ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Open Forum
Reload this Page තවත් එක් කතාවක්
Reply
 
Thread Tools
(#1)
Old
hitamakila hitamakila is offline
Senior Member
hitamakila has a spectacular aura abouthitamakila has a spectacular aura abouthitamakila has a spectacular aura about
 
Posts: 293
Join Date: Jun 2016
තවත් එක් කතාවක් - 07-26-2019, 10:25 PM

අද සඳුදා..වැඩට ආවේ හරිම කම්මැලිකමෙන්. මගේ ඉස්සරහ ටේබල් එක හිස්. මෙච්චර කල් මගෙත් එක්ක එකට වැඩ කරපු මිස්ට ෆර්නෑන්ඩු ගිය සුමානේ පෙන්ෂන් ගියා. හැමතිස්සෙම විහිලු කතා කිය කිය, තාත්තා කෙනෙක් වගේ මට ගොඩක් ආදරෙන් හිටපු මිස්ට ෆර්නෑන්ඩු නැතුව ඔෆිස් එකම පාළු වෙලා වගේ. ඒ වෙනුවට අළුත් කෙනෙක් ගන්නව කියල තිබ්බත් මම වැඩි විස්තරයක් දැනගෙන හිටියේ නෑ.

මේක පොඩි ප්‍රයිවෙට් ෆර්ම් එකක්.වැඩ කරන අය 12 විතර හිටියත් ඔෆිස් එකේ හිටියේ මායි, මිස්ටර් ෆර්නෑන්ඩුයි විතරයි. ඇනිත් අය ඔක්කොම ෆිල්ඩ් වර්කර්ස්ලා. මෙතන වැඩ හරිම ඒකාකාරී උනත් ගෙදර පාළුවේ ඉන්නවට වැඩිය මම මේ ජොබ් එකට කැමති උනා. 10 විතර බොස් ඔෆිස් එකට ආවේ තව බෝයි කෙනෙක් එක්ක.

“Good morning නෙතාරා..මේ වෙනුර, He will takeover Mr. Fernando’s work .. මේ මිසිස් නෙතාරා විජේවර්ධන..”

“හලෝ…” ලැජ්ජාවෙන් වගේ මට අතට අත දුන්නේ පොඩි කොල්ලෙක්. මූණ වටේට හීනි රැවුලක් වවල තිබ්බත් මූණේ ලපටි ගතිය ගිහිල්ලා තිබ්බේ නෑ

“මේ වෙනුරගේ ෆර්ස්ට් ජොබ් එක. වැඩ අල්ල ගන්නකම් ටිකක් හෙල්ප් කරන්න වෙයි..” බොස් ඒ ටික කිව්වේ මට.

බොස් ගියාට පස්සේ මම කම්පැනි එකේ විස්තර තියෙන ෆයිල්ස් ටිකක් දීලා ඒවා බලන්න කියලා මගේ වැඩ කලා..මිනිහා සද්දයක් නැතුවම ඒවා බලනවා..වැඩ ඉවර උනාට පස්සේ මට හිතුනා ටිකක් කතා කරන්න.

“වෙනුර කොහේ ඉඳලද එන්නේ ?”

මිනිහා ගැස්සිලා මගේ දිහා බැලුවා.. “මේ..මේ…කඩවත ඉඳලා” මිනිහා ගොත ගැහුවා

මට හිනා..”මම හිතුවේ ගෙදර තියෙන තැනත් අමතක වෙලා කියලා…බස් එකේද එන්නේ ?..

“ඔව්..” මිනිහටත් හිනා.. වෙනුරගේ එඩියුකේෂනල් බැක්ග්‍රවුන්ඩ් එක ගැනත් මම ඇහුවා

“මිසිස් විජේවර්ධන කොහෙද ඉන්නේ..?” ටික වෙලාවකට පස්සේ වෙනුර ඇහුවා..

“මට නෙතාරා කියන්න..මම ඉන්නේ දෙහිවල” ඊට පස්සේ මම වෙනුරට කරන්න ඕනෙ වැඩ ගැන ටිකක් විස්තර කලා.

පර්සනල් දෙවල් කතා කරන්න ගියේ නෑ..ඕනවට වැඩිය කිට්ටු කරගන්න හොඳ නෑ. පස්සේ කරේ නගින්න එයි.

ටික දවසක් යද්දි වෙනුර වැඩ ටික අල්ල ගත්තා. මගෙත් එක්ක හිතවත් උනත් කතා කරේ හරිම ටිකයි, අවශ්‍යම දේකට විතරයි. මිස්ටර් ෆර්නෑන්ඩු ඉන්න කාලේ වගෙ නෙවෙයි දැන් හරිම බෝරින්. වෙනුර කතා නොකරන නිසා මටත් එල්ලි එල්ලි කතාවට යන්න ඕනේ කමක් තිබ්බේ නෑ. දවසක් උදේ මම ඔෆිස් එනකොට වෙනුර තව ගර්ල් කෙනෙක් එක්ක කතා කර කර හිටියා..මාව දැකල දෙන්නම ඉස්සරහට ආවා..

“Good morning……මේ කාවින්දි..මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්…මේ මිසිස් නෙතාරා..” වෙනුර අඳුන්වලා දුන්නා..

“Hallo.. .Nice to meet you…” ලස්සන පොඩි කෙල්ලෙක්..

මම වචන දෙක තුනක් කතා කරලා ඇතුලට ආවා..ටික වෙලාවකට පස්සේ වෙනුරත් ඇතුලට ආවා.

“වෙනුරගේ ගර්ල් හරි ලස්සනයි නේ..දෙන්න හොඳට මැච් වෙනවා” ..මම කිව්වා.

මිනිහා ලැජ්ජාවෙන් හිනා උනා..

“එයා මොකද කරන්නේ..වර්ක් කරනවද ?”

“නෑ තාම ස්ටඩීස් කරනවා…එයා අද අද ආවේ නෙතාරව බලන්නමයි…” වෙනුර ටික වෙලාවකට පස්සේ කිව්වා..

“මාව ..ඒ මොකටද..?”

“නෑ..මම කිව්වම ඔෆිස් එකේ ඉන්නේ තව ලේඩි කෙනෙක් විතරයි කියලා..එයා ටිකක් බය උනාද කොහෙද..ඉතින් ඔයාවබලන්න ඕනේ කිව්වා..” වෙනුර හිනා වෙවී කිව්වා

මටත් හිනා ගියා…”මොකද එයා බය වෙලාද මම ඔයාව කයි කියලා..”

“අනේ මන්ඳා..එයා කොහොමටත් ටිකක් කලබල වෙනවා..”

“පව් අනේ…ඒයා තාම පොඩියිනේ..එයාට බය ඇති……ඉතින් මාව දැකල මොනවද කිව්වේ..ආයේ ජොබ් එකට එන්න එපා කිව්වද ?” මම විහිළු කලා..

“ඔයා හරි ලස්සනයි කිව්වා..” මාව රතු උනා..ඒ වචන වලට නෙවෙයි…වෙනුර ඒක කියපු විදිහටයි..බලපු බැල්මටයි. මම බිම බලා ගත්තා.. “ඔයා හරි හොඳයි වගේ කියලත් කිව්වා…..” වෙනුර දිගටම කියාගෙන ගියා..

එදා වැඩිය වැඩක් තිබ්බ නැති නිසා කතාව ඇදිලා ගියා..මෙච්චර දවසක් බුම්මගෙන හිටපු වෙනුරත් නිදහසේ කතා කලා. “නෙතාරගේ හස්බන්ඩ් මොකද කරන්නේ ..?”

“වජිර ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක්..වැඩි හරියක් එයා ගෙදර නෑ. ….මට ගෙදර කම්මැලිකමේ ඉන්න බැරි නිසයි මේ ජොබ් එක හොයා ගත්තේ..”

දවස් කීපයක් යනකොට වෙනුරයි මායි සෑහෙන හිතවත් උනා. වෙනුර එයාගේ ගෙදර විස්තරයි, කාවින්දිගේ විස්තරයි මගෙත් එක්ක කතා කලා වෙනුරගෙයි මගෙයි ටේබල්ස් තියෙන්නේ මූණට මූණ දාලා. මම රූම් එකෙන් එලියට යන්නේ වෙනුරගෙ ටේබල් එක ලඟින්. දවසක් මම වොෂ් රූම් එකට යනකොට වෙනුර එක පාරටම කලබල වෙලා කම්පියුටර් එකේ ඔපන් වෙලා තිබ්බ මොනවද වහනවා මගේ ඇස් කොනින් පෙනුනා. මීට කලිනුත් කීප සැරයක් එහෙම වෙලා තියෙන නිසා මගේ හිතට පොඩි කුතුහලයක් ආවා..

“ෂුවර් එකටම මොනව හරි ජරාවක් බලනවා ඇති..වෙලාවක අතටම අල්ලගෙන හොඳට මඩවන්න ඕනේ…” මම හිතුවා..ඊට පස්සේ මම කීප සැරයක් වෙනුරගේ ටේබල් එක ලඟින් එහාට මෙහාට ගියාට මුකුත් වෙනසක් දැක්කේ නෑ. පහුවෙනිදා වැඩ කර කර ඉන්න ගමන් වෙනුරට කෝල් එකක් ආවා. වෙනුර ෆෝන් එකත් කනේ ගහගෙනම එලියට ගියා. මට හිතුනා ගිහිල්ලා එයගේ කම්පියුටර් එක චෙක් කරන්න. වැරදි වැඩක් උනත් විහිලුවට නිසා මම එච්චර හිතුවේ නෑ. ස්ක්‍රීන් එකේ මිනිමයිස් කරපු වෙබ් පේජ(ර්)ස් ගොඩක් තිබ්බා. මම එකක් ඔපන් කරලා බැලුවා. මම හිතපු විදිහේ එකක් නෙවෙයි. ඒක ලේඩීස් අන්ඩර්වෙයාර්ස් වල පින්තූර තියෙන එකක්. මම තව එකක් ඔපන් කලා. ඒකත් එහෙමයි එක එක විදිහේ සෙක්සි අන්ඩර්වෙයාර්ස් වල ෆොටෝස්. වෙනුර පඩිපෙල දිගේ උඩට එන සද්දේ ඇහුනා. ඉක්මනට පේජ(ර්)ස් ටික තිබ්බ විදිහටම මිනිමයිස් කරලා මම මගේ සීට් එකට දිව්වා. වෙනුර ඇවිල්ලා වැඩ කරගෙන ගියා. මමත් කිසි දෙයක් නොදන්න ගානට හිටියා.

හවස්වරුවේ වැඩි වැඩක් තිබ්බේ නෑ.. මම තේ එකකුත් හදාගෙන සිංදු අහන්න ගත්තා..වෙනුර කම්පියුටර් එකට එබීගෙන මොනවද හොයනවා.. “මොනවද වෙනුර ඔය දාගෙන හොයන්නේ…”

“මේ……මම මේ මැච් එකේ ස්කෝ(ර්) එක බැලුවා..”

“අහා…මම හිතුව වෙන මොනව හරි කියල ඔච්චර උනන්දුවෙන් බලනකොට..” මම පල් එකට වගේ කිව්වා.. මිනිහට ඒක එච්චර ගානක් උනේ නෑ..මගේ මූණ් දිහා බලලා හිනා වෙලා ආයෙත් කම්පියුටර් එකට එබුනා.. ටික වෙලාවක් සද්ද නැතුව ගෙවිලා ගියා..

මගේ කට පොපියන්න ගත්තා වෙනුරට මොනව හරි කියන්න “මේ..වෙනුර..ඔයා ඔය එක එක ඒවා හොයනකොට හොඳ ලේඩීස් අන්ඩර්වෙයාර්ස් එහෙම දැක්කොත් මටත් කියන්න.. ප්ලීස්..” මම හිනාව තද කරගෙන සීරියස් විදිහට කිව්වා..

කොල්ලා ගැස්සිලා මගේ දිහා බැලුවා..” ඒ..ඒ…..ඔයා දැක්ක…..මට තේරුනේ නෑ…” මිනිහට වචන පැටළුනා..

“නෑ මම කිව්වේ ඔයා දැක්කොත් මටත් කියන්න කියලා…..” මම බොහෝම අහිංසක විදිහට කිව්වා.. වෙනුරගේ මූණ රතුවෙලා…දාඩියත් දාලා..මගේ කටින් හිනාව එලියට පැන්නා….”මම දැක්කා ඔයා බලන ඒවා…ඉන්නවා මම කාවින්දිට කියන්න….උපාසකය වගේ ඉඳගෙන කරන වැඩ නේ…….” වෙනුර කරකියා ගන්න දෙයක් නැතුව උඩ බිම බැලුවා. බිම බලාගෙන හිටිය මිසක් කිසි දෙයක් කිව්වේ නෑ..මම තවත් එක එක දෙවල් කියලා පල් කලා.. ටික වෙලාවක් ගියත් වෙනුර ඔලුව ඉස්සුවේ නෑ. මට බය හිතුනා එයාට කේන්ති ගිහිල්ලා ඇති කියලා..

“මේ…වෙනුර…” උත්තරයක් නෑ.. මම නැගිටලා ලඟට ගියා….

“වෙනුර….ඔයාට කේන්ති ගිහිල්ලද…අනේ සොරී…මම විහිලුවක් නේ කලේ….I’m sorry–” මම වෙනුරගේ උරහිසට අත තියලා කතා කලා…”මේ බලන්නකෝ..ප්ලීස්…ඔයා තරහද මගෙත් එක්ක….” වෙනුර යන්තමට ඔලුව උස්සලා බලලා හිනා උනා.. “තරහා නෑ නේ…” මම මූණ කිට්ටු කරලා ඇහුවා..

“මම හිතුවේ නෑ..ඔයා මගේ කම්පියුටර් එක බලයි කියලා……” වෙනුර කිව්වේ නෝක්කාඩුවට

“මම දැක්ක දවස් කීපයක් යන්තමට වගේ ඔයාගේ ස්ක්‍රීන් එක…ඉතින් මම හිතුවා ඔයාට විහිලුවක් කරන්න…ඔයා ඔච්චර සීරියස් ගනියි කියලා මම හිතුවේ නෑ.. …I’m sorry.. ok..

“ඉන්නකො මමත් ඕකට රිටර්න් එක දෙන්නම්..” වෙනුර ගෙරෙව්වා..

“බය වෙන්න එපා ..මම කාවින්දිට කියන්නේ නෑ..” මම විහිලු කලා.

“ආපෝ..එයාට නම් විහිලුවටවත් කියන්න එපා…දන්නවනේ එයාගේ හැටි…”

පහුවෙනිදා උදේ සාමාන්‍ය විදිහට ගෙවිලා ගියා.අපි දෙන්නම කලින් දවසේ වෙච්ච දේ ගැන කතා කලේ නෑ..හවස වෙනුර පුරුදු විදිහටම කම්පියුටර් එකට එබීගෙන හිටියා. මම වොෂ් රූම් එකට යන ගමන් “හා…හා….අදත් අරව බලනවා නේද..” කියාගෙන ගියා. ටික වෙලාවකට පස්සේ මම ආපහු එනකොටත් වෙනුර ඒ විදිහටමයි. මම ඇවිල්ලා පුටුවේ ඉඳගත්තා විතරයි මගේ ඇස් උඩ ගියා. මගේ කම්පියුටර් ඒකේ වෝල් පේපර් එක ගිහිල්ලා..ඒ වෙනුවට..නූලක් තරම් හීනි ස්ට්‍රින්ග් පෑන්ටි එකක් ඇඳ ගත්ත කෙල්ලෙක් ගේ පින්තූරෙකින් මගේ ස්ක්‍රීන් එක පිරිලා තිබ්බා. මගේ කන් රතු උනා…මම වෙනුර දිහා බැලුවා. මිනිහා එලියට පනින්න හදන හිනාව තද කරගන්න ට්‍රයි කරනවා..

“මෝඩයා…” මම ගිහිල්ලා වෙනුරගේ ඔලුවට පාරක් ගහලා දුවගෙන ආවා…මට කෙන්තියයි ලැජ්ජාවයි දෙකම වෙනුර බක බක ගාලා හිනා වෙනවා…මම වෝල්පේපර් එක මාරු කරගත්තා..

“ඔයා ඊයෙ කිව්වනේ හොඳ අන්ඩර්වෙයාර්ස් දැක්කොත් කියන්න කියල….කොහොමද ලස්සනයි ද ?”

“අනේ මේ යනව යන්න..මම තරහයි..” මම එරෙව්වා..

“හා එහෙම තරහ වෙන්න බෑ..විහිලුවට විහිලුව ඕකේ..” මම සද්ද නැතුව හිටිය…මොනව කියන්නද ඉතින්..

“ඒක ඇත්තටම ලස්සනයි නේද…?” වෙනුර ඇහුවා

“හ්ම්..හරිම ලස්සනයි…” මම ලැජ්ජව වහගන්න කිව්වා..

“ඔය සීරීස් ඒකෙ ඔක්කොම පික්චර්ස් මගේ ලඟ තියෙනවා…බලන්න ඕනෙද ?

“අනේ අනේ… ඔයා මේවා එකතු කරනවද ?”

“හ්ම්..ලස්සන එවා දැක්කොත් සේව් කර ගන්නවා..”

“ඔයාලටනම් මාර පිස්සුවක් තියෙන්නේ..ඉස්සර වජිරගෙ කම්පියුටර් එකෙත් ඔය වගේ එක එක ඒව ගොඩක් දාගෙන හිටියා..මැරි කලාට පස්සේ මම බැනලා ඔක්කොම ඩිලීට් කෙරෙව්වා..”

“කෙල්ලො බොරුවටනේ ආස නෑ කියන්නේ..ඒ උනාට හොරෙන් බලනවා..”

“අනේ යනව යන්න…අපිට ඔයාලට වගේ පිස්සුවක් නෑ..” මම රැව්වා..

“එන්න ලස්සන ෆොටෝස් ටිකක් පෙන්නන්න…” වෙනුර කතා කලා..

“මට බෑ ඔය ජරාව බලන්න..”

“ජරාව නෙවෙයි එන්නකො…..”

මම ගිහිල්ලා වෙනුරගේ කම්පියුටර් එකට එබුනා..මගේ වෝල් පේපර් එකට දාලා තිබ්බ ෆොටෝ සීරීස් එකෙම අනිත් ඒවා. ඒක් එක විදිහේ සෙක්සි ලින්ගරීස් ඇඳ ගත්ත මොඩල්ස්ලාගේ පින්තූර. ඒවා ඇත්තටම හරිම ලස්සනයි.

“ලස්සනයි නේ..”

“හ්ම්..හරිම ලස්සනයි…”

“මම ඔයාට මේ ලින්ක් එක දෙන්නම්..ඒ සයිට් එකෙ ගොඩක් ලස්සන ඇඳුම් තියෙනවා….”

“ඔයා මොකද මේ ගෑණුන්ගේ ඇඳුම් තියෙන සයිට් බලන්නේ..? කාවින්දිට ඇඳුම් හොයනවද ?” මම විහිලු කලා..

“එහෙම නෑ මම නිකම් බලනවා…”

“නිකම් වෙන්න බෑ..ඊයෙත් මම දැකපු ඔක්කොම ඔය වගේ ඒවා..” වෙනුර හිනාඋනා මිසක් මුකුත් කිව්වේ නෑ..

“ඔයා කාවින්දිට ඇරන් දෙන්නේ ඔය වගේ ඇඳුම් ද ?

“අපෝ එය කොහෙද මේවා අඳින්නේ..”වෙනුරගේ කටහඬේ තැවරිලා තිබ්බේ දුකක්.. මම පුටුවක් ඇදගේන් වෙනුරගේ මේසේ පැතකින් ඉඳගත්තා….

“ඇයි එහෙම කියන්නේ..”

“එයා මේව තියා ටිකක් කොටට අඳින්නවත් කැමති නෑ…”

“ඉතින් හොඳයි නේ…ගොඩක් කොල්ලො කැමති නෑනේ තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කොටට අඳිනවට.. ”

වෙනුර හිනා උනා…”මම එහෙම නෑ..මම කැමතියි එයා කොටට අඳිනවනම්”

“මේවගේ ඒවා අඳිනවටත්..?”මම ඇහුවේ අර පින්තූර පෙන්නලා…

“මම දන්නේ නෑ ඔයා මගේ ගැන මොන විදිහට හිතයි ද කියලා. මට මේ දෙවල් වලට ලොකු ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා. ඒක පොඩිකාලේ ඉඳලම තියෙන එකක්..”

“ඒ කියන්නේ ඔයා…..”

වෙනුර මට ප්‍රශ්නේ ඉවර කරන්න දුන්නේ නෑ “නෑ…නෑ..බය වෙන්න එපා මම රෙදි වැලවල් වලින් ඇඳුම් හොරකම් කරන ජාතියේ නෙවෙයි…”

“අනේ..නෑ වෙනුර මම එහෙම හිතුවේ නෑ..”

“ඔයා ගොඩක් අන්ඩර්ස්ටෑන්ඩින්ග් නිසයි මම මේවා ඔයාට කියන්නේ….”

“මම හිතන්නේ නෑ ඒක එච්චර අමුතු දෙයක් කියලා..මගේ හස්බන්ඩ් උනත් එහෙම තමයි…”

“ඒත් කාවින්දි ඔයා වගේ හිතන්නේ නෑ.දවසක් අපි ඇඳුම් ගන්න ගිය වෙලාවක මම ඒයාට ස්ට්‍රින්ග්ස් සෙට් එකක් අරන් දෙන්න හැදුවා..ඒයා පොඩ්ඩක්වත් කැමති උනේ නෑ..මම කිව්වා මම ආසයි එයා ඒ වගේ එකක් අඳිනවට කියලා..එයා කියනවා මට තියෙන්නේ මානසික ලෙඩක් ලු. ..”

“හි…හි…මදැයි….ගනන් ගන්න එපා ලමයෝ…එයා තාම පොඩියි නේ..අනික එයා ටිකක් ලැජ්ජා කෙනෙක් නේ..ඕවා පස්සේ හරි යයි..”

“අනේ මන්දා එයා මේ වගේ දෙවල් කතා කරනවටවත් කැමති නෑ..”

“කෙල්ලො එහෙම තම්යි අනේ……ඔයාල වගේ ඔය දේවල් කියව කියව ඉන්නේ නෑ…”

“එහෙනම් ඔයා කතා කරන්නේ…” වෙනුර මගේ ඇස් දෙකට එබුනා…. මාව රතු උනා..

“මමත් මැරි කරන්න කලින් එහෙම තමයි…” මම අමාරුවෙන් කියා ගත්තා….”යමු යමු…වෙලාව හරි…” මම නැගිට්ටා

“නෙතාරා…මේවා අපි දෙන්න අතරේ විතරයි….” වෙනුර කිව්වේ සීරියස්ලි…

“බය වෙන්න එපා ලමයෝ…ඉන්නකෝ මම තව ටිකක් කාවින්දි එක්ක යාලු වෙනකම්..මම එයාව හදල ගන්නම් කෝ…”

ඔෆිස් ඉවර වෙලා වෑන් එකෙ එන ගමනුත් මගේ හිතෙ තිබ්බේ හවස වෙච්ච දේ..රහසක් බෙදා ගත්ත නිසා වෙනුරට තිබ්බ හිතවත් කම බැඳීමකට හැරෙන්න පටන් අරගෙන.

“ඌයියා…..” මාව මේ ලොකෙට ආවේ අයන්තිගේ කෙන්ත්තිල්ලට. අයන්ති මගේ හොඳම යාළුවා. හොඳම නෙවෙයි….නරකම. අපි දෙන්නා ඉස්කොලෙ ගියෙත්, දැන් වැඩට යන්නෙත් එකට….

“අද ඉන්නේ වෙන ලෝකෙක…මොකද අද බොස් උඹට මොනව හරි කිචිකැවෙන දෙයක්වත් කිව්වද ?”

“ඒ උඹලගේ වල් බොස්..අපේ බොස් බෝදිසත්වයෙක් වගේ…ඒක නෙවෙයි….වෙන පොඩි සීන් එකක් උනා…” මම පින්තූර වල කතාව අයන්තිට කිව්වා..ඒත් වෙනුරත් එක්ක පස්සේ වෙච්ච කතාව ගැන මුකුත් කිව්වේ නෑ…හංගන්න හිතගෙන නෙවෙයි…අයන්තිගේ කටට බ්‍රේක් නැති නිසා…

“උඹත් හිමිජ්ජි වගේ හිටියට කරන වැඩ…..” අයන්ති හිනා උනා..”හොඳයි හොඳයි..වජිරයත් නැතුව වේලි වේලි ඉන්න එකෙ ඔහොම එකක්වත් සෙට් කර ගනින්….” ”

අනේ…මේ මට එහෙම සෙට් කර ගන්න ඕනේ නෑ…අනික ඌ තාම පොඩි එකෙක්…”

“පොඩි එවුන් තම්යි හොඳ…..” අයන්ති ආයෙත් මගේ කකුල කෙනිත්තුවා….

” ඒ උඹට…..මට එහෙම කැසිල්ලක් නෑ……”


උපුටා ගන්නා ලදී
Reply With Quote
(#2)
Old
Aruna119's Avatar
Aruna119 Aruna119 is offline
Senior Member
Aruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to all
 
Posts: 7,299
Join Date: Jul 2014
Location: පලංචියේ............................
Send a message via Skype™ to Aruna119
07-26-2019, 10:54 PM

මන් හිතුවේ ඇදෙන් ඉවරවෙයි කියලා මොනවද ඔයි කැතවැඩ කරන්නේ..
Reply With Quote
(#3)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant future
 
Posts: 71,980
Join Date: Feb 2010
Location: Disce aut Discede
07-26-2019, 11:02 PM

Reply With Quote
(#4)
Old
hitamakila hitamakila is offline
Senior Member
hitamakila has a spectacular aura abouthitamakila has a spectacular aura abouthitamakila has a spectacular aura about
 
Posts: 293
Join Date: Jun 2016
07-26-2019, 11:44 PM

Quote:
Originally Posted by Aruna119 View Post
මන් හිතුවේ ඇදෙන් ඉවරවෙයි කියලා මොනවද ඔයි කැතවැඩ කරන්නේ..
තව කොටස් තියෙනවා....
Reply With Quote
(#5)
Old
hitamakila hitamakila is offline
Senior Member
hitamakila has a spectacular aura abouthitamakila has a spectacular aura abouthitamakila has a spectacular aura about
 
Posts: 293
Join Date: Jun 2016
07-26-2019, 11:44 PM

Quote:
Originally Posted by kellsupun View Post
Reply With Quote
(#6)
Old
Roxxy2K Roxxy2K is offline
Senior Member
Roxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of lightRoxxy2K is a glorious beacon of light
 
Posts: 3,477
Join Date: Dec 2018
07-27-2019, 12:28 AM

Quote:
Originally Posted by Aruna119 View Post
මන් හිතුවේ ඇදෙන් ඉවරවෙයි කියලා මොනවද ඔයි කැතවැඩ කරන්නේ..
Reply With Quote
(#7)
Old
sadamol buwa's Avatar
sadamol buwa sadamol buwa is offline
Senior Member
sadamol buwa has much to be proud ofsadamol buwa has much to be proud ofsadamol buwa has much to be proud ofsadamol buwa has much to be proud ofsadamol buwa has much to be proud ofsadamol buwa has much to be proud ofsadamol buwa has much to be proud ofsadamol buwa has much to be proud ofsadamol buwa has much to be proud ofsadamol buwa has much to be proud ofsadamol buwa has much to be proud of
 
Posts: 16,398
Join Date: Mar 2016
Location: නෙතූෂි අක්කි ගාව
07-27-2019, 12:45 AM

මේකේ මුක්ත් නෑනේ...
මදැයි වැල කතාවක් බලන්න ආවා...
Reply With Quote
(#8)
Old
hitamakila hitamakila is offline
Senior Member
hitamakila has a spectacular aura abouthitamakila has a spectacular aura abouthitamakila has a spectacular aura about
 
Posts: 293
Join Date: Jun 2016
07-30-2019, 01:02 AM

ඊලඟ දවස් කීපයේ මට හොඳටම වැඩ, අළුත් ප්‍රොජෙක්ට් එකකට ඩොකියුමන්ට්ස් ලෑස්ති කරන්න. වෙන වල්පල් කතා කරන්න වෙලාවක් තිබ්බේම නෑ. දවසක් මම වැඩ කර කර ඉන්න ගමන් ඇස් කොනින් දැක්කා වෙනුර මගේ දිහා බලාගෙන ඉන්නවා. මම හිතුවේ මොනව හරි කියන්න හදනවා කියලා. ඒත් මම ඔලුව උස්සලා බලනකොට වෙනුර අහක බලාගෙන. දෙතුන් සැරයක් මේ දේ උනා. ටික වෙලාවකට පස්සේයි මට තේරුනේ..මොකක්ද මේ කියලා…මම ඇඳලා හිටියේ ශෝර්ට් ස්කර්ට් එකක්. වැඩ ගැන කල්පනාවෙන් හිටපු නිසා මටත් නොදැනිම ස්කර්ට් ඒක් ටිකක් උඩට ඇවිල්ලා. මේසේ යටින් වෙනුරට මගේ කකුල් පේනවා. ඒක පාරටම ස්කර්ට් එක පහලට ඇද ගන්න අත ගියත්, ආයේ හිතුනා වෙනුරට ලැජ්ජා හිතෙයි කියලා. ඒක නිසා චුට්ට වෙලාවක් නොදන්නවා වගේ ඉඳලා පුටුවෙන් නැගිටලා ගිහිල්ලා, ආපහු ස්කර්ට් එක හරියට හදාගෙන ඉඳ ගත්තා.

සැරෙන් සැරේට වෙනුරගේ ඇස් මගේ මේසේ යටින් එහේ මෙහේ දුවන හැටි මම බලාගෙන හිටියේ හිත යටින් හිනා වෙවී. “ඉන්නවකො වෙලාවක් එනකම්..මම ඔයාව අල්ල ගන්න….” මම හිතුවා….

ඊලඟ සුමානේ අපිට ආයෙත් වැඩ අඩු උනා. ඊලඟ දවසේ කාවින්දිගේ බර්ත් ඩේ එක කියලා වෙනුර කිව්වා. එයාට ප්‍රසන්ට් එකක් ගන්න ඕනේ කියලත් කිව්වා..

“ඔයා හිතුවද මොනවද ගන්නේ කියලා ?” මම ඇහුවා.

“මම දෙන්න කැමති දේවල් එයා ගන්න කැමති නෑනේ…” වෙනුර කට ඇද කලා

“හි හි ඔයා කැමති ඒවා දුන්නොත් ඒ ළමයට හාර්ට් ඇටෑක් එකක් හැදෙයි…මම කියන්නද එක පාරට ඒ ළමයව බය කරන්නේ නැතුව ශෝ(ර්)ට් ෆ්‍රොක් එකක් හරි ශෝ(ර්)ට් ස්කර්ට් එකක් හරි අරගෙන දෙන්න..”

“මමත් ඒක හිතුවා..ඒත් මට හරි සයිස් එකට ඇඳුම් ගන්න තේරෙන්නේ නෑ..එයාව එක්කරගෙන ගියොත් කීයටවත් ඒ වගේ එකක් ගන්න දෙන්නේ නෑ..”

“…හැබැයි ඔයා ශොප් එකකට ගිහිල්ලා ඒයාගේ සයිස් එක කිව්වොත් එයාලා හොයල දෙයි හරියන එකක්..”

“ඔව් ට්‍රයි කරල බලනවා….” වෙනුර කල්පනා කරන්න ගත්තා..හිතන්නත් කලින් මගේ කට ඉස්සර උනා..”මේ..ඔයාට ඕනේ නම් හෙල්ප් එකක් දෙන්න පුලුවන්..මමත් අද හවස ***** එක පැත්තේ යන්න හිතාගෙන ඉන්නේ..” මම කිව්වේ බොරුවක් නෙවෙයි…ඒත් යන්න ප්ලෑන් කරගෙන හිටියේ අයන්තිත් එක්ක..

“මරුනේ…මමත් මේ ඔයාගෙන් අහන්න බැරුව හිටියේ…අවුලක් නැත්නම් ලොකු උදව්වක්….” ඉබ්බා ඇන්නෑවේ කියගෙනම වතුරට පැන්නා..
දැන් ඉතින් අයන්තිව හලන්න වෙනවා..වෙනුරත් එක්ක ඒ පිස්සු කේස් එක ලඟට යන්න බෑ…මම SMS එකක් දාලා අයන්තිට කිව්වා හදිසි වැඩ වගයක් නිසා ඕෆ් වෙන්න පරක්කු වෙනවා, ඒක නිසා හෙට ශොපින්ග් යමු කියලා…

වෙනුරත් එක්ක එලියට බැස්සේ කවුරුත් දකියිද කියන දෙගිඩියාවෙන්. කොහොමෙන් කොහොමෙන් හරි අපි දෙන්නා ****** එකට ගිහිලා ඇඳුම් තෝරන්න ගත්තා..ඉස්සෙල්ලාම කාවින්දිට ගවුමක් තොර ගත්තා…චූටි මල් තියෙන ලස්සන කොට ගවුමක්. වෙනුර ඒකට තමයි කැමති උනේ. ඊට පස්සේ මට ඕනේ කරන කෑලි බෑලි ටිකක් හොයා ගන්න රවුමක් ඇවිද්දා..අන්ඩර්වෙයර්ස් සෙක්ෂන් එක ලඟදි මම වෙනුරට ඇඟිල්ලෙන් ඇන්නා…”අන්න ඔයාගේ ආස ජාති තියෙනවා..” මිනිහගේ කන් දෙක රතු උනා..

“එනවද බලන්න යන්න..”

“පිස්සුද නෙතාරා..ඔයාට ඕනෙ නම් ගිහිල්ලා එන්න…..මම මෙතන ඉන්නම්”

“ලැජ්ජා වෙන්න එපා හලෝ..මගෙත් එක්කනේ යන්නේ…” මම වෙනුරවත් ඇදගෙන එතෙන්ට ගියා. එතන අළුත්ම Lingeris ඇවිල්ලා තිබ්බා…වෙනුරව ඇදගෙන ගියාට මොකද එතෙන ගියාට පස්සේ පිස්සු වැටුනේ මාව. මම ලස්සන ස්ට්‍රින්ග් එකකුයි ඒකට මැච් වෙන බ්‍රෙශියර් එකකුයි ගත්තා..

“ලස්සනයි ද..” මම ඇහුවේ වෙනුරගෙන්..

“මරු…ඔයාට හොඳට තියෙයි…” වෙනුර බග් ගාලා කියපු කතාවට මගේ කට වැහුනා..

“මේක කොහොමද…” ඒ සැරේ මෙන්න වෙනුරත් එකක් පෙන්නනවා…ලස්සන සුදු ලේස් ස්ට්‍රින්ග් එකක්.. පිටිපස්සට හීනි නූලක් විතරයි.

“හි..හි…ඒක නම් ඇන්දා..නෑ කියලා වැඩි වෙනසක් නෑ…..හැබැයි හරිම ලස්සනයි..ඉතින් ඕක අරන් දෙන්නකො අරයට.. ”

“වැඩක් නෑ නේ….”කියලා වෙනුර ඒක ආපහු දැම්මා”

“ඔයා ඕක අරගෙන තියා ගන්න..පස්සේ කාලෙක හරි දෙන්න පුලුවන්නේ…”

“වැඩක් නෑ නෙතාරා…මම දන්නවා..එයා කවදාවත් ඕවා අඳින්නේ නෑ…”

“අයියෝ…ඔයා හරිම නෙගටිව් නේ…ඉන්න මම අරන් දෙන්නම්” කියලා මම ඒක ගත්තා

“නෑ.. නෑ…මම ගන්නම්” කියලා වෙනුර ඒක අරගත්තා..

“වෙනුර…මොනව හරි බීලම යමු අනේ..මට හරිම තිබහයි..” එලියට ඇවිල්ලා අපි දෙන්නා සොෆ්ට් ඩ්‍රින්ක්ස් දෙකකුත් අරගෙන ඉඳ ගත්තා..වැඩි කතා බහක් නැතුව වෙනුර හිටියේ වෙන ලෝකෙක..

“මොනවද හලෝ කල්පනා කරන්නේ…..”මම වෙනුරගේ කකුලට පයින් ඇන්නා. මිනිහා මොනවද කියන්න වචන හෙව්වා..අර ස්ට්‍රින්ග් පෑන්ටි එක තිබ්බ බෑගේ එක අතට ගත්තා..

“නෙතාරා…මේක ඔයා ගන්න. මේක කාවින්දිට දෙන්න බෑ..දුන්නත් එයා ඒක විසි කරලා දායි…”

“පිස්සුද ලමයෝ…මට ඕක ගන්න බෑ..”

“ප්ලීස් නෙතාරා..මගෙන් ප්‍රසන්ට් එකක් කියල හිතලා ගන්න..”මාව හොල්මන් උනා..

“වෙනුර…” මම සීරියස් බැල්මක් දැම්මා..”ඔයාට තේරෙනවනේ…මට ඔයාගෙන් මේ වගේ ප්‍රසන්ට් එකක් ගන්න බෑ කියලා..අනික ඇයි ඔයා මට ප්‍රසන්ට් එකක් දෙන්නේ…?”

වෙනුරගේ මූණ ලැජ්ජාවෙන් රතු උනා..මිනිහා මගේ ඇස් මග ඇරලා ඈත බැලුවා..

”I’m sorry..Please don’t misunderstand Nethara….ඔයා මට උදව් කරපු නිසයි මම එහෙම කිව්වේ..”

“අපි යමු…..” මම නැගිට්ටා.

බස් හෝල්ට් එකට එනකම් අපි දෙන්නා කතාවක් නැතුව ආවා..”මම මෙතනින් බස් එක ගන්නවා…….. වෙනුර හෙට ඔෆිස් එනව නේ….” මම වෙනුර දිහා බැලුවා..
එයාගේ මූණ කළු වෙලා, මැල වෙලා. මූණේ තිබ්බේ අසරණ පාටක්

“මේ ..මොකද ? ඔයාට දුක හිතුනා නේද ? ” මම වෙනුරගේ ඇස් දෙකට එබුනා..

“ඔයා මගෙත් එක්ක තරහද ?…” වෙනුර ඇහුවේ බිඳිච්ච් හඬකින්.

මට දුක හිතුනා…”ඔව් මම තරහයි…” එහෙම කියලා..වෙනුරගේ අතේ තිබ්බ බෑග් එක අරගෙන ඒකෙන් එයා මට දෙන්න හදපු පෑන්ටි එක අර ගත්තා.”තෑන්ක්ස්…බායි…” කියලා මම එතන නවත්තලා තිබ්බ බස් එකට නැග්ගේ වෙනුර දිහා බලන්නෙවත් නැතුව. උනේ මොකක්ද කියලා තේරුම් ගන්න දඟලන වෙනුරව මම දැක්කේ බස් එකේ ජනේලෙන්.

මටම හිතා ගන්න බෑ මම ඒ කලේ මොකක් ද කියලා. “කමක් නෑ මම මේක අඳින්න යන්නේ නෑ නේ. ඔය කොහේ හරි මුල්ලකට දාලා තියනවා..” මම හිත රවට්ට ගන්න හැදුවා..ගෙදරට එනකල්ම වෙනුරගේ මූනේ තිබ්බ දුක හිතෙන බැල්ම අමතක කරන්න බැරි උනා.

ගෙදරට ගොඩ වෙනකොට හිතේ තිබ්බේ බර පාළු ගතියක්. වජිර තව දවස් කීපෙකට එන්නේ නෑ. තේ එකක් හදාගෙන ඇඳුම් පිටින්ම ඇඳේ ඇල උනා. අයන්තිට කතා කරන්න ඕනේකම තිබ්බත් හිත ඒකට අදි මදි කලා. මේ දේවල් විහිළු වලට වැඩිය දුර දිග යන දේවල් කියලා..හිත මට බණ කියන්න ගත්තා…

ටික වෙලාවකට පස්සේ නැගිටලා වොෂ් එකක් දා ගත්තට පස්සේ මහන්සි ගතිය මග ඇරිලා හිත ටිකක් සැහැල්ලු උනා. අයන්තිය කතා කලත් අල්ල ගන්න බැරි උනා. ‘මට බැන බැන වෙන කාත් එක්ක හරි ශොපින් කරනවා ඇති. වජිරගෙන් SMS එකක් ආවා දැන් ඉන්නේ හොටේල් රූම් එකේ..තව ටිකකින් පාර්ටි එකක් තියෙනවා, ඒකට යනව කියල. මම ඒකට රිප්ලයි කරන්නවත් කරදර උනේ නෑ. එයාලගේ පාර්ටීස් ගැන මම හොඳට දන්නවා..

මම අළුත් ඇඳුම් ටික එලියට ගත්තා..වෙනුර දීපු එක බෑගේ එකේම තියෙන්න ඇරියා. මම හිතා ගත්තා ඒක අල්ලන්නෙවත් නෑ කියලා. ඒත් ඒකට වැඩි ආයුෂ තිබ්බේ නෑ..අනිත් ඇඳුම් බලලා ඉවර උනාට පස්සේ මට ඒක එලියට ගන්නේ නැතුව ඉන්න බැරි උනා. ස්ට්‍රින්ග් පෑන්ටි එක එලියට අරගෙන ඇඳ උඩ තියලා හැඩ බැලුවා. ඇඟිලි තුඩු වලින් පිරිමැද්දා. හරිම සිනිඳුයි. මේක ඇඳල බලනවද නැද්ද..? හිත දෙපැත්තට ඇද ඇද හිටියා..

“what the hell……මේච්චර මොනව හිතන්නද..?” මම නැගිටලා ඇඳගෙන හිටපු අඳුම් ගලවලා දැම්මා. ස්ට්‍රින්ග් එක අරගෙන ඇඳ ගත්තා. කණාඩිය ඉස්සරහට ගිහිල්ල හැඩ බැලුවා. ඉණ වටෙන් ඉස්සරහට ආපු චූටි ලේස් තීරු දෙකකින් ඉස්සරහ යන්තමින් වැහිලා තිබ්බා. ඒ දෙක හීනි නූලක් වෙලා පිටිපස්සෙන් උඩට ගියා. පිටි පස්සෙන් බලනකොට පෑන්ටියක් ඇඳල කියලා පේන්නෙවත් නැති තරම්. මේතරම් චූටි ස්ට්‍රින්ග් එකක් මම ඇන්දමයි.
කණ්නාඩියෙන් පේන මගේම ඇඟ මගේ හිත ඇවිස්සුවා. ඇඟිලි තුඩු පෑන්ටි එකේ පහස විඳගෙන ඇදුනේ..කෑදර කමෙන් වගේ. උණුසුම් හැඟීම් ඇඟ පුරා දුවන්න ගත්තා…”අනේ වජිර..මට ඕනේ කොයි වෙලාවකවත් ඔයා මගේ ලඟ නෑනේ..” හිත අඬා වැටුනා..හැමදාම පුරුදු විදිහට මම ඒවා යටපත් කර ගත්තා..ඒ වෙනුවට මම වෙනුර ගැන හිතුවා..
වෙනුර මොනව කරනව ඇද්ද.. ? එයා දන්නවනම් එයාගේ තෑගග මම ඇඳගෙන ඉන්නව කියලා…වෙනත් විදිහක උණුසුමකින් හිත ඇවිස්සුනා…මම ස්ට්‍රින්ග් එක පිටින්ම ඇඳේ පෙරලුනා..ෆෝන් එක අරගෙන වෙනුරට SMS කලා.

“Tnx 4 ur gift. So..cute”

හැරෙන තැපෑලෙන් උත්තර ආවා..”Thx god. I thought u r angry with me. Do u really like it ?”

මමත් හැරෙන තැපෑලෙන්ම උත්තර ලිව්වා..”Yes. I’m wearing it now…”

හිතෙන් බාගයක් පුදුම උනා මම ලියන ඒවා ගැන. ඒකට උත්තර එන්න ටික වෙලාවක් ගියා..මට දැනුනේ කල්පයක් වගේ..

”Wow..I’m trying to imaging u now..”

මගේ පපුව ගිඩි ගිඩි ගාල ගැහුනා..”‍u wish to see me now…?” මම ලිව්වා….

උත්තර ආවෙ විදුලි වේගෙන්……”YES!! ..but i’m not that much lucky..”

එතනින් එහාට කතාව ගෙනියන්න මට බැරි උනා. මොන පැත්තෙන් හිතුවත් පරිස්සමින් ලියන්න පුලුවන් දෙයක් ඔලුවට ආවෙ නෑ..මම සද්ද නැතුව හිටියා…වෙනුරගෙන් වෙන SMS ආවෙත් නෑ..
Reply With Quote
(#9)
Old
King_cobra's Avatar
King_cobra King_cobra is offline
Senior Member
King_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to behold
 
Posts: 16,446
Join Date: Apr 2015
Location: මාතොට
07-30-2019, 02:29 AM

පරණ කතාවක්
Reply With Quote
(#10)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant future
 
Posts: 71,980
Join Date: Feb 2010
Location: Disce aut Discede
07-30-2019, 02:35 AM

Quote:
Originally Posted by hitamakila View Post
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.09328 seconds with 11 queries