 |
|
 |
Senior Member
|
|
Posts: 8,716
Join Date: May 2007
|
|
මිනීමරුවො අල්ලන News -
08-12-2016, 10:20 AM
ශ්‍රී රංගා අත්අඩංගුවට ? : සැරයන් මැරුවාදැයි සැකයක්
රිය අනතුරක් සිදු කර සිය ආරක්ෂකයෙකු මියගිය පසු ඔහු විසින් එම රථය පදවා අනතුරකට ලක්වු බව සදහන් කරමින් ව්‍යජ පොලිස් සටහන් තැබිමේ සිද්ධියකට හිටපු පාරිලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
අදාළ, සිද්ධිය වසර පහකට වඩා පැරණි එකක්වීම නිසා මෙසේ නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව පැවසේ.
එම අනතුර 2011 වසරේ මාර්තු 30 වැනිදා සවස සිදුව ඇති අතර එහිදී මෝටර් රථයේ සිටි පොලිස් සැරයන්වරයෙක් මරණයට පත්ව තිබිණි.
සැරයන් මැරුවාදැයි සැකයක්
කෙසේවුවද, මේ රිය අනතුර අදාළ රිය අනතුරෙන් මරණයට පත් සැරයන්වරයා මරා දැමීමට සිදු කළ එකක්ද යන්න පිළිබඳවද මේවන විට පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.
එහිදී මියගියේ ශ්‍රී රංගාගේ ආරක්ෂකයෙක් ලෙස කටයුතු කල පුෂ්පකුමාර (36759) නැමැති සැරයන්වරයාය.
කෙසේවුවද අදාළ අනතුර සිදුවූ අවස්ථාවේදී පොලිසිය කියා සිටියේ සැරයන්වරයා විසින් වාහනය පදවන ලද බවය.
සැරයන්වරයාගේ වරදින් අනතුර සිදුවී ඇති බව පෙනී යන බවද පොලිසිය පවසා තිබිණි.
ශ්‍රී රංගා මහතාට මෙහිදී සීරීමක් හෝ සිදු නොවීය.
මෙම සැරයන්වරයාගේ බිරිද කලකට පසුව පොලිස් මූලස්ථානයට ගොස් පැමිණිල්ලක් කරමින් කියා සිටියේ සිය සැමියා වාහනය පදවා නැති බවත් වාහනය පදවා ඇත්තේ මන්ත්‍රීවරයා විසින් බවත්ය.
සැමියාගේ මරණය හේතුවෙන් තමන්ටත් දරුවන්ටත් ජීවත්වීමට නිවසක් ඉදිකිර දෙන බව එදා මන්ත්‍රීවරයා පොරොන්දුවූවත් එම පොරොන්දුව පවා ඉටුනොකල බව සැරයන්වරයාගේ බිරිද පොලිස් මූලස්ථානයට පැමිණිලිකරමින් සදහන්කර තිබේ.
ඒ සම්බන්ධයෙන් යම් විමර්ශනයක් පවත්වන ලෙස හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකොන් මහතා උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිල්ල යොමුකර ඇත.
පසුව එම පැමිණිල්ල වව්නියාව නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඉදිරිපත් වී තිබේ.
එම පැමිණීල්ල සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ අනතුර සිදුවන විට මෝටර් රථය පදවා ඇත්තේ මිය ගිය සැරයන්වරයා නොවන බවය.
වාහනය තාප්පයේ ගැටීමෙන් හානිවන්නේ පත්වන්නේ වාහනයේ වම් පස බවත් රියදුරු අසුන පැත්ත හානිවී නැති බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.
වාහනය පැදවූයේ සැරයන්වරයා නම් ඔහුට කිසිදු හානියක් නොවන බවත් හානි සිදුවිය යුත්තේ වම්පස අසුනේ ගමන්කල බව කියන මන්ත්‍රීවරයාට බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.
මෙම අනතුරින් පසු එවකට සිටි පොලිස්පති මහින්ද බාලසූරිය මහතා තමන්ට ලබාදුන් නියෝගයකට අනුව මන්ත්‍රීවරයාව පොලිස් ආරක්ෂාවක් සහිතව කොළඹට රැගෙන ගිය බව සෙට්ටිකුලම පොලිසියේ එකල ස්ථානාධිපතිවරයාව සිටි නිලධාරියාද කටඋත්තරයක් ලබාදෙමින් පවසා තිබේ.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ඇමති ආරක්ෂක අංශයේ නිළධාරීන් තවත් කිහිප දෙනෙක් එම මෝටර් රථයේ ගමන්කරමින් සිට ඇත.
ඒ අයද එකල පොලිසියට කටඋත්තර දෙමින් සදහන්කර ඇත්තේ වාහනය පදවන ලද්දේ සැරයන් වරයා විසින් බවය.
එම නිළධාරීන් දැන් පවසන්නේ බලපෑම් මත තමන්ට එවන් කටඋත්තරයක් ලබාදීමට සිදුවුණු බවය.
මෙම අනතුරවීමත් සමග සෙට්ටිකුලම රෝහලේ කාර්ය මණ්ඩලයද පාරට පැමිණ ඇති අතර එසේ පැමිණි රෝහල් සේවකයන් අතර සිටි රෝහල් සාත්තු සේවකයෙක් සාක්ෂි ලබාදෙමින් සදහන්කර ඇත්තේ සැරයන්වරයා සිටියේ වම් පස අසනයේ බවය.
එම පැත්තේ දොර කඩා ඔහුව පිටතට ගත්තේ තමන් බවද ඔහු ප්‍රකාශයක් පොලියට ලබාදී ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් එකල පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තාකර ඇත්තේ සෙට්ටිකුලම පොලිසියේ සැරයන්වරයෙකි.
ඉහළ නිලධාරීණ්ගේ බලපෑම් මත වාහනය පදවන ලද්දේ සැරයන්වරයා බව අධිකරණයට කරුණු වාර්තා කරන්නට සිදුවුණු බව ඔහුද මේ වන විට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇතැයි වාර්තා වේ.
- http://www.sinhala.srilankamirror.co...em/15797-ranga
|
 |
Senior Member
|
|
Posts: 8,716
Join Date: May 2007
|
|
08-12-2016, 10:22 AM
තාජුඩීන් සිදුවීම පමණක් නිරීක්ෂකයන් නැතිව තීන්දු කරලා
විජයානි එදිරිසිංහ
2012 වසරේ මැයි මස සිට මේ දක්වා මාරක රිය අනතුරු තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇති අතර එම අනතුරු අතරින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂකයන් කැඳවා නැති එකම රිය අනතුර 2012 මැයි 17 දින සිදුවූ ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළ අනතුර බව අනාවරණය වේ.
නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල එම අනතුර සිදුවී තිබුණි. වසීම් තාජුඩීන්ගේ මරණය පසුව ඝාතනයක් බව රහස් පොලිසිය මගින් හෙළිකර ගනු ලැබුවත් 2012 එම සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය තීරණය කර තිබුණේ තාජුඩීන්ගේ මරණය මාරක රිය අනතුරකින් සිදුවූ මරණයක් බවයි.
මාරක රිය අනතුරකට භාජනය වූ වාහන අනිවාර්යයෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂකවරයකු ලවා පරීක්ෂාවට ලක්විය යුතු බව රථවාහන ආඥාපනතට අදාළ නීතියක් ඇත. එහෙත් තාජුඩීන්ගේ මරණය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ නාරාහේන්පිට පොලිසිය තාජුඩීන් ගමන්ගත් වාහනය පරීක්ෂාවට මෝටර් රථ පරීක්ෂකවරයකු කැඳවා නොමැති බව අනාවරණය වී ඇති බව රහස් පොලිසිය අධිකරණයට ද දැනුම්දී ඇත. තාජුඩීන් සිය මෝටර් රථය අධික වේගයෙන් පැමිණි නිසා ම මාරක රිය අනතුර සිදුවී රථය ගිනිගෙන පිළිස්සී ඇති බව නාරාහේන්පිට පොලිසිය 2012 වසරේදී අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
මෙම අධික වේගය අනිවාර්යයෙන්ම මෝටර් රථ පරීක්ෂකවරයකුගේ පරීක්ෂාවට ලක්වී ඔහු විසින් සකස් කරන වාර්තාවෙන් මිස විමර්ශන නිලධාරීන්ට තීරණය කළ නොහැකි වෙයි.
එහෙත් තාජුඩීන්ගේ රිය අනතුරට අදාළ මෝටර් රථ පරීක්ෂණ වාර්තාවක් නොමැතිව එම මරණය රිය අනතුරකින් සිදුවූවක් බව තීරණය කර තිබූ නිසා තාජුඩීන් ඝාතනයට අදාළ තොරතුරු හිතාමතාම පොලිසිය විසින් යටගසා ඇති බව මීට පෙර රහස් පොලිසිය විසින් අධිකරණයට ද දැනුම්දී තිබුණි. මේ සම්බන්ධව නාරාහේන්පිට පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා කිහිප අවස්ථාවක්ම රහස් පොලිසිය වෙත කැඳවා ප්‍රශ්න කර තිබිණි. එහිදී රහස් පොලිසිය අනාවරණය කරගෙන තිබුණේ එම පොලිස් නිලධාරියාට උසස් නිලධාරින්ගේ බලපෑම මත තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව ව්‍යාජ සටහන් යෙදීමට සිදුවූ බවයි.
- http://www.dinamina.lk/?q=2016/08/11/20764
|
 |
Senior Member
|
|
Posts: 8,716
Join Date: May 2007
|
|
08-12-2016, 10:24 AM
අධිකරණයටත් හොරෙන් අනුර සේනානායක රෝහල්ගතවෙලා
ප්‍රසිද්ධ රගර්ක්රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ දෙවැනි සැකකරුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට හිටපු ක්‍රයිම් ඕඅයිසී සුමිත් චම්පික පෙරේරා ලබන 24 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (10) නියෝග කර තිබේ.
අනුර සේනානායක මහතා උසාවියේ කිසිදු අවසරයකින් තොරව කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන බවත් උසාවියේ අවසරයකින් තොරව එවැනි වාට්ටුවකට පැමිණියේ කෙසේදැයි සොයා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය ජාතික රෝහල් අධ්‍යක්ෂකට නියෝග කර ඇත.
එසේම ඔහුගේ අසනීප තත්ත්වය සඳහා අවැසි ප්‍රතිකාර බන්ධනාගාර රෝහලේ ඇත්දැයි සොයා බලන ලෙසද බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කර තිබේ.
මේ අතර සිය දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගීවීමට අවසර දෙන ලෙස අනුර සේනානායක මහතාගේ නීතිඥවරයා උසාවියෙන් අවසර ඉල්ලා සිටි ඇති නමුත් අධිකරණයට ඊට අවසර ලබා දී නැත.
- http://www.lankatruth.com/site/index...B6%BD%E0%B7%8F
|
 |
Senior Member
|
|
Posts: 8,716
Join Date: May 2007
|
|
08-16-2016, 12:30 AM
ලසන්ත ඝාතකයන් හඳුනාගන්න උපාලි යළි දිවයිනට
‘රිවිර’ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තර ලබා දීම හා අදාළ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට සහභාගී වීම සඳහා තෙන්නකෝන් මහතා ළඟදීම මෙරටට පැමිණීමට නියමිතය. මෙම විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා තෙන්නකෝන් මහතාගේ ප්‍රකාශය අවශ්‍ය හෙයින් ඔහු මෙරටට කැඳවීම සිදු කර තිබේ.
ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික සැරයන් ප්‍රේම් දයානන්ද උදලාගම, රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධියට ද සම්බන්ධ බවට මේ වන විට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
අත්තිඩියේ මලගල පාසල ඉදිරිපිට දී වික්‍රමතුංග මහතාව ඝාතනය කිරීමට දින කිහිපයකට පසු එනම් 2008 ජනවාරි 23 වන දින ගම්පහ ඉඹුල්ගොඩ දී තෙන්නකෝන් මහතාට පහරදීම සිදු කර තිබිණි. වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ විමර්ශනය සිදු කිරීම 2009.12.12 දින පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබූ නමුත් මෙම පරීක්ෂණ කටයුතු එවකට යටපත් කෙරිණි.
තමාට එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙන් තෙන්නකොන් මහතා සහ එම බිරිඳ ජීවිත ආරක්ෂාව පතා ඇමෙරිකා එක්සත් ජනපදයට ගොස් සිටි අතර එම ආණ්ඩු පෙරළියෙන් පසුව එම විමර්ශන කටයුතු යළි ආරම්භ වුව ද තෙන්නකෝන් මහතා විදේශගතව සිටීම මත ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකිව තිබිණි. ඒ අනුව ඔහු මෙරට කැඳවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
තෙන්නකෝන් මහතාට පහර දුන් පිරිස හා ලසන්ත ඝාතනය කළ පිරිස පාවිච්චි කර ඇත්තේ එකම දුරකථන අංක 5 ක් බව ද මේ වන විට හෙළිදරව් කර ගැනීමට හැකිව තිබේ. මේ අතර තෙන්නකෝන් මහතාගේ බිරිඳ එම මැරයන් නැවත දුටුවහොත් හඳුනාගත හැකි බවට මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබිණි. ඒ අනුව ලබන 22 වන දින තෙන්නකෝන් මහතා හා එම බිරිඳ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා සහභාගී වීමට නියමිත බව ද පැවසේ.
- මූලාශ්‍රය - සත්හඬ
|
 |
Senior Member
|
|
Posts: 8,716
Join Date: May 2007
|
|
08-24-2016, 10:01 AM
එක්නැලිගොඩ ත්රස්තවාදයට සම්බන්ධ නෑ: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
රජයේ ආයතන දහයක තොරතුරු මත කරන ලද විමර්ශනයට අනුව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට සම්බන්ධ වී හෝ ඊට අනුබලදීමක් සිදුකර හෝ නොමැති බවත් ඔහුට එරෙහිව කිසිදු ආයතනයක් හරහා අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වනු ලබන නඩුවිභාගය ඊයේ දිනද හෝමාගම අධිකරණයේ මහේස්ත්‍රාත් නිල කාමරයේදී වැඩ බලන මහේස්ත්‍රාත් සරෝජා වනිගසේකර මහත්මිය ඉදිරියේ විභාගයට ගත් අතර බන්ධනාගාර ගතව සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන් අට දෙනා ද අධිකරණයේ පෙනී සිටි අතර යළිත් මෙම සැකකරුවන් ලබන 06 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක මහතා ඇතුළු නිලධාරීන් පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් දර්ශන කුරුප්පු මහතා ඇතුළු නිතීඥවරුන් පෙනී සිටියහ .
අද දින නඩු විභාගය පවත්වනු ලැබුයේ මහෙස්ත්‍රාත් නිල කාමරයේ බැවින් මාධ්‍යවේදීන්ට එම අවස්ථාව සඳහා සහභාගිවීමට අවස්ථාව නොලැබුණු අතර අධිකරණයෙන් පිටතට පැමිණ මාධ්‍යයට ප්‍රකාශයක් කළ ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ප්‍රකාශ කර සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට වැඩිදුර වාර්තාව ඉදිරිපත් කරමින් මෙසේ පැවසූ
බවයි. ඔහු යම් අපරාධයකට හෝ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධව සිටියේද නැතහොත් යම් අපරාධ කණ්ඩායමකට හෝ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී කණ්ඩායමකට ආධාර අනුබලදීමක් සිදුකර තිබුණේද යන්න හෝ එසේත් නොමැතිනම් ඔහුට විරුද්ධව යම් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද යන්න නියෝජ්‍ය පොලිස්පතිතුමා, ගුවන් හමුදාපතිතුමා, නාවික හමුදාපතිතුමා, යුද හමුදාපතිතුමා ඇතුළු රජයේ ආයතන 10කින් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාගත් බවත් එම ආයතනවලින් සඳහන් කර ඇත්තේ තම ආයතනයන් තුළ ප්‍රගීත් එක්නැලිගොඩ එවැනි කිසිදු දෙයකට සම්බන්ධව සිට නැති බවත්, ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙක් ලෙස කටයුතුකර තිබුණේද යන්න එම ආයතනයෙන් සිදුකළ විමසීමේදී ලේක් හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙක් ලෙස ඔහු කටයුතු කර තිබුණු බව ආයතනයෙන් ප්‍රකාශ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට වැඩිදුර වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටි බව ඇය වැඩිදුරටත් පැවසුවා.
- http://dinamina.lk/?q=2016/08/24/21369
|
 |
Senior Member
|
|
Posts: 8,716
Join Date: May 2007
|
|
08-24-2016, 05:11 PM
තාජුදීන් ඝාතනයේ දුරකතන සාක්කි මකා දාලා
රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් මිය ගොස් සිටි දවසේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හා අරලියගහ මන්දිරයෙන් නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ඩේමියම් පෙරේරාට දුන් බව කියන දුරකතන ඇමතුම් ජනාධිපති ලේකම් කාර්යාලයය මකා දමා ඇතැයි රහස් පොලිසිය අද (24) උසාවියට දැන්වීය.
රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ කියා සිටියේ එම දුරකතන ඇමතුම්වලට වගකිවයුතු නිලධරයන් ඒවා සියල්ල මකා දමා ඇති බවයි. එම නලධරයන් දැන් ඔවුන්ගේ තනතුරුවලින් ද ඉල්ලා අස්වී ඇති බව රහස් පොලිසිය කීවේය.
දුරකතන සටහන් පිළිබඳ තොරතුරු පොත්පත්වලින් මකා දමා ඉවත් කළ බව කියන අය ගැන පරීක්ෂණ අරඹා ඇතැයි ද රහස් පොලිසිය පැවසීය.
මෙම දුරකතන ඇමැතුම්වලට සම්බන්ධ තොරතුරු ඇතුළත් පරිගණකයේ සීපීයූ උපාංගය (මධ්‍යම සැකසුම් ඒකකය) සොයාගත් බවත්, ඒ ගැන පරීක්ෂණ සිදුකරන බවත් රහස් පොලිසිය දැන්වීය.
රඑස් පොලිසිය මේ තොරතුරු ලබා ගත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ නිලධාරීන් දෙදෙනකුගෙන් බව ද උසාවියේ දී කියැවිණි.
මේ අතර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළු වූයේ කෙසේද යන්නත්, ඒ පිළිබඳ නීතිපතිගේ ස්ථාවරය අධිකරණයට දන්වන්නැයි මහේස්ත්‍රාත්වරයා රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයාට නියෝග කළේය.
- http://www.lankadeepa.lk/index.php/top_story/450712
|
 |
Senior Member
|
|
Posts: 6,698
Join Date: Jul 2013
Location: on the ROOF
|
|
08-24-2016, 05:43 PM
bump
|
 |
Senior Member
|
|
Posts: 8,716
Join Date: May 2007
|
|
08-26-2016, 03:17 PM
Last edited by monson; 08-26-2016 at 03:20 PM.
|
 |
Senior Member
|
|
Posts: 57,915
Join Date: Oct 2010
|
|
08-26-2016, 03:27 PM
අනේ නිකන් ගොන් කතා නොකිය පල ඇන්ටියෝ යන්න. මඩ මිඩියා යුනිට් සොන්නයා. 1600යෙ බඩුව. තොපි හිතන් ඉන්නේ එළකිරියේ තොපේ කාලකන්නි ආණ්ඩුවට විරුද්ධ හැම එකාම මහින්දගේ රෙද්ද පල්ලේ ඉන්නවා කියලද තොපි පොනිල්ගේ ජංගිය අස්සේ රිංගල ඉන්නවා වගේ. වලක් කපන් වැළලියන් බුරුවා.
|
 |
Senior Member
|
|
Posts: 33,284
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
|
|
08-26-2016, 03:30 PM
මචං ඔය වගේ ම දාපං කෝ මේ ආණුඩුව ඇණ ගන්නා නිවුස් ත්‍රෙඩ් එකකුත්.............
|
Tags
|
ඉජුහු වේස unp හැත්ත, රනිල් හොරා, වේස unp අදෝනාව, වේස unp හැත්ත, 1600 කටු කන බැල්ලි, bayyo baya thread, lkdood fake account, lkdood=monson, ponil gay king, ponil wesi pannamu, toyiyo baya wela, toyyange adhonaaa, unp bank robbery, unp ponnyo, wesa sakkili baiyo  |
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
|