ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පෞද්ගලික අංශයට අලුත් අවුරුදු, නත්තල් නිවා
Reply
 
Thread Tools
(#1)
Old
JBLs's Avatar
JBLs JBLs is offline
Senior Member
JBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really nice
 
Posts: 1,503
Join Date: May 2018
Angry පෞද්ගලික අංශයට අලුත් අවුරුදු, නත්තල් නිවා - 03-23-2019, 03:56 PM



පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමේ යෝජනා රැසක් ඇතුළත් නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට රජය සැලසුම් කර ඇති බවට සතිඅන්ත පුවත්පත් වාර්තා කර තිබෙනවා.''රැකියා සහ සේවා සැපයුම් කොන්ත්‍රාත් සතු අයිතිවාසිකම් පනත'’ යනුවෙන් නම් කර ඇති මෙම පනත මගින් දැනට බලාත්මක කම්කරු නීති පනත් 53 ක්ම අහෝසි වන අතර, ඒ වෙනුවට හාම්පුතුන්ට වාසිදායක ලෙස අලුත් නීති ඇතුළත් කර අැති බවයි ඒම පුවත්පත් වාර්තාවන්හි සදහන් වන්නේ.

මෙම නව පනත් කෙටුම්පත මඟින් පඩි පාලක සමාගම් පනත, සාප්පු හා කාර්යාල පනත අහෝසි වන අතර එමගින් සේවක වැටුප් තීරණය කිරීම, මාසික වැටුප් ගණනය කිරීම, මෙන්ම පෞද්ගලික අංශයට හිමි නිවාඩු පාලනය කිරීම ආදිය සම්බන්ධයෙන් බලතල හාම්පුතුන්ට හිමිවන බවට වැඩිදුරටත් වාර්තා කර තිබුණා.

ඒ අනුව දැනට සකස් කර ඇති නව පනතට අනුව, පෞද්ගලික අංශයට හිමි වීමට නියමිත වන්නේ, ‍පොහොය නිවාඩුව පමණි. සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩුව, නත්තල් නිවාඩුව, ආදී නිවාඩු ලබා දෙන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමේ බලය හාම්පුතුන් සතුවන අතර වෙළෙඳ නිවාඩු අදාළ නොවන අතර, වැඩ කරන පැය ගණන පැය 8 සිට පැය 12 දක්වා දීර්ඝ කර අැති බවයි මුද්‍රිත මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ.

එසේම නව පනත් කෙටුම්පත අනුව සේවක සේවිකාවන් පහළොවකට වැඩි පිරිසක් සිටින සේවා ස්ථානවල පාරිතෝෂික ගෙවීමට පාලනාධිකාරියට පනවා තිබූ නීතියද සංශෝධනය වන අතර ඒ වෙනුවට සේවකයන් 50 ක් හෝ ඊට වැඩි නම් පමණක් සේවකයන්ට පාරිතෝෂික ගෙවිය යුතු බව සඳහන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ හා ලෝක බැංකුවේ ණය ලබා ගැනීම වෙනුවෙන් පුද්ගලික අංශයේ සේවකයින් පීඩාවට පත් කරමින් මෙම ‘රැකියා සහ සේවා සැපයුම් කොන්ත්‍රාත් සතු අයිතිවාසිකම් පනත’ඉදිරිපත් කරන්නක් බවත් කියවෙි.

- ලක්බිම පුවත්පත අැසුරින් -
Reply With Quote
(#2)
Old
JBLs's Avatar
JBLs JBLs is offline
Senior Member
JBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really nice
 
Posts: 1,503
Join Date: May 2018
03-23-2019, 03:57 PM

Comment From FB

ලොව සතුටුදායකම රටවල් ලයිස්තුව පසුගිය දින එළිදැක්විණ.
මහින්ද රාජපක්ෂ රජය සමයේ ලොව සතුටුදායකම රටවල් අතර මුල් පනහ අතරේ සිටි ශ්‍රී ලංකාව මේ වසර වනවිට යහපාලනයේ ආනුභාවයෙන් 119වන ස්ථානය දක්වා පසුබැස තිබේ.
කතාව එය නොවේ. ලොව සතුටුදායකම රටවල් අතර සුපුරුදු පරිදි මෙවරද පෙරමුණ ගෙන සිටියේ ස්කැනේඩියානු රටවල් ය.
ස්කැනේඩියානු රටවල් සහ ඇතැම් යුරෝපයේ රටවල් පසුගිය සමයේ පැනවූ අලුත් නීතියක් කෙරෙහි මා ලෙස දැඩි උනන්දු විය.
එනම් "ආයතන හිමිකරුවන්ට, කළමණාකරුවන්ට කාර්යාල වේලාවෙන් පසු සිය සේවකයන් සම්බන්ධ කර ගැනීම තහනම්" කරමිනි. ඒ අනුව කාර්යාල වෙලාවෙන් පසු ස්කැනේඩියානු රටවලදි ආයතන හිමිකරුවන්ට, සේවකයන්ට දුරකථන ඇමතුම් ලබා ගැනීම සහ ඊමේල් පණිවිඩ යැවීම සපුරා තහනම් ය.
ඒ කාලයත් සමග ඉදිරියට යන, දියුණු වෙන, නවීනත්වයට ලං වෙන විදෙස් රටවල් සිය පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් සුරැකීමට කටයුතු කරන අයුරුය.
නවීන, උගත් පාලකයන් විසින් පාලනය කරනා එම රටවල ජනතාව සතුටින් සිටීම පිළිබඳ කිසිදු පුදුමයක් නැත.
අනෙක් පසින් ශ්‍රී ලංකා රජයේ නව තීරණයක් පිළිබඳව සතිඅන්ත පුවත්පත් වාර්තා කර තිබේ.
මේ අනුව එජාප රජය සිය රැකියා සහ සේවා සැපයුම් පනත සංශෝධනය කිරීමට යයි.
එහිදි නව පනතට අනුව මෙරට පෞද්ගලික අංශයේ වැඩ මුරය පැය 8 සිට පැය 12 දක්වා වැඩි කර තිබේ.
අලුත් අවුරුදු නිවාඩු, නත්තල් නිවාඩු ආදිය සියල්ල අහෝසි කර තිබේ.
රජයට ආදායම් බද්ධක් ගෙවා සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට ආයතන හිමිකරුවන්ට අයිතිවාසිකම් ලබා දී තිබේ.
සතියට පැය 12 දින හයක් සහ පැය අටේ දිනයක් ලෙස සේවය කළ යුතු බවටත් එම පනත් සංශෝධනයේ සදහන් ය.
එජාප රජය කම්කරු පනත් හා සේවක අයිතිවාසිකම් කප්පාදු කිරීමට මෙලෙසින් පෙළඹ තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) හි නිර්දේශ මතය.
ශ්‍රී ලංකාවට මීළග IMF ණය වාරිකය ලබා දීමට නම් මෙරට කම්කරු පනත මෙලෙසින් සංශෝධනය කරන ලෙස නිර්දේශ කර ඇත්තේ IMFහි විශේෂඥයන් විසිනි. ණය වාරික නොමැතිව රට පාලනය කිරීම සිහිනයක් පමණක්ම වන එජාප රජය මෙම සංශෝධනයට එකග වී තිබේ.
මේ අනුව අයවැයෙන් පසුව පාර්ලිමේන්තුවට ගෙන එන්නේ පෞද්ගලික අංශයේ ඔබේ මානව නිදහස, සේවක අයිතිවාසිකම් කප්පාදු කරමින් 21ක් වෙනි සියවසයේ මිනිස් වහලුන් බිහි කරනා මෙම පනතයි.
ලෝකයම ඉදිරියට යද්දි 2019දී ශ්‍රී ලංකාව පසුපසින් වැඩවසම් යුගයට ගමන් කර සිටියි.
දුගීභාවයෙන්, අධික බදු බරෙන් පීඩා විදිනා මෙරට රටවැසියන් තවත් තලා දැමීමට සියල්ල සුදානම් ය.
නූගත්, තිරිසන් පාලකයන් පාලනය කරනා අසරණ ශ්‍රී ලංකාවේ ජනතාව ලොව අසතුටින්ම ජීවත් වන ජනතාව බවට පත් වීමට තවත් ඇත්තේ මසක පමණ කාලයකි.
මෙරට මිනිසුන් සිය ආදරණීයන්, පවුල සමග ගත කිරීමට කාලයක් නොමැතිව ආයතනයකට ජීවිතය සින්නක්කරව ලියා දෙන වහලුන් බවට පත් කිරීමට එජාප රජය සුදානම් ය.
දේශපාලන පක්ෂ, පාට ඔස්සේ උමතු වී සිටිනා වහලුන් මෙවැනි අමන, ගෝත්‍රීක තීරණ පවා සාධාරණීකරණය කිරීම ජනපීඩක රජයට අස්වැසිල්ලකි.
ඉතින් ශ්‍රී ලංකාවාසිනි..
ලොවම ඉදිරියට යද්දි ගෝත්‍රිකත්වයට පිය නැගීමට සුදානම් වන්න.
සිය ජීවිතයම/ආත්මයම මාසික වැටුපකට සමාගමකට විකුණා දැමීමට සුදානම් වන්න
Reply With Quote
(#3)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 43,230
Join Date: Dec 2013
Location: 🅸🅽🆃🅴🆁🅽🅴🆃
03-23-2019, 04:00 PM

Reply With Quote
(#4)
Old
Emios's Avatar
Emios Emios is offline
Senior Member
Emios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of lightEmios is a glorious beacon of light
 
Posts: 16,290
Join Date: Dec 2009
03-23-2019, 04:02 PM

Ayyo sihalu
Reply With Quote
(#5)
Old
2tuspace 2tuspace is offline
Senior Member
2tuspace will become famous soon enough
 
Posts: 285
Join Date: Feb 2019
03-23-2019, 04:11 PM

Reply With Quote
(#6)
Old
inspiron's Avatar
inspiron inspiron is offline
Senior Member
inspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond repute
 
Posts: 18,429
Join Date: May 2014
Location: Nowhere
03-23-2019, 04:14 PM

විල්පත්තු ඌශ්නේ අඩුවේගෙන ආවා විතරයි සිංහලුන්ට අල්ලන් නටන්න තව ආතල් එකක් දීලා. දැන් වැලි නිධියට කෙලලා ඒ ගැන සද්දයක් නෑ.
Reply With Quote
(#7)
Old
AEG AEG is offline
Senior Member
AEG has a spectacular aura aboutAEG has a spectacular aura aboutAEG has a spectacular aura aboutAEG has a spectacular aura about
 
Posts: 155
Join Date: Jul 2012
Angry 03-23-2019, 04:25 PM

WTF
Reply With Quote
(#8)
Old
JokerFan's Avatar
JokerFan JokerFan is offline
Senior Member
JokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to allJokerFan is a name known to all
 
Posts: 8,939
Join Date: May 2016
Location: Arkham City
03-23-2019, 04:28 PM

Reply With Quote
(#9)
Old
JBLs's Avatar
JBLs JBLs is offline
Senior Member
JBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really nice
 
Posts: 1,503
Join Date: May 2018
03-23-2019, 04:29 PM

කැරි වැඩ මේව නම්
Reply With Quote
(#10)
Old
Opinion Opinion is offline
Senior Member
Opinion is just really niceOpinion is just really niceOpinion is just really niceOpinion is just really niceOpinion is just really niceOpinion is just really niceOpinion is just really niceOpinion is just really niceOpinion is just really niceOpinion is just really nice
 
Posts: 2,564
Join Date: May 2018
03-23-2019, 04:31 PM

Good news for employers and bad news for employees
Reply With Quote
Reply

Bookmarks

Tags
බොරු පච thread, planted fake news

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05358 seconds with 9 queries