ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri Traveler > Travel Sri Lanka
Reload this Page සොර බොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ
Reply
 
Thread Tools
(#1)
Old
nishi_gurl nishi_gurl is offline
Senior Member
nishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nice
 
Posts: 944
Join Date: Jun 2018
සොර බොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ - 07-10-2018, 01:29 PM

සොර බොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ





සොර බොර වැව (බින්තැන්නේ මුහුද) මහියංගනයේ ( mahiyanganaya ) සිට කිලෝමීටර් 1 දුරින් පිහිට ඇති බින්තැන්නේ මුහුද ලෙස අනවර්ථ නාමයකින් හදුන්වන අතර සොරබොර වැව දියවන්නා ඔය හරස් කොට, දුටුගැමුණු රාජ සමයේදී ඉදි වූවක් වෙන අතරේ දස මහා යෝධයන් තරම් ම පරසිදු නොවුණු උතුම් මනුස්සෙක් අතින් ඉදිවන වැවකි මේ සොර බොර වැව.



මහියංගනයේ පිහිටා ඇති මෙම සොර බොර වැවේ කතා පුවත


ක්‍රිස්තු පුර්ව දෙවැනි සියවස වෙත්ම එලාර රජතුමාගේ ද්‍රවිඩ බලය මහියංගන සෑයේ නිදන් වස්තු කොල්ලකෑමට පැමිණියහ. එතැනින් නොනැවතුන මෙම ද්‍රවිඩ පිරිස " ඡත්ත " නම් ද්‍රවිඩ නායකත්වයෙන් මහියංගනයේ ( mahiyanganaya ) තම බලය පිහිටුවා ගත්හ. දුටුගැමුණු රජතුමා " ඡත්ත " පලවා හැර මහියංගන නගරය ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරන්නට විය. මහියංගන සෑය අසු රියනක් උසට ප්‍රතිසංවිධානය කිරිම දුටුගැමුණු රජතුමාගේ අරමුණ විය. මේ කටයුතු වෙනුවෙන් දුටුගැමුණු රජතුමා මහියංගනයේ තාවකාලික මාලිගයක පදිංචිව සිටි අතර බුලත් සපයා ගැනීමේ රාජකාරිය එක්තරා පුරුෂයෙකුට භාර දෙන ලදි. මේ නිසාම එම තැනැත්තාට " බුලතා " යැයි ව්‍යවහාර විය. මේ පුරුෂයා ඛෙහෙවින් ශක්ති සම්පන්නයි.



බුලතාගේ කාර්යය වුනේ දවසකට හත් වතාවක් දුටුගැමුණු රජතුමා වෙනුවෙන් බුලත්විට සාදා පිලිගැන්වීමයි.මෙම බුලත්විට සපයන වේලාවන් වුයේ උදේ ආහාරයෙන් පසුව, දහවල් දස පැයට පසුව, දිවා ආහාරයෙන් පසුව, තේ පානයෙන් පසුව, රාත්‍රි ආහාරයෙන් පසුව සහ රාත්‍රී නිදාගැනීමට පෙර ලෙසින් මෙම බුලත් විට සපයන කාල අන්තරය නියම වි තිබුණි.එක් බුලත් විටක් සපයා අනෙක් බුලත් විට අතරවාර කාලය බුලතා අවට සංචාරයේ යෙදෙමින් ගත කරන්න පුරුදු වී සිටියේය. පරිසර සංවේදී පුද්ගලයන් බොහොම නිර්මානශිලිය. ගල් කඳු දෙකක් අතර පිහිටි පහත්බිම අතරින් විශාල " හද්දත්තා ඔය " ගලා ගෙන ගියේ ඛෙහෙවින් දර්ශණීය අන්දමින්ය. මේ දෙස බලා සිටි බුලතා එයින් සොබා දහමේ අසිරියෙන් ඔබ්බට ගිය තවත් අපුරු තාක්ෂණයක් පිළිබඳ සිතුවිලි පහල විය.



මෙම කුඩා කඳු වැටි දෙක යා කරමින් වැවක් ඉදි කරන්නට තිරණය කළ බුලතා තමන් ලද කාලය අතරතුර මේ වැවේ ඉදිකිරිම් කටයුතුවල නිරත වුයේය. යම්හෙයකින් මෙම කාර්යය සාර්ථක වුනොත් වැව සහ ගග අතර වු කුඹුරු බිම් ගණනාවක් අස්වැද්දීමට හැකි බව බුලතා අනුමාන කළේය.තමන්ගේ කාය ශක්තිය නිසාම මේ කාර්යය බුලතාට එතරම් අපහසු කාර්යයක් නොවිය. සාමාන්‍ය මිනිසෙකුට එසවීමට නොහැකි උදැල්ලක් බුලතා යොදා ගත් අතර ඔහු විසින් ගෙනෙ ලද පස් කූඩය මිනිසුන් විස්සකටවත් එසවිය නොහැකි තරම් පස් ප්‍රමාණයක් ඇති විශාල පස් කූඩයක් විය. මේ අන්දමින් ගෙනෙන ලද පස් ගල් කඳු දෙක අතර තැන්පත් කරමින් පස් පාගමින් තද කොට වැව් වේල්ල ඉදි කරන ලදි. බුලතාගේ ඊළග කාර්යය වුනේ සොරොව්ව ඉදි කිරිමයි. මේ වෙනුවෙන් බුලතාගේ කටුව සහ මිටිය ආධාර කර ගෙන එක් කෙළවරක ගල් සොරොව්ක්ද, අනෙක් කෙළවර වැඩි ජලය බැස යනු පිනිස ජල පැන්නුමක්ද සාදන ලදි.



මෙම වැවේ " ඉහත්තාව " යනුවෙන් හඳුන්වන ජල පෝෂක ප්‍රදේශය වෙතින් පැමිණෙන ජලය " කුළු වැව " නමින් හඳුන්වන වැව් තුනක් හරහා ගලා යන අතර පළමු වැව පිටාර ගලා දෙවැන්නටත් දෙවැනි වැව පිටාර ගලා තෙවැන්නටත් , තෙවැනි වැව පිටාර ගලා සොරබොර වැවටත් ජලය එක් වේ. කඳු සේදෙමින් එන මඩ " කුළු වැව් " හරහා ගමන් කරන බැවින් සොරබොර වැවට මඩ එක්විම අවම මට්ක පවති.


සොරබොර වැවේ මඩ සොරොව්ක් නැතැත් මඩ ජලයසොරොව්වෙන් යෙදෙන අදි පිඩනයෙන් බිසෝ කොටුව හරහා සොරොව්වෙන් ඉවතට ගලා යන අතර මෙම මඩ ඇල මාර්ග ඔස්සේ කුඹුරු බිම්වල තැන්පත්ව සරු පොහොරක් ලබා දෙන්නට සමත්ව ඇත.



1 රත්රන් හා රසදිය එක්වුනා සේම බුලතාගේ බිරින්දෑද ඔහුට නොදෙවෙනි වුවාය. තමන්ගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් දවල් බත රැගෙන එන ඇයටත් අපුරු සිතුවිල්ලක් පහල වුනා. " කිරිපට්ටිය " ගමේ සිට ඇය බුලතාට දවල් බත රැගෙන යන අතරත් ගල් කිපයක් ගෙන යන අතර නැවත එන විටත් ගල් කිපයක් රැගෙන එන්නට අමතක නොකලාය. මේ අන්දමින් ගල් පඩි පෙලක් ගොඩ නගන්නට බිරිඳ දරණ උත්සාහය දුටු බුලතා ඇයට සහයෝගය දක්වමින් කඳු මුදුනට විශාල ගල් ගෙනැවිත් දුන්නේය.



අඹු-සැමියන්ගේ සුසංයෝගයෙන් මේ අන්දමින් කටයුත්ත සිද්ධ වුනා. දුටුගැමුනු රජතුමාගේ මහියංගන සෑයේ කටයුතුත් අවසානව කොත පැළඳවීමේ උත්සව සංවිධානය ආරම්භ වුනා. මෙම උත්සවය වෙනුවෙන් රුහුණු පුරයේ සිතුල්පව්ව සහ මාගම්පුර දහස් ගණනක් භික්ෂුන් වහන්සේලා සහ රුහුණු රටේ ජනතාවටත් ආරාධනා කරනු ලැබුවා. උත්සවය අවසන දුටුගැමුණු රජතුමා ඉදිරියට පැමිණි බුලතා තමා විසින් නිර්මාණය කරන ලද වැවේ සිරිය නරඹන ලෙස රජතුමා ආරාධනා කලේය. රජතුමා නිල්වන් ජලයෙන් බබලන මහා සාගරය බඳු වැව දැක මවිතයට පත් වුවා පමණක් නොව මේ විස්මකර්ම කාර්යය වෙනුවෙන් කී දෙනෙකුගේ සහයෝගය ලබා ගත්තේදැයි විමසා සිටියේය.බුලතා නොපැකිලව මෙසේ කීවේය.




මගේ උදව්වට සිටියේ මිටිය, කටුව, උදැල්ල සහ කූඩය පමණයි. බුලතා නිහතමානිව කියා සිටියේය.
බුලතාගේ යෝධ ශක්තිය පිලිබඳව සතුටට පත් දුටුගැමුනු රජතුමා දරුවා මෙය ඉතා හර බර කාර්යක් මතු වාරි කර්මාන්තය වෙනුවෙන් නුඹේ මේ අසහාය කාර්යය පිහිටට සිටින්නේ යැයි කියා සිටියේය.



දුටුගැමුණු රජතුමා මහියංගනයේ වාසය කරන ලද තාකාලික මාලිගය හැර දමා රුහුණට යන ගමනේදි බුලතා සහ ිරින්දෑ කැඳවා ගෙන ගොස් විහාර මහ දේවිය වෙත ඔහුගේ අපුරු නිර්මාණය ගැන දන්වා සිටි අතර විහාරමහ දේවිය එයින් සතුටට පත්ව ගෙල පැළඳ සිටි මුතු මාලය බුලතාගේ බිරින්දෑ ගෙල පැලැන්දු අතර දුටුගැමුණු රජතුමා තම ස්වර්ණමය උර පළඳනාව බුලතාට පිලිගන්වන ලදී. ඊට අමතරව ගම්වරයක් ලබා දී නම්බුනාමයක්ද පිරිනමන ලදී.


මෙම හරබර කර්මාන්තයක්යැයි දුටුගැමුණු කුමරු පැවසු නිසාම මෙම වැව " හර බර වැව " ලෙසින් ව්‍යවහාරයට පත්ව පසු කලෙක " සොර බොර වැව " ලෙසින් ව්‍යවහාර වන්නට විය.


ඔන්න බලාපන් බුලතා කරපු බලේ

යතුරු දාපු ගල් දොර යට වතුර හැලේ

එන යන්නෝ ඉඩ නෑරම බැලුම් ගලේ

සොර බොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ


source http://thewoman.lk/mahiyanganaya-sora-bora-wawa/
Attached Images
File Type: jpg mahiyanganaya sora bora wewa 5.jpg (7.0 KB, 505 views)
Reply With Quote
(#2)
Old
jmzsl's Avatar
jmzsl jmzsl is offline
Senior Member
jmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to alljmzsl is a name known to all
 
Posts: 4,756
Join Date: Apr 2013
Location: kandy
07-10-2018, 01:48 PM

TFS!!!
Reply With Quote
(#3)
Old
nishi_gurl nishi_gurl is offline
Senior Member
nishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nice
 
Posts: 944
Join Date: Jun 2018
07-10-2018, 01:55 PM

Quote:
Originally Posted by jmzsl View Post
TFS!!!
Reply With Quote
(#4)
Old
araki's Avatar
araki araki is offline
Senior Member
araki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant futurearaki has a brilliant future
 
Posts: 4,525
Join Date: Jun 2011
Location: dxb
07-10-2018, 01:58 PM

bump
Reply With Quote
(#5)
Old
♥-Aurora-♥'s Avatar
♥-Aurora-♥ ♥-Aurora-♥ is offline
Senior Member
♥-Aurora-♥ is a name known to all♥-Aurora-♥ is a name known to all♥-Aurora-♥ is a name known to all♥-Aurora-♥ is a name known to all♥-Aurora-♥ is a name known to all♥-Aurora-♥ is a name known to all♥-Aurora-♥ is a name known to all♥-Aurora-♥ is a name known to all♥-Aurora-♥ is a name known to all♥-Aurora-♥ is a name known to all♥-Aurora-♥ is a name known to all
 
Posts: 4,571
Join Date: Jun 2010
07-10-2018, 02:01 PM

Thanks!
13+ ~♥~
Reply With Quote
(#6)
Old
Dodama's Avatar
Dodama Dodama is offline
Senior Member
Dodama is a jewel in the roughDodama is a jewel in the roughDodama is a jewel in the roughDodama is a jewel in the roughDodama is a jewel in the roughDodama is a jewel in the roughDodama is a jewel in the rough
 
Posts: 1,023
Join Date: Sep 2016
07-10-2018, 02:02 PM

Patta
Reply With Quote
(#7)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 100,928
Join Date: Jul 2006
Location: Inside Your Laptop ;)
Send a message via Yahoo to urajdrlk
07-10-2018, 02:04 PM

Reply With Quote
(#8)
Old
nishi_gurl nishi_gurl is offline
Senior Member
nishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nice
 
Posts: 944
Join Date: Jun 2018
07-10-2018, 02:46 PM

Quote:
Originally Posted by ♥-Aurora-♥ View Post
Thanks!
13+ ~♥~
Reply With Quote
(#9)
Old
nishi_gurl nishi_gurl is offline
Senior Member
nishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nice
 
Posts: 944
Join Date: Jun 2018
07-10-2018, 02:46 PM

Quote:
Originally Posted by Dodama View Post
Patta
Reply With Quote
(#10)
Old
nishi_gurl nishi_gurl is offline
Senior Member
nishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nicenishi_gurl is just really nice
 
Posts: 944
Join Date: Jun 2018
07-10-2018, 02:52 PM

Quote:
Originally Posted by urajdrlk View Post
Reply With Quote
Reply

Bookmarks

Tags
feminism agenda, traffic හිගන්නා, wesige wesa thread

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05650 seconds with 10 queries