ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > News and Updates
Reload this Page සෙප්පඩ විජ්ජා
Reply
 
Thread Tools
(#1)
Old
piyal1234's Avatar
piyal1234 piyal1234 is offline
Member
piyal1234 will become famous soon enough
 
Posts: 98
Join Date: Jul 2014
sad සෙප්පඩ විජ්ජා - 09-18-2019, 01:39 PM

රදළවරුන් මවා පෑ සෙප්පඩ විජ්ජා


ලංකාවේ නැත්නම් සිංහලයේ ඓතිහාසික අතින් වැදගත්ම ගිවිසුමක් අත්සන් තැබුණේ 1815 මාර්තු මස 2 වනදා මහනුවර මගුල් මඩුවේදීය. මේ ගිවිසුමක්ද නැතිනම් අපි රට පාවා දුන්නේ නෑ, කියා ජනතාවට කියා පෑමට රදළවරුන් මවා පෑ සෙප්පඩ විජ්ජාවක්ද යන්න විවාදයට තුඩුදුන් කරුණකි.


පෙබරවාරි 18 වනදා වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගත් ඉංග්‍රීසීන් රටේ ආධිපත්‍යය තහවුර කර ගැනීමට සූදානම් වනවිට ඊට විරුද්ධව නැගී සිටි මොනරවිල (කැප්පෙටිපොල) සහ තවත් දිසාපතිවරුන්ද, සනසා, ගිවිසුමකින් එකඟත්වයකට පැමිණිය යුතු බව කියා සිටියේ සුදුහුම්පල විහාරයේ අධිපති වාරියපොල සුමංගල හිමියන් බව නාවලපිටියේ, පර්යේෂක ගත්කරුවකු විසින් 1930 දශකයේ ලියන ලද පොතක සඳහන් වේ.

එහි සත්‍යභාවය කෙසේ වෙතත් ගිවිසුම නම් වාර්තාගතය. ගිවිසුමට ඉංග්‍රීසි ආණ්ඩුකාරයා එක පසකින්ද අධිකාරම්වරු ගණනාවක් අනික් පසින්ද අත්සන් තබා ඇත. ගිවිසුමේ අත්සන් තබන ලද සිංහල අධිකාරම්වරුන්ගෙන් කිහිප දෙනෙක් අත්සන් තබා ඇත්තේ සිංහල හා දෙමළ අකුරු කලවමේය. ඇහැලේපොල මහාඅදිකාරම්ගේ අත්සන් සිංහල හා දෙමළ කලවම් අයට මාතලේ දිසාව වෙනුවෙන් අත්සන් කළ රත්වත්තේ දිසාවගේ අත්සනේ සෑම අකුරක්ම දෙමළය. පැහැදිලි සිංහලෙන් අත්සන් තබන ලද්දේ මොනරවිල හා මොල්ලිගොඩද යන නිලමේවරුන් පමණකි.
මේ ගිවිසුමෙන් කරන ලද්දේ එංගලන්තයේ 3 වන ජෝර්ජ් මහරජ කන්දඋඩරට රාජධානියේ රජු බවට පිළිගැනීම පමණක් මිස, ඉංග්‍රීසීන්ට රට පාවා දීමක් නොවන බව කියන පුහු තර්කය, දිගින් දිගටම ඉදිරිපත් කරන ලද්දේ උඩරට දේශපාලනඥයින් විසිනි.



ලංකාවේ පළමුවැනි විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාද මේ පිළිබඳව රන් හුය නමින් පොතක් ලිවූයේ විධායක ජනාධිපති පදවියට පත්ව ටික දිනකට පසුවය. එම පොත කියවන ඕනෑම කෙනෙකුට පැහැදිලි වන්නේ තමාද විජයගේ පටන් අවිච්චින්නව පවත්වන රජ පෙළපතේ පුරුකක් බව පෙන්වීම බවය. ඔහු කියන්නේ 1739 සිට 1815 දක්වා සිංහලයන් සිය කැමැත්තෙන් වඩුග රජවරුන්ගේ ආධිපත්‍ය්‍ය පිළිගත්තාක් මෙන්, 1815 එංගලන්තයේ රජුද තම රජු වශයෙන් පිළිගත ඇති බවය.
මේ තර්කයට එකම පිළිතුරු හාස්‍යය පමණකි. විවාහ සම්බන්ධතාවලින් ඇතිවූ රාජකීය අයිතීන් උඩ වඩුග රජවරුන් සිහසුනට පත්වූයේ අම්පිටියේ දිවුරුම් බෝධිය අසලදී සම්ප්‍රදායේ චාරිත්‍රානුකූලව දිවුරුම් දීමෙනි. ඔවුන් වාසය කළේ මහනුවර රජ මැදුරේය.


එහෙත් 3 වන ජෝර්ජ් මහනුවරට තබා කොළඹටවත් පා තබා නැත. ස්කොට්ලන්තයේ ඈන් බිසව හා එංගලන්තයේ රජෙකු අතර විවාහයෙන් දෙරට එකට එක්වීම වැනි සිද්ධියක් අපේ ඉතිහාසයේ දකින්නට නැත. අපි අවංකව පිළිගත යුත්තේ අපි අපේ නිදහස සටනකින් තොරව මේ ගිවිසුමෙන් ඉංග්‍රීසීන්ට පාවාදුන් බවය. මේ සත්‍යය වටහාගත් නිසා කැප්පෙටිපොල දිසාව ඇතුළු දේශප්‍රේමියෝ අවු. 3. කට පසු (1818) ඉංග්‍රීසීන්ට විරුද්ධව කැරලි ගසා අභීතව දිවි පිදූ අන්දම එංගලන්තයේ යටත් විජිත ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත.
1815 ගිවිසුමට පෙර තවත් වැදගත් ගිවිසුමක් වාර්තාගතවී ඇත. එනම්....
readmore
Reply With Quote
(#2)
Old
aneasarayana's Avatar
aneasarayana aneasarayana is offline
Senior Member
aneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to behold
 
Posts: 2,416
Join Date: Oct 2013
09-18-2019, 06:47 PM

bump
Reply With Quote
(#3)
Old
thilinasb's Avatar
thilinasb thilinasb is offline
Senior Member
thilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to all
 
Posts: 8,352
Join Date: May 2009
Location: මහනුවර
09-18-2019, 07:35 PM

bump
Reply With Quote
(#4)
Old
madmax2016's Avatar
madmax2016 madmax2016 is offline
Senior Member
madmax2016 has a spectacular aura aboutmadmax2016 has a spectacular aura about
 
Posts: 651
Join Date: Nov 2016
09-19-2019, 12:51 AM

Bump
Reply With Quote
Reply

Bookmarks

Tags
1815 ගිවිසුම

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03529 seconds with 11 queries