ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Reviews & DIY Guides
Reload this Page Renault KWID සාධාරණ review
Reply
 
Thread Tools
(#1)
Old
Sithira Weerasinghe's Avatar
Sithira Weerasinghe Sithira Weerasinghe is offline
Senior Member
Sithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to all
 
Posts: 8,683
Join Date: Jun 2015
Location: කඩුවෙල
laugh Renault KWID සාධාරණ review - 07-09-2016, 07:20 AM

රෙනෝල්ට් ඉන්දියා සමාගමෙන් හඳුන්වාදීපු අලුත්ම වණ්ඩිය තමා ක්විඩ් එක මේ ගැන shan4djfun සහෝදරයා දැනටම ත්‍රෙඩ් කිහිපයක් පළ කරගෙන යනවා, ඒත් ඒවෑ තරමක අන්බැලන්ස්ඩ් ගතියක් තියෙන නිසා මමත් එකක් දාන්න හිතුවා. මම මේ ෆොටෝස් ගත්තේ මෙතනින්.

උන් කියනව මේක මිනි හැච්බැක් SUV ලු. ඇල්ටො එකට අසාධාරණයක් වෙන්න දෙන්න බෑ. ඇල්ටොත් මිනි හැච්බැක් SUV තමා එහෙනම්.

මෝඩ සිංහළුන්ව වගේම මෝඩ ඉන්දියන් කාරයින්වත් මුලා කරන්න පුළුවන් ඇස රවටන පෙනුමක් මේකට තියෙනවා.

ලක්ෂ 22කට තක්සේරු කරල තියෙන වාහනේ සැපපහසුව ආරක්ෂාව ටිකක් බලමු.

මේකෙ එයාබෑග් එකක් (1) තියෙනවලු.

ඒ තියෙන airbag එකත් ඔප්ෂනල්. මෙහෙම සවිශක්තිය තියෙන වාහනේ එයාබෑග් එක ඔබට පාවිච්චි කරන්න පුළුවන් හදිසියකට වමනෙ දාන්න හොඳට ගසලා ගෙදර එන දවසක වාහනෙ ඇතුලෙම කබරයා පාරක් සෙට් වුනොත් සෙනිකව ඇදල ගන්න බඩු තිබේ. එහෙම නැත්නම් මෙක හැප්පුනොත්, ඇතුලෙ ගිය එකාගෙ කෑලි ටික එකතු කරල දාගන්නත් එයාබෑග් එක ප්‍රයෝජනවත්.

වාහනේ හැප්පුනොත් සීට් බෙල්ට් එක මෙතනින් ගලෝල එන්නත් ඉඩ තියෙනවා.

Euro NCAP ටෙස්ට් වලදී KWID (I) සහ (II) බිත්තරේ පොළේ ගැහුව වගේ කුඩු වෙලා තරු 0 හම්බුනාට පස්සෙ රෙනෝල්ට් සමාගම පොරොන්දු වුණා ආයෙ එහෙම කුඩු නොවෙන්න KWID (III) හදනවා කියලා. ඒක තමයි මේ තියෙන්නෙ.

ටෙස්ට් එකෙන් පස්සේ චෙක් කරලා බැලින්නම් EURO NCAP ටෙස්ට් එකේ Front Collision Test එකේ හප්පලා බලන කොටස (Driver's side එකේ ) විතරක් බොඩි ෂෙල් එක Reinforce කරලා අටෝලා දීල තියෙන්නෙ රෙනෝල්ට් එකෙන්. එහෙම කරලා airbag එකකුත් දුන්නත් බොඩි ෂෙල් එක Unstable හින්ද එයා බෑග් එකෙනුත් සත පහක වැඩක් නැති වෙලා.

ඒකෙන් වුණේ අන්තිමට Update කරපු KWID (III) එකටත් Safety Score 0 ම ලැබිච්ච එක.

ABS???
විහිළු කරන්න එපා.

සැපපහසුව සහ ඔප්ෂන්ස් බැලුවොත් ඇත්තටම ලක්ෂ 22කට ලැබිල තියෙන අගය ගැන දුකක් තමා මුලින්ම දැනෙන්නේ . පවර් වින්ඩෝස් තියෙන්නේ ඉස්සරහට විතරයි. ඒකෙත් දොරට ස්විච් දාන්නෙ නැතුව ඩෑෂ්බෝඩ් එකට අරන් තියෙනවා. සෙන්ට්‍රල් ලොකිං ස්විච් එකත් එතනම තිබේ. පස්සෙ දොරවල් වලට පවර් ෂටර්ස් නෑ. වැදගත්ම දේ තමා, පවර් මිරර්ස් නැති කම. ලක්ෂ 22 වාහනේ පවර් මිරර්ස් නෑ. අර ඇල්ටෝ එකේ වගේ ඇතුලෙන් කරකවන්න පුලුවන් පොඩි මෙව්වා එකක් වත් නෑ.

ඊට පස්සෙ අපිට දකින්න තියෙනවා මේකෙ සෙටප් එක. බැලූ බැල්මට හොඳයි. අවශ්‍ය කරන හැම දේම තියෙනවා. හැබැයි මේ වගේ සෙට් එකක් බොහෝම අඩු මිලකට ලංකාවෙ ගන්න පුළුවන්. දාර සෙටප් එකක් තිබ්බට මොකෝ ස්පීකර් දෙකයි තියෙන්නෙ ඩෑෂ් බෝඩ් එකටම හයි කරපු.

ඉස්සරහ සීට් වල ඇජෙස්ටබල් හෙඩ්‍රෙස්ට් වත් නෑ. සීට් පෙනුමෙන් නම් ගල් ආසන වගේ. හැබැයි එච්චරටම අවුලකුත් නෑ. ලක්ශ 22කට අවුල්. හොඳට ඉඩකඩ තියෙන බූට් එකක් තියෙනවා.

මේකෙ digital instruments cluster එකක් තියෙනවා.

ඒක බොහොම ප්‍රාථමික පෙනුමයි. පෙට්‍රල් වලට කුණු පෙරේත උන්ව වැඩිපුර ආකර්ශනය කරගන්න තමා මේක පැලෑන කොරපු උන් කල්පනා කරල තියෙන්නේ. පැට්‍රල් 25ක් කරනවලු ටැංකියෙ පැට්‍රල් ඉවර වෙන්න තියෙන දුරයි, පෙට්‍රල් කරන ප්‍රමාණයයි පෙන්නනවා. ඒවගෙ නිරවද්‍යතාවය නම් කොහොමද දන්නෙ නෑ ඉතින්. ටැකෝමීටර් එහෙම බලාපොරොත්තු වෙන්න එපා.

හෑන්ඩ්බ්‍රේක් ලීවර් එකත් ඇදයි

එන්ජිමයි කියන එකේ ලෝහ වලට තියෙන්නෙ බ්ලොක් එකයි හෙඩ් එකයි විතරයි. ටැපට් කවරෙ, සම්ප් එක, ඉන්ලට් මැනිෆෝල්ඩ් එක ප්ලාස්ටික්. යටින් skid plate එකක් එනවනම් සම්ප් එක ප්ලාස්ටික් වීම ගැටලුවක් නෙමෙයි, නමුත් සම්ප් එක බොහොම අනාරක්ෂිතයි මේකේ. අනික ඉන්දියන් ප්ලාස්ටික් මැනොෆොල්ඩ් එක.

(අර ඇක්සල් එකත් මළකඩ කාලද මන්ද )

හිඟන හැතිකරේ එන්ජින් බේ එකට ෆුල් පේන්ට් එකක්වත් ගහල නෑ.

ඔය බැටරියට එහායින් තියෙන්නෙ ECU එකලු.

800CC එන්ජිම. හෝස් පවර් 54යි. ඒසී දාලා අයිඩ්ලිං තියන්න බෑ, දෙදරනවා. මුළු වාහනේම දෙදරනවා.

ඇල්ටෝ එකේ දිග පළලම, ඇත්තටම ඊටත් ටිකක් වැඩියෙන් තියෙන වාහනෙ බර කිලෝ 660. බජාජ් ටූ ඉස්ට්‍රොක් ත්‍රීවීල් දෙකක බර.

රෝදෙට ඇණ තුනයි. ඇලෝයිවීල් එහෙම දාන්න බෑ ඉතින්. උන් දෙන වීල් එකක් තමා දාන්න පුළුවන්. පියාජියෝ ත්‍රීවීල් එකේ රෝද මේකට ඩිරෙක්ට් ෆිට්.

මේ තියෙන්නේ 2016 බ්‍රෑන්ඩ් නිව් වාහනේක හෙඩ්ලයිට් ඇජෙස්ටර් එක.

පස්සට සස්පෙන්ෂන් කියල ජාතියකුත් තියෙනවා. ඒකෙ පින්තූරයක් දැක්කම තත්වෙ හිතගන්න පුළුවන්. ත්‍රීවීල් එකක් වගේ.

මුන් කොච්චර හිඟන හැතිකරයක්ද කියනවනම් රිවස් ලයිට් දෙකක් දාල නෑ කියාංකො ඇත්තටම ලයිට් දෙකක් තියෙනවා, බල්බ් එකක් තියෙන්නෙ වම් පැත්තෙ විතරයි. දකුණු පැත්තෙ බොරු ලයිට් එකක්.

windshield cowl එක හරියට කවර් කරල නෑ. ඉතින් ඇතුලෙ කුණු රොඩු පිරෙනවා. එක වයිපරයයි තියෙන්නෙත්.

නම්බර් ප්ලේට් එකේ ලයිට් එකට යන වයර් එක තමා ඔය ඩිකිය හරහට ඇදලා ටේප් කෑලි දෙකක් ගහල තියෙන්නේ.

මේ තියෙන්නේ ඉන්දියන් ලඩි කීපයක තොරතුරු සංසන්දනයක්.

මේක අලුත්ම මාදිලියේ බාගෙ කාර් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද හැම දේම බාගෙ බාගෙ තියෙන්නේ. වයිපර් බාගයයි, වීල් නට් බාගයයි, රිවස් ලයිට් බාගයයි, එන්ජින් බාගයයි,පේන්ට් බාගයයි, වයරින් බාගයයි etc...

ඉන්දියාවෙ පාරෙ රීපු අනාත සොන්නළුන්ට නොතෙමී ඩීසන්ට් පිට යන්න හදන තුට්ටු දෙකේ ලඩ වලට ඔබගේ වටිනා මුදල් යටකිරීමෙන් වලකින්න.

ලක්ෂ 22 කට 2000න් උඩ හදපු හොඳ කාර් එකක් ගන්න පුළුවන් කම තියෙද්දි බ්‍රෑන්ඩ් නිව් වීම කියන සාධකය මත සහ පෙනුමට රැවටිලා මේවා ගන්න එපා. අපරාදේ සල්ලි.

Last edited by Sithira Weerasinghe; 07-09-2016 at 08:33 AM.
Reply With Quote
(#2)
Old
agrmrs's Avatar
agrmrs agrmrs is offline
Senior Member
agrmrs is a glorious beacon of lightagrmrs is a glorious beacon of lightagrmrs is a glorious beacon of lightagrmrs is a glorious beacon of lightagrmrs is a glorious beacon of lightagrmrs is a glorious beacon of lightagrmrs is a glorious beacon of lightagrmrs is a glorious beacon of lightagrmrs is a glorious beacon of lightagrmrs is a glorious beacon of lightagrmrs is a glorious beacon of light
 
Posts: 16,045
Join Date: Feb 2008
07-09-2016, 07:24 AM

අපේ රටේ කස්ටිය එකතු වෙලා හොද වාහනයක් හදමුකො.මන් දැක්ක ගොඩක් දැනුම තියෙන අය ඕවයෙ වැරදි එහෙම පෙන්නල දෙනව.ඉතින් ඉන්ටර්නෙට් එකේ ආගියු කරන්නැතිව කට්ටිය සෙට් වෙලා හොද වාහනයක් හදල පෙන්නමුකො
Reply With Quote
(#3)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to behold
 
Posts: 20,650
Join Date: Apr 2015
07-09-2016, 07:28 AM

Quote:
Originally Posted by agrmrs View Post
අපේ රටේ කස්ටිය එකතු වෙලා හොද වාහනයක් හදමුකො.මන් දැක්ක ගොඩක් දැනුම තියෙන අය ඕවයෙ වැරදි එහෙම පෙන්නල දෙනව.ඉතින් ඉන්ටර්නෙට් එකේ ආගියු කරන්නැතිව කට්ටිය සෙට් වෙලා හොද වාහනයක් හදල පෙන්නමුකො
අපේ දේසපාලුවෝ එක්ක බැහැ බන් ඕව කරන්න

http://obeth-mageth-addakeem.blogspo...azda-1968.html
Reply With Quote
(#4)

07-09-2016, 07:30 AM

Quote:
Originally Posted by Hyaenidae View Post
අපේ දේසපාලුවෝ එක්ක බැහැ බන් ඕව කරන්න

http://obeth-mageth-addakeem.blogspo...azda-1968.html
තෑන්ක්ස් මචන්.රටේ අයට කැපිල්ල කොහෙ ගියත් ඉතින් කොහොමැයි කොරන්නෙ
Reply With Quote
(#5)
Old
ishan1653's Avatar
ishan1653 ishan1653 is offline
Senior Member
ishan1653 is a glorious beacon of lightishan1653 is a glorious beacon of lightishan1653 is a glorious beacon of lightishan1653 is a glorious beacon of lightishan1653 is a glorious beacon of lightishan1653 is a glorious beacon of lightishan1653 is a glorious beacon of lightishan1653 is a glorious beacon of lightishan1653 is a glorious beacon of lightishan1653 is a glorious beacon of lightishan1653 is a glorious beacon of light
 
Posts: 4,176
Join Date: Jun 2007
07-09-2016, 07:34 AM

ela.. rep +10
Reply With Quote
(#6)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to behold
 
Posts: 20,650
Join Date: Apr 2015
07-09-2016, 07:34 AM

Team-bhp Ownership reviews වල හැටියට 13kmpl-18kmpl අතර පෙට්‍රල් කරන්නෙ
Reply With Quote
(#7)
Old
jeewantha05's Avatar
jeewantha05 jeewantha05 is offline
Senior Member
jeewantha05 is a glorious beacon of lightjeewantha05 is a glorious beacon of lightjeewantha05 is a glorious beacon of lightjeewantha05 is a glorious beacon of lightjeewantha05 is a glorious beacon of lightjeewantha05 is a glorious beacon of lightjeewantha05 is a glorious beacon of lightjeewantha05 is a glorious beacon of lightjeewantha05 is a glorious beacon of lightjeewantha05 is a glorious beacon of lightjeewantha05 is a glorious beacon of light
 
Posts: 3,772
Join Date: Feb 2008
07-09-2016, 07:39 AM

Reply With Quote
(#8)
Old
Sithira Weerasinghe's Avatar
Sithira Weerasinghe Sithira Weerasinghe is offline
Senior Member
Sithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to all
 
Posts: 8,683
Join Date: Jun 2015
Location: කඩුවෙල
07-09-2016, 07:51 AM

Quote:
Originally Posted by agrmrs View Post
අපේ රටේ කස්ටිය එකතු වෙලා හොද වාහනයක් හදමුකො.මන් දැක්ක ගොඩක් දැනුම තියෙන අය ඕවයෙ වැරදි එහෙම පෙන්නල දෙනව.ඉතින් ඉන්ටර්නෙට් එකේ ආගියු කරන්නැතිව කට්ටිය සෙට් වෙලා හොද වාහනයක් හදල පෙන්නමුකො
Quote:
Originally Posted by Hyaenidae View Post
අපේ දේසපාලුවෝ එක්ක බැහැ බන් ඕව කරන්න

http://obeth-mageth-addakeem.blogspo...azda-1968.html
Quote:
Originally Posted by agrmrs View Post
තෑන්ක්ස් මචන්.රටේ අයට කැපිල්ල කොහෙ ගියත් ඉතින් කොහොමැයි කොරන්නෙ
දේසපාලුවො විතරක්නෙමෙය්, මේ රටේ ලඩි වෙලඳාම අල්ලගෙන ඉන්න ඩේවිඩ් පීරිස්ලා, AMWලා මයික්‍රෝලත් කරන්න දෙන්නෙ නෑ. මොකද මෙහෙ බජට් වාහන හැදුවොත් උන්ට බිස්නස් නැති වෙන නිසා . මේ වගේ වාහනයක් හදන්න පහසුකම් තාක්ෂණය හැමදේම ලංකාවෙ තිබේ...
Reply With Quote
(#9)
Old
Sithira Weerasinghe's Avatar
Sithira Weerasinghe Sithira Weerasinghe is offline
Senior Member
Sithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to allSithira Weerasinghe is a name known to all
 
Posts: 8,683
Join Date: Jun 2015
Location: කඩුවෙල
07-09-2016, 07:51 AM

Quote:
Originally Posted by ishan1653 View Post
ela.. rep +10
Quote:
Originally Posted by jeewantha05 View Post
ela
Reply With Quote
(#10)
Old
CustomerSupport's Avatar
CustomerSupport CustomerSupport is offline
Senior Member
CustomerSupport has a spectacular aura aboutCustomerSupport has a spectacular aura aboutCustomerSupport has a spectacular aura aboutCustomerSupport has a spectacular aura aboutCustomerSupport has a spectacular aura about
 
Posts: 1,180
Join Date: Mar 2016
07-09-2016, 07:52 AM

Quote:
Originally Posted by Sithira Weerasinghe View Post
දේසපාලුවො විතරක්නෙමෙය්, මේ රටේ ලඩි වෙලඳාම අල්ලගෙන ඉන්න ඩේවිඩ් පීරිස්ලා, AMWලා මයික්‍රෝලත් කරන්න දෙන්නෙ නෑ. මොකද මෙහෙ බජට් වාහන හැදුවොත් උන්ට බිස්නස් නැති වෙන නිසා . මේ වගේ වාහනයක් හදන්න පහසුකම් තාක්ෂණය හැමදේම ලංකාවෙ තිබේ...
Haduwath minissu ganna ekak na ban "local product" kiya kiya indee.
Reply With Quote
Reply

Bookmarks

Tags
අබ්බගාත kwid, ඉන්දියන් පපඩම්, ඉන්දියන් මරණ, ඉන්දියන් ලදරම්, ඔක්ටේන් සොන්නය, බාග කාර්, මාකටින් පොන්ස්, රෝද 4 3wheeler, ලදරම් kwid lol, 111, 1111, 222, 2222, amw බර කරත්ත, cheap plastic, indian ජරාව, indian guu godawal, parana yakada, proud to be 'an' indian, proud to be a indian, sithara දෙයියෙක්, sithira ලොක්කා, sithira හිගන්නා, tag1, threewheels are better

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05316 seconds with 10 queries