ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page හැමදේම වගේම - මිනිස්සුත් වෙනස් වෙනවා...
Reply
 
Thread Tools
(#1)
Old
wijaindu's Avatar
wijaindu wijaindu is offline
Senior Member
wijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of lightwijaindu is a glorious beacon of light
 
Posts: 355
Join Date: Sep 2012
sad හැමදේම වගේම - මිනිස්සුත් වෙනස් වෙනවා... - 08-22-2018, 10:25 AM

සුප්‍රසිද්ධ කොරියානු පියානෝ වාදන ශිල්පියෙක් වෙන යිරුමා ගේ පියානෝ බොහොම ජනප්‍රිය සහ හැඟීම්බර වාද්‍ය ඛණ්ඩයක් තියනවා Time Forgets කියලා. මේ වාද්‍ය ඛණ්ඩය අන්තර්ජාලයේ පලකරලා තිබෙන තැනක Comments තීරුවේ යුරෝපීය කාන්තාවක් බොහොම දිග අදහස් මාලාවක් ලියලා තිබුණා.

ඇය කියලා තිබුණේ පොඩිකාලේ ඉඳන් ඇය හැමදේම වෙනස්වෙනවා දැකපු විදිහ. ඇය පුංචි කාලයේදී උකුලේ තියාගෙන ආදරේ කරපු ඇගේ ආත්තම්මා ඇය මනාලියක් වෙන්නටත් කලින් ජීවිතේ හැර ගියපු හැටි. පොඩි කාලේ ඇය නිළියක් වගේ පෙනුමකින් දැකපු ඇගේ අම්මා ඇය ටික ටික ලොකු වෙද්දි හම රැලි වැටිලා ඒ රැලි වහගන්න ආලේපන පාවිච්චි කරපු හැටි, අන්තිමට ඒක සාර්ථක නොවුනු තැන හම තව තව රැලි වැටෙන්න ඉඩදීපු හැටි, එල්විස් ප්‍රෙස්ලි වගේ කොණ්ඩේ හදාගෙන කෙලිලොල් තරුණයෙක් විදිහට තරුණ කාලේ ගතකරපු ඇගේ තාත්තගේ කොණ්ඩේ සම්පූර්ණයෙන්ම හැලිලා තට්ට හිසක් ඉතිරිවුන විදිහ, ඒ වේදනාවෙන් කිසිම දවසක කණ්ණඩියක් ඉදිරියට නොගිය තාත්තා මැරෙනකල්ම මත්පැන්වලට ඇබ්බැහිවුනු හැටි. පුංචි කාලේ වචනයක්වත් කතා නොකර තමන්ගේ තුරුල්ලේ හැදුනු, යන යන තැන පස්සෙන් ආපු තමන්ගේ පුංචි මල්ලි ලොකුවෙලා යාළුවෝ එක්ක මත්ද්‍රව්‍ය අරගෙන ඒකට බැන්නා කියලා තමන්ට අසභ්‍ය වචනයෙන් බැනලා කම්මුල් පාරකුත් ගහලා ගෙදරින් පිටවුණු හැටි, ඇයගේ මුදලින් අධ්‍යාපනයේ ඉහළට ගිහින් ඇයව අතහැරලා වෙනත් කෙල්ලෙක් කසාද බැඳපු ඇයගේ ප්‍රේමවන්තයා ගැන බොහොම ලොකු ආත්මීය විස්තරයක් ඇය ලියලා තිබුණා. ඒ කෙළවරක ඇය ලියලා තිබුණා මේ වාදනය අහද්දි මට ඒ හැමදේම මතක් වෙනවා, ඒත් මේ වාදනයේ අන්තිම ටික වෙද්දි ඒ හැමදේම වෙන්න මොනවාහරි හේතුවක් ඇති කියලා තමන්ට දැනෙනවා කියලා ඇය ලියලා තිබුණා.

ඇත්ත..මිනිස්සු වෙනස් වෙනවා, සොබාදහමේ නීතියට අනුකූලව අනිත් හැමදේම වෙනස්වෙනවා වගේම මිනිස්සුත් වෙනස් වෙනවා. භෞතිකව වගේම ආධ්‍යාත්මකිවත් මිනිස්සු වෙනස් වෙනවා. හැම ආගමකම, හැම දර්ශනයකම මේ වෙනස්වීම ගැන කියලා තියනවා.

හෙරක්ලීට්ස් කියන ප්‍රසිද්ධ දාර්ශනිකයා කියපු ලස්සන අර්ථාන්විත කියමනක් තියනවා.

“යමෙකුට සිය ජීවිතයේ දෙවරක් එකම ගඟකට බැසිය නොහැකිය”

ඔහු එතනින් අදහස් කරලා තියෙන්නේ ජීවිතේ පළවෙනි වතාවට අපි බසින් ගඟ ජීවිතේ තවත් දවසක අපි බහිද්දි අනිවාර්යයෙන්ම තිබෙන්නේ කලින් තිබුණු ගඟ නෙවෙයි, වෙනස් වුණු ගඟක් කියලා. ඇත්ත. තත්පරයෙන් තත්පරය හැමදේම වෙනස් වෙද්දි ගඟක් වෙනස් නොවී තියේවිද. හෙරක්ලීට්ස් හඳුන්වන්නේ දාර්ශනිකයින් අතරේ ගතිකභාවය සහ අනිත්‍යභාවය ගැන වැඩිපුරම අදහස් දක්වපු දාර්ශනිකයා විදිහට, සමහරු ඔහු හඳුන්වන්නේ “වැලපෙන දාර්ශනිකයා” විදිහට. මේ අනිත්‍යභාවය ගැන කතාකිරීම සමහරු දකින්නේ ඒ විදිහට නිසා.

අනිත් පැත්තෙන් ගෞතම බුදුන් ඒ කතාවෙම තව පැත්තක් වුණු සොබා දහමේ නීතියට අනුව ගඟ විතරක් නෙවෙයි මිනිසාද මොහොතින් මොහොත වෙනස් වෙනවා කියන එක බොහොම ගැඹුරින් පහදාදී තියෙනවා. එහෙනම් හෙරක්ලීට්ස් වගේම ගෞතම බුදුන්ගේ අදහස් අනුව බැලුවම ජීවිතේ එකම දේ දෙපාරක් එක විදිහටම අත්විඳින්න බෑ කියන අනිත්‍ය ස්වභාවය ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙනම් ලෝකය වගේම මිනිස්සු වෙනස් වෙන එක ගැන පුදුම වෙන එක තේරුමක් නෑ.

සමහර වෙලාවට ජීවිතේ අපි විශ්වාසකරපු, අපි ආදරේ කරපු, අපි ගරු කරපු මිනිස්සුන්ගේ ඒ ලක්ෂණ, ඒ ගුණාංග අපේ ඇස් ඉස්සරහම, අපේ මේ කෙටි ජීවිත කාලෙම ගරාවැටිලා, විනාශ වෙලා යන විදිහ අපි ඕනෑ තරම් අත්විඳලා ඇති. අපි වුනත් ළමා කාලයේ තිබුණු අදහස් තරුණ කාලෙදි වෙනස් වෙනවා, තරුණ කාලේ අදහස් ජීවිතේ අන්තිම කාලෙදි වෙනස් වෙනවා.

ලෝකයේ කිසිම දෙයක් පුරෝකථනය කරන්න බැරි එකේ කවදාවත් මනුස්සයෙක් පුරෝකථනය කරන්න බෑ. හෙට මෙහෙම වෙයි, අනිද්දා එයා මේ දේ කරාවි, අරයා මාත් එක්ක ජීවිත කාලෙම ඉඳීවි, එයා මගේ විශ්වාසය රැකගෙන මම වෙනුවෙන්ම ඉඳීවි වගේ මේ කිසිම දෙයක් අපිට කවදාවත් හරියට පුරෝකථනය කරන්න බෑ. මොකද මිනිස්සු වගේම මිනිස්සු වටේ තියන සාධකත් මොහොතින් මොහොත වෙනස් වෙනවා. වෙනස තියෙන්නේ ඒ වෙනස් වෙන වේගයේ විතරයි.

පහුගිය දවසක මගේ හිතවතෙක් උගන්ඩාවේ සංචාරයක යෙදිලා ආයෙත් ලංකාවට ආවට පස්සේ මාත් එක්ක කිව්වේ ජීවිතේ කවදාවත් ආයෙත් උගන්ඩාවට යන්නෙනම් නෑ කියලා. ඒකට හේතුව ඇහුවම කිව්වේ ඒ රටේ අති බහුතරයක් මිනිස්සු කියන වචනයක් වත් විශ්වාස කරන්න බෑ, එහෙම නැත්නම් කියන වචනයකට වටිනාකමක් නෑ කියලා. උදාහරණයකට කිව්වේ ටැක්සියකට නැගලා යන්න ඕන තැන කියලා ගාන ඇහුවම ඩොලර් 5 යි කියනවා. එතනට ගිහින් බැස්සම කියනවා ඩොලර් 10 යි නැත්නම් 20 යි ගාණ කියලා. එතකොට නගිද්දි කිව්වේ ඩොලර් 5 යි කියලා නේද කියලා විරුද්ධතාවය ප්‍රකාශ කරාම කියන්නේ මම එහෙම ගාණක් කිව්වේ නෑ මේක තමයි මෙතනට ආවම අදාල ගාස්තුව කියලා.

අන්න ඒ වගේම රටවලදි මිනිස්සු වෙනස්වෙන වේගය වැඩියි, වඩාත් හොඳින් කිව්වොත් මනුස්සයාගේ ගතිගුණ වෙනස්වෙන ස්වභාවය ඉක්මණි. අපේ ජීවිත කාලයේ අපි දන්න කියන, ලඟින්ම ආශ්‍රය කරන චරිත කීපයක් අරගෙන අපි ඒ අය ගැන දන්න අවුරුදු ගාණ අදියර කීපයකට බෙදලා බැලුවොත් ඒ අය කොච්චරනම් වෙනස් වෙලාද කියලා තේරුම්ගන්න පුළුවන්, සමහර වෙලාවට එහෙම බැලුවම “අනේ අපොයි” කියලා කියවෙන්නත් පුළුවන්, නැත්නම් කළකිරීමක් දැනෙන්නත් පුළුවන්. එහෙම වෙලාවට හොඳම දේ මේ මිනිස්සු සහ වෙනස්වීම මනුස්ස ස්වභාවයයි කියන එක මතක තියාගත්තම හිතට යම්කිසි සහනයක් දැනේවි.

දේශපාලඥයෝ ගත්තත් මීට අවුරුදු 20 කට 30 කට කලින් ඔවුන් හිටපු තැන්, දරපු මතවාද ගත්තම අද ඉන්න තැන බැලුවම අමුතුවෙන් දාර්ශනිකයන්ගේ ප්‍රකාශ පැහැදිලි කරගන්න උදාහරණ අවශ්‍ය නෑ. වෙනස තියෙන්නේ ඔවුන් එහෙම වෙනස්වෙලා තියෙන්නේ වාසි, ප්‍රතිලාභ වෙනුවෙන්..සමරහවිට හිතාමතාම.

ඒ නිසා මනුස්සයෝ වෙනස් වෙන එක, අපි වෙනස් වෙන එක නවත්තන්න අපිට කවදාවත් බෑ. අපිට කරන්න පුළුවන් එකම දේ මේ වෙනස්වීම් තේරුම් අරගෙන, ඒවාට කම්පා නොවී, ඒවා ගැන පුදුම නොවී, ඒ වෙනස්වීම් වලට වෛර නොකර, වෙනස්වීම් අනුව වෙනස්වෙන එක, නැත්නම් අනුගත වෙන එක විතරයි.

උපුටා ගැනීම - www.her.lk
Reply With Quote
(#2)
Old
other guy's Avatar
other guy other guy is offline
Senior Member
other guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to all
 
Posts: 11,794
Join Date: Apr 2014
Location: neverland
08-22-2018, 02:58 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
feminism agenda, traffic හිගන්නා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02807 seconds with 9 queries