ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කියවීම_මිනිසා_සම්පූර්ණ_කරයි...?
Reply
 
Thread Tools
(#1)
Old
kolavari's Avatar
kolavari kolavari is offline
Senior Member
kolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to behold
 
Posts: 18,818
Join Date: Aug 2012
Location: කැළෑ පොජ්ජේ
? කියවීම_මිනිසා_සම්පූර්ණ_කරයි...? - 03-20-2017, 02:49 PM

මේක මම අද උදේ වොෂ් දාන කොට නිකන් හිතුන දෙයක්... අපේ මිනිස්සු ගොඩක් වෙලාවට කියන කතාවක් නේ මේක. "කියවීම මිනිසා සම්පූර්ණ කරයි". ඇත්තටම මොකක්ද මේකෙන් කියන්නේ? ඔය කතාව ගොඩක් වෙලාවට අහන්න හම්බෙන්නේ නවකතා, කෙටිකතා හරි මොනා හරි ඒ වගේ කතා පොත් කියවන උන්ගෙන් තමයි...

ඔතන "කියවීම" කියල අදහස් කරන්නේ කතන්දර පොත් කියවන එකද? වෙන්න බැහැ නේද? කතන්දර පොත් (නවකතා / කෙටිකතා) කියවීමෙන් මිනිසෙක් සම්පූර්ණ වෙනවද? නවකතාවක තියෙන්නේ ඒ කතෘවරයාගේ අත්දැකීම කතාවක් විදිහට කියවන්න ලැබෙන එකනේ.. ඕකෙන් මිනිසෙක් සම්පූර්ණ වෙන්න දැනුමක් ලැබෙනවද? යම්කිසි අත්දැකීමක් ගැන අවබෝදයක් ලැබෙන්න පුළුවන්.. එත් කාගේවත් අත්දැකීම් හරි යම්කිසි සාමාන්‍ය සිදුවීමක් ගැන කියවෙන පොතක් කියෙව්වා කියල මනුස්සයෙක් සම්පූර්ණ වෙන්න බැහැ... එක පට්ට පල් බොරුවක් මගේ අදහස අනුව... එහෙනම් ටීවී එකේ යන නාට්‍යක් / චිත්රපටයක් බැලුවත් මිනිසෙක් සම්පූර්ණ වෙන්න ඕනේ.. එතනත් යන්නේ ඒ කතාවේ යන නිර්මාණකරුවාගේ අත්දැකීම් නේ...එහෙම නෙමෙයිද? පොතක් සහ මේ වගේ නාට්‍යක වෙනස මොකක්ද අන්තර්ගය ගත්තම? දෙකම එකයි..ටීවී එකේ යන දේ ඔයා ඇස් දෙකෙන් බලනවා, අහනවා...පොත නම් කියවනවා...එකනේ වෙන්නේ ?

මගේ අදහස නම් කියවීම කියල මෙතන කියන්නේ නවකතා පොත් කියවන එකට නෙමෙයි... අපේ පැරැන්නෝ මේ වගේ කතාවක් කියන්න ඇත්තේ ඒ කාලේ දැනුම ලබාගන්න තිබ්බ එකම ක්‍රමය කියවීම නිසා වෙන්න ඇති.. එතකොට කියවීම = දැනුම් ලබාගැනීම...දැනුම ලැබෙන්න ලැබෙන්න තමයි මිනිසා සම්පූර්ණ වෙන්නේ... ඒ කාලේ පොත් පත් වල ගොඩක් දැනුම ගබඩා වෙලා තිබුනේ..දැන් වගේ විවිද මාධ්‍ය තිබුනේ නැහැනේ...විද්‍යාව, වෛද්‍ය දැනුම, ජ්‍යෝතෂ්‍ය මේ හැම දේම පොත් වලින් තමා ඉගෙන ගත්තේ අපේ පැරැන්නෝ...ඒ නිසා තමයි කියවීම මිනිසා සම්පූර්ණ කරන්නේ..

එත් ඔය කතාව ගොඩක් වෙලාවට අනිත් හැමදේම වගේ අපේ මිනිස්සු අල්ලන් ඉන්නේ වැරදියට... පොත් කියවන ගොඩක් උන් හිතන් ඉන්නේ උන් හෙන සර්ව සම්පූරනයි කියල... එහෙම කෙනෙක් එක්ක කතා කරොත්, එයාල හැසිරෙන විදිහ ටිකක් අධ්‍යනය කරොත් එක දැකගන්න ලැබෙයි....

මම හිතන්නේ අපි හැමෝම කියවනවා... අපි හැමෝම කියවීමෙන් සම්පූර්ණ වෙනවා...හැබැයි ඒකට අර සූජීව ප්‍රසන්න ආරච්චීගේ කතා කියෙව්වා කියල උඹල සම්පූර්ණ වෙන්නේ නැහැ.. කියවන්න ඕනේ දැනුම ලබාගන්න....එකට printed පොත්ම වෙන්න ඕනේ නැහැ... මේ දැනුත් අපි හැමෝම කරන්නේ කියවීම...ඉස්සර වගේ නෙමෙයි දැන් අපිට කියවන්න ගොඩක් මාධ්‍ය තියෙනවා..ඉන්ටර්නෙට් එක එකක්..අපි ආසකරන විෂයන් ගැන වෙබ්සයිට් වල තියෙන ආටිකල් එකක් කියෙව්වත්, යූටියුබ් එකේ වීඩියෝ එකක් බැලුවත් එතන තියෙන්නේ දැනුම රැස් කර ගැනීමක් නේ...එළකිරියේ අපි කරන්නෙත් කියවීම..

අන්න ඒක තමයි මගේ අදහස අනුව "කියවීම මිනිසා සම්පූර්ණ කරයි" කියල කියන්නේ... උඹලගේ අදහස මොකක්ද? ගොඩක් වෙලාවට නවකතා කියවන උන්ගේ ඇටිටියුඩ් දැකල තමයි මට මේ වගේ අදහසක් ආවේ...සංවාදයට විවෘතයි...
Reply With Quote
(#2)
Old
skymicro's Avatar
skymicro skymicro is offline
Senior Member
skymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to behold
 
Posts: 6,796
Join Date: May 2014
Location: ඒක වැඩක් නෑනෙ
03-20-2017, 02:52 PM

මෙන්න මූ වැදගත් නූලක් දාල .

බන්ග්ලාදේශෙ ටෙස්ට් මැච් එකක් දිනුව වගේ තමයි ඉතින්
Reply With Quote
(#3)
Old
සොහොන's Avatar
සොහොන සොහොන is offline
Senior Member
සොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to allසොහොන is a name known to all
 
Posts: 11,270
Join Date: Dec 2012
Location: revolυтιoɴαry
03-20-2017, 02:56 PM



ශාස්ත‍්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ පොදු කාමරය තුල දී සසප සාමාජිකයින් සමග සාකච්ඡා කරමින් ‘නොනිමි විසිවෙනි සියවස‘ පිටපතක් මිල දී ගත් ආචාර්යවරයකු සඳහන් කලේ “අනිත් හැම දේශපාලන පක්ෂය ම බොරුවට සමාජවාදී කියාගෙන වෙනවෙන සන්ධානවලට රිංගද්දී නොකඩවා ප‍්‍රතිපත්ති ආරක්ෂා කරගෙන මාක්ස්වාදය මත පදනම් වෙලා වැඩ කරන්නේ ඔයගොල්ලෝ විතරයි” යනුවෙනි. අඩු තරමින් පොතෙහි පිටපත් හතඅටක් හෝ ඉක්මනින් විශ්ව විද්‍යාල පුස්තකාලයට යොමු කරන මෙන් ඉල්ලා සිටි ඔහු තවත් ආචාර්යවරුන් හා සිසුන් අතර බෙදා දීම සඳහා දේශනය පිලිබඳ පත‍්‍රිකා ද ලබාගත්තේ ය. මීට අමතරව ආචාර්ය මන්ඩලය අතර කෘතියේ පිටපත් හයක් අලෙවි විය.

Last edited by සොහොන; 03-20-2017 at 03:00 PM.
Reply With Quote
(#4)
Old
kolavari's Avatar
kolavari kolavari is offline
Senior Member
kolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to behold
 
Posts: 18,818
Join Date: Aug 2012
Location: කැළෑ පොජ්ජේ
03-20-2017, 02:56 PM

Quote:
Originally Posted by skymicro View Post
මෙන්න මූ වැදගත් නූලක් දාල .

බන්ග්ලාදේශෙ ටෙස්ට් මැච් එකක් දිනුව වගේ තමයි ඉතින්
උබටත් ඉතින් මඩක් ගැහුවේ නැත්තම් නින්ද යන්නේ නැහැ
Reply With Quote
(#5)
Old
KasunKDP's Avatar
KasunKDP KasunKDP is offline
Senior Member
KasunKDP is a glorious beacon of lightKasunKDP is a glorious beacon of lightKasunKDP is a glorious beacon of lightKasunKDP is a glorious beacon of lightKasunKDP is a glorious beacon of lightKasunKDP is a glorious beacon of lightKasunKDP is a glorious beacon of lightKasunKDP is a glorious beacon of lightKasunKDP is a glorious beacon of lightKasunKDP is a glorious beacon of lightKasunKDP is a glorious beacon of light
 
Posts: 17,216
Join Date: Oct 2013
Location: a dark room
03-20-2017, 02:59 PM

Uba wash eka dala iwara welada meka ketuwe.?
Reply With Quote
(#6)
Old
vidura99's Avatar
vidura99 vidura99 is offline
Senior Member
vidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of light
 
Posts: 13,878
Join Date: Oct 2009
Location: සකල සිරින් පිරි ස
Send a message via Skype™ to vidura99
03-20-2017, 03:00 PM

දැන් නවකතා වැහි වැහැල තිබ්බට ඒ කාලේ ගොඩක් පොත පත අධ්‍යාපනිකයි. නවකතා උනත් සාහිත්‍ය රසය ඉස්මතු වෙන්න කියවන්නාට යමක් සිතන්න සලස්වනවා පරිච්චේදයෙන් පරිච්චේදයට. උඹ හිතලා බලපන් උඹ පොතක් කියවද්දිද වැඩිය මොළෙන් එක එක සිතුවිලි එන්නෙ, ටෙලියක් බලද්දි ද කියල.

ඉස්කෝලෙ යන කාලේ කොච්චර පොත් කියෙව්ව්ද. දැන් දවසින් පැය 10-15 ක් විතර ඉන්ටනෙට් එකේ හිටියට මොළේ ඩෙඩ්
Reply With Quote
(#7)
Old
kolavari's Avatar
kolavari kolavari is offline
Senior Member
kolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to behold
 
Posts: 18,818
Join Date: Aug 2012
Location: කැළෑ පොජ්ජේ
03-20-2017, 03:04 PM

Quote:
Originally Posted by KasunKDP View Post
Uba wash eka dala iwara welada meka ketuwe.?
නැහැ මේ දැන් සබන් ගාන ගමන්
Reply With Quote
(#8)
Old
kolavari's Avatar
kolavari kolavari is offline
Senior Member
kolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to behold
 
Posts: 18,818
Join Date: Aug 2012
Location: කැළෑ පොජ්ජේ
03-20-2017, 03:05 PM

Quote:
Originally Posted by vidura99 View Post
දැන් නවකතා වැහි වැහැල තිබ්බට ඒ කාලේ ගොඩක් පොත පත අධ්‍යාපනිකයි. නවකතා උනත් සාහිත්‍ය රසය ඉස්මතු වෙන්න කියවන්නාට යමක් සිතන්න සලස්වනවා පරිච්චේදයෙන් පරිච්චේදයට. උඹ හිතලා බලපන් උඹ පොතක් කියවද්දිද වැඩිය මොළෙන් එක එක සිතුවිලි එන්නෙ, ටෙලියක් බලද්දි ද කියල.

ඉස්කෝලෙ යන කාලේ කොච්චර පොත් කියෙව්ව්ද. දැන් දවසින් පැය 10-15 ක් විතර ඉන්ටනෙට් එකේ හිටියට මොළේ ඩෙඩ්
Reply With Quote
(#9)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to behold
 
Posts: 31,319
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard Send a message via AIM to LazyLizard Send a message via MSN to LazyLizard Send a message via Yahoo to LazyLizard Send a message via Skype™ to LazyLizard
03-20-2017, 03:08 PM

එහෙම කියන්න එපා සුජීවගේ මල් කතාවක් කියවපු එකාට ප්‍රායෝගික ජීවිතේදී එක වැදගත් වෙන්න පුළුවන්. කෙල්ලට සලකන හැටි, කෙල්ලව නලවන හැටි, ආදර බස් තෙපලන හැටි, කෙල්ලට දුක හිතුනම සනසන හැටි එහෙම ඉගෙනගන්න පුළුවන් නෙ. ඒවා පවුල් ජීවිතේ සාර්ථක කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපිට වෙලා තියෙන්නෙ එකනේ ආදර බස් තෙපලන්න දන්නේ නෑ කටින් පිටවෙන්නෙම කිසි හැඩයක් නැති ගල් බොරළු වගේ වචන. ඉතින් කෙල්ලෙක් මලාට කැමති වෙන්නෙ නෑ. අරව ටිකක් කියෙව්වා නං ඕව පුරුදුවෙනව.
Reply With Quote
(#10)
Old
kolavari's Avatar
kolavari kolavari is offline
Senior Member
kolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to behold
 
Posts: 18,818
Join Date: Aug 2012
Location: කැළෑ පොජ්ජේ
03-20-2017, 03:14 PM

Quote:
Originally Posted by LazyLizard View Post
එහෙම කියන්න එපා සුජීවගේ මල් කතාවක් කියවපු එකාට ප්‍රායෝගික ජීවිතේදී එක වැදගත් වෙන්න පුළුවන්. කෙල්ලට සලකන හැටි, කෙල්ලව නලවන හැටි, ආදර බස් තෙපලන හැටි, කෙල්ලට දුක හිතුනම සනසන හැටි එහෙම ඉගෙනගන්න පුළුවන් නෙ. ඒවා පවුල් ජීවිතේ සාර්ථක කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපිට වෙලා තියෙන්නෙ එකනේ ආදර බස් තෙපලන්න දන්නේ නෑ කටින් පිටවෙන්නෙම කිසි හැඩයක් නැති ගල් බොරළු වගේ වචන. ඉතින් කෙල්ලෙක් මලාට කැමති වෙන්නෙ නෑ. අරව ටිකක් කියෙව්වා නං ඕව පුරුදුවෙනව.
ඔයා අසම්පූරනයි ඒ කියන්නේ..

එකත් ඇත්ත තමා බලන් ගිහාම
Reply With Quote
Reply

Bookmarks

Tags
කොලවරි ජීවමානයි, පොත් ජීවමානයි, සමනල්ලු, සමනලු ජීවමානයි

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03405 seconds with 9 queries