ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කුරුලන්ගල අබිරහස් සිතුවම් මොනවාද?
Reply
 
Thread Tools
(#1)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 3,076
Join Date: Sep 2014
Location: සියනෑ අධිකාරි
Oh! කුරුලන්ගල අබිරහස් සිතුවම් මොනවාද? - 01-11-2019, 09:25 AM















කුරුලුගලාගල කන්දෙන් මතු වූ සිතුවම් වලින් කියැවෙන අබිරහස් අතීතයක්.
-----------------------------------------------------
"ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සිතුවම් කිසිවක් නෑ" යන්න කාලයක් පුරාම පැවැති මතයය. එහෙත් ලක්දිව තරම් මෙම ඓතිහාසික යුගය පිළිබඳ ගවේෂණය කරන්නට තැනක් තවත් නැත යන අදහස විද්වතුන් කිහිපදෙනකු තුළම තිබිණි. එහෙත් ඇල්ල-වැල්ලවාය පාරේ "රක්කිත්තා කන්ද" සේනාසනය ඉදිරිපසට වන්නට පිහිටි කරේන්ද්‍රගොල්ල කඳුවැටියේ රක්කිත්තා කන්ද නමැති උස්වූ කඳු ශීඛරයේ නැඟෙහිරට වන්නට පිහිටි බෑවුමේ අතිශය දුර්ලභ වූ සිතුවම් කිහිපයක් දැකගන්නට වීම නිසා ඉහත සඳහන් කාලයක් පැවැති මතය වෙනස් වන්නට පටන් ගෙන ඇත.

මෙම සිතුවම් පිළිබඳ පුවත දිගහැරෙන්නේ මහාචාර්ය රාජ් සෝමදේවයන් විසින් මෙහි සිදුකළ පර්යේෂණයන් නිසාය. ඒ 2014 වසරේදීය. මෙම සිතුවම් අති දුර්ලභ යැයි කියාවෙන්නේ එවන් ආරක රූ රටා සහිත වෙනත් සිදුවීම් කිසිවක් මෙරටින් හමුවී නැති නිසාය. කුරුලු රූප කිහිපයක් සිතුවම් වී ඇති අතර ඒවා නව ශිලා යුගයේදී ඇඳි ඒවා බවට අදහස් ඉදිරිපත් වී ඇත. එහෙත් වලව නිම්නය ආශ්‍රිතව සිදු කෙරෙන ගවේෂණවලින් මෙය තහවුරු වෙමින් පැවැතීමද වැදගත්ය.

මේ අවට සහ මෙහි විසූ මිනිසුන්ගේ විශ්වාසයන්, අභිචාර, කලාව ආදී තත්ත්වයන්හි විශාල වෙනසක් සිදුවූ බවට මේ පර්යේෂණවලින් මතුවන අදහසකි. එවැනි කලාවක අවශේෂයන් මුල් වරට හමුවන්නේ රංචමඩමෙන්ය. එසේම වල්මීතලාවෙන් හමුවූ රතු ගුරුගල් උපයෝගී කරගෙන ආලේපවත් කළ ස්ත්‍රී ලිංග සලකුණක් නිසා රංචමඩමේ වසර 3300ක් පැරැණි බඳුනක රෙඩ් ඔකර් ආලේප කර තිබීමත් නිසා නව ශිලා යුගයේ මිනිසාට දීර්ඝ කාලයක් පවතින වර්ණ ආලේපන තාක්ෂණයක් තිබුණු බවට යම් ප්‍රමාණයකට සහතික වීමක් සිදුව තිබේ. ඒ නිසාම කුරුගලාගලින් ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මිනිසාගේ කලාත්මක හැකියාව පිළිබඳ තොරතුරු ඉස්මතුව පෙනෙන්නට පටන්ගෙන ඇත.

කුරුලුගලාගලින් හමුවූ සිතුවම්වල තිබෙන විශේෂත්වය නම් මේ හා සමාන ආරේ සිතුවම් මෙරට වෙනත් ස්ථානයකින් හමු නොවීම නිසාම මේ පිළිබඳ වැඩිදුර කියැවීමකට මඟ අහුරාලන නිසාය. දැනට තිබෙන සිතුවම් නිරීක්ෂණය කිරීමෙන් එහාට යන්නට නොහැකි තරමය. මෙය අබිරහසක් මතු කරයි. ඒ අනුව ලංකාවෙන් පරිබාහිරව කුරුලු රූ සහිත වෙනත් සංස්කෘතිකාංගයන් වෙත විමසුමට ලක් කළ යුතුව පවතී,

ඒ අනුව කුරුලු වන්දනාව තිබූ බවට තොරතුරු මතුවුණු මෙසපොතේමියාවේ, මිසරයේ සහ ඊස්ටර් දූපත්හි මෙන්ම ඉන්දු නිම්නයේද සාක්ෂි සොයා යෑමට සිදු වන්නේය. එපමණක් නොව තමිල්නාඩුවේ තිරුකලුකුන්ඩුම්හි "වේදගිරිස්වරාර්" දේවාලයේ කුරුලු වන්දනාවක් අදටත් සිදුකිරීම සලකා බැලිය යුත්තකි. එහිදී සිදුවන ධාන්‍ය පූජා කිරීම ඒවා භුක්ති විඳින කුරුල්ලන්ගේ ස්වරූපයන් කුරුලුගලාගල ප්‍රාග් ඓතිහාසික සිතුවම්වලට සමරූපීවද ගළපාගත හැකි බවත් කියැවේ. එසේ නම් කුරුලුගලාගලින් නිරූපිත වන්නේ කිසියම් ධාන්‍ය ප්‍රජාවක රූප සටහන්ද යන්න විමසිය යුතුව ඇත.

මෙහි දැක්වෙන කුරුලු රූපවල ස්වභාවය හොඳින් පරීක්ෂා කර බලද්දී විද්වුතුන් හඳුනාගත් යමක් ඇත. එනම් කුරුලු රූප ඉහළ සිට ගල් බෑවුමේ පහළ දෙසට ඇදී එන ආකාරයෙන් සිතුවම් කර ඇත. පහළින් අත් කිහිපයක් දැක්වෙන අතර ඒවා එම පූජාවන් සිදුකරන අයගේ විය හැකි බවටත් අදහසක් මතුව තිබේ. කුරුල්ලන්ට ආහාර පූජා කිරීම අපේ පැවැති සිරිතක්ද වීම නිසා මෙය තවදුරටත් නිරවුල් කර ගත යුතු තත්ත්වයකි. අප කුඹුරක කුරුලු පාළුව කියා කුරුල්ලන්ට වෙන් කෙරෙන සිරිත තවමත් අප රටේ පවතින්නකි. මේ එකල ආගමික වශයෙන් මිශ්‍ර වූ යම් පූජාවක ක්‍රමයක්ද විශ්වාසයක්ද සිරිතක්ද විය හැකි යැයි සිතන්නට ඉඩකඩ තිබේ.

ඊස්ටන් ගොඩබිමට ෆැසිපික් දූපතක මෙතෙක් හඳුනා නොගත් මහා ශෛලමය ඉදිකිරීම් සහිත ශිෂ්ටාචාරයක් හමුවී තිබීම මේ විමසුම තවත් පුළුල් කරන්නකි. එහි කැටයම් ඵලක කිහිපයක්ම ඇති අතර එය කුරුලු මිනිසුන් විසින් එම ජනාවාසය බිහිකළ බව කියැවෙන තොරතුරු රැසකි. රාජ් සෝමදේව මහතා කුරුලුගලාගල සිතුවම් කියවන්නට ඊස්ටන් දූපතේ පුරාවෘත්තයද යම්තාක් හසුරුවාගෙන ඇති බව සිතෙයි. ඒ අනුව කුරුලුගලාගල සිතුවම් ඇඳි මිනිසුන් ෆීජි දූපත්, අග්නිදිග ආසියාව හරහා මුහුදින් පැමිණි ඔස්ට්‍රෝඒසියාටික් භාෂා කතා කරන ලංකාවට මෙම අදහස ගෙන එන්නට ඇති බවටත් අනුමාන කෙරේ. කෙසේ වෙතත් සිතුවම්වල වර්ණක නියමානුකූලව කාලනිර්ණය පරීක්ෂණයෙන් පසු තවත් මෙම පුවත පුළුල් තලයකට පිවිසෙනු ඇත.

කෙසේ වෙතත් කුරුලු ඇදහිලි පිළිබඳ ඓතිහාසික කියැවීම පුළුල්ය. පුරාණ සුමේරියාවෙන් හමුවූ ඵලකවලින් කියැවුණේ "නිබුරු නමින් වූ ග්‍රහලොවකින් පැමිණි අනුනාකි. නම් ජීවීන් පිරිසක් සුමේරියානු ශිෂ්ටාචාරය බිහි කළා" යනුවෙනි. අනුනාකිවරුන් මෙහිදී සිංහ රූපවලින්ද, කුරුලු රූපවලින්ද පෙනී සිට ඇති බැව් කියැවේ. එය පුරාවෘත්තගත තොරතුරු හා ගැළපෙන්නේය. මේ අනුව ක්‍රිස්තු පූර්ව 3000 සිට බුද්ධ කාලය වනතුරුම සුමේරියානු රජවරු කුරුලු වේශයෙන් වෙස්ගැන්වූ කැටයම්වල පෙනී සිටීමද සලකා බැලිය යුතු කරුණකි. මෙවැනි රජවරුන්ම කුරුලු රූපය සංකේතවත් කරගත් අතීතය හා බැඳුණු මතවාදය විමසිය යුත්තකි.

ඒ අනුව මිසර ශිෂ්ටාචාරයේ දේව ඇදහිලිවල එන කුරුලු රූප හා කුරුලුගලාගල රූප අතර තිබෙන සමානකම්ද විමසීමට ලක්වී ඇත. ඊජිප්තු පැරැණි රාජධානි යුගයේ පූජනීයත්වයෙන් ඇගයූ ගරුබුහුමන් ලද පක්ෂියකු ඇත. මෙම පක්ෂියා අයත් පවුලේ වෙනත් කුරුලු විශේෂ උතුරු අප්‍රිකාව, මධ්‍යධරණී ප්‍රදේශය, ඉන්දියාව වාසභූමි කරගෙන ජීවත් වීමත් මෙහිදී සලකා බැලිය යුත්තකි. ඒ අනුව ඉන්දීය උප මහද්වීපයේ වෙසෙන උප වර්ග තුනකටම අයත් පඬු පැහැ වර්ණයෙන් යුතු කුරුලු විශේෂද අනුව කුරුලුගලාගල සිතුවම්වල එන කුරුලු රූප දෙකක් විශේෂත්වයක් දක්වමින් මතුවීමද සැලකිය යුත්තකි.

මීට වසර 5000කට පෙර ඊජිප්තුවේ පැවැති රාජාලි වන්දනාවද සිහිකළ යුත්තකි. දකුණු ඉන්දියාවේ තිරුක්කුල්කුන්දම් කෝවිල කුරුලු ඇදහිලි පවතින අයට සමීප තැනකි. උස ගිරි මුදුනකට නැඟ ප්‍රපාතාකාර ගල් කුළේ ඉහළට වන්නට රැ¼ඳී පූජකවරු ඉර අවරට යන්නට පෙර කුරුල්ලන්ට දන්දීම සැලකිය යුත්තකි. කුරුලුගලාගලත් ගල්කුළත් මත වීමත් සමාන කමක් දක්වයි. මෙය සම්ප්‍රදායක් අනුවත්, සිරිතක් අනුවත් මෙරට ජීවත්වූ මනුෂ්‍යයන් තුළ පැලපදියම් වීම, හේතුවක් වීම නිසා කුරුලුගලාගල මිනිසුන් අතින් මේ සිතුවම් ඇඳුනාවන්නටද පුළුවන. කෙසේ වෙතත් ඉතිහාසයේ අෑතක සැඟවුණු තොරතුරු තවමත් පැහැදිලි නැත. සැබැවින්ම එය හෙළිදරව් විය යුතු අබිරහසක් මෙන්ය. කුරුලුගලාගලින් මතුවූ සිතුවම් තුළින් මෙරට ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ පැහැදිලි තොරතුරු මතුකර ගන්නට හැකිවේ නම් එය සුබ ලකුණක් වනු ඇත.


http://www.mawbima.lk/columns2017040...30.php?id=2313
Reply With Quote
(#2)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 3,076
Join Date: Sep 2014
Location: සියනෑ අධිකාරි
01-11-2019, 09:27 AM

සෙලිග්මාන් නමැති යුරෝපීය ජාතික මානව විද්යාඥයා මීට වසර ගණනාවකට ඉහතදී ලංකාවේ ප්රාග් ඓතිහාසික සිතුවම් නැති බවත්, ලංකාවේ ගුහා චිත්ර වැද්දන් මෑතදී අඳින ලද බවත් ප්රකාශ කර තිබුණි. එය දේව වාක්ය කරගත් කලා ඉතිහාසකාරයෝද, පුරාවිද්යාඥයෝ ද ලාංකීය කලාවට දේශජ උරුමයක් ඇති බව විශ්වාස නොකළෝ ය. නමුත් එය වෙනස් කරන ලද්දේත් ලංකාවේ බහුවර්ණ සිතුවම් පවා ඇති බව පෙන්වා දෙන ලද්දේත් ජ්යෙෂ්ඨ මහාචාර්ය රාඡ් සෝමදේව මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායම රත්තික්කාකන්ද ගවේෂණයෙන් ය. ඒ අනුව, පසුගිය 2014 වසරේ කරන ලද එතුමාගේ ක්ෂේත්ර සංචාරයකදී නවශිලා යුගයේදී බව කිව හැකි අතිවිශිෂ්ට සිතුවම් විශේෂයක් අනාවරණය කර ගැනීමට හැකි විය.

ඇල්ල - වැල්ලවාය පාරේ රක්කිත්තාකන්ද සේනාසනය ඉදිරිපස කරන්දාගොල්ල කඳුවැටියේ රක්තිත්තා කන්ද නැමැති උස් කඳු ශිඛරයේ නැගෙනහිර බෑවුමේ පිහිටි ගල් පර්වතයේ අඳින ලද අති දුර්ලභ කුරුලු විශේෂයක සිතුවම් දැකගත හැකි ය. සෑම අතින්ම අපේයෑ'යි කිවහැකි නිර්මල සංස්කෘතික රූපයක් මේ දිවයිනේ විද්යමාන වන්නේ නව ශිලා යුගයේ චින්තන විප්ලවයට සමගාමීව බව වළව නිම්නය ආශ්රිතව ඡේ්යෂ්ඨ මහාචාර්ය රාඡ් සෝමදේව මහතාගේ ක්ෂේත්ර ගවේෂණවලින් තහවුරු වෙමින් පවතී. ආහාර පරිභෝජන රටාවේ ඇති වූ වෙනසක් නිසා වසර පන්දහසකට පෙර සිට මිනිසුන්ගේ විශ්වාසයන්, අභිචාර, කලාව, තාක්ෂණය ආදියෙහි විශාල වෙනසක් ඇති විය. මේ වෙනස පිළිබිඹු කරන කලාවක අවශේෂ මුල්වරට හමුවූයේ රංචමඩමෙන් ය. තවද වල්මීතලාවෙන් හමු වූ රතු ගුරුගල් ආලේප කළ ස්ත්රී ලිංග සලකුණ නිසාත් රංචමඩමේ වසර 3300 පැරණි බඳුනක රෙඩ් ඔකර් ආලේප කර තිබීමත් නිසා නව ශිලා යුගයේ මිනිසාට දිගුකල් පවතින වර්ණ ආලේපන තාක්ෂණයක් තිබුණු බවට ප්රමාණවත් තරමට සහතික කරයි. මේ නිසා කුරුලුගලාගලින් ශ්රී ලංකාවේ ප්රාග් ඓතිහාසික මානවයාගේ කලාත්මක විභවතා අප වෙත ප්රක්ෂේපණය කරන බව සිතීමට පසුබිමක් සැපයේ.

කුරුලුගලාගල ප්රාග් ඓතිහාසික සිතුවම් වැඩිදුර කියවීමකට ලක් කිරීම අසීරු වී තිබෙන්නේ ඒ හා සද්යතා පිළිබිඹු වන වෙනයම් චිත්ර කිසිවක් මේ දිවයිනෙන් හමුවී නැති නිසා ය. දැනට කරන ලද අධ්යයනයන් කිසිවක් එහි අන්තර්ගත රූප සටහන් කියවීමෙන් ඔබ්බට නොගොස් ඇති බව පෙනෙන්නට තිබෙයි. මේ නිසා එය මහත් වියවුල්කාරී අබිරහසක් ලෙස තවමත් අප ඉදිරියේ දිස්වන බව නම් සැබෑවකි. 'දන්නා දෙයින්-නොදන්නා දෙය වෙත' පිවිසීමේ න්යාය මේ අන්දමින් අවහිරවී තිබීම නිසා ශ්රී ලංකාවෙන් පිටස්තර වෙනත් රටවල 'කුරුලු රූ සහිත සංස්කෘතීන්' කියවීමෙන් මේ මත කිසියම් ආලෝකයක් ඇති කළ හැකි ය. මෙසපොතේමියාවේ, මිසරයේ සහ ඊස්ටර් අයිලන්ඩ් මෙන්ම ඉන්දුනිම්නයේද කුරුලු වන්දනාව තිබුණු බවට සාක්ෂි හමු වී ඇත. ඒ හැර, තමිල්නාඩුවේ, 'තිරුකලූකුන්ඩ්රම්' හි 'වේදගිරිස්වරාර්' දේවාලයේ කුරුලු වන්දනාවක් අද පවා සිදුකරයි. එහි ධාන්ය පූජාවක් පැවැත්වෙන අතර ස්ථානීය පිහිටීම හා ධාන්ය පූජාකරන කුරුල්ලන් කුරුලුගලාගල ප්රාග් ඓතිහාසික සිතුවම්වලට සමරූපීය. මේ නිසා කිසියම් ධාන්ය පූජාවක් කුරුලුගලාගල සිතුවම්වලින් සංකේතවත් කළා විය හැකිය. මේ බව වඩාත් සනාථ වන්නේ එහි කුරුලු රූ ඉහළ සිට ගල් බෑවුමේ පහළට ඇදී එන අයුරින් සිතුවම් කර ඇති නිසාය. පහළ පූජකවරු සහ ධාන්ය පූජාකරන අත් දක්නට ඇත. මේ අභිචාරී වතාව තවම අවිච්චින්නව දේශජ උරුමයක් ලෙස අප අතර පවතින බව 'කුරුලු පාලුව' නමින් හේන්වල සහ කුඹුරුවල කුරුල්ලන්ට අද පවා ධාන්ය පංගුවක් ඉතිරි කිරීමෙන් පෙනෙයි. මෙය නව ශිලා යුගයේ ධාන්ය පරිභෝජනය නිසා නැඟ ආ ආගමික - කලාවක විලාශයෙන් අද අප ඉදිරියේ තිබෙන ආකාරය බව පෙනෙයි.

ඊස්ටර් අයිලන්ඩ් නැමැති පැසිෆික් දූපතක හඳුනා නොගත් මහා ශෛලමය ඉදිකිරීම් සහිත ශිෂ්ටාචාරයක් හමු වී ඇත. එහි වූ නොයෙක් කැටයම් ඵලකවලින් 'කුරුලු මිනිසුන්' විසින් ඒ ජනාවාසය බිහිකළ බව කියවෙන බව දැනගන්නට ඇත. ජ්යෙෂ්ඨ මහාචාර්ය රාඡ් සෝමදේව මහතා කුරුලුගලාගල සිතුවම් කියවීමට ඊස්ටර් දූපතේ පුරාවෘත්තය යම්තාක් හැසිරවයි. ෆීජි දූපත්, අග්නිදිග ආසියාව හරහා මුහුදින් පැමිණි ඔස්ට්රොඒසියාටික් භාෂාකතා කරන පිරිස් ලංකාවට මේ අදහස් ගෙන එන්නට ඉඩ ඇති බව එතුමා අනුමාන කරයි. නමුත් සිතුවම්වලින් ගත් වර්ණක රසායනාගාරයේ දී පර්යේෂණයට ලක්කර අවසන් නැති නිසා කාලනිර්ණය කර පැහැදිළි නිගමනයක් දීම අසීරු බව වැඩිදුරටත් පැවසීය.

කුරුලු ඇදහිලි පිළිබ`ද ඈතම ලිත සාක්ෂි අප වෙත ලැබෙන්නේ පුරාණ සුමේරියාවෙනි. 1976 දී රුසියානු පුරාවිද්යාඥවරයෙකු වන Zecharia Sitchin
(1920 -2010) විසින් The 12th Planet’ නමින් පළ කළ ග්රන්ථයක ඉරාකයේ නිනන්වේ නගරයේ කළ කැණීමකින් හමුවූ කූඥ්ඥාක්ෂර ඵලක පහක් ප්රකාශයට පත් කරන ලදී. එයින් කියවෙන පරිදි නිබුරු නැමැති ග්රහලොවකින් පැමිණි 'අනුනාකි' ( The Anunnaki ) නැමැති ජීවීන් පිරිසක් සුමේරියානු ශිෂ්ටාචාරය බිහිකර ඇති බවකි. අනුනාකිවරු විටෙක සිංහ රූපීවද තවත් විටෙක කුරුලු රූපීවද පෙනී සිට ඇති බව එහි කියවේ. මේ කුරුලු රූපී අමුත්තන් එහි ජනාවාස කළ බව පුරාවෘත්තගතය. එය නිරූපණය වන අයුරින් අඩු තරමේ ක්රිස්තු පූර්ව 3000 සිට ඇකිමේනියානු යුගය වන බුද්ධකාලය වන තෙක් නොයෙක් පර්සියානු පාලකයන් කුරුලු වේශයෙන් වෙස්ගැන්වූ කැටයම් ඵලකවලින් පෙනී සිටි. සමහර සුමේරියානු රජවරු කුරුලු පියාපත් සහිත යානාවලින් ගමන් කරන කැටයම් ඵලක පවා හමු වී ඇත. මේ නිසා පුරාණ සුමේරියාවේ පූජකවරු මෙන්ම පාලකවරුද කුරුලු ප්රභවය විශ්වාස කළ බව එහි වූ පුරාවස්තුවලින් මනාව පැහැදිළි වෙයි.

කුරුලුගලාගල ප්රාග් ඓතිහාසික සිතුවම්වල ඇති ප්රධාන කුරුලු රූප වලට සමාන කුරුලු රූප මිසර ශිෂ්ටාචාරයේ දේව ඇදහිලිවල දක්නට ඇත. ගිජු ලිහිණි විශේෂයක් වන 'පාරාවෝගේ කුකුල්ලූ' ( "pharaoh's chicken" ) යන පුරාතන හැඳින්වීමෙන්ද කියවෙන Accipitridae කුලයට අයත් Neophron
percnopterus යන සත්ව විද්යාත්මක නාමයෙන් හඳුන්වන පක්ෂියෙකු ඊජිත්තුවේ පැරණි රාජධානිs යුගයේ පූජනීය අගයකින් ගරුබුහුමන් ලැබ ඇති බව පිළිගැනේ. මේ පක්ෂියා අයත් පවුලේ වෙනත් කුරුලු විශේෂ උතුරු අප්රිකාව, මධ්යධරණී ප්රදේශය සහ ඉන්දියාව දක්වා වාසභූමි කරගෙන ඇති බව කියවේ. ඉන්දීය උපමහද්වීපයේ වෙසෙන මෙයින් උප වර්ග තුනක්ම ප`ඩුකහ (pale yellow) වර්ණයෙන් යුතු ය. මෙවැනි කරුලු රූප දෙකක් කුරුලුගලාගල සිතුවම්වලින් නිරූපණය වේ. මේ පක්ෂියා ඉසිස් දේවතාවිය හා බැඳි පූජනීය බවකින්ද, රාජකීය බව අ`ගවන සංකේතීය රූපයක් ලෙසද වැදගත් කමක් උසුලා ඇත.

ඉහල ඊජිත්තුවේ පැරණි රාජධානි යුගයට අයත් ක්රිස්තු පූර්ව 3100 ආසන්න කාලයට අයත් නෙක්හෙන් නගරයෙන් රාජාලි වන්දනාවක ඉපැරණි රූපයක් හැඳින ගෙන ඇත. මේ රාජාලිවන්දනාව මීට වසර 5000 ක් තරම් ඈතක දී නෙක්හෙන් වලට නුදුරු ග්රාමීය උප සංස්කෘතියක ප්රභවය ලබා ඇති බව කියවේ. පසුව මෙය ඊජිත්තුවේම සම්භාවනාවට ලක්වූ බව පෙනෙයි. මල භක්ෂක ආහාර වැළඳීමේ සිරිතක් මේ පුරාවෘත ගත රාජාලි වන්දනාව තුළින් කියවෙන බව පෙනෙයි.

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් ස්ත්රී රූපී කුරුලු රූ ගණනාවක්ම හමුවී ඇත. ඒවා කුරුලු හිසක් සහ ස්ත්රී කවන්ධයක් බද්ධ කර ඇති බව පෙනෙයි. මේ වන්දනාව පසු කලෙක දුර්ගා දේවී මූර්තිවලද පෙනී සිටින බව දැකගත හැකි ය. නමුත් ඉන්දුනිම්න අක්ෂර කියවා නැති බැවින් වැඩිමනත් විස්තර කිසිත් දැනගන්නට නැත.

නැවත දකුණු ඉන්දියාවේ 'තිරුකලූකුන්ඩ්රම්' කෝවිල මුළුමනින්ම කරු=ලු ඇදහිල්ලක් පවත්වන ස්ථානයකි. එහි පැරණි නම 'කෂුගුකොයිල්' (Kazhugu koil(Eagle temple) දේවාලය යි. එය දකුණු ඉන්දියාවේ චෙන්ගල්පත්තු වෙරළට යාබ`දව කඳු ශිඛරයක් මත පිහිටි ස්ථානයකි. මේ ස්ථානීය පිහිටීම කිසියම් අයුරකින් ලංකාවේ නැගෙනහිර වෙරළට යාබ`ද ගල් කුලක් මත පිහිටි කුරුලුගලාගල සිතුවම් පිහිටි ස්ථානයට ඉතාමත් සමාන ය. ස්ථාන දෙක අතර සෘජු දුර කිලෝමීටර් 640 කට ආසන්න ය.

'තිරුකලූකුන්ඩ්රම්' හි පූජකවරු මධ්යහ්න 12 ට පෙර උත්සවාකාරයෙන් කුරුල්ලන්ට වී, තිරි`ගු ආදී ධාන්ය වර්ග පූජා කරයි. (4 වන රූපය) මේ පූජාව කරනු ලබන්නේ ද කෝවිල පිහිටි ප්රපාතාකාර ගල්කුලේ ඉහලට වන්නට පිහිටි පැතලි ගල් ඇන්දක දී ය. මේ ආහාර පූජා කිරීම නියමිත කාලයට කරගත නොහැකි වුවහොත් නියං සහ වස්තුහානි පැමිණ වී මහාවිනාශයක් වන බව ද එහි පූජකවරු විශ්වාස කරයි. 'තිරුකලූකුන්ඩ්රම්' හි කුරුලු වන්දනාව පිළිබ`ද කේ. කේ. නීලක්ථන් විසින් විසින් අගනා ග්රන්ථයක් සම්පාදනය කර ඇත. (Neelakantan, K. K. (1977).
"The sacred birds of Thirukkalukundram". ) එහි මේ සතුන් පූජනීය බව සහ ජලය හා සම්බන්ධ තොරතුරු බොහෝමක් සංගෘහිතය. 1906 දී ගත් දුර්ලභ ජායාරූපයද නිදැල්ලේ පියාඹන රාජාලියන් පූජකයන් වෙත එළඹ ධාන්ය ඇට කෑමට ගන්නා ආකාර දැකගත හැකි ය.

රාමායණයේ අරන්න්ය කාණ්ඩයේ 53 සිට 56 දක්වා පරිච්ඡේදවල 'ජටායු' නැමැති ගිජු ලිහිණියකු ගැන කියවේ. දණ්ඩක වනයේ සිටි ජටායු සීතා පැහැර ගැනීමට විරුද්ධ විය. තවද 'ගරුඪ' නැමැති වෙනත් කුරුලු රජ කෙනකු ගැනද කියවේ. මේ නිසා දක්ෂිණ භාරතයේ අති පුරාණ යුගවල සිට පැවැති කිසියම් අනාර්ය ජනතාවකගේ කුරුලු වන්දනාවක් මේ පුරාවෘත්ත වලින් කියවෙයි. 'තිරුකලූකුන්ඩ්රම්' හි පූජකවරු මධ්යහ්න 12 ට පෙර ධාන්ය පූජා කරන්නේද රාමායණයේ කියවෙන දණ්ඩක වනය ආසන්නව බව පවා පෙනෙයි. මේ භූගෝලීය ඒකකයේ පුරාතන යුගවල සිට වාසභූමි කරගෙන සිටියේ 'ඔස්ත්රොඒසියාටික්' භාෂා පවුලට අයත් මුණ්ඩා භාෂා කුලයේ උප භාෂා කතා කරන ජනතාවකි.

මේ භාෂා කතාකරන ජනතාව අග්නිදිග ආසියානු රටවලත් නැගෙනහිර ඉන්දීය ප්රදේශවලත් ව්යාප්තව සිටී. මුණ්ඩා භාෂා ඇතුළත් 'ඔස්ත්රොඒසියාටික්' භාෂා' කතාකරන ජනතාවගෙන් වැඩි පිරිසක් ජාන විද්යාත්මකවද 'හැප්ලොගෲප් එම්' ^ In human mitochondrial genetics,
Haplogroup M is a human mitochondrial DNA) කාණ්ඩයට අයත් ය. එබැවින් 'ඔස්ත්රොඒසියාටික්' භාෂා' කතාකරන ජනතාවගේ සමහර ආගමික විශ්වාසද එක සමාන වීමේ සම්භාවිතාව ඉහළ අගයක් ගනී. ආර්ය ජනයා විසින් ස්වදේශීය අනාර්යයන්ගේ නොයෙකුත් ආගමික අදහස් වෛදික සංස්කෘතික දහරාවේ තබා පවත්වාගෙන ඒම නිසා මෙවැනි අනාර්ය ප්රජාවකගේ ආගමික අදහස් කිසියම් පමණකට ආරක්ෂිතව ඇතත් මුල් ස්වරූපය බෙහෙවින් වෙනස්ව ඇත. මේ නිසා 'තිරුකලූකුන්ඩ්රම්' හි කියවෙන කුරුලු වන්දනා පුරාවෘත්තය ආර්ය ජනයා පැමිණීමට පෙර ඈත කාලයකට අයත් බව සිතිය හැකිය. 'තිරුකලූකුන්ඩ්රම්' සිට කුරුලුගලාගලට සෘජු දුර කිලෝමීටර් 650 කට ආසන්න ප්රමාණයකි. මේ නිසා දෙතැන අතර කිසියම් සබ`දතාවයක් ඇති බව පවා සිතිය හැකිය.

'තිරුකලුකුන්ඩ්රම්' හි දේවාලය හඳුන්වන්නේ 'වේදගිරිස්වරාර්' නමුත් එහි පැරණි සහ නියම නම 'කෂුගුකොයිල්' ^Kazhugu koil(Eagle temple) හෙවත් රාජාලි විහාරය යන අදහස ඉන් කියවෙයි. රාජාලියන්ගේ පුරාවෘත්තයට අනුව ඔවුන් උදේ වරණාසි (බරණැස්) නුවරට නුදුරු ගංගා නදියට ගොස් ස්නානය කර දිවකාලයේදී 'කෂුගුකොයිල්' වෙත පැමිණ ධාන්ය පූජාවට පෙනී සිට දකුණේ බොහෝමයක් ස්ථානවල පියාසරයි. රාමේස්වරම් (Rameswaram) එවැනි එක් සංචාරක දේවස්ථානයකි. 'කෂුගුකොයිල්' වෙත පැමිණ ධාන්ය පූජාවට පෙනී සිටින රාජාලියන් සෘෂිවරු අටදෙනා නියෝජනය කරන බවත් ඔවුන් අටදිශාවේ ආරක්ෂකයන් බවත් කියවේ. මේ කුරුලු පූජාව ඊජිත්තුවේ සිට සංක්රමණය වූ ජනතාවක් ගෙනාවක් බවද ඇතමුන් විශ්වාස කරයි. මේ කුරුලු පූජාව ඇසුරින් කුරුලුගලාගල සිතුවම් කියවීම අපහසු නොවේ. එනම් මේ ස්ථාන දෙකම මුහුදට ආසන්නය සහ ඊට මුහුණලා උස් පර්වතයක පිහිටා තිබෙයි. තවද සහමුලින්ම රාජාලි විශේෂයකට කැප කර ඇති බවත්, අනාර්ය ජනතාවකගේ ආගමික සිරිතක් බවත් පෙනෙයි.

ඉන්ද්ර දෙවියන්a සම්බන්ධ ගරුඪ රාජ නැමැති පක්ෂියා රාජාලියෙකු ( Sචසකදරබසි ජයෑeක්රෑ) ලෙස හැඳිනගෙන ඇති බවද කියවේ. තවද, ස්කන්ධ කුමාර දෙවියාගේ වාහනය මොනරෙකි. මේ නිසා ඉන්දියාවේ නොයෙක් දේව ඇදහිලි හා බැඳි කුරුලු වන්දනා සංකල්ප කීපයක්ම හැඳිනගත හැකි ය. පැරණි ග්රීක්වරුද කුරුල්ලන්ට පූජනීSSය බවක් ආරෝපණය කර ඇති බව ග්රීකදේව පුරාණය සාක්ෂි දරයි. සියුස් දෙවියා රාජාලියන්ට අධිපති බව ඉසුලු අතර වෙනත් දෙවිවරු ගණනාවක්ම විවිධ කුරුල්ලන්ට අධිපති විය. ඇස්ටෙක්වරුන්ද කුරුලු වීරවරයෙකුට ( Aztec warrior
called a cuāuhocēlōtl) ගරුබුහුමන් කිරීමට කැප කළ දේවස්ථානයක් පවා වෙන් කර තිබුණි. අප්රිකානු මහද්වීපය පුරා ඉබිස් (ibis) නැමැති කුරුල්ලා පූජනීය පක්ෂියෙකු සේ සලකයි. මේ වර්ගයේ කුරුල්ලන් ඔස්ටේ්රලියාව දක්වා ව්යාප්තව සිටී. කුරුලුගලාගලද මෙම වර්ගයට සමාන කුරුලු රූ කීපයක්ම දැකගත හැකි ය.

කුරුලුගලාගල සිතුවම් වල ඇති ශිල්පක්රම බැලු විට පර්ණ පදාස(පත්රක), තිත්(බින්දුජ), රේඛ (රෛක) යන විශ්ණුධර්මෝතර වැනි පසුකාලීන ඉන්දීය සිතුවම් විචාරකයන් ගෙනහැර පෑ සිතුවම් මූලධර්ම සියල්ලම මේ තුළ දැකිය හැකි ය. පසුබිමේ පඬුපැහැය මිශ්ර සුදු පැහැයක් අතුරා ඒ මත රතු ගුරුල් පැහැයෙන් (රෙඩ් ඔකර්) වලින් රේඛා ඇඳ රතු-කහ-රන්වන් වර්ණවලින් සංයෝග කළ අතුරු වර්ණ ගණනාවකින් යුතුව මෙම නිර්මාණය වර්ණ ගන්වා ඇත. 5 වන රූප සටහනේ දැක්වෙන එකම කුරුලු රූපය මත ඉත්තෑරුවක් (?), මල් පොහොට්ටුවක්(?), බේදුරා ගසක්(?), වැනි රූප කීපයක් දැක ගත හැකි ය. චිත්රයට අවශ්ය වස්තු සංරචනය කර ඇත්තේ එක මත එක පිහිටි වර්ණ ස්ථර කීපයක් වශයෙන් ය. එනම් කුඩා අවශේෂ වස්තු මුලින් ඇද, ඊට ඉදිරියෙන් ඇති වස්තු මුලින් ඇදි වස්තුව ෙ-දනය වන ලෙස ඇඳ තිබෙයි.

මේ නිසා ළඟ රූප විනිවිද යන ලෙස යට ස්ථරවල රූප පෙනීමෙන් ඇති වන රූප සමෝධානයෙන් උපන් අඳින ලද රූපයට වෙනස් නව රූපයක් බලන්නාට දැකගත හැකිය. 6 වන රූපයෙන් පෙනෙන්නේ මානව රූ යුගලයකි. හිස වඩා විශාලවද අත් ඊට සාපේක්ෂව පුමාණයෙන් කුඩාවටද ඇ`ද ඇත. ඔවුන් දෙදෙනා විශාල රාජාලිරූපී පක්ෂියෙකුට මුවා වී කිසියම් කාර්යයක නියෑලෙයි. මේ මානව රූප ඇත්තේ ආනතව බෑවුමක පහළට රූටා ඇදෙන පක්ෂි සමූහයකට පහලින් ය. මේ නිසා 6 වන රූපයේ මානවරූ, ඉහළින් පහළට රූටා එන පක්ෂීන් වෙත කිසිවක් දිගු කරන නියාවක් පිළිබිඹු වන බව හැෙ`ගයි. ඊට මදක් ඉහළින් පක්ෂීන් වෙත පෑ දෑත් සලකුණු ගණනාවක්ම ඇත. එම දෑත්වලට ඉදිරියෙන් ගෙල බිමට නවාගත් පක්ෂීන් බිම වැටී ඇති යමක් හොටෙන් ඇහිඳින බවක් පළ කරයි. මේ පක්ෂීන් ඉබිස් (ibis) නැමැති අප්රිකාව පුරා පූජනීය පක්ෂියෙකු ලෙස සැලකිලි දක්වන සහ ඔස්ටේ්රලියාව දක්වා ව්යාප්තව සිටින කුරුලු වර්ගයට ඉතාමත් සමාන ය. දෑත් ඉදිරියෙන් ඇති තිත් වලින් ධාන්ය ඇට අදහස් කළා විය හැකි ය. මේ දෑත් දිගු කිරීම ඉහළ සිට පැමිණි කුරුල්ලන්ට ධාන්ය ඇට පිළිගැන්වීම විය යුතුය. මේ නිසා 'වේදගිරිස්වරාර්' ('කෂුගුකොයිල්' (ණ්'යමටම නදසක (Eaටකැ එeපචකැ) විහාරයේ කෙරෙන්නා වූ ධාන්ය පූජාව සහ මෙතැන සිතුවම්ගත කුරුලු රූවලින් කියවෙන සංකල්පය එකක් බව හැඳින ගත හැකි ය. මේ ධාන්ය පූජාව නව ශිලා යුගයේ ආහාර නිෂ්පාදනය පදනම් කරගත් එකක් බව සිතිය හැකි ය. එනම්, බලංගොඩ, ඉලූක්තැන්න (2015) සහ දියවින, උඩුපියන්ගල (2016) යන ස්ථාන වලින් ධාන්ය ආහාර පරිභෝජනයේ සමාරම්භක අවස්ථාවක් සහ කුරුලු ඇට කටු බහුල වශයෙන් හමු වීම සැලකිල්ලට ගත යුතුය. මේ පිළිබ`ද අදහස් දැක්වූ ජ්යෙෂ්ඨ මහාචාර්ය රජ් සෝමදේව මහතා ප්රකාශ කළේ 'දඩයම් දිවිය දිගටම පවත්වාගත නොහැකි වූ නියං කාලයක් මීට වසර 7000 ක පෙර ඉහල කඳුකරයට ලැබුණු බවයි. මේ නිසා මෑත ප්රාග් ඓතිහාසික මිනිසා කුරුල්ලන් වැනි කුඩා සතුන් ආහාරයට ගන්නා වල් ධාන්ය වර්ග (වනසරා) පරිභෝජනයට යොමුවී ඇති බවයි. මේ නිසා කුරුල්ලන් පරිභෝජනය කරන ආහාර අත්පත් කර ගැනීම නිසා ඇතිවිය හැකි උපද්රවවලින් මිදීමට වෙනසක් නැතිව කුරුල්ලන්ට ධාන්ය ලැබීමට සැලැස්වීම පසු කලෙක අභිචාරී වන්දනාවකට පදනම වන්නට ඇත. මේ රූප ඒ ලෙස සකස්වූ කුරුලු වන්දනාව කළ ප්රධාන පූජස්ථානයක් විය යුතුය. ගල් බෑවුමේ සිතුවම් ඇති බිත්තිය ඉදිරිපස සමතල භූමිය මිනිසුන් 40 කට වඩා සිටිය හැකි ය. පහල තියුණු ප්රපාතයකි. අඩි 400 කට වඩා දළ බෑවුම ඉහල සිට බැලු විට බිහිසුණු ලෙස දිස්වෙයි. මේ බැලුම්ගල මත ඇති සමතල මතුපිට ඉදිරියේ ඇති කුරුලු රූප ගුවනින් පැමිණ පූජාසනය වෙත පාත්වෙන ධාන්ය ලාභී කුරුලු කැළය. මෙම සිතුවම්වලින් නැගෙන මිනිස් චින්තන ධාරාව 'කුරුලු පාළුව' නමින් අප දන්නා අද පවා ගොවියන් අනුදත් කුරුලු ආහාර පූජාවක නෂ්ටාවශේෂයකි. ඉන්දුනිම්න කුරුලු රූපී කන්යා රූප සශ්රීකත්ව වන්දනාවක් බවද දරුවන් උසුලා ගෙන සිටීමෙන් නිසැකව කිව හැකිය. මේ නිසා කුරුලුගලාගල සිතුවම් ද ධාන්ය අස්වැන්න සහ සරුබව කියා පන්නා වූ වන්දනාවකි. මෙවැනි ආහාර පිදීමක් අලුත් අස්වැන්න ආහාරයට ගැනීම සිදුවන අලුත් අවුරුද්ද මුල්කරගෙන ද සිදුවෙයි. එනම්, අලුත් අස්වැන්න පිසගත් පසු නැකතට කෑමට පෙර 'ගොට්ටක තබන ලද නොයිඳුල් ආහාර කුරුල්ලන්ට පූජා කරයි. එය අවුරුදු කුමාරයාට බවද ගැමියෝ කියති. මේ වත් පිළිවෙත් ලෝකයේ වෙනත් කිසිදු රටක දක්නට නැති දේශජ ගුණයෙන් ඔප්නැංවූ පිළිගැනීම් පද්ධතියක් බව හැෙ`ගයි. මේ අදහස් ඉපිල ආවේ මීට වසර 5000 ක් තරම් ඈත නව ශිලා යුගයේ ජනතාව කෘෂිකර්මයට පිවිසීමත් සමග විය හැකි ය. ඒවා නොයෙක් වෙස් ගනිමින් අද පවා අවිච්චින්නව පැවත එන බව පෙනෙයි. මේ නිසා නවශිලා යුගය දිවයිනේ සභ්යත්වයේ අඛණ්ඩව පැවත එන අරූපී බලවේගයක්ව තවමත් පවතින බව ඉඳුරා කිය හැකි ය. මේ නිසා කුරුලු ආහාර පූජාව එක අතකින් අති ඉපැරණි දේශජ ආගමික අදහසක් පිළිබිඹු කරයි. අනෙක් අතට අනුරාධපුර යුගයේ සිට පෙනී සිටින සෞන්දර්ය ප්රවාහයක ප්රභවය පිළිබිඹු කරයි.


http://www.divaina.com/2016/04/20/badada01.html



රෙප් ඕනි
Reply With Quote
(#3)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of light
 
Posts: 8,876
Join Date: Mar 2018
01-11-2019, 09:28 AM

තව පින්තූර දාපං. ත්‍රෙඩ් කියවන්නෑ පින්තූර විතරයි බලන්නෙ
Reply With Quote
(#4)
Old
chathuranirmal's Avatar
chathuranirmal chathuranirmal is offline
Senior Member
chathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to behold
 
Posts: 7,795
Join Date: Jul 2017
01-11-2019, 09:43 AM

rep
Reply With Quote
(#5)
Old
aneasarayana aneasarayana is offline
Senior Member
aneasarayana is just really niceaneasarayana is just really niceaneasarayana is just really niceaneasarayana is just really niceaneasarayana is just really niceaneasarayana is just really niceaneasarayana is just really niceaneasarayana is just really nice
 
Posts: 1,294
Join Date: Oct 2013
01-11-2019, 09:45 AM

bump
Reply With Quote
(#6)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 3,076
Join Date: Sep 2014
Location: සියනෑ අධිකාරි
01-11-2019, 09:51 AM

මෙරට වසර 2500 කට වඩා ඉතිහාසයක් නොතිබූ බවට පවසන සුද්දන්ගේ වහල් බුද්දගෝෂ, මහානාම බෞද්ද නඩයට සහ කලුසූද්දන්ගෙන් පැවතෙන වික්ටොරියානු කල්ලතෝනි වහල් නඩයට අයත් පෝරිසාදයා,Maxtalker,Harvard Bio වැනි උන්ගේ මතවාද වල මලගමේ මලබෙර ශබ්දය දසතින් ගිගුම් දෙන සමයකි මෙය .....................
Reply With Quote
(#7)
Old
IKL's Avatar
IKL IKL is offline
Senior Member
IKL is a splendid one to beholdIKL is a splendid one to beholdIKL is a splendid one to beholdIKL is a splendid one to beholdIKL is a splendid one to beholdIKL is a splendid one to beholdIKL is a splendid one to beholdIKL is a splendid one to beholdIKL is a splendid one to beholdIKL is a splendid one to beholdIKL is a splendid one to behold
 
Posts: 12,739
Join Date: May 2018
Location: Planet TrES-2b / Kepler-1b
01-11-2019, 10:09 AM

Reply With Quote
(#8)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to behold
 
Posts: 11,924
Join Date: Mar 2015
01-11-2019, 10:19 AM



පට්ට...!!.
Reply With Quote
(#9)
Old
Dodo Mahaththaya's Avatar
Dodo Mahaththaya Dodo Mahaththaya is offline
Senior Member
Dodo Mahaththaya has much to be proud ofDodo Mahaththaya has much to be proud ofDodo Mahaththaya has much to be proud ofDodo Mahaththaya has much to be proud ofDodo Mahaththaya has much to be proud ofDodo Mahaththaya has much to be proud ofDodo Mahaththaya has much to be proud ofDodo Mahaththaya has much to be proud ofDodo Mahaththaya has much to be proud ofDodo Mahaththaya has much to be proud ofDodo Mahaththaya has much to be proud of
 
Posts: 7,783
Join Date: Jun 2017
Location: සෞරග්‍රහ මණ්ඩලය&
01-11-2019, 10:30 AM

බම්පි....හිමින් වෙලාව අරගෙන කියවන්න ඕනේ....

රේප් කොලා...
Reply With Quote
(#10)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 3,076
Join Date: Sep 2014
Location: සියනෑ අධිකාරි
01-11-2019, 10:32 AM

Quote:
Originally Posted by Lejayange View Post


පට්ට...!!.
සැලකිය යුතුයි - අබිරහස් සත්වයා දැකීමට සිරස නිව්ස් සහිත වීඩියෝව අවධානයෙන් නරබන්න(තප්.55)


Last edited by sj91; 01-11-2019 at 10:35 AM.
Reply With Quote
Reply

Bookmarks

Tags
පට්ට ත්‍රෙඩ්, රාවණා ඇත්තක්, maxtalkerපචයා, sahanj123 පකයා, sj කුරුසයා, sj පචයා, sj91 අම්මට හුකමු, sj91 කුරුසයා, sj91 හුකන්නා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02413 seconds with 9 queries