ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Sihala Piyasa (Sinhala Literature Forum) > Nawakatha saha Ketikatha
Reload this Page ~~~~පුනරාගමනය (විද්‍යා ප්‍රබන්ධ)~~~~
Reply
 
Thread Tools
(#1)
Old
rcccc's Avatar
rcccc rcccc is offline
Senior Member
rcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud of
 
Posts: 50,276
Join Date: Aug 2011
Location: -Goodbye-
Up ~~~~පුනරාගමනය (විද්‍යා ප්‍රබන්ධ)~~~~ - 05-31-2012, 07:09 PM

පුනරාගමනය 1කොටස
මහාචාර්ය්‍ය දහම් විඡේවර්ධන සිය අසුනින් නැඟී සිටියේ, බොහෝ වේලාවක්‌ පරිගණකය දෙස බලා සිටීමෙන් වෙහෙසට පත් සිය දැසට විවේකයක්‌ දෙනු සඳහා ය. හෙතෙම සිය කාර්යාල කාමරයේ වූ ජනෙල් පෙළ වෙත ගොස්‌ ඉන් පිටත පෙනෙන ලොව දෙස නෙත් යොමු කළේ ය. එසේ කාර්යාලයේ ජනේලයෙන් පිටත බලන සැම විට ම පාහේ සිදු වන අයුරින් ඔහු වෙතින් අද ද සුසුමක්‌ පිට විය.

අද දිනය ක්‍රි.ව. 2040 අප්‍රේල් 27 වැනි දා ය. මීට දශක දෙකකට පමණ පෙර මිනිසා අනාගතය පිළිබඳ ඉතා අප්‍රසන්න සිහින දුටුවේ ය. ජීවයට අහිතකර වාතයෙන් ආරක්‍ෂා වීමට ශ්වසනාධාරක වෙස්‌මුහුණු පැළඳ උෂ්ණාධික කොන්ක්‍රීට්‌ වනාන්තරයක විවිධාකාරයේ යන්ත්‍ර-සූත්‍ර අතර ජීවත් වීම සිය ඉරණම වෙතැ'යි මිනිසා බිය විය. තුන්වැනි ලෝක යුද්ධයෙන් පසු ලොව බොහෝ රටවල් එම ඉරණම අත්පත් කොටගෙන කාලයක්‌ දුක්‌ විඳ, අවසානයේ ආර්ථික ව අස්‌ථාවර ව, සාගත හා වසංගත නිසා විනාශයට පත් විය. එහෙත්, දේශප්‍රේමිත්වයෙන් එක්‌ වූ බුද්ධිමත් මිනිසුන් කිහිප දෙනකු ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක්‌ ලෙස අද ශ්‍රී ලංකාව එම අවාසනාවන්ත ඉරණමෙන් මිදී ඇත.

අද ශ්‍රී ලංකාවේ පවතින මේ සුන්දර පරිසරයත්, ස්‌ථාවර ආර්ථිකයත්, සාමූහික ජන සමාජයත් දැන් සාමාන්‍ය දේ බවට පත් ව ඇත. මේ තත්ත්වයට රට ගෙන ඒමට කළ කැපවීම් බොහෝ දෙනකුට දැන් අමතක ව ඇතත්, එම මහා සමාජ විප්ලවයේ පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කළ මහාචාර්ය්‍ය දහම්ට එම තීරණාත්මක කාල පරිච්ඡේදය අමතක කළ නො හැකි ය. සිය කාර්යාලයේ ජනේලයෙන් ඉවත බලන සැම මොහොතක ම සිය කාර්යභාරය සාර්ථක ව ඉටු වී ඇතැ'යි යන සැනසිලිදායක සිතිවිල්ල නිසා ඔහු ගේ සිත සැහැල්ලු වේ.

තව දින දෙකකින් ශ්‍රී ලංකාවේ හතරවැනි පාලක මණ්‌ඩලයේ නායකතුමා ගේ පදවි ප්‍රාප්තියේ පස්‌වැනි සංවත්සර උත්සවය යෙදී ඇත. ඒ වෙනුවෙන් පැවැත්වෙන්නේ, ඉතා චාම් රාජ්‍ය උත්සවයකි. එනමුත්, නායකතුමා ගේ ඉල්ලීම පරිදි සැම විද්වත් සභාවක්‌ විසින් ම, රටේ පුරවැසියන් ගේ යහපැවැත්ම උදෙසා වූ නව නිර්මාණයක්‌, යෝජනාවක්‌ හෝ සංකල්පයක්‌ එදින ඉදිරිපත් කළ යුතු ය.

මීට වසර 15කට පෙර ඇති කළ එම ''විද්වත් සභා'' සංකල්පය පාඨකයාට නුහුරු දෙයක්‌ විය හැකි ය. එහෙත්, මේ මහා විප්ලවයේ, මේ සාර්ථකත්වයේ, මේ සැනසිලිදායක වටපිටාවේ, කොඳුනාරටිය එයයි. විධායක ජනාධිපති ධූරය තමා විසින් ම අහෝසි කරමින් නව පාලක සභා ක්‍රමය හඳුන්වා දුන්, පුනරුද යුගයේ ප්‍රථම නායකතුමා ගේත්, මහාචාර්ය්‍ය දහම් විඡේවර්ධන ඇතුළු උගත් දේශප්‍රේමීන් පිරිසක ගේත් සංකල්පයක්‌ අනුව ප්‍රධාන විද්වත් සභා 7ක්‌ ඇති කරන ලදී. ඒ කෘෂිකර්මය, බලශක්‌තිය, කර්මාන්ත හා තාක්‍ෂණය, ආහාර හා සෞඛ්‍යය, ආර්ථිකය, අධ්‍යාපනය හා සංස්‌කෘතිය, ආරක්‍ෂාව හා යටිතල පහසුකම් යන අංශ 7 සඳහා ය. රටේ වර්තමානය හෝ අනාගතය හෝ වෙනුවෙන් ගනු ලබන සැම තීරණයක්‌ ම ගනු ලැබුවේ, ඒ ඒ අංශයට අදාළ විද්වත් සභාව හෝ විද්වත් සභා කිහිපයක එකතුවක්‌ විසිනි. පාලක මණ්‌ඩලයේ හා ඊට අනුබද්ධ ප්‍රාදේශීය දේශපාලන ආයතනවල කාර්යභාරය වූයේ, ජනතාව ගේ අදහස්‌ හා ගැටලු විද්වත් සභා වෙත ගෙන යැම හා විද්වත් සභාව විසින් යෝජනා කෙරෙන ව්‍යාපෘතීන් ඒ අකාරයට ම ක්‍රිsයාත්මක කිරීම ය.

බලශක්‌ති සභාවේ ප්‍රධානියා වූ මහාචාර්ය්‍ය දහම්, ලංකාවේ සිටින උගතුන් අතරින් එම තනතුර සඳහා උචිත ම පුද්ගලයා ය. ඒ එතුමා ගේ බුද්ධිය, හසල දැනුම හා ක්‍ෂේත්‍රයේ අත්දැකීම නිසා පමණක්‌ නො ව, දේශප්‍රේමීත්වය හා නො පසුබස්‌නා උත්සාහය ද නිසා ය. වර්තමානයේ ජාතික වීරවරයකු ලෙස බුහුමන් ලැබ සිටින එතුමා, එම ගෞරව නාමය සඳහා නිසැකව ම සුදුසු ය. එතුමා දැනට වසර 20ක්‌ වන පුනරුද යුගයේ ප්‍රධාන නියමුවෙකි. මුළු ලොව ම බලශක්‌ති අර්බුදයේ පතුලට කිමිදෙන තුරු ම, ප්‍රබල රටවල් ඉතිරි වූ ස්‌වාභාවික ශක්‌ති ප්‍රභව වෙනුවෙන් ඇන කොටා ගනිත් දී, ලොව සියලු ම න්‍යෂ්ටික බලාගාර තෙවැනි ලෝක යුද්ධයෙන් විනාශ ව යද්දී මේ පඬිවරයා ගේ දූරදර්ශී ඥනය නිසා ශ්‍රී ලංකාවට එම විපතින් මිදීමට වාසනාව ලැබිණ. මීට වසර 20කට පෙර එතුමා ගෙන ගිය වැඩපිළිවෙළ උපහාසයට ලක්‌ කළ, එයට එකල සහාය පළ නො කළ අඥනයන් පවා අද එතුමා සිහි කරන්නේ කෘතඥතා පූර්වකව ය.

තව දින දෙකකින් එළඹෙන සංවත්සර දින උළෙලේ දී, බලශක්‌ති සභාව වෙනුවෙන් තමාට ජාතිය හමුවේ විනාඩි 15ක පමණ කතාවක්‌ පවත්වා, සිය නව සංකල්පය හෝ නිර්මාණය ඉදිරිපත් කිරීම ඔහුට භාර ව ඇත. එදිනට ඉදිරිපත් කරන නව නිර්මාණය හෝ යෝජනාව කුමක්‌දැ'යි දහම් තව ම තීරණයක්‌ ගෙන නැත. මේ වන විටත් ඔහු යටතේ කටයුතු කරන ව්‍යාපෘති කණ්‌ඩායම් 7ක්‌ නව නිර්මාණ 7ක්‌ පිළිබඳ පරීක්‍ෂණ පවත්වමින් සිටියි. බලශක්‌ති ව්‍යාපෘතියේ සාර්ථකත්වය, ප්‍රායෝගිකත්වය, කාර්යක්‍ෂමතාව හා ආකර්ෂණීයත්වය මත ඉන් වඩාත් සුදුසු ව්‍යාපෘතිය තෝරා ගත යුතු ව ඇත්තේ ද, දහම් ප්‍රමුඛ බලශක්‌ති සභාවේ විධායක මණ්‌ඩලය ය. නව නිර්මාණයක්‌ කිරීමට වඩා, ඊට පෙර කිරීමට සිදු වන දේශනය අසීරු යෑ'යි දහම්ට සිතේ. මක්‌නිසා ද යත්, එය ද භාරදූර වගකීමක්‌ වන බැවිනි. තමා ගේ සැම වදනක්‌ ම පොදු ජන සමාජය වෙත යම් බලපෑමක්‌ එල්ල කරන බව ඔහු දනියි. ඒ ජනතා සිත් තුළ මේ අසිරිමත් පඬිවරයා කෙරෙහි අතිමහත් ගෞරවයක්‌ හා විශ්වාසයක්‌ ඇති නිsසා ය. ජනතා සිත්වල විශ්වාසය, උද්යෝගය, දේශප්‍රේමීත්වය හා අවබෝධය ඇති වන අයුරින් සිය දේශනය පැවැත්වීම විශාල අභියෝගයකි.

ජනේලයෙන් පෙනෙන, අවට පරිසරය සිසාරා විහිද ඇති හරිතවන් තුරුලතාදියේ සුන්දරත්වය විඳිමින්, ඔහු සිතට විවේකයක්‌ ලබා දුන්නේ දේශනය සඳහා හොඳ අදහස්‌ කිහිපයක්‌ ගොනු කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. ක්‍ෂිතිජය තෙක්‌ සිසාරා විහිද ඇති හරිත පැහැය දකින දහම් ගේ සිත අතීතය ආවර්ජනා කරන්නට විය.

එවක පැවැති රජය විසින් පෙට්‍රල් ලීටරය රු. 2000/-ක්‌ ලෙස මිල ඉහළ දැමූ දිනය ඔහුට අද මෙන් මතක ය. ඒ තවත් රු. තුන් සියයකින් ඉන්ධන මිල වැඩි වී ජන ජීවිත පීඩාවට පත් වූ නිසා ම නො ව, සිය ජීවිතයේ ප්‍රධාන හැරුම් ලCෂ්‍යය සටහන් වන්නේ, එදා නිසා ය. ඒ වන විට ඔහු මොරටුව විශ්වවිද්‍යාලයයේ තෙවැනි වසරේ ඉංජිනේරු සිසුවෙකි. ඔහු සිය විෂය පථය ලෙස තෝරාගෙන තිබුණේ, පරිගණක ඉංජිනේරු විද්‍යාව වුව ද, මේ සුවිශේෂ දිනයේ සිsට ඔහු ගේ සිත වෙහෙසුණේ, අනාගතයේ උදා වන ලෝක බලශක්‌ති අර්බුදයට විසඳුම් සෙවීමට ය. එදා සිට ඔහු දිවා රාත්‍රී නො බලා එම විෂය පථය අධ්‍යයනය කළේ ය. අසහාය බුද්ධිමතකු වූ දහම් විඡේවර්ධන නම් ඉංජිනේරු සිසුවාට බොහෝ බහුජාතික සමාගම් හා ප්‍රබල රටවල් සාමාන්‍ය ජනතාව ගෙන් වසන් කිරීමට උත්සාහ කළ, ලෝක බලශක්‌ති අර්බුදයේ වර්තමාන තත්ත්වය හා අනාගතය අතැඹුලක්‌ ලෙස අවබෝධ විය.

ඒ වන විට ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල් කිහිපයක්‌ ලොව පුරා බොහොමයක්‌ රාජ්‍ය සිය කුමන්ත්‍රණකාරී උපක්‍රම යොදා අරාජික කොට වක්‍ර ව සිය අණසකට යටත් කොටගෙන තිබිණ. ඔවුහු එම රටවල සම්පත් සූක්‍ෂ්ම ලෙස සිය රටවල් වෙත අද්දමින් සිටිය හ. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ හමුවේ අගතියට පත් රාජ්‍යයන් තුළ ඇති ව තිබූ, දිනපතා බෝම්බ පිපිරෙමින් උනුන් ඇන කොටා ගන්නා ඉතා ඛේදනීය තත්ත්වය දැක දැකත්, තව තවත් රටවල් බල ලෝභය හා ධන ලෝභය පදනම් කොටගෙන හටගත් අභ්‍යන්තර දේශපාලන පාවාදීම් නිසා ඇමෙරිකානු කඳවුරේ උගුල්වලට හසු විය. සිදු වෙමින් පවතින මේ කුරිරු හා අමානුෂික ව්‍යාපාරයට ද මූල හේතු ව ඛනිජ ඉන්ධනවල ශීඝ්‍ර ක්‍ෂය වීම බව දහම් ගේ විචක්‍ෂණ නුවණට අවබෝධ විය. ලොව ඇති සම්පත්වලට වඩා, නාමික ව නිකුත් කර ඇති ඇමෙරිකන් ඩොලර් ප්‍රමාණය ඉහළ යැම සිදු වන්නේ ද ඛනිජ ඉන්ධන අත්පත් කරගැනීම වෙනුවෙන් අධිරාජ්‍යවාදී රටවල් ගෙන යන අදූරදර්ශී හා ආත්මාර්ථකාමී ක්‍රියා පිළිවෙත නිසා ය. මේ නිසා ලොව පුරා ආර්ථික අර්බුදයක්‌ ඇති වනු වැළැක්‌විය නො හැකි බව දහම්ට පැහැදිලි විය. ඔහු ගේ විශ්ලේෂණයන්ට හා

පෙරැයීම්වලට අනුව, ඇමෙරිකන් කඳවුර විසින් පීඩාවට පත් කරන ලද මුස්‌ලිම් රාජ්‍ය හා වාමාංශික ප්‍රබල රාජ්‍ය විසින් ඇමෙරිකාව ප්‍රමුඛ ධනවාදී රටවල්වලට විරුද්ධ ව ඉන් පස්‌ වසරක්‌ ඇතුළත තෙවැනි ලෝක යුද්ධය අරඹනු ඇත. එය පළමු හා දෙවැනි ලෝක යුද්ධයන්ට වඩා සම්පූර්ණයෙන් ම වෙනස්‌ ස්‌වරූපයක්‌ ගනු ඇති බවත්, එය තොරතුරු තාක්‍ෂණය ඔස්‌සේ ආරම්භ වී න්‍යෂ්ටික අවි භාවිත කොට විශාල විනාශයක්‌ සිදු වීමෙන් අවසන් වන බවත් දහම් ව්‍යුත්පන්න කළේ ය.

දහම් මේ ආදී බොහෝ හෙළිදරව් කිරීම් හා අනාවැකි ඇතුළත් කොට ඉතා සරල බසින් පිටු හැටක සංක්‍ෂිප්ත වාර්තාවක්‌ ඔහු සකස්‌ කළේ ය. ඔහු එහි පිටපත් ඒ වන විට රටේ සිටි දේශප්‍රේමී උගතුන්, මාධ්‍යවේදීන් හා දේශපාලනඥයන් කිහිප දෙනකුටත්, ජනාධිපතිවරයාටත් තැපැල් කළේ ය. දහම් එතැනින් නැවතුණේ නැත. ඔහු ඊට විසඳුමක්‌ සොයමින් සිය කාලය හා ශ්‍රමය වැය කරන්නට විය. මේ වන විට හෙතෙම සිය විශ්වවිද්‍යාල දිවිය අවසන් කොට පරිගණක ඉංජිනේරුවකු ලෙස සිය ප්‍රථම රැකියාව ආරම්භ කර තිබිණ. දහම් බලශක්‌ති අර්බුදය කේන්ද්‍ර කොටගෙන ඇති වන ආර්ථික, සමාජීය හා දේශපාලනික ගැටලුවලට ඒකාබද්ධ විසඳුමක්‌ සහිත සිය දෙවැනි වාර්තාව පළ කරන්නේ මේ කාලයේ ය. එහි වූ සුවිශේෂී ම ප්‍රකාශය වන්නේ, තව වසර 25ක කාලයක්‌ ගත වන තුරු න්‍යෂ්ටික බලශක්‌තිය ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය නො කළ යුතු ය යන්න ය.

දහම් විඡේවර්ධන ගේ වාර්තා දෙක කියවා බැලූ බොහෝ උගත්තු ඒවා තවත් එක්‌ අපරිණත විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ගේ පණ්‌ඩිත ක්‍රියාවක්‌ ලෙස නො සලකා හැරිය හ. බොහෝ මාධ්‍යවේදීහු එය අවබෝධ කොටගත නො හැකි ව ඉවත හෙළු හ. බොහෝ දේශපාලනඥයෝ ඒවායේ තිබූ ප්‍රකාශයන් සිය වාසිය සඳහා දේශපාලන වේදිකාවන්හි දී යොදා ගත් හ. එහෙත්, එම වාර්තාවල වැදගත්කම අවබෝධ කරගත් බුද්ධිමත්තු පිරිසක්‌ ද සිටිය හ. එම පිරිසට අයත් විශ්වවිද්‍යාල ආචාර්ය්‍යවරු පිරිසක්‌ තව තවත් තොරතුරු ලබා දීමෙන් දහම් දිරිමත් කළ හ. මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්‌ එම වාර්තාවලට සිය මාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරයක්‌ ලබා දී තම කාර්ය්‍යභාරය ඉටු කළ හ. දහම් ගේ නම ද ඔහු ගේ සංකල්ප ද, පොදු ජනතාව වෙත යම් තරමක්‌ හෝ ගමන් කළේ ය. මේ සියල්ලට ම වඩා වැදගත් පුද්ගලයෙක්‌ මේ වාර්තා දැක පැහැදුණේ ය. ඒ එවකට සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපතිවරයා ය. එතුමා මේ නාඳුනන විශ්වවිද්‍යාල සිසුවා ගේ වාර්තාව කියවූ පමණින් ඒවා පිළිගත්තේ නැත. එහෙත්, කාලය ගත වන විට දහම් ගේ අනාවැකි එකින් එක සත්‍ය වන බව දුටු ජනාධිපතිවරයා ද ක්‍රමයෙන් ඒ වාර්තා පිළිගන්නට විය.

සිය වාර්තා පළ කොට වසර දෙකක්‌ ගත වූ පසු ව ඒ පිළිබඳ බුද්ධිමත් කතිකාවතක්‌ ආරම්භ වන විට, දහම් ඒ ඔස්‌සේ තමා යෝජනා කළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම ද ඔහු අරඹා තිබිණි. දහම් පෞද්ගලික ආයතනයක ඉතා ඉහළ වැටුපක්‌ සහිත සිය තනතුර අතහැර මොරටුව විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ සහාය කථිකාචාර්ය්‍යවරයකු ලෙස සේවය කිරීම අරඹා තිබිණ. දහම් ගේ දැනුම, බුද්ධිය හා ඔහු ගේ වාර්තා දැක පැහැදුණු විශ්වවිද්‍යාල ආචාර්ය්‍ය මණ්‌ඩලය විශ්වවිද්‍යාලය තුළ ඔහුට සහාය කථිකාචාර්ය්‍යවරයකුට වඩා උසස්‌ තැනක්‌ ලබා දුනි. ඔහු ගේ අදහස්‌ හා යෝජනාවලට ඉඩක්‌ එහි ලැබිණි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස එම වසර දෙක ඇතුළත විශ්වවිද්‍යාල සිසුන් විසින් කරනු ලැබූ සැම ව්‍යාපෘතියක්‌ ම පාහේ ශ්‍රී ලංකාවේ බලශක්‌ති අර්බුදය හා ඉන් ඇති වන අනෙකුත් ගැටලු විසඳීම සඳහා ප්‍රායෝගික තාක්‍ෂණික විසඳුම් විය. පෙර මෙන් ඒවා පරීක්‍ෂණාගාර තුළට සිර නො වී ය. දහම් වටා එක්‌ ව සිටි දේශප්‍රේමී බුද්ධිමත් තරුණ ව්‍යාපාරිකයන් විසින් මූල්‍ය පහසුකම් සලසනු ලදුව ඒවා පොදුජන යහපත වෙනුවෙන් ප්‍රායෝගික ව ක්‍රියාත්මක විය. විශ්වවිද්‍යාලයීය ව්‍යාපෘතීන්වල යෙදෙන ශිෂ්‍යයන්ට පෙරට වඩා වගකීමෙන් ක්‍රියා කිරීමට සිදු විය. පෙර මෙන් වංචනික ලෙස ව්‍යාපෘතිය සඳහා ලකුණු ලබා ගැනීමට නො හැකි වීමෙන් කෝපයට පත් ආත්මාර්ථකාමී සිසුන් කිහිප දෙනෙක්‌ ''තම චින්තන නිදහස උල්ලංඝනය කොට ඇතැ'යි චෝදනා කරමින් සුළු උද්ඝෝෂණයක්‌ කළ ද, බහුතරයක්‌ සිසුහු ඉතා කැප වීමෙන් එම කටයුතුවල නියෑළුණ හ. ඒ සිය මුතුන් මිත්තන් ගෙන් සහජයෙන් ම උරුම වූ දේශප්‍රේමීත්වය ඔවුන් ගේ ජාන තුළ සැ`ගවී හෝ තිබූ නිසා විය හැකි ය.

මින් අනතුරු ව දහම් සිය ප්‍රථම මහා පරිමාණ ව්‍යාපෘතිය ඇරඹී ය. ඒ සූර්ය්‍ය කෝෂ නිපදවන කම්හලක්‌ ශ්‍රී ලංකාව තුළ ඉදි කිරීම ය. බහු ජාතික සමාගම්වල මවාපෑම්වලට මුළා වී සිටි බොහෝ දෙනකු එය අසාර්ථක වනු ඇතැ'යි කීව ද, සුමිත් බඹරැන්ද නම් තවත් දේශප්‍රේමී තරුණ ව්‍යවසායකයෙක්‌ ඒ සඳහා නො බියව ඉදිරිපත් විය. දිනකර යෑයි නම් ලද එම සූර්ය්‍ය කෝෂ කම්හල අද රජයට පවරාගෙන ඇතත්, ශ්‍රී ලංකාවේ පුනරුදයේ ප්‍රථම යෝධ පියවර එය ලෙස දැන් පාසල්වල ඉගැන්වේ.

ශ්‍රී ලංකාවේ සැම ගොඩනැඟිල්ලක ම පාහේ වහළය සෙවිලි කිරීම සඳහා යොදා ගන්නා ලද්දේ, දිනකර කම්හලේ නිපදවූ උළු හා සෙවිලි තහඩු ය. ඒවා ප්‍රායෝගික භාවිතය ඉතා පහසු වන ලෙස මෙන් ම ඉතා අඩු වියදමකින් නිපදවා තිබිණ. වහළය සෙවිලි වීමට අමතර ව බලශක්‌ති අවශ්‍යතාව ද ඉන් සැපිරිණ. එසේ නිපදවන ලද අමතර බලශක්‌තිය ප්‍රධාන ජාලය ඔස්‌සේ වෙනත් ප්‍රදේශ කරා සන්නයනය කරන ලදී.

පුනරුදයේ මීළ`ග වැදගත් පියවර වන්නේ, ප්‍රමුඛ බුද්ධිමත් දේශප්‍රේමී කණ්‌ඩායම හා ජනාධිපතිවරයා ගේ හමු වීම ය. මීට කලකට පෙර පටන් පැවැති අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණවලට එරෙහි ව එකමුතු ව කටයුතු කිරීම නිසා, ශ්‍රී ලාංකිකයන් ගේ දේශප්‍රේමී අදහස්‌ ඉස්‌මතු ව තිබිණ. එනිසා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පත් වූයේ, දේශ හිතෛශී ආණ්‌ඩු හා ජන නායකයන් ය. එය පුනරුදයට විශාල පිටිවහලක්‌ විය. ඒ අතරින් මේ ජනාධිපතිවරයා විශේෂ විය. ඔහු දේශීය දේ අගය කළ උගත් හා බුද්ධිමත් දේශප්‍රේමියෙක්‌ විය.

ඒ වන විට දහම් ගේ වාර්තාවේ අනාවැකි පළ කළ අයුරින් ම සියල්ල සිදු වෙමින් පැවැතිණ. ජනාධිපතිවරයා ගේත්, දහම් ගේත් අනෙක්‌ උගත් බුදධිමතුන් ගේත් අදහස්‌ පරිදි විවිධ ක්‍ෂේත්‍රවලට අයත් විශේෂඥ කණ්‌ඩායම් 7ක්‌ පත් කරන ලද්දේ එම හමු වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ය. පසු ව විද්වත් සභා නමින් ව්‍යවස්‌ථාගත වූයේ, මේ විශේෂඥ කණ්‌ඩායම් 7 ම ය. පත් කළ දින සිට ම එම කණ්‌ඩායම්වල සාමාජිකයෝ දිවා රෑ වෙහෙස වෙමින් එක ම අරමුණක්‌ වෙනුවෙන් වෙහෙසුණ හ. එම අරමුණ වූයේ, ''දේශීය සම්පත් හා දැනුම උපයෝගී කරගෙන ලංකාව ස්‌වයංපෝෂිත රටක්‌ බවට පත් කර අනාගතයේ ලොව මුහුණ දෙන ආර්ථික හා සමාජයීය අර්බුදයට සාර්ථක ව මුහුණ දීම'' ය.

සැම කණ්‌ඩායමක්‌ ම යුහුසුලු ව සිය සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටියේ ය. මේ වන විට මෙලොව මෑත ඉතිහාසයේ හටගත් දරුණු ම ඛේදවාචකය ඇරඹෙමින් තිබිණ. එනම්, තුන්වැනි ලෝක යුද්ධය ය. එහෙත්, විශේෂඥ කණ්‌ඩායම්වල අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක්‌ ලෙස එම අසීරු කාලපරිච්ඡේදයට ඉතා සාර්ථක ව මුහුණ දීමට ලංකාවට හැකි විය. 'දහම් ගේ වාර්තා' යනුවෙන් එකල ප්‍රකට ව පැවැති යට කී වාර්තා ඒ සඳහා බොහෝ ඉවහල් විය.

උපුටා ගෑනීම
විදුසර විද්‍යා සගරාව

Reply With Quote
(#2)
Old
rcccc's Avatar
rcccc rcccc is offline
Senior Member
rcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud of
 
Posts: 50,276
Join Date: Aug 2011
Location: -Goodbye-
Up 05-31-2012, 07:21 PM

පුනරාගමනය 2 කොටස
ජනේලය තුළින් පෙනෙන හරිතවත් තුරුලතා කලාපය හා නිල්වන් ගුවන් ගැබ එකට එක්‌ වන ක්‍ෂිතිජ රේඛාව දෙස බලා සිටි දහම්ට ඇති වූයේ, ඉතා ම තෘප්තිමත් හැ`ගීමකි. තම රට වෙනුවෙන් තමා ගේ යුතුකම ඉටු කොට අවසන් ය යන සිතිවිල්ල ඔහු ගේ මනසට ගෙන ආවේ සැහැල්ලුවක්‌ මෙන් ම ආත්ම තෘප්තියකි. තම තරුණ විය කැප කරමින් අනෙකුත් දේශප්‍රේමී බුද්ධිමතුන් පිරිස හා එක්‌ ව සිදු කළ මහා බුද්ධි සංග්‍රාමයෙන් අද ලංකාව ජය ලබා ඇත. එම සංග්‍රාමයේ සංධිස්‌ථානයන් නැවත නැවත ආවර්ජනය කිරීම දහම්ට ඉතා ප්‍රිය කටයුත්තකි. හෙතෙම සිය සිත කාලය ඔස්‌සේ අතීතය කරා මෙහෙයවූයේ එබැවිනි.

සිය වාර්තා පළ කොට වසර දෙකක්‌ ගත වූ පසු ව ඒ පිළිබඳ බුද්ධිමත් කතිකාවතක්‌ ආරම්භ වන විට, දහම් ඒ ඔස්‌සේ තමා යෝජනා කළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම ද ඔහු අරඹා තිබිණි. දහම් පෞද්ගලික ආයතනයක ඉතා ඉහළ වැටුපක්‌ සහිත සිය තනතුර අතහැර මොරටුව විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ සහාය කථිකාචාර්ය්‍යවරයකු ලෙස සේවය කිරීම අරඹා තිබිණ. දහම් ගේ දැනුම, බුද්ධිය හා ඔහු ගේ වාර්තා දැක පැහැදුණු විශ්වවිද්‍යාල ආචාර්ය්‍ය මණ්‌ඩලය විශ්වවිද්‍යාලය තුළ ඔහුට සහාය කථිකාචාර්ය්‍යවරයකුට වඩා උසස්‌ තැනක්‌ ලබා දුනි. ඔහු ගේ අදහස්‌ හා යෝජනාවලට ඉඩක්‌ එහි ලැබිණි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස එම වසර දෙක ඇතුළත විශ්වවිද්‍යාල සිසුන් විසින් කරනු ලැබූ සැම ව්‍යාපෘතියක්‌ ම පාහේ ශ්‍රී ලංකාවේ බලශක්‌ති අර්බුදය හා ඉන් ඇති වන අනෙකුත් ගැටලු විසඳීම සඳහා ප්‍රායෝගික තාක්‍ෂණික විසඳුම් විය. පෙර මෙන් ඒවා පරීක්‍ෂණාගාර තුළට සිර නො වී ය. දහම් වටා එක්‌ ව සිටි දේශප්‍රේමී බුද්ධිමත් තරුණ ව්‍යාපාරිකයන් විසින් මූල්‍ය පහසුකම් සලසනු ලදුව ඒවා පොදුජන යහපත වෙනුවෙන් ප්‍රායෝගික ව ක්‍රියාත්මක විය. විශ්වවිද්‍යාලයීය ව්‍යාපෘතීන්වල යෙදෙන ශිෂ්‍යයන්ට පෙරට වඩා වගකීමෙන් ක්‍රියා කිරීමට සිදු විය. පෙර මෙන් වංචනික ලෙස ව්‍යාපෘතිය සඳහා ලකුණු ලබා ගැනීමට නො හැකි වීමෙන් කෝපයට පත් ආත්මාර්ථකාමී සිසුන් කිහිප දෙනෙක්‌ ''තම චින්තන නිදහස උල්ලංඝනය කොට ඇතැ'යි චෝදනා කරමින් සුළු උද්ඝෝෂණයක්‌ කළ ද, බහුතරයක්‌ සිසුහු ඉතා කැප වීමෙන් එම කටයුතුවල නියෑළුණ හ. ඒ සිය මුතුන් මිත්තන් ගෙන් සහජයෙන් ම උරුම වූ දේශප්‍රේමීත්වය ඔවුන් ගේ ජාන තුළ සැ`ගවී හෝ තිබූ නිසා විය හැකි ය.

මින් අනතුරු ව දහම් සිය ප්‍රථම මහා පරිමාණ ව්‍යාපෘතිය ඇරඹී ය. ඒ සූර්ය්‍ය කෝෂ නිපදවන කම්හලක්‌ ශ්‍රී ලංකාව තුළ ඉදි කිරීම ය. බහු ජාතික සමාගම්වල මවාපෑම්වලට මුළා වී සිටි බොහෝ දෙනකු එය අසාර්ථක වනු ඇතැ'යි කීව ද, සුමිත් බඹරැන්ද නම් තවත් දේශප්‍රේමී තරුණ ව්‍යවසායකයෙක්‌ ඒ සඳහා නො බියව ඉදිරිපත් විය. දිනකර යෑයි නම් ලද එම සූර්ය්‍ය කෝෂ කම්හල අද රජයට පවරාගෙන ඇතත්, ශ්‍රී ලංකාවේ පුනරුදයේ ප්‍රථම යෝධ පියවර එය ලෙස දැන් පාසල්වල ඉගැන්වේ.

ශ්‍රී ලංකාවේ සැම ගොඩනැඟිල්ලක ම පාහේ වහළය සෙවිලි කිරීම සඳහා යොදා ගන්නා ලද්දේ, දිනකර කම්හලේ නිපදවූ උළු හා සෙවිලි තහඩු ය. ඒවා ප්‍රායෝගික භාවිතය ඉතා පහසු වන ලෙස මෙන් ම ඉතා අඩු වියදමකින් නිපදවා තිබිණ. වහළය සෙවිලි වීමට අමතර ව බලශක්‌ති අවශ්‍යතාව ද ඉන් සැපිරිණ. එසේ නිපදවන ලද අමතර බලශක්‌තිය ප්‍රධාන ජාලය ඔස්‌සේ වෙනත් ප්‍රදේශ කරා සන්නයනය කරන ලදී.

පුනරුදයේ මීළ`ග වැදගත් පියවර වන්නේ, ප්‍රමුඛ බුද්ධිමත් දේශප්‍රේමී කණ්‌ඩායම හා ජනාධිපතිවරයා ගේ හමු වීම ය. මීට කලකට පෙර පටන් පැවැති අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණවලට එරෙහි ව එකමුතු ව කටයුතු කිරීම නිසා, ශ්‍රී ලාංකිකයන් ගේ දේශප්‍රේමී අදහස්‌ ඉස්‌මතු ව තිබිණ. එනිසා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පත් වූයේ, දේශහිතෛෂී ආණ්‌ඩු හා ජන නායකයන් ය. එය පුනරුදයට විශාල පිටිවහලක්‌ විය. ඒ අතරින් මේ ජනාධිපතිවරයා විශේෂ විය. ඔහු දේශීය දේ අගය කළ උගත් හා බුද්ධිමත් දේශප්‍රේමියෙක්‌ විය.

ඒ වන විට දහම් ගේ වාර්තාවේ අනාවැකි පළ කළ අයුරින් ම සියල්ල සිදු වෙමින් පැවැතිණ. ජනාධිපතිවරයා ගේත්, දහම් ගේත් අනෙක්‌ උගත් බුද්ධිමතුන් ගේත් අදහස්‌ පරිදි විවිධ ක්‍ෂේත්‍රවලට අයත් විශේෂඥ කණ්‌ඩායම් 7ක්‌ පත් කරන ලද්දේ එම හමු වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස ය. පසු ව විද්වත් සභා නමින් ව්‍යවස්‌ථාගත වූයේ, මේ විශේෂඥ කණ්‌ඩායම් 7 ම ය. පත් කළ දින සිට ම එම කණ්‌ඩායම්වල සාමාජිකයෝ දිවා රෑ වෙහෙස වෙමින් එක ම අරමුණක්‌ වෙනුවෙන් වෙහෙසුණ හ. එම අරමුණ වූයේ, ''දේශීය සම්පත් හා දැනුම උපයෝගී කරගෙන ලංකාව ස්‌වයංපෝෂිත රටක්‌ බවට පත් කර අනාගතයේ ලොව මුහුණ දෙන ආර්ථික හා සමාජයීය අර්බුදයට සාර්ථක ව මුහුණ දීම'' ය.

සැම කණ්‌ඩායමක්‌ ම යුහුසුලු ව සිය සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටියේ ය. මේ වන විට මෙලොව මෑත ඉතිහාසයේ හටගත් දරුණු ම ෙ€දවාචකය ඇරඹෙමින් තිබිණ. එනම්, තුන්වැනි ලෝක යුද්ධය ය. එහෙත්, විශේෂඥ කණ්‌ඩායම්වල අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක්‌ ලෙස එම අසීරු කාලපරිච්ඡේදයට ඉතා සාර්ථක ව මුහුණ දීමට ලංකාවට හැකි විය. 'දහම් ගේ වාර්තා' යනුවෙන් එකල ප්‍රකට ව පැවැති යට කී වාර්තා ඒ සඳහා බොහෝ ඉවහල් විය.

ජනේලය තුළින් පෙනෙන හරිතවත් තුරුලතා කලාපය හා නිල්වන් ගුවන් ගැබ එකට එක්‌ වන ක්‍ෂිතිජ රේඛාව දෙස බලා සිටි දහම්ට ඇති වූයේ, ඉතා ම තෘප්තිමත් හැ`ගීමකි. තම රට වෙනුවෙන් තමා ගේ යුතුකම ඉටු කොට අවසන් ය යන සිතිවිල්ල ඔහු ගේ මනසට ගෙන ආවේ සැහැල්ලුවක්‌ මෙන් ම ආත්ම තෘප්තියකි. තම තරුණ විය කැප කරමින් අනෙකුත් දේශප්‍රේමී බුද්ධිමතුන් පිරිස හා එක්‌ ව සිදු කළ මහා බුද්ධි සංග්‍රාමයෙන් අද ලංකාව ජය ලබා ඇත. එම සංග්‍රාමයේ සංධිස්‌ථානයන් නැවත නැවත ආවර්ජනය කිරීම දහම්ට ඉතා ප්‍රිය කටයුත්තකි. හෙතෙම සිය සිත කාලය ඔස්‌සේ අතීතය කරා මෙහෙයවූයේ එබැවිනි.

පත් කරන ලද විශේෂඥ කණ්‌ඩායම්, දහම් ගේ වාර්තා පදනම් කොටගෙන, සංක්‍ෂිප්ත බව නිසා ම ඒවායේ ඇති ව තිබූ අඩු ලුහුඬුකම් ද සකස්‌ කොට, සිය විෂය පථයට අදාළ ව යෝජනාවලීන් සකස්‌ කරන්නට විය. ඒවා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලැබූ පසු එතුමා විසින් එවක තිබූ කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය සඳහා ඒවා ඉදිරිපත් කරන ලදී. කැබිනට්‌ මණ්‌ඩලයේ සිටි සමහර පිරිස්‌, විදෙස්‌ බලපෑම්වලට හසු වීම නිසා හෝ ධන ලෝභය නිසා හෝ ඒවාට විරුද්ධ වූ හ. එහෙත්, ජනාධිපතිවරයා ගේ අප්‍රතිහත ධෛර්යය නිසා හා උපක්‍රමශීලී ක්‍රියාකලාපය නිසා එම යෝජනා අනුමත කර ගැනීමටත්, වහා ම ඒවා ක්‍රියාත්මක කිරීමටත් හැකි විය. දහම් ස්‌වෝත්සාහයෙන් මෙතෙක්‌ කල් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතීන් ගේ සාර්ථකත්වය ද, විරුද්ධවාදීන් දිනා ගැනීමට විශාල පිටුබලයක්‌ විය.

කෘෂිකර්ම කණ්‌ඩායමේ ප්‍රධානියා ලෙස කටුයතු කළේ, පේරාදෙනිය විශ්වවිද්‍යාලයයේ කෘෂිවිද්‍යා අංශයේ මහාචාර්ය්‍යවරයෙකි. ඔහු ගේ සහායට තවත් උගත් පිරිස්‌ මෙන් ම ප්‍රායෝගික ව ගොවිතැනෙහි යෙදෙන ගොවි මහත්වරු ද එම කණ්‌ඩායමේ සිටිය හ. ඔවුන් ගේ යෝජනාවලියේ මුලින් ම වූයේ, විශ්වවිද්‍යාල සිසුන් හා අදාළ රාජ්‍ය ආයතනවල සේවක සේවිකාවන් යොදා ලංකාවේ වගා කළ හැකි ඉඩම් හා ඒවායේ පිහිටීම, ප්‍රමාණය හා පසේ ස්‌වභාවය අනුව වගා කළ හැකි බෝග වර්ග ද අඩංගු දත්ත ගබඩාවක්‌ සකස්‌ කිරීම ය. එය ඉතා ඉක්‌මනින් සකස්‌ කොට අවසන් කිරීමට ඊට සහභාගී වූ දේශප්‍රේමීන් පිරිසට හැකි විය. දෙවනුව සිදු වූයේ, වෙළෙඳපොළ පරිභෝජනය අධ්‍යයනයන් උපයෝගී කොටගෙන සංඛ්‍යාන විද්‍යාවේ ද උපකාරයෙන් පරිභෝජනය සඳහා අවශ්‍ය කෘෂි භෝග ලැයිස්‌තුවක්‌ ප්‍රමාණාත්මක ව සකස්‌ කිරීම ය. අනතුරු ව මොරටුව විශ්වවිද්‍යාලයයේ සිසුන් හා ආචාර්ය්‍යවරුන් විසින් නිපදවනු ලැබූ මෘදුකාංගයක්‌ මඟින් වසරේ එක්‌ එක්‌ කාලයට ඒ ඒ ඉඩම් කොටසේ වගා කළ යුතු භෝගය තීරණය කරන ලදී. වසර 5ක සැලසුම් එක්‌ වර සකස්‌ කොට බෙදා හරින ලද්දේ සැලසුම ආරම්භ කිරීමට මාස 3කට පෙර ය. ඒ බීජ වර්ග සකස්‌ කර ගැනීම සඳහා කල් ලබා ගැනීමට ය. මේ වගා සැලසුම පළිබෝධ හා ස්‌වාභාවික විපත්වලින් සිදු විය හැකි හානි ද ප්‍රවාහන වියදම් අවම කිරීමේ ක්‍රමවේදයන් ද සිය ගණනය කිරීම සඳහා යොදාගෙන තිබිණ. තව ද එක්‌ එක්‌ භෝගවලට සුදුසු Rතු ද, එම භෝග කල් තබාගත හැකි කාලයන් ද, නිරෝගී වගා බිමක්‌ සඳහා අවශ්‍ය භෝග මාරුව ද එමඟින් සැලකිල්ලට ගෙන තිබිණ.

වගා සංග්‍රාමය නම් ලද එම ක්‍රියාවලියට සමගාමී ව කාබනික පොහෙර නිෂ්පාදනය, වැව් අමුණු පිළිසකර කිරීම හා දේශීය අමුද්‍රව්‍ය යොදා පළිබෝධනාශක හා කෘමිනාශක සකස්‌ කිරීම ද සිදු කරන ලදී. හැකිතාක්‌ ස්‌වාභාවික ආරක්‍ෂණ උපක්‍රම හා සාර්ථක වගා ක්‍රම පිළිබඳ ව දැනුවත් කිරීම් ද සිදු කරන ලදී.

මුල් වටවල දී බීජ සපයා ගැනීමේ දී ඇති වූ අපහසුකම් හා නුපුහුණු ශ්‍රමය නිසා සුළු සුළු ගැටලු මතු වුව ද ඉන් පසු වට සාර්ථක වූයේ, පොදු ජනතාව ගේ උනන්දුව හා කැප වීම නිසා ම ය. කලින් අධික ලාබ ලැබූ කූට අතරමැදියන් ගෙන් ද යම් යම් බාධා ඇති වුවත් ජනාධිපතිවරයා මැදිහත් වී ආරක්‍ෂක හමුදාවේ සහයෝගය ලබා දීම නිසා ඒවා විස¹ගත හැකි විය.

කර්මාන්ත හා තාක්‍ෂණ කණ්‌ඩායම මෙහෙයවූයේ මොරටුව විශ්වවිද්‍යාලයයේ ආචාර්ය්‍යවරුන් කිහිප දෙනකු හා නොයෙකුත් කර්මාන්තකරුවන් කිහිප දෙනකු විසිනි. දහම් ගේ වාර්තා මත පදනම් ව ඔවුන් ඉදිරිපත් කළ ප්‍රථම යෝජනාව වූයේ, අන්තර්ජාලයේ ඇති නොයෙක්‌ ක්‍ෂේත්‍රවලට අදාළ අත්‍යවශ්‍ය තොරතුරු හා මෘදුකාංග මෙරට ඇති දත්ත ගබඩාවල තැන්පත් කර ගැනීම ය. මන්ද, දහම් ගේ

පෙරැයීම්වලට අනුව අන්තර්ජාලයේ නොකඩවා පැවැත්ම ද අවිශ්වාසසහගත විය. එම කටයුත්ත ක්‍රමානුකූල ව සිදු කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය සිසුන් හා ආචාර්ය්‍ය මණ්‌aඩලය විසින් මාදුකාංගයක්‌ සකස්‌ කරන ලදී.

එමෙන් ම, දේශීය කර්මාන්ත හා තාක්‍ෂණික ව්‍යාපෘතීන්වලට අවශ්‍ය වන ලංකාවෙන් ලබාගත නො හැකි අමුද්‍රව්‍ය තොග වශයෙන් ආනයනය කිරීම ද ඇරඹිණ. දහම් ගේ බලශක්‌ති අංශයට අවශ්‍ය ඇලුමිනියම්, තඹ, යකඩ ආදී ලෝහ ද ආනයනය කළේ, මේ යටතේ ය. නොයෙකුත් අත්‍යවශ්‍ය භාණ්‌ඩ නිපදවීම සඳහා නව කර්මාන්තශාලා, ලංකාවේ ඇති කිරීමට ද ඔවුහු ක්‍රියා කළ හ. ඛනිජ ඉන්ධන ආනයනය ක්‍රමයෙන් අඩු වී, නැති වී යැම නිසා ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය පහසුකම් සපයාගත හැකි විය.
උපුටා ගෑනීම
විදුසර විද්‍යා සගරාව

Reply With Quote
(#3)
Old
rcccc's Avatar
rcccc rcccc is offline
Senior Member
rcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud of
 
Posts: 50,276
Join Date: Aug 2011
Location: -Goodbye-
05-31-2012, 07:27 PM

පුනරාගමනය 3 කොටස
අධ්‍යාපන හා සංස්‌කෘතික කණ්‌ඩායම ද බොහෝ වැදගත් මෙහෙයක්‌ ඉටු කළේ ය. ජනතාව සමගි ව දේශප්‍රේමී හැ`ගීම් ඇති ව උද්යෝගයෙන් ක්‍රියා කිරීම ඔවුන් ගේ සාර්ථකත්වයයි. ඔවුන් ගේ එක්‌ වැදගත් යෝජනාවක්‌ වූයේ සර්ව ආගමික නායක සභාව ය. ජාතීන් වශයෙන් කිසි විටෙක ලාංකිකයන් වර්ග නො කළ යුතු ය යන්න ඔවුන් ඇති කළ වැදගත් රෙගුලාසියකි. මන්ද, ඒ වන විට භාෂා පරිවර්තක භාවිතය හේතුවෙන් කිසිවකුට භාෂාව ගැටලුවක්‌ නො වූ නිසා ය. ජාතිය ගැටලුවක්‌ කරගත්තේ ආත්මාර්ථකාමී දේශපාලකයන් පිරිසක්‌ පමණි. සියලු ම ආගම්වල පූජ්‍ය පූජකතුමන් ලා සිය අනුගාමිකයන්ට දේශනා කළේ, සියලු වාද භේද අමතක කොට ශ්‍රී ලාංකිකයන් වශයෙන් එක්‌ වන්නට කියා ය. විදේශවල සිටින ආගම් අන්තවාදීන් ගේ බලපෑමට හසු වූ පිරිස්‌ නිසා මුල් කාලයේ යම් ගැටලු පැන නැඟුණ ද, රට තුළ සිදු වන අවංක වැඩපිළිවෙළ දැක සිය අඥනවන්තකම් ගැන ලඡ්ජාවට පත් ඔවුහු පසු ව ශ්‍රී ලාංකික ජාතික සංකල්පය වැළඳ ගත් හ. ආගම් ඇදහීම සඳහා වෙන වෙන පූජ්‍ය ස්‌ථාන කරා ගිය ද ඔවුහු සියල්ලෝ එක ම ජාතියක්‌ මෙන් සිතන්නට වූ හ. එනිසා ක්‍රයෙන් අතීතයේ පටන් පැවැති හෙළ සංස්‌කෘතිය පදනම් වූ පොදු ශ්‍රී ලාංකීය සංස්‌කෘතියක්‌ ඇති වීම ආරම්භ විය.

මේ අයුරින් සැම විශේෂඥ කණ්‌ඩායමක්‌ සිය යුතුකම ඉතා ම අවංක ව කැප වීමෙන් යුතු ව පොදු ජන සහයෝගය සහිත ව කරගෙන යන අතරතුර දහම් ඇතුළු කණ්‌ඩායමට සිදු වූයේ, ඒ අතරින් බැරෑරුම් ම කටයුත්ත ඉටු කිරීමට ය. එනම්, නුදුරු අනාගතයේ ඇති වන අර්බුදයට මූලික වන හේතුවට පිළියම් කිරීම ය. බලශක්‌ති ක්‍ෂේත්‍රය අන් බොහෝ ක්‍ෂේත්‍ර සමග සම්බන්ධ වී ඇති නිසා, දහම් ඇතුළු කණ්‌ඩායමට අනෙකුත් සියලු ම කණ්‌ඩායම් සමග කටයුතු කිරීමට සිදු විය.

බලශක්‌ති කණ්‌aඩායමේ යෝජනාවලින් මුලින් ම ක්‍රියාත්මක කළේ, මාර්ගාශ්‍රිත රුක්‌ රෝපණ ව්‍යාපෘතියකි. එහි වැදගත්කම බොහෝ දෙනකුට එවකට නො වැටහිණ. ඒ ඉතා දූරදර්ශී ව්‍යාපෘතියක්‌ බව ජනතාව වටහා ගත්තේ, ඉන් වසර කිහිපයකට පසු, රුක්‌ ගොමුවලින් සුන්දරත්වයට පත් නාගරික මංමාවත්වල සිහිල් සෙවණේ, පා පැදිවලින් හා පයින් ගමන් කරන විට ය.

බලශක්‌ති කණ්‌ඩායමේ ප්‍රධාන අරමුණ වූයේ, ඛනිජ ඉන්ධන වෙනුවට විකල්ප බලශක්‌ති ප්‍රභවයක්‌ සොයා ගැනීම ය. එහෙත්, දහම් එම ක්‍ෂේත්‍රයේ මෙතෙක්‌ කරන ලද පරීක්‍ෂණ හා ව්‍යාපෘතින් ගෙන් ලත් අත්දැකීම් අනුව ඛනිජ ඉන්ධන වෙනුවට න්‍යෂ්ටික ශක්‌තිය හැර වෙනත් තනි බලශක්‌ති ප්‍රභවයක්‌ සොයාගැනීම ප්‍රායෝගික නො වන බව අවබෝධ කරගෙන සිටියේ ය. දහම් ගේ වාර්තා අනුව න්‍යෂ්ටික බලාගාරයක්‌ ශ්‍රී ලංකාව තුළ වසර 25ක්‌ ඇතුළත ඉදි නො කළ යුතු විය. එනිසා, ඔවුන් කළේ, සූර්ය්‍ය කෝෂ, සූර්ය්‍ය තාපයෙන් ක්‍රියා කරන ස්‌ටර්ලින් එන්ජින්, සුළං බලාගාර, මුහුදු රළ බලාගාර ආදී නොයෙකුත් යටිතල පහසුකම් ඇති කිරීම ය. තව ද, විද්යුතය ගබඩා කිරීමේ කාර්යක්‍ෂම ක්‍රම පිළිබඳ ව ද පරීක්‍ෂණ කරමින් සාර්ථක විද්යුත් කෝෂ වර්ග කිහිපයක්‌ ම නිර්මාණය කරන ලදි.

ඔවුන් ගේ අසීරු ම අභියෝගය වූයේ, දිගු දුර ප්‍රවාහනය සඳහා අවශ්‍ය විශ්වාසදායී බලශක්‌ති ප්‍රභවයක්‌ සොයා ගැනීම ය. අවසානයේ පොදු ප්‍රවාහන සේවා සඳහා විද්යුත් ශක්‌තිය ලබාගත හැකි මාර්ග පද්ධතියක්‌ ඉදි කිරීම ඇරඹිණ. ඒ වන විට සාර්ථක ව රට තුළ ජාලගත ව තිබූ දුම්රිය මාර්ග පද්ධතිය මේ සඳහා උපකාර කරගත් නිසා එම කටයුත්ත තරමක්‌ පහසු විය. ඇමෙරිකාව, චීනය හෝ ඉන්දියාව වැනි විශාල රටවලට නැති විශේෂ වාසියක්‌, රටේ කුඩා බව නිසා ලංකාවට ලැබිණ. එහෙත්, මේ යෝධ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී, ධනලෝභී දේශපාලනඥයන් හා වෙනත් කූඨ ව්‍යාපාරිකයන් ගෙන් බොහෝ කරදර සිදු විය. ඒවා ද පෙර පරිදි ම ජනාධිපතිවරයා ගේ මැදිහත් වීම මත ආරක්‍ෂක හමුදාවේ සහායෙන් විසඳිණ.

මාර්ග ජාලය පැතිරීමෙන් පසු ඊට අනුබද්ධ ව කුඩා ප්‍රවාහන පද්ධතීන් ජනතාව විසින් ම ඇති කරන ලදී. අතීතයේ ඉන්ධන පිරවුම්හල් අද විද්යුත් කෝෂ හුවමාරු ස්‌ථාන ලස නම් කෙරිණ. ඒවායින් කරන්නේ තම මෝටර් රථයේ හෝ යතුරු පැදියේ ඇති විසර්ජනය වූ විද්යුත් කෝෂ භාර දී ඒ වෙනුවට ආරෝපණය කරන ලද කෝෂ මිල දී ගැනීම ය. එක්‌ රථයක්‌ තුළ කෝෂ කිහිපයක්‌ ම සවි කළ හැකි ලෙස එම රථ නිපදවා ඇති නිසා ගමනේ දුර අනුව කෝෂ හුවමාරුව කරගත යුතු ය. මුල් කාලයේ මේ කෝෂ නිෂ්පාදනය සිදු කළේ ද, බලශක්‌ති කණ්‌ඩායම විසින් පිහිටුවන ලද කර්මාන්තශාලාවල ම ය.

බලශක්‌ති කණ්‌ඩායමේ ආධාර හා උපදෙස්‌ මත කාර්ය්‍යක්‍ෂම පාපැදි, යතුරු පැදි හා සැහැල්ලු මෝටර් රථ නිපදවන කර්මාන්තශාලා ද කිහිපයක්‌ ම ඇති විය.

පැරැණි පෙට්‍රල් හා ඩීසල් වාහනවල කොටස්‌ ප්‍රතිචක්‍රීකරණය මඟින් අමුද්‍රව්‍ය සපයාගෙන ඉතා පහසු මිලට නව සැහැල්ලු මෝටර් රථ නිපදවන කම්හලක්‌ ආරම්භ කිරීමට ද එක්‌ දක්‍ෂ ව්‍යවසායකයෙක්‌ සමත් විය. එහි දී සිදු වූ එක්‌ විශේෂ සිදුවීමක්‌ වූයේ, අතීතයේ අති සුඛෝපභෝගී ලෙස සැලකුණු මිල අධික මෝටර් රථවලට සමාන වටිනාකමක්‌, ප්‍රතිචක්‍රීකරණයේ දී, මිලෙන් අඩු සැහැල්ලු මෝටර් රථ සඳහා ද ලැබීම ය.

නාගරික ප්‍රදේශවල වූ කුලී පාපැදි සේවාව නිසා, පොදු ප්‍රවාහන සේවය වූ විදුලි දුම්රිය නැවතුම් ස්‌ථානවල සිට රාජකාරී ස්‌ථාන හෝ නිවාස කරා යැම අපහසු නො වී ය. අතුපතර විහිදුණු රුක්‌ ගොමුවලින් ගැවැසුණු සිසිල් සෙවණ සහිත මහා මාර්ගවල ගමන පීඩාකාරී නො වීය. ජනතාව ගේ යහපත් ශරීර සෞඛ්‍යය සඳහා ද එය බොහෝ ප්‍රයෝජනවත් විය.

ස්‌වංපෝෂිත රාජ්‍යයක්‌ බවට පත් වීම සඳහා ම වූ මෙබඳු අහිංසක සංවර්ධන ක්‍රියාවලියක්‌ ශ්‍රී ලංකාව තුළ සිදු වන අතරතුර ලොව අන් රටවල සිදු වූයේ, ඊට ප්‍රතිවිරුද්ධ දේ ය. ලොව සුපිරි බලවතා වීමේ සටනේ නිරතුරු ව ම යෙදුණු ඇමෙරිකාවේ කෲර හා ආත්මාර්ථකාමී ක්‍රියා කලාපයක්‌ නිසා ලොව සියලු ම බලවත් රාජ්‍ය නො සන්සුන් වූ හ. ඛනිජ ඉන්ධන ආදී සම්පත් අතින් පොහොසත් නමුත්, යුද බලය අතින් දුර්වල රාජ්‍ය ඇමෙරිකාව විසින් ආක්‍රමණය කොට අරාජික කළේ, එම රටවල කුමක්‌ හෝ අභ්‍යන්තර සිදුවීමක්‌ පදනම් කරගෙන එම ආක්‍රමණ සාධාරණීකරණය කරමිනි. හේතුවක්‌ සොයාගත නුහුණු තැන සුපුරුදු පරිදි සිය බුද්ධි අංශ උපයෝගී කොටගෙන හේතු නිපදවූ හ. ඉන් අනතුරු ව ඔවුන් විසින් එම රාජ්‍යවලට පත් කරන ලද්දේ, ඇමෙරිකන් අධිරාජ්‍යයට කීකරු, රූකඩ නායකයන් ය. එම රූකඩ රජයන් කළේ, එම රටට යහපත පිණිස කටයුතු කිරීම නො ව. ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජය්‍යවාදී රටවල න්‍යාය පත්‍රයනට අවශ්‍ය අයුරින් කටයුත කිරීම ය. එම නිසා එම රජයන් සැම විට ම මහජන අප්‍රසාදයට ලක්‌ විය.

තත්ත්වය මෙසේ වුව ද අනෙකුත් බලවත් රටවල් වුව ද නිශ්ශබ්ද ව සිටියේ, ඇමෙරිකාව හා යුධ වැදීමට තිබූ බිය නිසා ය. ඇමෙරිකාව ද ජගත් සාමය ආරක්‍ෂා කිරීමේ මුවාවෙන් තව තවත් නවීන යුධ අවි නිපදවමින් යුධමය වශයෙන් තව තවත් බලවත් විය. එහෙත්, මේ වන විට ලොව පුරා මුස්‌ලිම් ප්‍රජාව ප්‍රමුඛ පොදු ජනතාව ඇමෙරිකාවට විරුද්ධ ව නැඟී සිටිමින් සිටිය හ. මුල් කාලයේ එබඳු පද්ගලයන් කුමක්‌ හෝ වරදක පටලවා අත්අඩංගුවට ගැනීම මගින් තව තවත් ඇමෙරිකානු විරෝධී නැඟසිටීම්, බිය වද්දවා මැඬපැවැත්වීමට අධිරාජ්‍යවාදීන් සමත් වුව ද, ක්‍රමයෙන් කැරැලිකරුවන් ප්‍රමාණය සංඛ්‍යාත්මක ව වැඩි වන්නට වීමත් සමග පාලනය තරමක්‌ අපහසු විය.

ලොව අනෙක්‌ ප්‍රදේශවල ඛනිජ ඉන්ධන ක්‌ෂය වූ පසු, ඇමෙරිකාව තුළ ඉතිරි කරගෙන සිටි ඛනිජ තෙල් සංචිත ඔවුනට ඇමෙරිකාව තුළ පරිභෝජනය ස`දහා යෙදීමට සිදු විය. එහෙත් ඒ වන විට ඇමෙරිකානුවන් හැඩගැසී සිටි නාස්‌තිකාර සමාජ රටාව නිසා ඒවා ද ඉක්‌මනින් ක්‌ෂය වන්නට විය. එනිසා ඔවුහු න්‍යාෂ්ටික බලශක්‌ති ප්‍රභව භාවිතය වැඩි කළ හ.

ලොව අනෙක්‌ රටවල් ද මේ අර්බුදයෙන් මිදීමට මං සෙවූ හ. ඒ සැම දෙනාට ම තිබූ පහසු ම බලශක්‌ති ප්‍රභවය වූයේ න්‍යෂ්ටික ශක්‌තිය ම වී ය. ශ්‍රී ලංකාවේ හැර ලොව සැම රටක ම පාහේ න්‍යෂ්ටික බලාගාර ඉදි විය. ඇමෙරිකාවට, පෙර මෙන් ඒ සදහා බාධා පැනවීම කළ නොහැකි විය. ලොව සැම රටක්‌ ම පාහේ න්‍යෂ්ටික බලශක්‌ති ප්‍රවීණයන් වෙමින් සිටියේ ය. එම නිසා, ඒ පිළිබඳ සීමා පනවමින් එම ව්‍යාපෘතීන් විමර්ශනය කරමින් සිටි ඇමෙරිකානු බුද්ධි අංශවලට දරා ගත නොහැකි තරම් තත්ත්වය සංකීර්ණ බවට පත් විය.

ඛනිජ ඉන්ධන ගනුදෙනු නැවතුණු පසුව ඇමෙරිකානු ඩොලරයකට තිබූ තැන ක්‍රමයෙන් පහළ වැටෙන්නට විය. එනිසා චීනය ආදී අනෙකුත් ආර්ථික බලවතුන් ඇමෙරිකාවේ කර තිබූ ආයෝජන ද ක්‍රමයෙන් ඉවත් වන්නට විය. ඒත් සමග ම ඇමෙරිකානු ආර්ථිකය ඉතා ම ශීඝ්‍ර කඩා වැටීමකට ලක්‌ විය. අනෙකුත් අධිරාජ්‍යවාදී යුරෝපීය රටවල් සැමෙකක ම තත්ත්වය ද එය ම විය. එම ආර්ථික තත්ත්වය දරාගත නොහැකි වූ එම ධනවාදී සමාජයන් තුළ දැවැන්ත පිරිහීමක්‌ ඇති විය. ආහාර, ඇඳුම්, නිවාස යන මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පවා නොහැකි වූ පිරිස්‌ නීතිය බිඳිමින් සිය දිවි

රැක ගැනීමට ගත් උත්සහයන් නිසා පරිපාලනය අස්‌ථාවර විය. අවනීතිය රජයමින් විශාල සමාජ පරිහානියක්‌ ඇති විය.

මේ අතරතුර ලොව පුරා විහිදී සිටි ඇමෙරිකාව හා අනෙකුත් ධනවාදී රටවලට වෛර කළ ඇමෙරිකානු විරෝධී කණ්‌ඩායම්, ලද අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත්තේ ය. ඇමෙරිකානු රාජ්‍ය හා බුද්ධි අංශවලට අදාළ පරිගණක ජාල ඉලක්‌ක කර ගනිමින් දියත් වූ පරිගණක වයිරස්‌

රැල්ල එහි ප්‍රථම ප්‍රතිඵලයයි. ලොව පුරා නන් දෙසින් එල්ල වූ එම තොරතුරු තාක්‌ෂණික ප්‍රහාරය හමුවේ ඇමෙරිකාව මුල් වරට අසරණ විය.

ඇමෙරිකාව ලොව සුපිරි බලවතා වීම ස`දහා නිපදවා තිබූ සිය සියලු ම යුධ අවි, තොරතුරු තාක්‌ෂණය හා චන්ද්‍රිකා තාක්‌ෂණය පදනම් කොටගෙන තිබිණි. මේ දුර්වලතාව ප්‍රයෝජනයට ගත් ඇමෙරිකා විරෝධී කණ්‌ඩායම් මුලින් ම කළේ ඇමෙරිකානු චන්ද්‍රිකාවලට ලේසර් කිරණ පදනම් කරගත් අවිවලින් පහර දී බි`ද දැමීම ය. ඇමෙරිකාවේ සියලු ම ප්‍රබල යුධ අවි අඩපණ කිරීමට එය සමත් විය. අභ්‍යන්තර ගැටලු හා තොරතුරු තාක්‌ෂණික මෙවලම්වල හටගත් ගැටලු නිසා ඇමෙරිකානු ආරක්‌ෂක අංශවලට සිදු වෙමින් පවතින තත්ත්වය වටහා ගැනීමට පවා නොහැකි විය. එනිසා ඔවුහු හ`දුනාගෙන තිබූ සතුරන්ට පහර දීම සිය ප්‍රතිපත්තිය කර ගත් හ. පුපුරන ද්‍රව්‍ය ටොන් ගණන් ඉවක්‌ බවක්‌ නැති ව ගුවනින් හෙළමින් ඔවුහු මහා විනාශයක්‌ කිරීමට වූ හ. සිය චන්ද්‍රිකා පද්ධතියේ සහාය නැති ව ඇමෙරිකානු නියමුවන්ට ඉලක්‌කයකට බෝම්බයක්‌ වත් හෙළීමට නො හැකි වන තරමට ඔවුහු තාක්‌ෂණයට වහල් වී සිටිය හ. එම නිසා ඔවුන් අතින් ලොව පුරා සාමාන්‍ය සිවිල් ජිවිත ලක්‍ෂ ගණනින් විනාශ වන්නට විය. අන් රටවල අහිංසක ජන ජීවිත විනාශ කරමින් ඇමෙරිකාව ගෙන යන කෲර වැඩපිළිවෙළට ලොව බොහෝ රටවල් විරුද්ධ විය. ඇමෙරිකාව පත් ව සිටි දුර්වල තත්ත්වය දුටු චීනය, රුසියාව ආදී බලවත් රටවල් ඇමෙරිකාවට එරෙහි ව යුධ ප්‍රකාශ කිරීමත් සමග ම එම අවාසනාවන්ත තෙවැනි ලෝක යුද්ධය ඇරඹිණ.

සියල්ල සිදු වූයේ, දහම් ගේ වාර්තාවල අනාවැකි පළ කර තිබූ ආකාරයට ම ය. ඇමෙරිකාව සිය සතුරු රටවල් වෙත න්‍යෂ්ටික බෝම්බ හෙළා මහා විනාශයක්‌ කිරීම අරඹත් ම, ඔවුනට ද එහි ප්‍රති ප්‍රහාරය අත් විඳින්නට සිදු විය. අමෙරිකාවේ මීළ`ග පියවර වූයේ, දහම් අනාවැකි පළ කර තිබූ අයුරින් ම, ලොව පුරා විසිර ඇති සියලු ම න්‍යෂ්ටික බලාගාර හා න්‍යෂ්ටික පර්යේෂණ ආයතනවලට පහර දීම ය. ඒ ඔවුනට ඇති න්‍යෂ්ටික අවි තර්ජනයෙන් මිදීමට හා එම රටවල් අස්‌ථාවර කිරීමට ය. එහෙත්, එම කටයුත්ත අවසන් වීමට පෙර සතුරු ප්‍රහාර හමුවේ අමෙරිකාවේ ආරක්‍ෂක අංශ හා බුද්ධි අංශ සහමුලින් ම විනාශ විය. තව බොහෝ රටවල ද තත්ත්වය එසේ ම විය.

ලොව පුරා රටවල් අතර සන්නිවේදනය ඇනහිට අන්තර්ජාලය හෝ අන්තර්ජාතික දුරකථන පහසුකම් පවා නැති වී ගියේ මේ අවධියේ දී ය. ලොව පුරා සිදු වන්නේ, කුමක්‌ දැ'යි නිවැරැදි ලෙස දැන ගැනීමට නො හැකි විය. මුළු ලොව ම අඳුරේ ගිලුණාක්‌ මෙන් විය. වසර 5ක්‌ පමණ මේ අන්ධකාරයේ ගිලී ලෝ වැසියෝ පීඩා වින්දො ය. එහෙත්, පෙරදිග ලෝකයේ මුතු ඇටය නම් වූ ශ්‍රී ලංකාව තුළ පමණක්‌ පහන් ආලෝකය විහිදිණ. දහම් විඡේවර්ධන ගේ වාර්තා මත පදනම් ව ලාංකීය බුද්ධිමතුන් හා ජන නායකයන් ගෙන ගිය අසහාය වැඩපිළිවෙළට පින් සිදු වන්නට ලක්‌ ජනතාව පමණක්‌ පීඩාවකින් තොර ව අහිංසක ලෙස සරල දිවි පෙවෙතක්‌ ගත කළ හ. ඉන්දියාවට හෙළු බෝම්බ කිහිපයක්‌ ඉලක්‌කය වැරැදීම නිසා ලංකාවේ යාපනයට ආසන්න මුහුදට වැටී යාපනයේ සිදු වූ හානියත්, ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාරවලට ඇමෙරිකන් හමුදා පහර දුන් පසු ඉන් විමෝචනය වූ විකිරණ නිසා උතුරේ ජනතාව, නැඟෙනහිර පළාතේ පදිංචි කිරීමට සිදුවීමත් හැරුණු කොට තෙවැනි ලෝක යුද්ධයෙන් ලංකාවට විශාල හානියක්‌ සිදු වූයේ නැත.

තෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලංකාවේ පොදු ජනතාව දහම් හට සැලකුවේ අති මහත් ගෞරවයකිනි. ඊට දශකයකට පමණ ඉහත දී එතුමා පළ කළ අනාවැකි, එම දශකයක පමණ කාලය තුළ ඒ අයුරින් ම සිදු වීම අහම්බයක්‌ නො ව මහා ආශ්චර්යයක්‌ යෑයි ඔවුහු විශ්වාස කළ හ. දහම් ගේ හා පසු ව පත් කළ විශේෂඥ කණ්‌ඩායම්වල යෝජනාවලට විරෝධය පෑ සුළු පිරිස පවා ක්‍රමයෙන් එම යෝජනා හිස්‌ මුදුනින් පිළිගන්නා තත්ත්වයකට පත් විය.

නව පාලක සභා හා විද්වත් සභා ක්‍රමය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ජනාධිපතිවරයාට හැකි වූයේත්, එම ජනතා විශ්වාසයේ ප්‍රතිඵලයක්‌ ලෙස ය. විධායක ජනාධිපති ධූරය අවසන් කළ එම අවසාන විධායක ජනාධිපතිවරයා ම, අභිනව පාලක සභාවේ සභාපති ලෙස තේරී පත් වුව ද එතුමා වසර දෙකකට පසු ඉන් අස්‌ වූයේ, සුදුසු අයකුට අවස්‌ථාව ලබා දීමට ය. මහාචාර්ය්‍ය දහම්ට එම තනතුර බාරගන්නා ලෙස නොයෙක්‌ දෙනා ඉල්ලීම් කළ ද, පරිපාලනය සඳහා තමාට වඩා දක්‍ෂ බොහෝ අය ඇතැ'යි කියා එතුමා එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේ ය.

තමා ඉතා ප්‍රිය කරන අතීතාවර්ජනයේ යෙදුණු මහාචාර්ය්‍ය දහම් විඡේවර්ධනයන්, ජනේලයෙන් මෑත් ව නැවැත සිය අසුනට පැමිණ හිඳ ගත්තේ, සංවත්සර උළෙලේ දී පවත්වන කතාව පිළිබඳව තීරණයක්‌ ගැනීමෙන් පසුව ය.

තම මේසය මත ඇති ලිපි ගොනු කිහිපය අතට ගත් දහම් ඒ එකිනෙක පෙරළා බලන්නට විය. ඒ සංවත්සර උළෙලේ දී ඉදිරිපත් කිරීමට නව නිර්මාණයන් තෝරා ගැනීම සඳහා තමා වෙත ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති වාර්තා ය.

උඩින් ම තිබූයේ ජීව වායු නිෂ්පාදනය පිළිබඳ ව්‍යාපෘති වාර්තාව ය. වැඩි ශීඝ්‍රතාවකින් ජීව වායුව නිපදවන ක්‍ෂුද්‍ර ජීවී විශේෂයක්‌ නිපදවීම එම ව්‍යාපෘතියේ අරමුණ විය. දහම් එය පසෙකින් තැබී ය. දෙවැනි ව තිබුණේ, ඉහළ ආකාශයේ හා පොළවේ ඇති විද්යුත් ආරෝපණ වෙනස උපයෝගී කරගෙන විදුලි බලය නිපදවන ව්‍යාපෘති යෝජනාවකි. දහම් එය ද පසෙකින් තැබී ය.

මෙලෙස සූර්ය්‍ය තාපයෙන් ක්‍රියා කරන වඩාත් කාර්ය්‍යක්‍ෂම ස්‌ටර්ලින් එංජිමක්‌, පෘථිවියේ අභ්‍යන්තර උෂ්ණත්වය උපයෝගී කොටගෙන විදුලිය උත්පාදනය කරන යන්ත්‍රයක්‌, වැඩි විද්යුත් ප්‍රමාණයක්‌ වඩාත් අඩු කාලයක්‌ ඇතුළත ගබඩා කර ගත හැකි ආකාරයේ විද්යුත් කෝෂයක්‌ ආදී බොහොමයක්‌ නව නිර්මාණවලට අදාළ ව්‍යාපෘති වාර්තාවන් කියවා පසෙක තැබූ දහම් දෑස්‌ වසාගෙන සිය අසුනට හේත්තු වූයේ, යම්කිසි අසීරු තීරණයක්‌ ගැනීමට ය.

ශ්‍රී ලංකාවාසීන් න්‍යෂ්ටික ශක්‌තිය සිය බලශක්‌ති අර්බුදය විස¹ ගැනීමට යොදා නො ගත්තේ, තමා ගේ වාර්තා නිසා බව දහම් දනී. තමා ගේ කීමට මුළු ජාතියක්‌ ම සවන් දුන් බව මතක්‌ වන විට දහම් බොහෝ හැ`ගුම්බර වෙයි. ඔහු ගේ දෙනෙත් තෙත් වූයේ, ඒ නිසා ය. තෙවැනි ලෝක යුද්ධය අවසන් වී අනතුරු ව එළඹි අඳුරු කාල පරිච්ඡේදය ද අවසන් ව ලෝකය සමග නැවැත සබඳතා පවත්වා ගැනීම ඇරඹී ඇත. දැන් ලෝක සිතියම වෙනස්‌ වී ඇත. සංගණනයක්‌ නො කළ ද ලෝක ජනගහනය මහා පරිමාණ වශයෙන් අඩු වී ඇති බව පැහැදිලි ය. බෝහෝ විශාල රටවල් විනාශ වී කුඩා රාජ්‍ය බිහි වී ඇත. ඒවා බොහොමයක්‌ සාගතයෙන් හා වෙනත් ස්‌වාභාවික උවදුරුවලින් පීඩා විඳින, සාක්‍ෂරතාවෙන් ඉතා පහත් ගෝත්‍රික ජන සමාජවලින් යුතු වේ. එහෙත්, ක්‍රමයෙන් ස්‌ථාවර වෙමින් පවතින රාජ්‍යයන් ද නැතිවා නො වේ. ඇමෙරිකාවේ නම් බොහොමයක්‌ ප්‍රදේශ විකිරණශීලීතාව නිසා තව ම ජීවයට සුදුසු නැත. ඉතිරි ප්‍රදේශවල කුඩා කණ්‌ඩායම් වශයෙන් වෙසෙන ජන කොටස්‌ ආහාර සඳහා ම්ලේච්ඡ ක්‍රියාවල යෙදෙන, සමාජීය වශයෙන් පිරිහුණු, දරුණු පිරිසක්‌ පවට පත් ව ඇත. ඇමෙරිකානු මහාද්වීපය විශාල වනාන්තරයක්‌ බවට පත් වෙමින් ඇත.

අසරණ වූ එම ලෝකය හමුවේ ශ්‍රී ලංකාව අද සාඩම්බරයෙන් නැඟී සිටින්නේ, න්‍යෂ්ටික ශක්‌ති භාවිතයෙන් වැළකී සිටි නිසා හා පොදු ජනතාව ගේ දේශප්‍රේමිත්වය නිසා ම සාර්ථක වූ සැලසුම්ගත ක්‍රියාදාමයක්‌ නිසා බව පැහැදිලි ය. දහම් ගේ මුල් වාර්තා අනුව න්‍යෂ්ටික ශක්‌ති භාවිතයෙන් වැළකී සිටිය යුතු වන්නේ, වසර 2045 වනතුරු පමණි. එහෙත්, පසුගිය වසර කිහිපය තුළ ජනතාව අත්දුටු කුරිරු විනාශයන් පිළිබඳ මතකයන් නිසා සැම දෙනෙක්‌ ම න්‍යෂ්ටික ශක්‌ති භාවිතය අමතක කොට ඇත. එය නො කළ යුත්තක්‌ බව ඔවුන් ගේ සිත් තුළට තදින් කා වැදී ඇත.

දහම් එක්‌ තීරණයක්‌ ගෙන තිබිණ. එනම්, මේ වසරේ සිය තනතුරෙන් ඉල්ලා අස්‌ වී ඉන් අනතුරු ව, වනගත අසපුවක විවේක සුවයෙන් ගත කිරීම ය. ඔහු සංවත්සර දින කතාව ද සැලසුම් කරගෙන ඇත. එහෙත්, එක්‌ දෙයක්‌ පිළිබඳව ඔහු තව ම පසු වන්නේ, දෙගිඩියාවෙනි. ඒ සංවත්සර දින උළෙලේ දී ඉදිරිපත් කරන නව නිර්මාණය හෝ යෝජනාව පිළිබඳව ය.

මහාචාර්ය්‍ය දහම් විඡේවර්ධන ගේ බුද්ධිය ඔහුට පවසන්නේ, ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික ශක්‌තිය ආරම්භ කිරීමට දැන් බාධාවක්‌ නොමැති බව ය. පසුගිය දිනවල හෙතෙම සිය බුද්ධිය මෙහෙයවූයේ, හානිදායක නො වන න්‍යෂ්ටික බල කළමනාකරණය පිළිබඳ ව ය. එහෙත්, ඔහු ගේ හැ`ගීම් ඔහුට පවසන්නේ, ලංකාවේ මේ තාක්‌ පැවැති සරල පරිසර හිතවේදී දිවි පැවැත්මට හානි නො කොට, මේ ආකාරයට ම ජීවිත පවත්වා ගැනීම සුදුසු බව ය. එවිට අනාගත පරපුරට ද මේ සුන්දර ජීවන රටාවට උරුමකම් කිව හැකි වනු ඇත.

එහෙත්, මෙරට ජනතාව තමා ගෙන් බලාපොරොත්තු වන්නේ, විද්වත් අදහස්‌ මිස සිය හැ`ගීම් නො වන බව ද දහම්ට වරෙක සිතිණ. දහම් තව ම දෙගිඩියාවෙනි. තමා ගේ මේ තීරණය ශ්‍රී ලාංකිකයන් ගේ පමණක්‌ නො ව මුළුමහත් මානව ප්‍රජාව ගේ ම අනාගතය පිළිබඳ තීන්දුවක්‌ බව ඔහු දනී. දැස්‌ වසාගෙන බොහෝ වෙලාවක්‌ තම බුද්ධිය හා හැ`ගීම් සමග සටනක යෙදුණ ද, න්‍යෂ්ටික ශක්‌තිය භාවිතය ආරම්භ කිරීමට යෝජනා කිරීම හෝ නො කිරීම පිළිබඳ තීරණයක්‌ ගැනීම දහම්ට ඉතා අපහසු කටයුත්තක්‌ විය.

දහම් අසුනින් නැඟී සිට නැවතත් ජනෙල් පෙළ අසලට ගියේ සිතට දැනෙන පීඩනය මඳක්‌ දුරු කර ගැනීමට ය. තමා සිටින තෙමහල් ගොඩනැඟිල්ලේ පාමුල සිට ඈත ක්‍ෂිතිජය දක්‌වා වූ, සුන්දර හරිත පැහැති තුරුලියෙන් ගැවසී ගත් භූමිය දෙස බැලූ මහාචාර්ය්‍ය දහම් විඡේවර්ධන ගැඹුරු සුසුමක්‌ හෙළී ය.
උපුටා ගෑනීම
විදුසර විද්‍යා සගරාව

සමාප්තයි.




Reply With Quote
(#4)
Old
Akiisha's Avatar
Akiisha Akiisha is offline
Senior Member
Akiisha is on a distinguished road
 
Posts: 162
Join Date: Dec 2008
06-09-2012, 05:26 PM

ලස්සනයි.
විදුසර පත්තරේ ගිය කතාව මේකේ පල කරට ගොඩක් ස්තුතියි.....
Reply With Quote
(#5)
Old
rcccc's Avatar
rcccc rcccc is offline
Senior Member
rcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud of
 
Posts: 50,276
Join Date: Aug 2011
Location: -Goodbye-
Up 06-12-2012, 07:50 AM

Quote:
Originally Posted by Akiisha View Post
ලස්සනයි.
විදුසර පත්තරේ ගිය කතාව මේකේ පල කරට ගොඩක් ස්තුතියි.....
comment karata thks
Reply With Quote
Reply

Bookmarks

Tags
rcccc, science, science rocks, scientific

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.12376 seconds with 9 queries