ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Hard talk with Sayo
Reply
 
Thread Tools
(#1)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is online now
Senior Member
Pathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to behold
 
Posts: 4,168
Join Date: Jun 2016
Location: Next 2 You
! Hard talk with Sayo - 03-16-2017, 01:04 PM

HardTalk විශේෂාංගය නිසා මමත් ගොඩක් කාර්යබහුල වෙලා... යෝජනා - චෝදනා එමටයි... මම මේ සඳහා තෝර ගන්න සාමාජිකයාව අධ්‍යයනය කරලා තමයි ඔහු හෝ ඇයව සංවාදයට යොමු කර ගන්නේ.... ඉතිං ඒ සඳහා සැලකිය යුතු කාලයක් වෙහෙසක් දරන්න වෙනවා... කොහොම වුණත් පුලූවන් වෙලාවට පුලූවන් තරම් සාමාජිකයින් මේ concept එකට එකතු කරගන්න උත්සහා කරනවා...










Sayo



මේ තුන්වෙනි සංවාද මණ්ඩපයයි... අද විශේෂත්වයක් තියෙනවා.... අද මගේ සෘජු ප‍්‍රශ්න කිරීම්වලට ලක්වන්නේ කාන්තාවක්.... ඇය අවුරුදු 07 ක් පමණ පැරණි සාමාජිකාවක්.... ඒ වගේම බහුතරයක් පැරණි සාමාජිකයින් අතර ජනපි‍්‍රය සුහදශීලි කාන්තාවක් කියල තමයි පිළිගැනීම... කෙසේ වෙතත් ඇය ආත්ම විශ්වාසයෙන් යුක්ත කාන්තාවක්... එහෙම කියන්න හේතුව මෙම සෘජු සංවාදයට මුහුණ දීමට ඇය කැමැත්ත පළ කිරීමයි.... කොහොම වුණත් කාන්තා පාර්ශවය නියෝජනය කරමින් zzවැඩියෙන් කාන්තාවන් ගැන කතා කරන එහෙත් කාන්තාවන් ස්වල්පයක් නියෝජනය කරන එළකිරියZZ ගැන ඇය දරන අදහස මොන වගේ ද කියා බලමු.


01. පාඩම් කරන්න තවමත් කම්මැලිද?


හි හි මගේ පලවෙනි එක පාඩම් කරන්න කව්ද ආස කියලා දැම්ම එක නේ. ඔව් අනේ තාමත්
ආස නැ තමයි. එත් දැන් මම වැඩි දුර අධ‍යාපනයේ යෙදෙනවා. ටික ටික පාඩම් කරනවා office එකේ ඉන්න ගමන්. එත් මම කවදත් මැරිගෙන පාඩම් කරලා නැ සමහර කෙල්ලොවගෙ.

02.
ඔබ දැන් EK සාමාජිකාවක් වෙලා අවුරුදු07ක් පමණ වෙනවා. ඔබ එදා EK සාමාජිකත්වය ලබාගත්තේ කුමන අරමුණින් ද?



EK
සාමාජිකත්වය ගන්නකොට මට වයස අවුරුදු 20 යි. දැන් ජිවිතේ ගොඩක් වෙනස්වෙලා. එ කාලේ මගේ ජිවිතෙට විෂෙශ කෙනෙක් මෙකේ member කෙනෙක්. එයා නිසා තමයිමම මේකට join උනේ. විෂෙශ අරමුණක් තිබ්බේ නැ. එයා කිවා මෙක හොදයි කියලාඑනිසා මම member කෙනෙක් උනා.

03.
අද ඔබ එළකිරියට ගොඩ වදින්නේ එදා අරමුණින්ම නෙවෙයි කියලා කිව්වොත් මම නිවැරදියි නේද?



සමහරවිට ඔයා හරි වෙන්න පුලුවන්. යම් යම් නොගැලපිම් නිසා මගේ පරන සම්බන්ධය
නැති උනා. වෙන් උනාට පස්සේ මම කාලයක් EK ආවේ නැ. හැබැයි ඇවිල්ල බලලා යනවා.මම දැන් විවාහකයි. ඒවගේම ඉස්සරට වඩා මම දැන් ගොඩක් වෙනස්. ඉස්සර මම මෙකේඉන්න අය එක්ක වලි දාගන්නවා හැම දේම ලොකුවට හිතනවා. දැන් නම් මම කිසිම දෙයක්ගනන් ගන්නේ නැ. මගෙ මහත්තයා මගේ ජිවිතේට ආවට පස්සේ මගේ ඒ බොලද ගතිගුනඇරිලා ගිහින් කියලා මම හිතනවා. ඉතින් මම දැන් ගොඩක් comments දාන්නේ මගේජිවිතේ අත්දකිම් වලින්. අනික දැන් මම office එකේ විවේකෙන් ඉන්නකොට EK එකට log වෙලා ඉන්නවා.



04.
කතාවක් තියෙනවා එළකිරියටGuests විදියට ගොඩ වදින බහුතරයක් කාන්තාවෝ කියලා.... කතාව ඇත්ත ද? ඇත්ත නම් ඒකට හේතුවක් තියෙනව ද?



එකත් වෙන්න පුලුවන්. එකට හේතු ගොඩාක් තියෙනවා. එකක් තමා ගොඩාක් දෙනෙක්ට
තෙරෙන් නැ මේකට log වෙලා හරියට post එකක් image එකක් දාගන්න හැටි. එකනම්ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම පොදුයි. මටත් මුල් කලේ කිසිම දෙයක් තෙරුනේ නැ.අනික තම්යි මෙකේ ඉන්න අය කෙල්ලෙක්ගෙ ID එකක් දැක්ක ගමන් fake කියලා මැරෙන්නහදන්වා. මටත් මුල් කලේ thread එහෙමත් දැම්මා සම්හර අය fake කියලා. ඉතින්එතකොට එපාවෙනවා. අනික තමයි කෙල්ලෙක් කියලා දැනගත්ත ගමන් නරක දේවල් එවනවා.එතකොට හුගක් අය කැමති නැ. එනිසා හුගක් අය guest විදිහට එනවා ඇති.

05.
ඉඳල හිටල EK එන කාන්තාවන් කරන ප‍්‍රබල චෝදනාවක් තමයි එළකිරිය දැන් කාන්තාවන්ට සුදුසු තැනක් නෙවෙයි කියලා.... ඔබ ඒ කතාව ගැන මොකද කියන්නේ...?



අනේ මන්දා. මමනම් ඉතින් මට අදාල නැති
thread වලට comment දාන්න යන්නේ නැහුගක් වෙලාවට. එතකොට ප්‍රෂ්නයක් නැ. අනික මෙ ලොකේ එක එක වර්ගයේ මිනිස්සුඉන්නවා EK අවාහම එක හොදට තේරෙනවා. ඉතින් තව කෙනෙක්ගෙ කැමත්තක් අපේ කමත්තක්නොවෙන්න පුලුවන්. එහෙම කියලා අපිට එයාලා දාන එවා නවත්තන බැනේ. හොදම දේඑවලින් ඇත් වෙලා ඉන්න එකයි. එහෙම කියලා අපේ ගමන නවත්තනවනම් එක මොඩ වැඩක්.අනික එකේ ඉන්නවා ඔවා ගනන් ගන්නේ නැතිව ඉන්න කෙල්ලො ඔන තරම්. එහෙම බලුවොත්අද කලේ EK නෙවේ මුලු සමජයෙම කාන්තවකට නුසුදුසු ස්ථානයක් බවට පත් වෙලා. ඔයාමගෙන් අහුවෙ මේ ප්‍රෂ්නේ දැන් EK කියලානේ දැන් විතරක් නෙවේ මම ආව මුල්කලෙත් අසහනකාරයො ඔන තරම් හිටියා. ඔවා වැඩිය හිතන්නේ නැතිව හිටියනම් ප්‍රෂ්නඅඩුයි.

06.
කාන්තාවන්ගේ නිරුවත, කාමය අතිශයෝක්තියෙන් වර්ණනා කරන පෝස්ට් දිනපතා විශාල වශයෙන් පළවෙනවා.... කාන්තාවක් විදියට ඔබ මේ පිළිබදව දරන ආකල්පය කුමක් ද?


මෙකේ එවගේ post එකක් දම්මොත් අපේ කට්ටිය comments දානවා වැදගත් දෙයක්දම්මොත් එක comment එකක්වත් නැ. එක මනුස්ස සොබාවය. මිනිස්සු හැමොම එ දෙවල්වලට කැමති. අකමැති කියනවනම් එක්කො එයාට මනසික ලෙඩක්.හැබයි එවට ඔන තරම් වෙනවෙන sites තියෙනවා. මෙතනට පොඩි ලමයි කන්තාවො එන නිසා එවල සිමාවක් තියාගෙනකටයුතු කරනවනම් හොදයි. ඔය model කෙනෙක්ගෙ පින්තුරයක් දැම්මා කියලා මහ ලොකුදෙයක් නෙවෙනේ. එ ගොල්ලො එවට අඩ නිරුවතින් පෙනි හිටින්නේ එවා publish වෙනවාකියලා දැනගෙනනේ. හැබැයි තමන්ගෙ girl ගේ පින්තුර පල කරනවනම් එක වැරදි. එකයිමම කිවේ සිමාවක් තියෙන්න ඔනා කියලා. සමහර අය උපදෙස් ලබා ගැනිමට එවගේ thread දානවා. මම එකෙත් වරදක් දකින්නේ නැ. එ ගොල්ලොන්ට වෙන අහන්න කෙනෙක් නැතිනිසා අහනවා වෙන්න පුලුවන්.


07.
නිරුවත, කාමය, ස්ති‍්‍රය වගේ දේවල් ගැන කතා නොකරන Social Community එකත්හරියට පරිප්පු නැති හෝටලයක්වගේ කිසි ගතියක් නෑ කියල ඇතමුන් කියනවා.... කතාව ඇත්ත නේද?



ඇත්තක් තියෙන්න පුලුවන්. මම කලින් කිවා වගේම එවට මිනිස්සු හැමොම කැමති.
ඉතින් එවගේ දේවල් තිබ්බහම මිනිස්සු නිකන්ම ඇදිලා එනවා. ඉතින් පිරිමි අය එවටකැමති ඇති. එක ලොක සොබාවය. ඉතින් හෝටලයේ උනත් පරිප්පු විතරක් තිබ්බොත් කව්රුත් යන්නේ නැනේ. එනිසා ඒ දෙවල් විතරක් නෙවේ වැදගත් post වැටෙන්න ඔනා මේකඉදිරියට පවත්වා ගෙන යන්න නම්. නැත්තම් මෙකෙ අසහනකරයො විතරක් ඉතුරුවෙයි අන්තිමට

08.
අවංකවම කාන්තා ඔබලත් ඉහත මාතෘකා ඉතා ඕනෑකමින් රස විඳිනවා කියල කිව්වොත් මම නිවැරදියි නේද...?



හි හි මම මේ අහපු හැම ප්‍රෂ්නයකටම අවංකව පිලිතුරු දුන්නා. මම සමාන‍ය්යෙන්
කෙලින් කථා කරනවා. එවගෙම මම හරි open කෙනෙක්. ඉතින් ඔයගේ ප්‍රෂ්නයට උත්තරේඔව්. හැබැයි කාන්තාවන්ගේ නිරුවත නම් මම රසවිදින්නේ නැ. සමහර දෙවල්කැමත්තෙන් බලන වෙලාවල් තියෙනවා. ඔය හුගක් අය එක එක එවා අහලා දාන post නම්මම කියවනවා. කවි දාන එවා රස විදිනවා. මමත් ඉතින් හැමොම වගේ මනුස්සයෙක්නේ.ඔය සමහර කෙල්ලො ඉන්නවා මෙතන ඇවිත් කිසිම දෙයක් දන්නෙ නැති බබාලා වගේරගපානවා. මම ඇත්තතම එහෙම add එක දාන අයට කැමති නැ. මමනම් මගේ මහත්තයා එක්කඋනත් ඔනම දෙයක් නිදහසේ කථා කරන්න පුලුවන් වාථාවරණයක් හදාගෙන ඉන්නවා. අපිකැමති අකමැති දෙවල් කෙලින්ම කිවහම ජිවත් වෙන්න ලෙසි.

09.
ඔබමින් පෙර වැදගත් පෝස්ට් පළ කරපු සාමාජිකාවක්.... නමුත් මෑතකාලීනව ඔබත් බොහෝපැරණි සාමාජිකයින් වගේ නිකන්ම ගොඩ වැදිලා යනවා.... එහෙම කරන්නේජ්‍යෙෂ්ඨත්වය ගැන අධිමානයෙන් ද?



අපො නැ. ඉස්සර වගේ දැන් මට වෙලාවක් නැ. මම කිවා වගෙම මම දැන් විවාහකයි.
එවගේම රැකියාවක් කරනවා. මම EK log වෙන්නේ office එකෙන් විතරයි දැන්. මම කරනරැකියාව නිසා මට office වෙලවේ නිදහස තියෙනවා. ගෙදර ගිහාම වැඩ වැඩි. මමඉස්සර ගොඩක්ම thread දැම්මේ මට e mail මගින් ලැබුන දෙවල් පරිවර්තනය කර හොලැබුන පින්තුරයි. දැන් මම හුගක්ම කරන්නේ මගේ අත්දැකිම් වලින් මට අදාල දේවල්වලට comments දැමිමයි. මම එකට කැමති.



10.
එළකිරිය කාන්තාවන්ට සුදුසු තැනක් කරන්න ඔබ කරන යෝජනා මොනවා ද?



මම කලිනුත් කිවා වගේ සුදුසුද නුසුදුසුද කියලා දෙයක් නැ අපි ජිවත් වෙන
විදිහයි වැදගත්. හැබැයි කාන්තා සහබාගිත්වය වැඩි කරගන්න නම් මුලින්ම එන අයටහරියට දන්නේ වත් නැතිව fake කිය කිය බැනින්නේ නැතිව හිටියනම් හරි. හරියටබැලුවොත් අපි හැමොම fake තමයි. මෙ මගේ ඇත්ත නම නෙවෙයි. මම පෞද්ගලිකමඅදුරන්නේ මෙකේ ඉන්න අත්ලොස්සක් පිරිසක්. එත් එහෙම අය හිටියේ නැත්තම් ඔයාලාමාවත් fake කියලා එලවගනි. අනික තමයි කාන්තවන්ට කථා කරද්දි නරක දෙවල් කියනඑක අඩු කරානම් කාන්තා සහබාගිත්වය වැඩි කරගන්න පුලුවන් වෙවි.



11.
හොඳම එළකිරි සාමාජිකයින්05ක් නම් කරන්න කිව්වොත් ඔබ නම් කරන්නේ කවුද?



ඔන්න මාව අමරුවේ දැම්මා. මෙකට කොහොමද උත්තර දෙන්නේ. මට ගොඩක් යලුවො ඉන්නවා
ඉස්සර හිටියා දැන් එ අය පෙන්නත් නැ. එනිසා මට මෙකටනම් උත්තර දෙන්න බැ. සේරමතරහා වෙන වැඩක් වෙන්නේ. මට කවදත් හොදම කියලා අය නැ හොද අය ඉන්නවා ඔනාතරම්.



12.
ඉදිරියට අඩුම තරමේ කාන්තාවන්ට වැඩක් වෙයි කියල හිතෙන දෙයක්වත් පලකරල එළකිරියේ උන්නතියට වැඩක් කරන්න අදහසක් නැද්ද?



අනේ මන්දා කාන්තාවන්ට වැදගත් වෙන දෙවල්. මට හිතාගන්න බැ. පොදුවේ හැමොටම
වැදගත් වෙන දෙවල්නම් පුලුවන් වෙලාවට පලකරන්න කැමති. මට type කරන්න කම්මලි.මෙකත් බොහොම අමරුවෙන් කරේ. පැය 3 ක් ගියා. office ආව වෙලේ ඉදලා මෙක තමයිකරේ. මම ගොඩක්ම ආස පින්තුර තියෙන thread වලට. එ නිසා මම එවගේ දෙවල් පලකරන්නඋනන්දුවක් දක්වනවා කොහොමත්.



සංවාද සටහන :



For more Hard Talks (Click Here)

Last edited by Pathfinder_A2Z; 03-16-2017 at 01:45 PM.
Reply With Quote
(#2)
Old
dildude's Avatar
dildude dildude is offline
Senior Member
dildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of lightdildude is a glorious beacon of light
 
Posts: 9,047
Join Date: May 2015
Location: 🅷🅴🅰V🅴🅽
03-16-2017, 01:08 PM

Reply With Quote
(#3)
Old
battiya's Avatar
battiya battiya is offline
Senior Member
battiya is a jewel in the roughbattiya is a jewel in the roughbattiya is a jewel in the roughbattiya is a jewel in the roughbattiya is a jewel in the roughbattiya is a jewel in the rough
 
Posts: 640
Join Date: Jun 2014
Location: කෙල්ල ලග
Send a message via Skype™ to battiya
03-16-2017, 01:10 PM

Reply With Quote
(#4)
Old
AlphaStigma's Avatar
AlphaStigma AlphaStigma is offline
Senior Member
AlphaStigma is a jewel in the roughAlphaStigma is a jewel in the roughAlphaStigma is a jewel in the roughAlphaStigma is a jewel in the roughAlphaStigma is a jewel in the roughAlphaStigma is a jewel in the roughAlphaStigma is a jewel in the rough
 
Posts: 1,107
Join Date: Oct 2016
Location: Densetsu no Yuusha no Densetsu
03-16-2017, 01:13 PM

Good concept keep it up!
Reply With Quote
(#5)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is online now
Senior Member
Hyaenidae is a glorious beacon of lightHyaenidae is a glorious beacon of lightHyaenidae is a glorious beacon of lightHyaenidae is a glorious beacon of lightHyaenidae is a glorious beacon of lightHyaenidae is a glorious beacon of lightHyaenidae is a glorious beacon of lightHyaenidae is a glorious beacon of lightHyaenidae is a glorious beacon of lightHyaenidae is a glorious beacon of lightHyaenidae is a glorious beacon of light
 
Posts: 8,317
Join Date: Apr 2015
03-16-2017, 01:14 PM

Reply With Quote
(#6)
Old
Franklin EK's Avatar
Franklin EK Franklin EK is offline
Senior Member
Franklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of lightFranklin EK is a glorious beacon of light
 
Posts: 2,622
Join Date: Mar 2017
Location: කැලෑවක
03-16-2017, 01:14 PM

..Ela..
Reply With Quote
(#7)
Old
Silly point's Avatar
Silly point Silly point is offline
Senior Member
Silly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to allSilly point is a name known to all
 
Posts: 13,735
Join Date: Apr 2011
03-16-2017, 01:14 PM

හොද සාකච්චාවක්.. යේක අල්ලගේම පිහිටයි
Reply With Quote
(#8)
Old
sayo's Avatar
sayo sayo is offline
Senior Member
sayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to allsayo is a name known to all
 
Posts: 12,262
Join Date: Oct 2010
Location: lankawe........
03-16-2017, 01:14 PM

Reply With Quote
(#9)
Old
Sanju malli Sanju malli is offline
Senior Member
Sanju malli has a spectacular aura aboutSanju malli has a spectacular aura aboutSanju malli has a spectacular aura about
 
Posts: 243
Join Date: Mar 2012
Location: Colombo
03-16-2017, 01:17 PM

bump
Reply With Quote
(#10)
Old
Roamstar's Avatar
Roamstar Roamstar is offline
Senior Member
Roamstar is a glorious beacon of lightRoamstar is a glorious beacon of lightRoamstar is a glorious beacon of lightRoamstar is a glorious beacon of lightRoamstar is a glorious beacon of lightRoamstar is a glorious beacon of lightRoamstar is a glorious beacon of lightRoamstar is a glorious beacon of lightRoamstar is a glorious beacon of lightRoamstar is a glorious beacon of lightRoamstar is a glorious beacon of light
 
Posts: 1,838
Join Date: Aug 2012
Location: Colombo, Sri Lanka
Send a message via ICQ to Roamstar Send a message via AIM to Roamstar Send a message via Yahoo to Roamstar Send a message via Skype™ to Roamstar
03-16-2017, 01:17 PM

aliii thoi ane
Reply With Quote
Reply

Bookmarks

Tags
! පැන්ඩා සයෝ, ! සයෝ ජීවමානයි, !!!upulpdn, #our_akka, #we_<3_sayo, අපි කලුද, අපි හැමොම fake, අපිත් ආසයි, අල්ලගේම පිහිටයි, අල්ලා ජීවමානයි, සයෝ ආරංචි, සයෝට අපි ආදලෙයි, සුභාරංචි, adurana ayata witharada?, dathkibula poratalk, hard_talk, kota nihal asahanakarayek, max, prasidda aya witharada?, ress, sayo, sayo niyamai, tag3, werwrwwr, wrwerw

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.08510 seconds with 9 queries