ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page AKDට ඡන්ද නැත්තේ ඇයි...? හේතු 50ක් මෙන්න.
Reply
 
Thread Tools
(#21)
Old
aneasarayana's Avatar
aneasarayana aneasarayana is offline
Senior Member
aneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to behold
 
Posts: 3,004
Join Date: Oct 2013
11-04-2019, 06:08 AM

bump
Reply With Quote
(#22)
Old
kolavari's Avatar
kolavari kolavari is offline
Senior Member
kolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to behold
 
Posts: 21,631
Join Date: Aug 2012
Location: කැළෑ පොජ්ජේ
11-04-2019, 09:33 AM

All are written from a bayyas perspective..

Oka single line eken kiyanna puluwan mehema..

'mahinda rajapakshata wirudda nisa' kiyala

Now read it again..
Reply With Quote
(#23)
Old
BINGU_PUTHA's Avatar
BINGU_PUTHA BINGU_PUTHA is offline
Senior Member
BINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to behold
 
Posts: 9,534
Join Date: Apr 2013
Location: canada
11-04-2019, 10:31 PM

bmp
Reply With Quote
(#24)
Old
xcorat's Avatar
xcorat xcorat is offline
Senior Member
xcorat is a name known to allxcorat is a name known to allxcorat is a name known to allxcorat is a name known to allxcorat is a name known to allxcorat is a name known to allxcorat is a name known to allxcorat is a name known to allxcorat is a name known to allxcorat is a name known to allxcorat is a name known to all
 
Posts: 1,254
Join Date: Nov 2015
Location: Lufthansa
11-04-2019, 11:50 PM

bump
Reply With Quote
(#25)
Old
chami2015's Avatar
chami2015 chami2015 is offline
Senior Member
chami2015 is a name known to allchami2015 is a name known to allchami2015 is a name known to allchami2015 is a name known to allchami2015 is a name known to allchami2015 is a name known to allchami2015 is a name known to allchami2015 is a name known to allchami2015 is a name known to allchami2015 is a name known to allchami2015 is a name known to all
 
Posts: 569
Join Date: Jul 2015
11-05-2019, 12:21 AM

Quote:
Originally Posted by giggee View Post
jvp ekata votes naththe. opa dupa kiyawa kiyawa yana unta ratawal bara denne na minissu. anik minissunta waira karanna ugannana unta ratawal karanna ba. hamadama kare kage hari kunu godak hoyagena awith kiyawana eka. eka ithin gam wala inna achilata puluwan Ratak palanaya karanna ohoma ba. Anuraya awurdu 20k parlimet karapu eka wadagath kathawak na hamadama paya ganak kata hari baninawa.Ibrahim tama parliment ekatath gam miris danne.

මෙන්න මේක තමයි ප්‍රධානම හේතුව මාත් හිතන්නෙ. මගේ පෞද්ගලික මතය තමයි, වැඩක් නොකර අරූගෙයි මුගෙයි වාචාල කියව කියව ඉන්න අයට ඡන්දය දෙන්නෙ නෑ කියන එක. මොකද ඒ වගේ එකෙක් බලයට ආවත් කරන්නෙ අර ආණ්ඩුවෙයි මේ ආණ්ඩුවෙයි වැරදි කිය කිය කාලය විනාස කරන එක විරතයි. හරියට වැඩ කරන එකෙක් නම් කියව කියව ඉන්නෙ නෑ දවස තිස්සෙම. අර ආණ්ඩුවෙන් අපිව ණය කන්දකට හිර කරා අපි ඒව දැන් ගෙවනව. එයිට කළින් ආණ්ඩුව රට විනාස කරා ඒ නිසා අපිට කරන්න දෙයක් නෑ කිය කිය ඉන්නෙ නෑ. වැඩක් කරන එකා බලය අතට ගත්ත දවසෙ ඉඳන් ගේම් එකක් ගහල වැඩ කරනව.
Reply With Quote
(#26)
Old
JohnWick's Avatar
JohnWick JohnWick is offline
Senior Member
JohnWick will become famous soon enoughJohnWick will become famous soon enough
 
Posts: 121
Join Date: Apr 2017
11-05-2019, 12:34 AM

Quote:
Originally Posted by kolavari View Post
All are written from a bayyas perspective..

Oka single line eken kiyanna puluwan mehema..

'mahinda rajapakshata wirudda nisa' kiyala

Now read it again..

amen brother


i was gonna comment the same and saw this


jvp voters vote for them for their principles. they don't have enough votes because majority of the people of this country are politically ignorant, and the rest is voting and promoting just for their personal benefit.
Reply With Quote
(#27)
Old
sithija.h's Avatar
sithija.h sithija.h is offline
Senior Member
sithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond repute
 
Posts: 9,454
Join Date: Nov 2008
Location: Matara
11-05-2019, 12:36 AM

BUMP
Reply With Quote
(#28)
Old
xcorat's Avatar
xcorat xcorat is offline
Senior Member
xcorat is a name known to allxcorat is a name known to allxcorat is a name known to allxcorat is a name known to allxcorat is a name known to allxcorat is a name known to allxcorat is a name known to allxcorat is a name known to allxcorat is a name known to allxcorat is a name known to allxcorat is a name known to all
 
Posts: 1,254
Join Date: Nov 2015
Location: Lufthansa
11-05-2019, 01:04 AM

Quote:
Originally Posted by Pessimist View Post
එහෙනං අනුරට ඡන්දෙ නැති වෙන්න තේරුමක් ඇති හේතු ටික කියන්නකො යාලුවේ 1 2 3 කියල ඉලක්කං පිලිවෙලට
Reply With Quote
(#29)
Old
Harvard-Bio Harvard-Bio is offline
Banned
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,898
Join Date: Feb 2016
laugh 11-05-2019, 01:46 AM

Quote:
Originally Posted by xcorat View Post
AKDට ඡන්ද නැත්තේ ඇයි...? හේතු 50ක් මෙන්න.

අවංක ජවිපෙ හිතවාදීන්ගේ ප්‍රශ්නයට පිළිතුරක්...

අනුර කුමාර හොරෙක් නෙමෙයි... කිසිම උසාවියක නඩු නෑ... සැබෑම උගතෙක්... අවංකයි... සංඛ්‍යාලේඛන කට පාඩම්... සුපිරියට කතා කරනවා... ඇයි එයාට ඡන්දේ නොදී මේ හොරුන්ට දෙන්නේ... මේ රටේ මිනිස්සුන්ට පිස්සුද මන්දා..?

මෙය මේ දිනවල සමහරු අවංකවම අසන ප්‍රශ්නයකි. ඊට පිළිතුර කුමක්ද?

ජවිපෙ ක්‍රියාධරයෙකු ලෙස වසර ගණනක් කටයුතු කළ මගේ දැක්මට අනුව ඔහුට ඡන්දය නොලැබීමට බලපාන හේතු කන්දරාවකි. ඒවා පහත පරිදි සාරාංශ කළ හැකිය. අවංකවම ජවිපෙ අවුල ගැන දැනගැනීමට කැමති අය මැදහත් සිතින් විමසා බලත්වා.

1. ජවිපෙ පිළිගන්නා මාක්ස්වාදය ලෝකයේ කිසිදු තැනක වලංගු නොවූ යල්පැන ගිය මතවාදයක් වීම.

2. පක්ෂ අභ්‍යන්තරයට යල් පිනූ මාක්ස්වාදයත්, බාහිර සමාජයට දූෂණ විරෝධයත් දේශනා කරමින් ගෙන යන දෙබිඩි වැඩපිළිවෙළ.

3. 2008දී ජාතික මතවාදය දරන පිරිස් ජවිපෙන් පලවා හැරීම සහ විජාතික කඳවුරේ මතවාදය කරා ජවිපෙ ක්‍රමයෙන් මාරුවීම.

4. උනුත් එකයි මුනුත් එකයි කියමින් ඒ දෙපිලෙන් වඩාත්ම නරක භයානක පිලට 2008 සිටම සහය දැක්වීම.

5. යුද්ධයේ තීරණාත්මක අවදියක් වූ 2008 නොවැම්බර් අයවැය ඡන්ද විමසීමේදී එජාපය හා එක්ව ආණ්ඩුව පැරදවීමට ඡන්දය ලබාදීම.

6. යුද්ධයේ අවසාන මොහොත වන තුරුම ඊට සහය දීම වෙනුවට යුද්ධය කරන ආණ්ඩුව පෙරළීමට උත්සාහ කිරීම.

7. මහින්ද යුද්ධය අවසාන නොකරන බවට අවසාන මොහොත දක්වාම ගෙන ගිය බොරු ප්‍රචාර.

8. යුද්ධයේ අවසාන දින කීපය තුළ බර අවි ප්‍රහාර නතර කිරීම පවා යුද්ධය නතර කිරීමක් බව පවසමින් රට පුරා පත්‍රිකා බෙදා හැරීම.

9. විශ්ව විද්‍යාල තුළ ම්ලේච්ඡ නවකවදයට නායකත්වය දෙමින් සිසු අධ්‍යාපනය කඩාකප්පල් කිරීම.

10. 2010 ජනාධිපතිවරණයේදී සෘජුවම එජාපය හා එක්වෙමින් එජාප අපේක්ෂකයාට සහය පළ කිරීම.

11. 2010 මහ මැතිවරණයේදී එජාපය හා එක්වී තරග කරන්නට දැරූ නිවට උත්සාහය.

12. විජාතික පීල්ලට මාරුවී රටට කළ හතුරුකම් ඔස්සේ 2004දි ජවිපෙට හිමිවූ මන්ත්‍රී ධූර හතලිස් දෙක 2010 වනවිට 6 දක්වා අඩුකරගැනීම.

13. 2010න් පසු රටේ සිදුවූ සංවර්ධන ක්‍රියාදාමයන් සියල්ල අතිශය අවස්ථාවාදී ලෙස විවේචනය කිරීම.

14. හයිවේ හදන්නේ ඇඹුල් තියන් ගේන්නද? නෙළුම් කුළුණ හදන්නේ පැනලා මැරෙන්නද? නැව් එන්නේ නැති වරාය, පොට්සිටි හදන්න රටේ කළුගල් මදි... මහින්ද රට ණය කළෝ... වැනි ද්වේශ සහගත කතා නිතර නිතර කීම.

15. ආනයනික කිරිපිටිවලට බදු පැනවීමට විරෝධය දක්වමින් බහුජාතික සමාගම්වල වුවමනාව ඉටුකිරීම.

16. පාන්පිටිවලට බදු පැනවීමට එරෙහි වෙමින් දේශීය සහල් නිෂ්පාදනය නගා සිටුවීමට බාධා කිරීම.

17. ඇත්ත මෙන් බොරු කියමින් රට රැවටීමට අනුර කුමාර දක්වන දක්ෂතාව.

18. 2010 සිට 2015 දක්වාම රනිල්ට රට ගොදුරු කරදීමේ අරමුණින් විශාල බොරු කන්දරාවක් සමාජගත කිරීම. (මේ බොරු ගැන අවශ්‍ය නම් වෙනම පොතක් ලිවිය හැකිය.)

19. හොරකම දේශපාලනයේ කේන්ද්‍රිය ප්‍රශ්නය ලෙස හුවා දක්වමින් සැබෑ ප්‍රශ්න යටපත් කිරීමට දරන උත්සාහය.

20. 2015 පැවති ජිනීවා සමුළුවේ 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දක්වමින් යහපාලන ආණ්ඩුව කළ පාවාදීමට එරෙහි නොවීම.

21. බටහිර රටවල් ආරක්ෂක හමුදාවන්ට එල්ල කරන යුධ අපරාධ චෝදනාවලට කිසිදු විරෝධයක් නොදැක්වීම.

22. ජිනීවා යෝජනා අනුව පිහිටවූ අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාල පනතට අත ඉස්සීම.

23. රටට එරෙහි බොහෝ අණ පනත් සඳහා ජවිපෙ ඡන්ද හය ලබාදෙමින් පාර්ලිමේන්තුවේ ඒවා සම්මත කිරීම.

24. මහින්දට යගදාවලින් පහර දෙන අතරේ රනිල්ට ඉරටුවලින් පහරදීමේ පිළිවෙත.

25. යහපාලනයෙන් සිදුවන රණවිරු දඩයම ගැන වචනයක් කතා නොකිරීම.

26. යහපාලනය යටතේ සිදුවන බෞද්ධ පුරාවස්තු සංහාරය ගැන වචනයක් කතා නොකිරීම.

27. යහපාලනය යටතේ උතුරු නැගෙනහිර බල්ටි ගසන දෙමළ ජාතිවාදයට එරෙහිව වචනයක් කතා නොකිරීම.

28. ජාතිවාදයට එරෙහි වීම වෙනුවට ඒකීය රටක් එපා කියන ජාතිවාදී සුමන්තිරන්ලා සමග එක්ව උතුරේ මැයි රැළි පැවැත්වීම.

29. විල්පත්තුවේ සිදුවන ජාතිවාදී ජනපදකරණය ගැන කතා නොකිරීම.

30. වසර ගණනාවක් තිස්සේ රට තුළ හිස ඔසවමින් තිබෙන මුස්ලිම් අන්තවාදී අනතුර ගැන වචනයක් කතා නොකිරීම.

31. ඇත්ත ජාතිවාදයන්ට එරෙහි වීම වෙනුවට නැති සිංහල බෞද්ධ අන්තවාදයක් ගැන පමණක් කතා කිරීම.

32. තම එන්ජීඕ සහචරයන් අනුව යමින් සැබෑ ජාතිවාදයට විරුද්ධ වෙන පිරිස් ජාතිවාදීන් ලෙස හංවඩු ගැසීම.

33. පාස්කු ප්‍රහාරය සිදුවන තෙක් මුස්ලිම් අන්තවාදය ගැන වචනයක් කතා නොකළ ජවිපෙ එය සිදුවූ දා සිට එය ගෝඨාභයගේ ගිණුමට බැර කිරීමට උත්සාහ දැරීම.

34. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා කෙනෙක් ජවිපෙ ජාතික ලැයිස්තු සාමාජිකයෙක් වීම.

35. රිෂාඞ්, හකීම්, අසාද් සාලි, හිස්බුල්ලා වැනි ජාතිවාදීන්ට එරෙහි නොවීම.

36. රිෂාඞ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහි විශ්වාස භංගයේදී ඔහු බේරාගැනීමට උප්පරවැට්ටි යෙදීම.

37. කාන්තාවන් වඳ කළ දොස්තර සාෆිගේ ප්‍රශ්නයේදී ජවිපෙ මුළුමනින්ම සාෆි වෙනුවෙන් පෙනී සිටීම.

38. ජේතවනාරාමයේ කුණු පිරවීමට යෝජනා කළ සමනලී ජේවීපී වීම.

39. බුදුන්ගේ රස්තියාදුව ලියූ ගංජා ලේඛකයා ජේවීපී වීම.

40. මද්දුම බණ්ඩාර හුජ්ජ කොල්ලෙක් යැයි කී අලුත් පරපුරු කොල්ලෝ ජේවීපී වීම.

41. බුදුන්ගේ දේශය ස්විස්ටර්ලන්තය යැයි කී සුනිල් පෙරේරා ජේවීපී වීම.

42. ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවලින් දරුවන් හැදීමට යෝජනා කළ යූඇන්පී සන්නස්ගල අද ජේවීපී වීම.

43. මුස්ලිම් අන්තවාදය සාධාරණීකරණය කරමින් නවකතා ලියූ නිශ්ශංක විජේමාන්න අද ජේවීපී වීම.

44. ව්‍යවස්ථාවෙන් බුදුදහමට ඇති ප්‍රමුඛස්ථානය අහෝසි කිරීමට යෝජනා ගෙන ආ ලාල් විජේනායක අද ජේවීපී වීම.

45. මේ ආකාරයේ සියලු වර්ගවල බෞද්ධ විරෝධී, සංස්කෘතික විරෝධී, ජාතිවාදී, බෙදුම්වාදී, එජාප හිතවාදී, එන්ජීඕ මතධාරී සිවල් සමාජ තක්කඩියන් හැටහුටහමාරක් අද ජවිපෙ හිතවාදීන් වීම.

46. රනිල්ගේ යෝජිත රට බෙදන ව්‍යවස්ථාව වෙනුවෙන් කොන්දේසි විරහිතව දැක්වූ සහයෝගය.

47. 20 වැනි සංශෝධන මර උගුල අටවමින් රට අරාජික කිරීමට දැරූ නින්දිත උත්සාහය.

48. හම්බන්තොට වරාය විකිණීම, එට්කා ගිවිසුම, මත්තල විකිණීම ආදියට දැක්වූ විරෝධය ඉතා සීමාසහිත වීම.

49. එහෙත් රනිල්ගේ අගමැතිකම අහිමි වූ අවස්ථාවේ කොළඹ රැළි පිට රැළි තබමින් උසාවි ගාණේ දුවමින් රනිල් බේරාගැනීමට කළ අරගලය.

50. අද ගෝඨාභයට එරෙහිව බාල පොටෝෂොප් එඩිටින් ඇතුළු සියලු ආකාරවල මඩ ගසමින් බොරුව, බොරුව, සහ නැවත නැවතත් බොරුව වපුරමින් ඡන්ද ගැනීමට දරන නින්දිත උත්සාහය.

අනුර කුමාරට හොරකම් චෝදනා, නඩුහබ නැති බව සැබෑය. එහෙත් ඔහුගේ දේශපාලනය හොරකමට වඩා සිය දහස් ගුණයක් භයානක එකකි. එය වෙනස් කරගන්නා තුරු කොතෙක් වංචා දූෂණ ගැන කතා කළත්, කොතෙක් අවංක වුවත්, කොතෙක් කැපකිරීම් කළත් ජවිපෙට ලද හැකි ජයක් නැත. ලැබුණත් එයින් රටට සිදුවිය හැක්කේ විශාල හානියක් පමණි.

ඉසුරු ප්‍රසංග
කානුවේ දේශපාලනය කරන්නන් කුනු කානුවේ දේශපාලනය තමන්ගේ පුද්ගලික කරුණක් ලෙස තබා ගන්නවා විනා එය ඔන් ලයින් ෆෝරම් වල තොරොම්බල් කරන්නට යාම නිසා වමනය යන්නේ කානුවේ දේශපාලනය නොකරන උන්ටය. එක තැනක ජවිපෙ මාක්ස්වාදී කියන මේක ලියපු ගොන් තඩියා ධනවාදයේ ලාංකීය සලකුණ වන රනිලාට ගොදුරු කරන්නට බොරු කියනවායි කියයි. තුනේ පන්තිය සමත් කොලුවෙකුගේ තර්ක ඥනයවත් නොමැති මේ මන්ද බුද්ධිකයාට අනුව සාෆී කාන්තවන් වඳ කොරලාලු- විද්‍යාත්මක සක්කි නම් එකක් වත් නැති ජාතී වාදී නඩයේ විකාර කියවමින් ජාතියේ පැලෝපියා ලෙස විරුදාවලිය ලැබු චන්න ජයසුමන වැනි අමන ජාතීවාදීන් හා එකඟ නොවීම ජවිපෙට චන්ද නොලැබීමට හේතුවක් ලෙස දක්වයි. සන්නස්ගල, සුනිල් පෙරෙරා, සමන්මලී ජවිපේ සපෝටර්ලා වීම ජවිපෙට චන්දය නොදීමට හේතුවක් ලු! අඳෝමැයි, මේක ලිව්ව එකා ඉක්මනින් මනෝ වෛද්‍යප්‍රතිකාර ගන්නේ නම් කාටත් යහපතකි.

ගෝටාගේ පඩි ලැයිස්තුවේ සිටි සහරාන් ගැන මූට මීක් කියවෙන්නේ නැත. කොටින්ට කෝටි ගනන් දී උතුරේ චන්දය වර්ජනය කරවා ගත් අයියා-මලෝ රාජපස්සලා ගැන මොකුත් කියන්නට කට ඇරෙන්නේ නැත. ගොනා වුනු පලියට හයියෙන් උම්බෑ කීම ගොන්නුන්ගෙන් පිරි රටක සැලකිලි ලැබීමට හෙතුවක් වන බව නම් සැබෑය.
Reply With Quote
(#30)
Old
Robinhood wage ekek's Avatar
Robinhood wage ekek Robinhood wage ekek is offline
Senior Member
Robinhood wage ekek is a name known to allRobinhood wage ekek is a name known to allRobinhood wage ekek is a name known to allRobinhood wage ekek is a name known to allRobinhood wage ekek is a name known to allRobinhood wage ekek is a name known to allRobinhood wage ekek is a name known to allRobinhood wage ekek is a name known to allRobinhood wage ekek is a name known to allRobinhood wage ekek is a name known to allRobinhood wage ekek is a name known to all
 
Posts: 17,089
Join Date: Feb 2013
Location: Sherwood වගේ තැනක
Send a message via Skype™ to Robinhood wage ekek
11-05-2019, 04:43 AM

මේවට කතා කරලා වැඩක් නෑ .. මේවා කොටන උන්ම තමන්ගේ හදවතින් දන්නවා කවුද හරි කවුද වැරදි, කවුද හොරු කවුද නැත්තේ, කාගේ පිටිපස්සෙන්ද රට හූරල ලෙවකන්න බලාගෙන ඉන්න පෙරේතයෝ ඉන්නේ කාගේ පිටිපස්සෙන්ද නැත්තේ කියල ඉතින් තමන්ගේ කතිරේ කැමති එකෙක්ට ගහගනින් .. පුළුවන් උන් කතිරේ ගහල ඉක්මනට රටින් පැනපල්ලා. ආයේ ඡන්දෙකදී විතරක් තව හොරෙක් තෝරාගන්න තමන්ගේ සල්ලි වියදම් කරගෙන මේ රටට ඇවිල්ල පලයල්ලා
Reply With Quote
Reply

Bookmarks

Tags
jvp

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05734 seconds with 11 queries