ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Hard Talk with thanujaka
Reply
 
Thread Tools
(#1)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud of
 
Posts: 9,271
Join Date: Jun 2016
Location: තොණ්ඩුලන්තය
! Hard Talk with thanujaka - 04-05-2017, 02:53 PM





thanujaka


එළකිරිය මහ මුහුද වගේ කියල හිතෙනවා... ඔබ එහි කිමිදුනොත් ඔබට ලබාගත හැකි දේ බොහොයි... ඒ මුතු ද, මඩ ද යන්න තෝරා ගැනීමට ඔබට නිදහස තියෙනවා.... වෛද්‍යවරු, ඉංජිනේරුවරු, නීතිඥවරු ආදින් මෙන්ම එදා වේල බොහොම අමාරුවෙන් සරිකරගන්නා අය ද සිටිති.... කමක් නැත... ඔවුන් සියල්ලෝම එළකිරිය තුළ එකම මට්ටමක සාමාජිකයින් යැයි හැගී යන අවස්ථා ඕන තරම් අප දැක ඇත... අද සංවාදයට කැඳවීම් ලැබූ ඔහු ද එළකිරි සාමාජිකයින්ට තමන්ගේ දැනුමෙන් හැකියාවෙන් අපරිමිත සේවයක් ඉටු කරන අපේම එකෙක්... අපි ඔහුගේ ඇතුලාන්තයට හැරෙමු.....


01. ඔබ එළකිරි සාමාජිකත්වය ගත්තේ ඇයි ?

එලකිරියට ආවේ මගේ මිතුරෙක්ගේ මාර්ගයෙන් පෙන්ටග්‍රම් කියලා, එයා තමයිමාව මේ සයිට් එකට ගෙන්නුවේ..... ඉස්සෙල්ලම හිටියේ චැට් ත්‍රෙඩ් වල. මල්වත්ත, මෙගා පාර්ටි ත්‍රෙඩ් වල පැල් බැදගෙන හිටියා... "අඩෝ එලකිරි කියල සයිට් එකක් තියෙනවා මාර ආතල් බං කොල්ලො පිස්සු කෙලින්නේහිනා කලා මැරෙනවා බං" වගේ අදහසක් තමයි මගේ යාලුවා මට දුන්නේ. පස්සේ තමයි මේකේ රෙජිස්ටර් උනේ.. දැන් වසර ගණනාවක් ගත වෙලා..


02.
ඔබ ඇත්තටම ලෝයර් කෙනෙක් ද?

දැන් නං මම ලෝයර් කෙනෙක්ම නෙමෙයි ඇත්තටම. දැන් මම අළුත්කඩේ උසාවියේ විනිසුරුවරයෙක්. මහේස්ත‍්‍රාත්වරයෙක් විදිහට රාජකාරි කරනවා.... මේ වැඩේට නම් හැබැයි මම තාම අළුත්....

03.
මම එහෙම ඇහුවේ ඔබ එළකිරිය තුළ හැසිරෙන්නේ ඔබගේ වෘත්තීය ගරුත්වය බල්ලට දාල වගේ නිසා... ඇයි ඒ...?

මගේ වෘත්තියෙන් මට පුළුවන් උදව්ව මේකේ සාමාජිකයන්ට කරනවා. එතනින් එහාටමගේ වෘත්තිය මේ ෆෝරම් එකට අදාලම නෑ.. මමත් හැමෝම වගේ මේකේ තවත් එකසාමාජිකයෙක් විතරයි.. මම ලෝයර් කෙනෙක් කියල මම හරි ලොකුයි කියල මගේ රස්සාවආභරණයක් කරගෙන හිස මුදුනේ තියාගන්න මට අවශ්‍ය නෑ.. මගේ වෘත්තිය ගරුත්වයබල්ලට වැටෙන්නේ මම ලෝයර් කෙනෙක් විදිහට එලකිරියට එනවනං.. මම එලකිරියට එන්නේලෝයර් කෙනෙක් විදියට නෙමෙයි, මම තනුජක, මම එලකිරි එන්නේ මම විදිහට. ලෝයර්කියන්නේ මගේ රස්සාව.තනුජක එලකිරි ආවම මෙතන ඉන්නේ තනුජක. මෙතන ලෝයර් කෙනෙක් වත්, මහේස්ත්‍රාත් වරයෙක් වත් නෑ......


04. ඔබ අදක්ෂයි... ඒ හින්ද නඩු අඩුයි.... එළකිරිය තුළ කරක් ගහන්නේ නඩු හොයන්න කියල කෙනෙක් චෝදනා කළොත් වරදක් නෑ වගේ නේද...?

අද වෙනකං මම එලකිරියේ කිසිම කෙනෙකුගෙන් එක සතයක් අරගෙන නෑ.. මම උදව්කරපු එක්තරා සාමාජිකයෙක් ඉන්නවා එලකිරියේ අවශ්‍ය නං නමත් කියන්නං.... මම සල්ලිගන්න බෑ කිව්වම ලොකු මුදලක් මගේ අකවුන්ට් එකට ඩිපොසිට් කරලා තිබුනා, මගේක්ලාක් ගෙන් අකවුන්ට් නම්බර් එක ඉල්ලගෙන... මම ඒ සම්පූර්ණ මුදලම ඔහුට ආයේභාරදුන්නා රුපියලක් වත් තියාගන්නෙ නැතුව..
එලකිරියෙන් මට සල්ලි හොයන්නවත්, නඩු හොයාගන්නවත් උවමනාවක් නෑ..


05.
එහෙනම් ඔබ එළකිරියේ කරක් ගහන්නේ පොරක් වෙන්න තියෙන ආසාවට ද?

පොරක් වෙන්න උවමනාවක් මට කවදාවත් තිබිලා නෑ.. මම දැන් නං එලකිරියට එන්නේ ඉස්සර වගේ ආතල් ගන්න නෙමේ මේකේ ඉන්න අයට උදව්කරන්නමයි.... මගේ ජීවිතෙන් අවුරුදු 10කට ආසන්න කාලයක් මේක ඇතුලේ ගත උනා. ඒ හින්දා මේ සයිට් එකට ලොකු ලැදියාවක්, බැදීමක් මගේ හිතේ තියෙනවා.සාමාන්‍යයෙන් ලෝයර් කෙනෙක් ලීගල් ඇඩ්වයිස් එකක් දෙන්නත් අද කාලේ 1500 වගේගන්නවා.... ඉතිං මම හැමදාම හිතන්නේ මම මේක ඇතුලේ ඉද්දි මේකේ කොල්ලො මොකටද මේපොඩි පොඩි දේවල් වලට එක එක්කෙනාට නිරපරාදේ සල්ලි පූජා කරන්නේ කියල.....

අනිත් කාරණේ තමයි මට මගෙ දැනුම ගැන තියෙන විශ්වාසය.... ලෝයර්ස්ලා හුග දෙනෙක්මේ වගේ සයිට් වල ඉන්න බයයි අහන ප‍්‍රශ්නවලට උත්තර දීගන්න බැරිවෙයි කියල....සරලව ඕක මෙහෙම පැහැදිලි කරන්නංකෝ.. දැන් විවිධ දොස්තරලා ඉන්නවනේ.. eye specialist dentist ලා, හෘද රෝග සම්බන්ධව, පිලිකා සම්බන්ධව, ප‍්‍රසව හානාරි ඔන්න ඔහොම කියලා විවිධ ප‍්‍රභේද.... දැන් ඔබට මූත‍්‍රා අමාරුක් හැදුනොත් ඔබඅක්ශි වෛද්‍යවරයෙක්ගෙන් ප‍්‍රශ්න අහන්නේ නෑනේ මේකට මොකද කරන්න පුළුවන්කියල... නමුත් ලෝයර්ලගෙන් එහෙම නෙමෙයි. ලෝයර්ස්ල ගෙත් එහෙම එක එක ප‍්‍රභේදඉන්නව.. ඉඩම් නඩුකරන, ඩිවෝර්ස් නඩු කරන, ක්‍රිමිනල් නඩු කරන අන්න එහෙම..නමුත් ප‍්‍රශ්න අහනකොට ඔය විශයන් සේරටම අදාල ප‍්‍රශ්න එක ලෝයර් කෙනෙක්ගෙන්අහනවා. ගොඩ දෙනෙක් තමන් ප්‍රැක්ටිස් කරන ෆීල්ඩ් එක ඇරුනම අනිත් ෆීල්ඩ්ස්ගැන ලොකු දැනුමක් නෑ.. ඒ හින්ද මේ වගේ තැනකට එන්නේ නෑ නොන්ඩි වෙන්න වෙයිකියල... නමුත් මට එහෙම ප‍්‍රශ්නයක් නෑ. මගෙන් මේකෙ කට්ටිය හැම විශයකට අදාලනානාප‍්‍රකාර ප‍්‍රශ්න අහනවා. මම මේ වසර ගණනාව පුරාවට මගෙන් අහපු එකප‍්‍රශ්නකටවත් දන්නේ නෑ කියලවත්, වැරදි උපදෙසක් දීලවත් නෑ..මම විශය ගැනගැඹුරු හැදෑරීමක් තියෙන කෙනෙක්.... මට මගේ දැනුම විශ්වාසයි.... මම මේකෙ කරක් ගහන්නේ පොරක් වෙන්න නෙමෙයි, ඒ මගේ හිතේ මේ සයිට් එකට තියෙන ලැදියාව සහ මගේ දැනුම ගැන තියෙන විශ්වාසය නිසා...


06.
ඔබ online නීතිඥ සේවයක් ආරම්භ කරල ගතමනාවක් හොයගන්න වැඩපිළිවෙලක් හදාගන්න හිතල නැද්ද...?

නෑ.. මම මැරෙන තුරාවට එලකිරියෙන් පිට කිසිම තැනක ඔන්ලයින් ලීගල් ඇඩ්වයිස්දෙන්න බලාපොරොත්තුවක් නෑ සල්ලි වලටවත්.... මේක එලකිරිය උදෙසාම මම කරන සේවයක්විනා එලකිරියෙන් පිට මම ඒ දේ කවම කවදාවත් කරන්නේ නෑ... එලකිරියේ ඕන කෙනෙකුටඋදව්වක් අවශ්‍ය උනොත් මම් නොමිලේම ඒ අවශ්‍ය උදව්ව, උපදේශය දෙනවා.. කාටහරි ඔන්ලයින් එහෙම නීති උපදේශනයක් අවශ්‍ය නං කරන්න තියෙන්නේ අකවුන්ට් එකක් හදං එලකිරි එන එක.

ගොඩ දෙනක් මගෙන් ඔය ප‍්‍රශ්නේ ඇහුවා.... මම ඒ හැමෝටම කියන්නේ මම එලකිරියේ ඉන්නතාක්කල් මේකෙ ඉන්න හැමෝටම මගේ සේවාව නොමිලේම හම්බවෙනවා.... ඒක ස්ථීරයි....


07.
ලෝයර්ස්ලා කල දුටු කල වල ඉහගන්න ජාතියක්, එහෙම නැත්තං ගිනි කන කාක්කන් කියල සමාජයේ මතයක් තියෙනවා.... ඔබටත් ඒක වලංගු ද?

කතාවක් වශයෙන් ගත්තම ඒ කතාව ඇත්ත.. ඒකමගේ වෘත්තිය උනත් මම ඇත්තම කතා කරන්න එපැයි.. මට බොරුවට කියන්න පුළුවන් පිස්සුද අනිත් අය එහෙම උනාට මම එහෙම නෑ - අරකයි -මේකයි කියලා මගේ ඇගේ සුදුහුණු ගාගන්න මට අවශ්‍ය නෑ.. ඒ නිසා මම ඒක තීරණය කරන්න ඔබ ඇතුල සමස්ථ එලකිරි සාමාජිකයන්ට භාරකරනවා......


08.
සාමාන්‍ය ජනතාව නීතිය ගැන දැනුවත් වීම ඔබලා වැනි ලෝයර්ස්ලට බඬේ පහරක් වන නිසා මඳක් නිහඩ වීම ඇගට ගුණයි නේද....?

ඒකේ යම් කිසි ඇත්තක් තියෙනවා... ඒ නිසා මට දෝශාරෝපණ පවා එල්ල වුනු අවස්ථා තියෙනවා...
නමුත් ප‍්‍රශ්නයක් නෑ මගේ තියෙන දැනුම ප‍්‍රයෝජනයට අරං උඹලා යහපත් ජීවිත ගතකරපල්ලා කියලයි මම හැමදාම හිතන්නේ, ඒ වගේම මේ හැමදේම කරන්නේ.....


09.
එළකිරිය කිව්ව සැනින් මතක් වෙන සාමාජිකයින් 05 දෙනා කවුද? ඒ ඇයි...?

Pentagram - මාව මේකට ගෙනාව මගේ යාළුවා.
Crazybuddy -
මගේ එලකිරියේ හොදම හිතවතා
Mr.Tom -
මම මේ එලකිරියේ දකින විශිෂ්ඨතම චරිතය. ඕන කෙනෙකුට මම කියන්නේ ඌ දිහා බලල ඌ වගේ හැදෙන්න කියල.
Jack sparrow -
ජැකා.. මම එලකිරි ආව කාලේ මට සෑහෙන්න උදව් කරපු චරිතයක්..ඉස්සර මේකේ සිගි දාන්න පුලුවන් කාලේ මට හැමදාම සිගි හදලා දුන්නේ පොර.

Lucky luke -
එලකිරියට සෑහෙන්න නොලේජ් එකක් දීල ගියපු කෙනෙක්.

මුලින්ම මතක් උන 5 ඔය.. තව ඉතිං රත්තරං, පෙරේරා, mahesh1297, සැසා, නුවන්බුවා, චාමලී, රෙක්ස්, කිඹුලා, චරිත් වගේ සෑහෙන්න පිරිසක් ඉන්නවා මතක් කරන්න.....


10.
ඔබගේ පෞද්ගලික ජීවිතය ගැනත් ටිකක් දැන ගන්න ආසයි.... කියමු ද?

ඉස්සර වගේ නෙමෙයි දැන් බැදලා.. ඒ හින්ද වගකීම වැඩියි. වෘත්තියෙන් දැන් ඔබලගේ වචනයෙන් කියනවනං නඩු කාරයෙක් හින්ද ජීවිතේ හුගක් කාර්ය බහුලයි.... ඉස්සර වගේම එලකිරියේ රැදෙන්න අමාරුයි දැන්... ජීවිතේ ඉතින් හොදින් ගෙවෙනවා....


11.
එළකිරියට මුලින්ම Lol කියාගෙන ආ ඔබට එළිකිරිය ගැන දැන් හිතෙන්නේ මොනවා ද? පුංචි සමාලෝචනයක් කරමු ද?

මම Forum කියන දේ මුලින්ම එක්ස්පීරියන්ස් කලේ එලකිරියෙන්. ඇත්තටම මම මොන මලදානයක් වත් දන්නේ නෑ එතකොට මේක ගැන.... මම පොස්ට් එකක් කියල හිතල තමයි ඒ lol කියල ත්‍රෙඩ් එකක් දාල තියෙන්නේ.... මම නං පුද්ගලිකව ආසයි 2009 - 2010 කාලේ තිබ්බ එලකිරිය ආයේ දකින්න.. ඒ කාලේචැට් ත්‍රෙඩ් වල මාර ආතල් තිබ්බේ.... නමුත් කාලය ගෙවිලා ගිහිල්ලා, ඒ යුගයට ආයේයන්න බෑ..
.. කොහොම නමුත් අපි මේකෙ කෑකෝ ගහගෙන උඩ පැනගෙන කරණම් ගහගෙන හිටපු කාලය දැන් ඉවරයි.... මේක සයිට් එක දැන් ඔබලා වගේ නවකයන්ට භාරයි..... මේක හැමදාම යහපත් තැනක් විදිහට පවත්වගන්න කියන් එකයි මගේ එකම ඉල්ලීම......


12.
එළිකිරිය තුළ ඔබගේ ඉදිරි හැසිරීම මොන වගේ වෙයි ද?


තව දීර්ඝ කාලයක් එලකිරියේකි‍්‍රයාකාරි සාමාජිකයෙක් විදිහට රැදෙන්න බලාපොරොත්තුවක් නෑ. නමුත් "උඹලට මාවමතක තියෙනකං, උඹලගෙන් මට pm එන තාක්කල් ඒ සේරටම රිප්ලයි කරන්න මම එලකිරිඑනවා." මට pm එන එක නැවතිලා, මාව එලකිරියට අමතක වෙලා, තවදුරටත් මාව මේ එලකිරියට අවශ්‍ය නෑ කියල තේරුනු දවසට මම මේ එලකිරියෙන් සමුගන්නවා.....

අවසානයට කියන්න ඕනේ ඔයාටත් බොහොම ස්තූතියි මාව මේ වැඩසටහනට තෝරගත්තට.
හැමෝටම ජයවේවා....!!!!




Reply With Quote
(#2)
Old
Deleted's Avatar
Deleted Deleted is offline
Senior Member
Deleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to behold
 
Posts: 4,935
Join Date: Aug 2016
04-05-2017, 02:54 PM

එළම පොරක් බන්.මට කරපු උදව්ව අමතක නෑ.හිත හොද කොල්ලෙක්.
Reply With Quote
(#3)
Old
RottenCOLT's Avatar
RottenCOLT RottenCOLT is offline
Senior Member
RottenCOLT has much to be proud ofRottenCOLT has much to be proud ofRottenCOLT has much to be proud ofRottenCOLT has much to be proud ofRottenCOLT has much to be proud ofRottenCOLT has much to be proud ofRottenCOLT has much to be proud ofRottenCOLT has much to be proud ofRottenCOLT has much to be proud ofRottenCOLT has much to be proud ofRottenCOLT has much to be proud of
 
Posts: 23,471
Join Date: Oct 2011
Up 04-05-2017, 02:55 PM

Reply With Quote
(#4)
Old
Executer's Avatar
Executer Executer is online now
Awrudu Games 2017 - Winners
Executer has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant future
 
Posts: 18,905
Join Date: Jan 2013
Location: ★★★★★Cutting Edge★★★★★
04-05-2017, 02:58 PM



හිත හොද කෙනෙක් සහ අනිවාර්යෙන් කිරියේ ඉන්න ඕනා පුද්ගලයෙක්
Reply With Quote
(#5)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant future
 
Posts: 71,982
Join Date: Feb 2010
Location: Disce aut Discede
04-05-2017, 02:59 PM

patta good luck thanujaka n pathpaindayata
Reply With Quote
(#6)
Old
danushka_hansaka's Avatar
danushka_hansaka danushka_hansaka is offline
Senior Member
danushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nicedanushka_hansaka is just really nice
 
Posts: 928
Join Date: Feb 2015
04-05-2017, 03:01 PM

Elakiri එකේ මම දැකපු සුපිරි චරිතයක්.....
Reply With Quote
(#7)
Old
Janith1994 Janith1994 is offline
Senior Member
Janith1994 is just really niceJanith1994 is just really niceJanith1994 is just really niceJanith1994 is just really niceJanith1994 is just really niceJanith1994 is just really niceJanith1994 is just really niceJanith1994 is just really nice
 
Posts: 2,732
Join Date: Jul 2016
04-05-2017, 03:02 PM

Ela Ela
Reply With Quote
(#8)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 51,655
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
04-05-2017, 03:06 PM

එල එල
Reply With Quote
(#9)
Old
dimuthmike's Avatar
dimuthmike dimuthmike is offline
Senior Member
dimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to all
 
Posts: 11,663
Join Date: Jan 2010
Up 04-05-2017, 03:11 PM

අනිවා.මේ වගේ උගත් කටිටිය තමා ඵළකිරියේ ඉන්නම ඕන.
Reply With Quote
(#10)
Old
Ashman's Avatar
Ashman Ashman is offline
Senior Member
Ashman has a brilliant futureAshman has a brilliant futureAshman has a brilliant futureAshman has a brilliant futureAshman has a brilliant futureAshman has a brilliant futureAshman has a brilliant futureAshman has a brilliant futureAshman has a brilliant futureAshman has a brilliant futureAshman has a brilliant future
 
Posts: 9,650
Join Date: Jul 2014
Location: kurunegala
04-05-2017, 03:12 PM

BUMP
Reply With Quote
Reply

Bookmarks

Tags
!! ගරුකරනවා, !! respect you sir, !!!upulpdn, ඔබට සතුටුද දැන්?, ඔය ඔක්කොම, කොටාට පරාදයි, ගරුකරනවා සර්ට, රත්තරං අනාතයි, dan kibula second, ela kollek, ffff, gaththa ekak, hard_talk, i <3 gtrz, jaya jaya, kibula mokedda menna dial, me talk eka supiri, menna niyama talks, my1, reserved1, reserved2, respect u sir !!!!, ress, sss, thanujaka ela bro kenek

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06083 seconds with 9 queries