ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අටුවා රසකතා’ කසාවත පෙරෙවි කාන්තාව
Reply
 
Thread Tools
(#1)
Old
vinuga vinuga is offline
Senior Member
vinuga is a glorious beacon of lightvinuga is a glorious beacon of lightvinuga is a glorious beacon of lightvinuga is a glorious beacon of lightvinuga is a glorious beacon of lightvinuga is a glorious beacon of lightvinuga is a glorious beacon of lightvinuga is a glorious beacon of lightvinuga is a glorious beacon of lightvinuga is a glorious beacon of lightvinuga is a glorious beacon of light
 
Posts: 711
Join Date: Dec 2014
! අටුවා රසකතා’ කසාවත පෙරෙවි කාන්තාව - 07-26-2019, 05:41 AM

අටුවා රසකතා’ කසාවත පෙරෙවි කාන්තාව
කාල දීඝවාපී විහාරයෙහි නාහිමියෝ එක්තරා තරුණ භික්ෂු නමකට උගන්වන්නට එකඟ වූයේ ඔහු ගමෙහි නොගැවසෙන බවට පොරොන්දු කරවා ගැනීමෙන් පසුව ය. තම ශිෂ්‍යයා ගමෙහි ගැවසෙන්නට ගියොත් වරදට පෙළෙඹෙතියි ඒ හිමියෝ කල්පනා කළහ.
තම ආචාර්යපාදයන් වහන්සේ තමාට ගම්මැද්දට යන්නට තහනම් කළේ මන්දැයි දැන ගැනීමට මේ තරුණ භික්ෂු නමට අවශ්‍ය විය. ඒ නිසා දවසේ ඉගෙනීම අවසන් කොට පෙරලා යන ගමන ගම මැද්දෙන් ම ගියේය.
එසේ යන විට කහපාට වස්ත්‍රයක් පොරවා ගත් තරුණියක් නිවසකින් එළියට පැමිණ ඔහුගේ පාත්‍රයට කැඳ ටිකක් බෙදුවාය. පළමු වරට දැකීමෙන් ම තරුණිය භික්ෂුව කෙරෙහි ආදර සිතක් ඇති කර ගත්තීය. ඕතොමෝ ඇතුළු ගෙට ගොස් යහනෙහි වැතිරුනාය. මව්පිය දෙදෙන එතැනට ගොස් “දියණියනි, කුමක් නිසා මෙසේ වැතිර සිටින්නෙහිදැ”යි විමසූහ.
“මට අර තරුණ භික්ෂුවගේ ප්‍රේමය දිනා ගැනීමට නොහැකි වූවොත් මට ජීවත් වී පළක් නැත. එසේ වී නම් මම මිය යමි.” මෙබස් ඇසූ දෙමාපියෝ තරුණ භික්ෂුව පසු පස ලුහුබැඳ ගියෝය. “ස්වාමීනී, අප නිවසේ දන් වැළඳීමට වඩිනු මැනවැ”යි ආරාධනා කළහ. එහෙත් භික්ෂුව ආපසු එහි යෑමට කැමති නොවීය.
“ස්වාමිනී, අසනු මැනවි. අපගේ නිවසේ අපමණ වස්තුව තිබේ. අපට ඉන්නේ එක ම දියණිය යි. හිමියනි, ඔබ අපේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වනු මැනවි. එවිට ඔබට සැප සේ ජීවත් විය හැකිය”යි කීවාහුය. ඒ මොහොතේ ම සිය ගුරුවරයාගේ දැනමුතුකම මතකයට ආවේය. ආපසු ගියහොත් තමා අමාරුවේ වැටෙන බව සිහිවිය. තරුණ භික්ෂුව සිය ආරාමය කරා ගියේය.
තරුණිය තම සිත වාවාගත නොහැකිව එම ශෝකයෙන් මිය ගියාය. දෙමාපියෝ ඇයගේ භූමිදාන කටයුතු සිදුකළහ. ඇය පොරවාගෙන සිටි කසාවත ද විහාරස්ථානයේ සංඝයා වහන්සේට පූජා කළහ.
තමාගේ කොටස ලෙසට මේ කසාවතින් අඩක් ලබාගත් එක් භික්ෂුවක් කැළණි විහාරය වඳින්නට ගිය ගමනකදී එහිදී හමු වූ එක භික්ෂුවකට අහම්බෙන් මෙන් මේ පුවත පවසා සිටියේය.
එපුවත ඇසූ ඒ තරුණ භික්ෂුව මෙවැනි අවංක බිරිඳක් ලබාගන්නට තිබුණු අවස්ථාව නැති වී යයි අතිශයින් බලවත් චිත්ත වේදනාවට පත්වූයේ ඒ ශෝකයෙන් ම මිය ගියේය.
අට්ඨකථා ඇසුරිනි
සටහන ජේ.එම්. මානෙල් පොඩිමැණිකේ.
Reply With Quote
(#2)
Old
ElaBaba's Avatar
ElaBaba ElaBaba is offline
Senior Member
ElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of lightElaBaba is a glorious beacon of light
 
Posts: 1,477
Join Date: Jun 2018
Location: NWP
07-26-2019, 08:14 AM

TFS
+reps
Reply With Quote
(#3)
Old
terminator.101's Avatar
terminator.101 terminator.101 is offline
Senior Member
terminator.101 has a spectacular aura aboutterminator.101 has a spectacular aura aboutterminator.101 has a spectacular aura aboutterminator.101 has a spectacular aura aboutterminator.101 has a spectacular aura about
 
Posts: 918
Join Date: Feb 2009
Location: සිංහල රට
07-26-2019, 09:03 AM

bump
Reply With Quote
(#4)
Old
Hipapotemas's Avatar
Hipapotemas Hipapotemas is offline
Senior Member
Hipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of light
 
Posts: 1,999
Join Date: Dec 2011
07-26-2019, 10:12 AM

ඕකෙන් ගන තියන ආදර්ශය මොකක්ද?
කිසිම දෙයක් විඳලා නැතුව මහන වෙන්න යන්න එපා
බුදුහාමුදුරුවෝ දේශනා කළේ ආශ්වාදය ආදීනවය, නිස්සරණය

ආශ්වාදය විඳලා නැති එකෙක් ඒකේ ආදීනවය දන්නේ නැතුව මහන වෙන්න ගිහාම ඔහොම වෙනවා. එහෙම කෙනාට හිතේ තියන රාගය මැඩපවත්වගන්න බෑ
ඊට පස්සේ පිළිකුල වඩලා, ඇටකටු දිහා බලන් ඉඳලා ද්වේෂයෙන් අර කිව්ව රාගය වහලා, රාගය නෑ කියලා හිතාගන ඉන්නවා

ආශ්වාදයේ ආදීනවය තමයි අනිච්ච, දුක්ඛ, අනත්ත

බුදුහාමුදුරුවන්ගේ කාලේ කට්ටියක් ඔය වගේම රහත් කියලා හිතාගන හිටියලු
ඒ කට්ටිය බුදුරජානන්වහන්සේ බැහැදකින්න එද්දී සොහොන් පිටියක් හරහා එද්දී අලුත මැරුණු කාන්තා මලසිරුරක් දැකලා රාගය ඇවිස්සුන කතාවකුත් තියනවා.

.

Last edited by Hipapotemas; 07-26-2019 at 10:14 AM.
Reply With Quote
(#5)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 43,320
Join Date: Dec 2013
Location: 🅸🅽🆃🅴🆁🅽🅴🆃
07-26-2019, 10:24 AM

බම්පි
Reply With Quote
(#6)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is online now
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 22,061
Join Date: Mar 2012
07-26-2019, 10:35 AM

Quote:
Originally Posted by Hipapotemas View Post
ඕකෙන් ගන තියන ආදර්ශය මොකක්ද?
කිසිම දෙයක් විඳලා නැතුව මහන වෙන්න යන්න එපා
බුදුහාමුදුරුවෝ දේශනා කළේ ආශ්වාදය ආදීනවය, නිස්සරණය

ආශ්වාදය විඳලා නැති එකෙක් ඒකේ ආදීනවය දන්නේ නැතුව මහන වෙන්න ගිහාම ඔහොම වෙනවා. එහෙම කෙනාට හිතේ තියන රාගය මැඩපවත්වගන්න බෑ
ඊට පස්සේ පිළිකුල වඩලා, ඇටකටු දිහා බලන් ඉඳලා ද්වේෂයෙන් අර කිව්ව රාගය වහලා, රාගය නෑ කියලා හිතාගන ඉන්නවා

ආශ්වාදයේ ආදීනවය තමයි අනිච්ච, දුක්ඛ, අනත්ත

බුදුහාමුදුරුවන්ගේ කාලේ කට්ටියක් ඔය වගේම රහත් කියලා හිතාගන හිටියලු
ඒ කට්ටිය බුදුරජානන්වහන්සේ බැහැදකින්න එද්දී සොහොන් පිටියක් හරහා එද්දී අලුත මැරුණු කාන්තා මලසිරුරක් දැකලා රාගය ඇවිස්සුන කතාවකුත් තියනවා.

.
ගොන් කතා කියලා ධර්මය විකෘති කරන්නෙ නැතුව හිටපන්.

ආශ්වාදය දැන ගන්න කියලා මිනියක් මරන්නම ඕනෙද? කුඩු ගහන්න ඕනෙද?

ආශ්වාදය දැන ගැනීම කියන්නෙ, ලබන ආශ්වාදය තාවකාලික දෙයක් බව, ඇති වෙලා නැති වෙන දෙයක් බව වගේ දේවල් මිසක් සු*ලා මහණ වෙන්න ඕන කියන දෙයක් ඔතන නෑ
Reply With Quote
(#7)
Old
nicjosh83's Avatar
nicjosh83 nicjosh83 is offline
Senior Member
nicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to allnicjosh83 is a name known to all
 
Posts: 9,765
Join Date: Oct 2018
07-26-2019, 10:39 AM

Quote:
Originally Posted by Hipapotemas View Post
ඕකෙන් ගන තියන ආදර්ශය මොකක්ද?
කිසිම දෙයක් විඳලා නැතුව මහන වෙන්න යන්න එපා
බුදුහාමුදුරුවෝ දේශනා කළේ ආශ්වාදය ආදීනවය, නිස්සරණය

ආශ්වාදය විඳලා නැති එකෙක් ඒකේ ආදීනවය දන්නේ නැතුව මහන වෙන්න ගිහාම ඔහොම වෙනවා. එහෙම කෙනාට හිතේ තියන රාගය මැඩපවත්වගන්න බෑ
ඊට පස්සේ පිළිකුල වඩලා, ඇටකටු දිහා බලන් ඉඳලා ද්වේෂයෙන් අර කිව්ව රාගය වහලා, රාගය නෑ කියලා හිතාගන ඉන්නවා

ආශ්වාදයේ ආදීනවය තමයි අනිච්ච, දුක්ඛ, අනත්ත

බුදුහාමුදුරුවන්ගේ කාලේ කට්ටියක් ඔය වගේම රහත් කියලා හිතාගන හිටියලු
ඒ කට්ටිය බුදුරජානන්වහන්සේ බැහැදකින්න එද්දී සොහොන් පිටියක් හරහා එද්දී අලුත මැරුණු කාන්තා මලසිරුරක් දැකලා රාගය ඇවිස්සුන කතාවකුත් තියනවා.

.

උඹ රන්ජන් ගෙන්ද බුද්ධ ධර්මය ඉගෙන ගත්තේ
Reply With Quote
(#8)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is online now
Senior Member
Pessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to all
 
Posts: 16,317
Join Date: Mar 2018
Location: 🌎
07-26-2019, 10:47 AM

Quote:
Originally Posted by Hipapotemas View Post
ඕකෙන් ගන තියන ආදර්ශය මොකක්ද?
කිසිම දෙයක් විඳලා නැතුව මහන වෙන්න යන්න එපා
බුදුහාමුදුරුවෝ දේශනා කළේ ආශ්වාදය ආදීනවය, නිස්සරණය

ආශ්වාදය විඳලා නැති එකෙක් ඒකේ ආදීනවය දන්නේ නැතුව මහන වෙන්න ගිහාම ඔහොම වෙනවා. එහෙම කෙනාට හිතේ තියන රාගය මැඩපවත්වගන්න බෑ
ඊට පස්සේ පිළිකුල වඩලා, ඇටකටු දිහා බලන් ඉඳලා ද්වේෂයෙන් අර කිව්ව රාගය වහලා, රාගය නෑ කියලා හිතාගන ඉන්නවා

ආශ්වාදයේ ආදීනවය තමයි අනිච්ච, දුක්ඛ, අනත්ත

බුදුහාමුදුරුවන්ගේ කාලේ කට්ටියක් ඔය වගේම රහත් කියලා හිතාගන හිටියලු
ඒ කට්ටිය බුදුරජානන්වහන්සේ බැහැදකින්න එද්දී සොහොන් පිටියක් හරහා එද්දී අලුත මැරුණු කාන්තා මලසිරුරක් දැකලා රාගය ඇවිස්සුන කතාවකුත් තියනවා.

.

ඒක තමා straight අයත් විරුද්ධ ලිංගිකයෙක් බඳින්න කලිං සමලිංගික වෙලා බලන්න ඕනෙ
gay sex නොකර straight sex විතරක් කරන එක නාකයි
Reply With Quote
Reply

Bookmarks

Tags
ananthai, apramanai, buduguna, namobidhdhaya, sadahamguna

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06699 seconds with 11 queries