 |
|
 |
Senior Member
|
|
Posts: 1,615
Join Date: Jun 2011
Location: dxb
|
|
ලක් ඉතිහාසයේ ප්‍රථම ගුවන් හමුදා නියමුවරි -
04-12-2018, 01:19 PM
ලක් ඉතිහාසයේ ප්‍රථම ගුවන් හමුදා නියමුවරියෝ
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙරට ස්ථාපිත කර හැටහත් වසරක් ගතවන අවස්ථාවේ මෙරට උගත් ක්‍රීඩා කෞෂල්‍යයෙන් හා වෙනත් විවිධ දක්ෂතාවන්ගෙන් යුත්, තරුණියන් ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට ගුවන් නියමුවරියන් වීමේ අවස්ථාව ලබාදීමට වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල විදීය බණ්ඩාර ජයම්පති මහතා සුවිශේෂ අවස්ථාවක් උදාකර තිබේ.
මෙරට කාන්තාවන්ටද අාඩම්බරයක් විය හැකි පරිදි තොටිල්ල පදවන අතට ලොව විවිධ කාර්යයන් සඳහා කුසලතාවක් දක්වන බවට ලොවට ආඩරම්බරයෙන් හඬ ගා කියන්නට තරම් අවස්ථාවක් අපේ තරුණියන්ට උදාවූයේ ගුවන් හමුදාපති වරයාගේ, සංකල්පයක් මතය.
මෙම භාග්‍යය හිමිකරගන්නට වාසනාව උදාවී ඇත්තේ දකුණු පළාත නියෝජනය කරන මාතර කඹුරුපිටිය ජයනී හේවාපතිරණ (අවු. 21), මධ්‍යම පළාතේ මහනුවර අම්පිටියේ පවිත්‍රා ලක්ෂාණි ගුණරත්න, බස්නාහිර පළාතේ වේයන්ෙගාඩ මුද්දරගම රංගනා තත්සරණි වීරවර්ධන (අවු. 20) සහ ඒකල, කොටුෙගාඩ පියුමි නිමල්කී ජයරත්න (අවු. 21) යන තරුණියන්ය.
මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලය, මාතර සුජාතා බාලිකා විද්‍යාලය, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය යන විදුහල්වලින් උසස් පෙළ විද්‍යා හා ජීව විද්‍යා අංශයෙන් සමත්ව ක්‍රීඩා කෞෂල්‍යයෙන් ඉහළ මට්ටමකට පැමිණි ඉංග්‍රීසි භාෂාව කතා කිරීම හා හැසිරවීම මෙන්ම ලිවීමද මැනවින් ප්‍රගුණ කළ මෙම ආධුනිකාවන්ට ගුවන් නියමුවරියන් වීම සඳහා අවශ්‍ය පුහුණුව ත්‍රිකුණාමලේ චීන වරයායේ ගුවන් හමුදා විද්‍යා පීඨ පරිශ්‍රයේ පිහිටා තිබෙන අංක 01 පියාසර පුහුණු පක්ෂාංග ඒකකයේදී ලබාදෙනු ලබයි.
ලෝකයේ කාන්තා ගුවන් නියමු වරියන් සිටින ජපානය, ඉන්දියාව, පකිස්තානය, චීනය වැනි රටවල් අතරට එක්වූ ආසියාතික රටක් වශයෙන් ශ්‍රී ලංකාවද ඉතිහාසයට එක්වූහ.
ගුවන් නියමුවෙකු ලෙස පුහුණුව ලබන්නට විදෙස් ගුවන් නියමු පුහුණු ආයතනයකට යන්නේ නම්, ඒ සඳහා වැයවන මුදල රුපියල් කෝටි පහකට ආසන්න වෙයි. එහෙත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සම්පූර්ණ පිරිවැය දරමින් ප්‍රථම වරට බඳවාගත් ආධුනික ගුවන් නියමුවරියන්ට සියලු දීමනා, ආහාර, නාවාතැන් සහ මාසික වැටුපද ලබාදී විශේෂ පුහුණු උපදේශකයන් මඟින් මෙම විශේෂ පුහුණුවක්ද ලබාදීම මෙහි සුවිශේෂත්වයකි.
මෙරට ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන අපේ රටේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය වැනි ආයතන රට ආරක්ෂා කිරීමටත් රටේ ජනතාව මෙන්ම රාජ්‍ය දේපළ ජනතා ජීවිත ආරක්ෂා කිරීමටත් බැඳී සිටියි.
මෙම ආධුනික ගුවන් නියමු වරියන්ද මේසා ඇති විශාල ජනතා මුදලක් වැයකරමින් පුහුණු කරවා ගුවන් නියමුවරියන් බවට පත් කරවන්නේ ‘බෝනික්කියන්’ ලෙස ප්‍රදර්ශනයට තබා ගන්න නොවන බව මෙරට ජනතාව මැනවින් දනිති.
මෙරටට විවිධ අවස්ථාවලදී ඇතිවන කාලගුණික විපත්වලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව එහි ගුවන් නියමුවන් ගුවන් යායා, හෙලිකොප්ටර් යානා හා සියලු නිලයන් දිවා රාත්‍රී වෙහෙසුණහ. ස්වභාවික විපත්වලින් අසරණ වූ ජනතාව මුදවා ගන්නට සිදු කළ මෙහෙයුම් මාධ්‍යවේදීන් ලෙස අපි ද දැක ඇත්තෙමු.
තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධයක රට ගිලී සිටි අවදියේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන්, ගුවන් යානා මෙන්ම සෙසු නිලයන් ජීවිත පුදා සිදුකළ මෙහෙයුම් ජනතාවට අමතක නැත.
ගුවන් යානා හා හෙලිකොප්ටර් යානා වැනසෙද්දී ගුවන් නියමුවන්ට පවා ජීවිත අහිමි කරමින් සිදුවූ විනාශයන් ශ්‍රී ලාංකිකයෙකුට කිසිදා අමතක නොවේ. එවන් මහා විපත් අවස්ථාවේදී අපේ ශ්‍රී ලාංකික ගුවන් නියමුවන් ගුවන් හමුදාවේ යානා මඟින් සිදුකළ සේවාව ශ්‍රී ලාංකීය ජනතාව නිරන්තරයෙන් සිහිපත් කරති.
එවන් යුගයක් යළි උදා නොවුණත් දක්ෂතාව කැපවීම හා ආත්ම ශක්තිය අධිෂ්ඨාන සහිත තරුණ පිරිසක් අපේ ගුවන් හමුදාවට ඇවැසිය. ඒ තරමටම අප රටට ගුවන් නියමුවරුන් මෙන්ම ගුවන් නියමුවරියන්ද අවශ්‍යයි.
එම අවශ්‍යතාව සපුරාලමින් තම ධුර කාලය තුළදී රටටත් ජනතාවටත් ගුවන් හමුදාවටත් දැනෙන යමක්, ප්‍රයෝජනවත් යමක් තවත් වසර ගණනාවකට ඉදිරියටත් අනාගතයටත් කතාබහට ලක්කළ හැකි කාර්යයක් ශ්‍රී ලාංකිකයකු ලෙස උපන් රට ‘ණය නැති’ මෙහෙවරක් ඉටු කරන්නට වත්මන් ගුවන් හමුදාපතිවරයා ගත් ක්‍රියාමාර්ගය පැසසිය යුතුය.
කැමැත්ත ඇතත්, තමන්ට යම්කිසි තනතුරකට පැමිණ රටට දැනෙන මෙහෙවරක් ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට අපේක්ෂාවෙන් සිටින සුළු පිරිසකට හෝ ඒ සඳහා අවස්ථාව ලබාදීම ඉතා වටිනා කටයුත්තකි.
තමන්ගේ ගුවන් හමුදාපති ධුර කාලය තුළදී ශිත කළ කාමරයකට ගාල්වී හතර වටේ නිලධාරීන් යොදවා ඔවුන්ගේ උපදෙස් හා අදහස් පරිදි වැඩ කරනවාට වඩා, රජයේ ප්‍රධානීන්ගේද සහාය ලබාගනිමින් ඔවුන්ට රටේ ජනතා ප්‍රසාදය හිමි වන යමක් කළ හැකි රාජ්‍ය නිලධාරියෙකු වේද ඔහු කෙදිනක හෝ මෙලොව හැර ගියත්, ඔහුගේ නම සදානුස්මරණීය වනු ඇත.
එවන් අදහසක් සිත්හි රඳවා ගනිමින් තමන්ෙග් ධුර කාලය තුළදී තම සංකල්පයක් වූ මෙරට ප්‍රථම ගුවන් නියමුවරියන් රටට හඳුන්වා දීමට වත්මන් ගුවන් හමුදාපතිවරයා ආරම්භ කළ මෙහෙවර නිසාම අපේ රටේ උගත් දක්ෂ තරුණියන් 08 දෙනෙකුට ඉතා නුදුරේදීම ශ්‍රී ලාංකීය ගුවන් තලයේ වලාකුළු සිසාරා තමන්ම පදවන ගුවන් යානයකින් ගුවනට යාමට අවස්ථාව උදාවී තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ අංක 01 පියසර පුහුණු පක්ෂාංග මධ්‍යස්ථානයේ අණ දෙන නිලධාරී වින්ග් කමාන්ඩර් පූජිත ගුණතිලක මහතාගේ විශේෂ අධීක්ෂණය යටතේ ස්කොඩ්රන් ලීඩර් ගයාන් බෝවත්ත (නිලධාරී අණදෙන මූලික පුහුණු භාර) මහතා ආධුනික ගුවන් නියමුවරියන් පුහුණු කරවීමේ කාර්යභාරය සඳහා පත්ව සිටී.. එම කටයුතුවලදී ගුවන් ගමන් පාලක (එයාර් ට්‍රැෆික් කොන්ට්‍රෝල් - Air Traffic Control) ස්කොඩ්රන් ලීඩර් අමිල කරුණාරත්න මහතා මෙන්ම ගුවන් හමුදාවේ ඉංජිනේරු අංශයේ නිලධාරීන්ද සුවිශේෂී වූ කාර්ය භාරයක් ඉටුකරන බව අපි දුටුවෙමු.
පුද්ගලිකත්වයට වඩා, රටේ යහපත, රටට ගෞරවය ලබාදීම සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේම වගකීමකි. එම වගකීම කුමන අංශයකින්, කුමන තරාතිරමකින් කුමන නිලයකින් හෝ ඉටුකරන්නේ නම් ඔහු හෝ අැය දේශමාමක පුත්‍රයෙකි, දේශමාමක දියණියකි.
ගුවන් හමුදාවක සේවය රටට අත්‍යවශ්‍ය වෙයි. ජල ගැලීම්, නාය යෑම්, සුළි සුළං විපත්, වනාන්තර ගිනි ගැනීම්, මුහුද ගොඩගැලීම් (සුනාමි විපත්) වැනි අවස්ථාවන්හිදී ගුවන් නියමුවන් ඉටුකරන මෙහෙවර අති විශේෂය.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසෙය් රන් අකුරින් ලියැවෙන මෙරට ප්‍රථම ගුවන් හමුදා නියමුවරියන් (වුමන් එයාර් පයිලට් - Women Air Pilot) සිවු දෙනා ලෙස නම් කළ හැකි ගුවන් නියමු පුහුණුව ලබන යොවුන් තරුණියන් සිවුදෙනා ලොවට කියාපාන්නේ ලෝකයේ අනෙකුත් රටවල කාන්තාවන්ට මෙන් තමන්ටද ජීවිතයේ ඕනෑම අභියෝගයක් බාර ගැනිමින් ඕනෑම රැකියාවක් කිරීමේ ධෛර්යය ශක්තිය හා ආත්ම විශ්වාසය ඔවුන් සතුව ඇති බවයි.
ප්‍රථම ගුවන් නියමුවරියන් ලෙස පුහුණුව ලබන ආධුනික ගුවන් නියමුවරියක වන මාතර, කඹුරුපිටියේ ජයනී හේවාපතිරණ (අවු. 21) මෙනවිය ඉරිදා ලංකාදීපයට අදහස් දක්වමින් මෙසේ කීවාය.
දකුණු පළාතෙන්ම ගුවන් නියමුවරියක් ලෙස පුහුණුව ලබා ගැනීමට මට ගුවන් හමුදාවට එක් වීමට ලැබීම ගැන මා අතිශයින්ම සතුටට පත්වනවා. මාතර සුජාතා බාලිකා විදුහලෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය ගණිත අංශයෙන් සමත්වී පාසලෙන් ඉවත් වූ පසු මම ගුවන් නියමු තනතුර සඳහා ඉල්ලුම්පත්‍ර දැම්මා. මට සම්මුඛ පරීක්ෂණයට කැඳවීම් ලැබී සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත් වී එයින් සමත් වී ආධුනික ගුවන් නියමුවරියක් ලෙස පුහුණුව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඇරයුම් ලැබුණා. සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූ 46ක් අතරින් තේරී පත්වුණේ අප පමණයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වී ආධුනික ගුවන් නියමුවරියක ලෙස පත්වන්නට තමන්ට අවස්ථාව උදාවූයේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල වීදිය බණ්ඩාර ජයම්පති මහතා නිසයි.
එතුමාගේ සංකල්පයක් මත ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කාන්තා ගුවන් නියමුවරියන්ගේ එ්කකයක් ස්ථාපිත කිරීම නිසයි.
වත්මන් ගුවන් හමුදාපතිවරයාටත් ජනාධිපතිතුමන්ටත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාටත් තම ප්‍රණාමය පුදකරන බවද ඇය සඳහන් කළාය.
වත්මන් රජය කාන්තාවන්ට ගුවන් නියමුවරියන් ලෙස ගුවන් හමදාවට එක්වී පුහුණුව ලබාදීමට ගත් තීරණය මෙරට කාන්තාවන්ට නිසි තැන හිමිකර දීමේ එක් පියවරක් ලෙස තමන් දකින බවද ආධුනික ගුවන් නියමු ජයනි හේවාපතිරණ මෙනවිය අප හා පැවසුවාය.
වසර 2020 වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බඳවා ගත් මෙම ආධුනික ගුවන් නියමුවරියන් ශ්‍රී ලාංකීය ගුවන් තලයේ තම ගුවන් යානා හසුරුවමින් පියාඹනු දැක ගන්නට ශ්‍රී ලාංකීය ජනතාවට අවස්ථාව උදා වෙනු ඇත.
චීන වරාය (ත්‍රිකුණාමලය) ගුවන් හමුදා විද්‍යාපීඨ පරිශ්‍රයේ පිහිටා තිබෙන පියාසර පුහුණු පක්ෂාංග මධ්‍යස්ථානයෙන් මේ වන විට ගුවන් නියමුවන් (පයිලට්) 300ක පමණ පිරිසක් සාර්ථක ලෙස ගුවන් නියමු පුහුණුව ලබා ඇති බවත් කාන්තා ගුවන් නියමුවරියන් පුහුණු කිරීම ආරම්භ වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම අවස්ථාවට බවත් ගුවන් හමුදාවේ ෙජ්‍යෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ගුවන් නියමුවන්ගේ තොටිල්ල (Card-leaf Military Aviators) වශයෙන් හඳුන්වන චීන වරාය ගුවන් හමුදා කඳවුර සංකීර්ණය මෙරටට දායක කරනු ලැබුවේ ඉංග්‍රීසි පාලකයන් Royal Air Force හෙවත් රාජකීය ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමඟය.
ජා-ඇල - ඒකල - කොටුගොඩ පියුමි නිමල්කී ජයරත්න මෙනවිය (අවු. 21) ආධුනික ගුවන් නියමුවරියක ලෙස ගුවන් හමුදාවට එක්වී පුහුණුව ලබන්නීය. මේ ගැන ඇගේ අදහස මෙසේය.
මම පුංචි කාලේ ඉඳන්ම ගුවන් හමුදාවට බැඳෙන්න ආශාවෙන් හිටියා. මගේ පියා ගුවන් හමුදාවේ බලලත් නිලධාරියෙකු ලෙස සේවය කර දැනට විශ්‍රාම ලබා සිටිනවා. කොළඹ කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන් හා ගම්පහ රත්නාවලී බාලිකා විදුහලෙන් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයෙන් සමත් වුණා. රටට සේවයක් කළ හැකි ගෞරවනීය හමුදාවක් වූ ගුවන් හමුදාවේ සේවයට අපේ උගත් තරුණියන් එක්විය යුතුයි. රට වෙනුවෙන් ගෞරවනීය සේවයක් කිරීම සඳහා මටත් අවස්ථාව උදා වුණා.
වේයන්ගොඩ, මුද්දරගම රංගනා තත්සරණී වීරවර්ධන (අවු. 20) මෙනවියද තම අදහස් දක්වමින්.
මගේ මවයි පියායි දෙන්නාම ගුවන් හමුදාවේ සේවය කළා. ඔවුන් දැන් විශ්රාමයි. ගම්පහ ශ්‍රී බෝධි විදුහලෙන්, වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව ගම්පහ රත්නාවලී බාලිකා විදුහලට ඇතුළත් වී විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වූවා.
කුඩා කල සිට ගුවන් හමුදාවට බැඳීමට තිබූ ආශාව නිසා ගුවන් නියමුවරියන් බඳවා ගැනීමේ අවස්ථාවට ඉල්ලුම් පත්‍ර යොමු කළා. සම්මුඛ පරීක්ෂණවලට කැඳවීම් ලැබී ඒවාට ඉදිරිපත් වී අවසානයේ සම්මුඛ පරීක්ෂණවලින් තේරීමෙන් පසු ආධුනික ගුවන් නියමුවරියක් ලෙස පුහුණුවට එක්වීමට අවස්ථාව උදා වුණා.
මට මේ අවස්ථාව ලැබුණේ රජයත්, වත්මන් ගුවන් හමුදාපතිතුමාත් ශ්ර්රී ලංකා ගුවන් හමුදාවට ගුවන් නියමුවරියන් බඳවා ගැනීමට ගත් තීරණය නිසයි. එම නිසා රජයටත් ජනාධිපතිතුමාටත් ගුවන් හමුදාපතිතුමාටත් ප්‍රණාමය පුද කරනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් නියමුවරියන් සිවුදෙනා අතරට එක්වීමට තමන්ට අවස්ථාව උදාවීම සම්බන්ධයෙන් තමන් දැඩි සතුටට පත්ව සිටින බවද ආධුනික ගුවන් නියමුවරියකු වන රංගනා සත්සරණී වීරවර්ධන මෙනවිය අවසාන වශයෙන් පැවසුවාය.
දේශපාලනඥයන් හා ඔවුන්ගේ ඥාතීන් පරපුර නඩත්තු කිරීමට මහජන මුදල් රුපියල් කෝටි ගණන් බිලියන ගණන් වැය කරද්දී රටේ ඇති වන යම් යම් ස්වභාවික ව්‍යසන අවස්ථාවන්ට ගුවන් හමුදා සහාය ලබාගැනීම සඳහා තව තවත් ගුවන් නියමුවන් නියමුවරියන් රටට අවශ්‍යව තිබේ.
ඉන්දියාවේ ගුවන් හමුදාවේ මේ වන විට ගුවන් නියමුවරියන් සංඛ්‍යාව 20 දක්වා වර්ධනය වී තිබෙන අතර, ඔවුන් අතරින් විශේෂ ප්‍රහාරක ගුවන් නියමුවරියන්ද සිටින බව ඉන්දීය ගුවන් හමුදාව අන්තර්ජාල තොරතුරු ඔස්සේ අනාවරණය කරයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවද ජාත්‍යන්තර තත්ත්වයට ගෙන ඒම සිදුවිය යුතුය.
එහි ප්‍රථම මූලික අදියර ලෙස ප්‍රථම වරට ගුවන් නියමුවරියන් පුහුණු කිරීෙම් කාර්යභාරය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරම්භ කිරීම සතුටට කරුණකි.
මහනුවර අම්පිටියේ පවිත්‍රා ලක්ෂාණි ගුණරත්න මෙනවියද (අවු. 21) ආධුනික ගුවන් නියමුවරියක ලෙස පුහුණු වෙමින් සිටින්නීය.
පුංචි කාලයේ ඉඳලා ‘පයිලට්’ කෙනෙකු වීමේ අාශාවක් මට තිබුණා. එ් අාශාව දැන් ඉෂ්ට කර ගන්න මට අවස්ථාව උදාවී තිබෙනවා. මහනුවර හිල්වුඩ් බාලිකා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලට ඇතුළත් වූවා. අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් මත් වූවා. ගුවන් හමුදාවේ ගුවන් නියමු තනතුරට ඉල්ලුම්පත්‍ර දාලා සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත්වී ඒ සම්මුඛ පරීක්ෂණවලින් සමත්වෙලා ගුවන් නියමු පුහුණුව සඳහා තේරී පත්වූවා.
ඉදිරි කාලයේදී සාර්ථකව පුහුණුව නිමා කර ගුවන් නියමුවරියක ලෙස ගුවන් හමුදාවට එක්වී රටට සේවය කිරීම මගේ අරමුණයි. ගුවන් නියමුවරියක හැටියට පුහුණුව ලබලා ඒ තනතුරට පත්වීම සඳහා රුපියල් කෝටි දෙකක පමණ මුදලක් වැයවනවා.
නමුත් අපේ වාසනාවට ගුවන් හමුදාපතිතුමගේ සංකල්පයක් මත ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රථම වතාවට ගුවන් නියමුවරියන් පුහුණු කිරීමේ වැඩසටහන ආරම්භ කළා. ඒ තුළින් මගේ දක්ෂතා ඉදිරිපත් කර මට ගුවන් නියමුවරියක වීමේ අවස්ථාව උදාවුණා. ඒ පිළිබඳව මම ගුවන් හමුදාපතිතුමාටත් රජටයත් මගේ ස්තූතිය පුද කරනවා. ඇත්තටම අද අපි හතර දෙනාට නොමිලේම ගුවන් නියමුවරියන් ලෙස පුහුණු වීමේ අවස්ථාව උදාවී තිබෙනවා. අපට මේ වන විට වැටුප් දීමනා සියලු පහසුකම් මෙන්ම විශේෂ ආරක්ෂාවක් ද ලැබී තිබෙනවා. ඒ සම්බන්ධව ගුවන් හමුදාවේ සැමටත් ස්තූතිය පුද කරනවා.
අනාගතයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව කාන්තා ගුවන් නියමුවරියන් 10 දෙනෙකුගෙන් යුත් පියාසර බළ ගණයක් බවට පත් වී ලෝකයේ දියුණු රටවල පුහුණුවද ලබාගෙන ජාත්‍යන්තරයේ පිළිගැනීමකට ලක්වූ ගුවන් හමුදාවක් බවට ශ්‍රී ලංකා ගුවන් හමුදාව පත්වේවායි අපේ පැතුමයි.
මෙම ලිපිය සැකසීමට සහය ලබාදුන් ස්කොඩ්රන් ලීඩර් ගයාන් බෝවත්ත, නිශ්ශංක ශ්‍රී මායාදුන්න යන මහත්වරුන්ට ස්තූතිය පුද කරන්නෙමු.
සටහන :
ජේ. ඒ. එල්. ජයසිංහ
ඡායාරූප : තෙල්දෙණියේ
චන්දන උඩුවාවල
|
 |
Senior Member
|
|
Posts: 154
Join Date: Jul 2010
Location: Melbourne, Australia
|
|
04-12-2018, 01:22 PM
good post
|
 |
Senior Member
|
|
Posts: 8,493
Join Date: Jan 2012
Location: Colombo
|
|
04-12-2018, 02:21 PM
TFS
|
Senior Member
|
|
Posts: 24,986
Join Date: Jun 2009
Location: Seeduwa
|
|
04-12-2018, 03:18 PM
bp
|
 |
Senior Member
|
|
Posts: 4,607
Join Date: Oct 2008
Location: තමාගෙම ලෝකේ තමා
|
|
04-12-2018, 03:20 PM
patta
|
 |
Senior Member
|
|
Posts: 1,615
Join Date: Jun 2011
Location: dxb
|
|
04-12-2018, 05:15 PM
bump
|
Member
|
|
Posts: 76
Join Date: Oct 2015
|
|
04-12-2018, 05:23 PM
Bump
|
 |
Senior Member
|
|
Posts: 37,715
Join Date: Sep 2016
Location: කුරුණෑගල
|
|
04-12-2018, 05:36 PM
tfs
|
 |
Senior Member
|
|
Posts: 1,615
Join Date: Jun 2011
Location: dxb
|
|
04-15-2018, 02:33 PM
bump
|
 |
Senior Member
|
|
Posts: 28,437
Join Date: Dec 2013
Location: 🆆🅴🆂🆃නාහිර
|
|
04-15-2018, 03:17 PM
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
|