|
Hadaganna Me Hitha - Centigradz -
07-29-2012, 11:31 AM
හදා ගන්න මේ හිත මාගේ
හිනා වෙන්න මා රවටා
දමා යන්නදෝ ලං වූයේ
කියා දෙන්න වරද සොයා
එදා දුන්න ආදර ලෝකේ
හදේ ගැස්ම දෝරෙ ගලා
හමා යන්න මාරුත ගින්නේ
සදා කල්ම අතැර දමා
ඔය තුරුලේ මුදු දෙතොලේ
සුව යහනේ .. හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුන දා නෑ ආයේ එන්නේ.... //
ඒ දෑසේ ඔබ හා මා
උන් කාලේ සිහිවූවා
පායා ආ තරු සිඳුනා
සන්තාපේ මා වෙලුනා
නෑ මා නම් හැඬවූයේ
සංසාරේ රිදවූයේ
ජීවිතයේ සැනසූ ඒ
ආදරයේ අරුමෙද මේ ...... //
ඔය තුරුලේ මුදු දෙතොලේ
සුව යහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුන දා නෑ ආයේ එන්නේ.... //
|