්..

    No.330,T.B.Jaya Mawatha,Colombo 10 (පැය 24 පුරා)

17. Sri Lanka Telecom PLC
  • පානීය වතුර බෝතල්
    ඇඳ ඇතිරිලි හා තුවා
    වියලි ආහාර
    ප්ලාස්ටික් භාජන
    මුළුතැන්ගෙයි උපකරණ
    සනීපාරක්ෂක ද්‍රව්‍ය
    ---------------------------------------------------
    ශ්‍රී ලංකා ටෙලිකොම් මුලස්ථානය, කොම්පඥඥ විදිය ශාඛාව, හා රට පුරා පිහිටි ප්‍රාදේශීය කාර්යාල වලට ලබා දෙන්න
    Hot Line - 0112021550 / 0702266266


18. Dialog Axiata
  • Dialog ෆෝන් එකකින් DON ලෙස ටයිප් කර 7700 ට SMS එකක් යැවීමෙන් ඔබගෙන් රුපියල් 50ක මුදල ගංවතුරෙන් අවතැන් වූවන් වෙනුවෙන් දායක වේ..ඔබ යවන රුපියල් පනහක මුදලට, ඩයලොග් සමාගම විසින් තවත් රුපියල් 100 ක මුදලක් එකතුකර අවසාන වශයෙන් රුපියල් 150ක මුදලක් අවතැන්වූවන් වෙනුවෙන් යෙදවේ..ඕනා තරම් SMS ප්‍රමාණයක් යැවිය හැක..


19. එළකිරියේ wije99000 Online Donations කරන්න පුළුවන් තවත් ආකාර කිහිපයක්



ෆේස්බුක් එකේ "Pray for Sri Lanka too" කියල අනිත් එවුන්ට කියන එවුනුත් මේකේ ඇති..ඕව කියා කියා ඉන්නේ නැතුව අඩුම ගානේ රුපියල් සීයකින්වත් මේ වෙලාවේ දායක වෙන්න පුළුවන් නම් වටිනවා (Pray for Sri Lanka කියල කිව්වට කමක් නැහැ තමන් යම්කිසි දායකත්වයක් දක්වල තියෙනවා නම්)

එළකිරියේ ඉන්න ගොඩක් අයට PayPal/Credit Cards/Debit Cards එහෙම තියෙනවානේ..ඉතින් ගොඩක් අයට ඔන්ලයින් donation එකක් ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා..

දැන් කාලේ මනුස්සයෙක්ට රුපියල් සීයක් කියන්නේ සාමාන්‍ය මුදලක් නේ..රුපියල් සීයක් බැරි නම් 50ක් හරි දීල දායක වෙන්න පුළුවන් නම් වටිනවා..මම හිතනවා මේ එලකිරියේම active members ල ඇති අඩුම ගානේ 10,000 ක්වත්..එකෙක් රුපියල් 100 ගානේ දැම්මත් අපිට පුළුවන් රුපියල් ලක්ෂ දහයක්වත් එකතු කරවන්න මේ වෙලාවේ..අනිවාර්යෙන් ඊට වඩා කට්ටියට එකතු කරන්න පුළුවන්..ඒ කියන්නේ අඩුම ගානේ කෑම වේල් 9,000 ක්වත් අපිට දෙන්න පුළුවන් කියන එකනේ..

ඔයගොල්ලෝ දන්නා තව තවත් ආධාර එකතු කරන ස්ථාන ගැන විස්තර ත්‍රෙඩ් එකේම දාන්න
Reply With Quote
(#2)
Old
sha34's Avatar
sha34 sha34 is online now
Senior Member
sha34 is a name known to allsha34 is a name known to allsha34 is a name known to allsha34 is a name known to allsha34 is a name known to allsha34 is a name known to allsha34 is a name known to allsha34 is a name known to allsha34 is a name known to allsha34 is a name known to allsha34 is a name known to all
 
Posts: 856
Join Date: Apr 2015
05-20-2016, 09:52 PM

hodha wedak
Reply With Quote
(#3)
Old
awantha0159 awantha0159 is offline
Member
awantha0159 is on a distinguished road
 
Posts: 96
Join Date: Sep 2007
05-20-2016, 10:06 PM

bump
Reply With Quote
(#4)
Old
nishanemb's Avatar
nishanemb nishanemb is offline
Senior Member
nishanemb is just really nicenishanemb is just really nicenishanemb is just really nicenishanemb is just really nicenishanemb is just really nicenishanemb is just really nicenishanemb is just really nicenishanemb is just really nicenishanemb is just really nice
 
Posts: 1,709
Join Date: Aug 2011
05-20-2016, 10:23 PM

bump
Reply With Quote
(#5)
Old
ShreddeR's Avatar
ShreddeR ShreddeR is offline
Senior Member
ShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to allShreddeR is a name known to all
 
Posts: 6,783
Join Date: Aug 2014
Location: Lurking behind you!
05-20-2016, 10:25 PM

bump
Reply With Quote
(#6)
Old
Loading...'s Avatar
Loading... Loading... is offline
Senior Member
Loading... has a spectacular aura aboutLoading... has a spectacular aura aboutLoading... has a spectacular aura aboutLoading... has a spectacular aura aboutLoading... has a spectacular aura about
 
Posts: 799
Join Date: Sep 2013
05-20-2016, 10:54 PM

Reply With Quote
(#7)
Old
t.lakmal's Avatar
t.lakmal t.lakmal is offline
Senior Member
t.lakmal will become famous soon enought.lakmal will become famous soon enough
 
Posts: 503
Join Date: Apr 2012
Location: බෝඩිමේ
05-20-2016, 11:28 PM

මහරගම යුත් එකේ ITN එකතු කරනවා
ඕනිම දෙයක් ගන්නවා.
කෑම මම දන්නා විදියට ඇති, ඩේටෝල්, රින්සෝ වගේ දේවල් තමයි මම හිතන්නේ දැන් වටින්නේ ගෙවල් අස් කරන්න හෝදන්න එහෙම මොකද ගොඩක් වතුර දැන් අඩු වෙන හින්ද ?
යට ඇදුම අරවා මේවා තමයි ඕනි කියන්නේ ගොඩක් තැන්වල . නිකම් බොරුවට බිස්කට් ගෙනිහින් දන්නේතුව පුලුවන්නම් ඒ සල්ලි ටික දීපන් ඕවා ගන්න ලැජ්ජනම්
Reply With Quote
(#8)
Old
t.lakmal's Avatar
t.lakmal t.lakmal is offline
Senior Member
t.lakmal will become famous soon enought.lakmal will become famous soon enough
 
Posts: 503
Join Date: Apr 2012
Location: බෝඩිමේ
05-20-2016, 11:35 PM

PickMe සහ ඊ.බී.සී සත්කාරය
ගංවතුරෙන් අවතැන් වුවන්ට සහනාදාර ලබාදීම සඳහා ඔබට PickMe ඇප් එක බාවිත කළ හැක.

මේ සඳහා ඔබ කලයුත්තේ, ඇප් එක තුල ඇති “Flood Aid” බොත්තම තෝරාගෙන, ඔබට එසැනින්ම අදාර කිරීමට හැකිනම් “Book Now” ද, ඔබට පහසු වෙලාවකට පැමිණ ලබාගැනීමට “Book Later”තෝරාගන්න. මින්පසුව නියෝජිතයකු ඔබ අමතනු ඇත
.
Reply With Quote
(#9)
Old
The_Killer's Avatar
The_Killer The_Killer is offline
Senior Member
The_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud ofThe_Killer has much to be proud of
 
Posts: 11,001
Join Date: Jan 2014
Location: 🅽🅲🅻.🅶🅱
05-21-2016, 01:18 AM

මෙන්න එල කොල්ලෙක්. දැන් කඩ්ඩ ටිකක් බැරි උනත් අපේ වීරයන්ට පුළුවන් මේක කියවලා උදව්වක් කරන්න.
Reply With Quote
(#10)
Old
nvhcc89's Avatar
nvhcc89 nvhcc89 is offline
Senior Member
nvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to all
 
Posts: 18,993
Join Date: Feb 2011
Location: ගෙදර/බෝඩිමේ
05-21-2016, 01:30 AM

Bump
Reply With Quote
Reply

Bookmarks

Tags
ආධාර, ගංවතුර, donate, flood, relief

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06064 seconds with 9 queries