ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > News and Updates
Reload this Page අනියම් සබඳතා
Reply
 
Thread Tools
(#11)
Old
Vaharai Vaharai is offline
Senior Member
Vaharai is a jewel in the roughVaharai is a jewel in the roughVaharai is a jewel in the roughVaharai is a jewel in the roughVaharai is a jewel in the roughVaharai is a jewel in the rough
 
Posts: 569
Join Date: Feb 2019
09-19-2019, 06:25 PM

Quote:
Originally Posted by piyal1234 View Post
එකගෙයි කෑම කණ පිට හරවන අනියම් සබඳතා


අනියම් සම්බන්ධතා යනු අද ඉතා ජනප්‍රිය මාතෘකාවකි. අතීතයේත් මේවා තිබිණි. නමුත් එදා නොදියුණුයැයි කියන සමාජය වත් අද තරම් වල්වැදී නොතිබුණු බව මේවා පිළිබඳ විමසුම් ඇසින් බලනවිට පෙනී යයි. මෙය ඉතා පුළුල් ලෙස කතා කළ යුතු මාතෘකාවකි.
ඈත අතීතයේ රදළ ප්‍රභූවරු තමන්ගේ ප්‍රවේණිදාසයන්ගේ භාර්යාවන් මෙන්ම දූවරුන් පවා තම කායික අවශ්‍යතා සපුරා ගැනීම පිණිස යොදා ගත්හ.


දාහත් වන සියවසේ මෙරට එළිමහන් සිරකරුවකුව සිටි රොබට් නොක්ස් ගේ “එදා හෙළදිව“ කෘතියේ මෙන්ම පසුව විසිවන සියවසේ ප්‍රකට සමාජ විද්‍යාඥයකුව සිටි රැල්ෆ් පීරිස්ගේ ලිපි ‍ලේඛන වලද දැක්වෙන ආකාරයට ඒ කාලයේ සොර සැමියා ගෙතුළ සිටින විට බිරිඳ අළු කුල්ලක් ගෙතුළ තබාගෙන හිඳ ඇත.


ඒ නියම සැමියා ගෙට එන විට මුහුණට දමා ගසන්නටය. අළුවලින් දෑස වැසී කිසිවක් නොපෙනී ගිය විට සොර සැමියාට පිට වී යාම පහසු ය. පවු‍ලේ සහෝදරයන් සියලුම දෙනාට එකම බිරිඳක් ගෙන ඒමේ ‘එකගෙයි කෑම’ නම් සංකල්පයක්ද අපේ රටේ මහනුවර යුගයේ තිබිණි. මෙය අනියම් සම්බන්ධතාවක් ලෙස නොසැලකුණත් එක කාන්තාවක් එකම පවු‍ලේ සහෝදරයන් සියලු දෙනා සමගම එක්ව ජීවත් වීම මෙහිදී සිදුවිය. එය එකල සමාජය තුළ අනුමත විය.


කෙසේ හෝ එක පිරිමියකුට එක බිරිඳක් යන සංකල්පය අපට ලැබුණේ බ්‍රිතාන්‍යයේ වික්ටෝරියානු සංස්කෘතිය තුළිනි. ඉන්පසු එය සමාජ පිළිගැනීම බවට පත්විය.


නමුත් දැන් විවාහ සම්බන්ධතා බරපතළ ලෙස බිඳී යමින් පවතින්නේ ද මේ බටහිර සංස්කෘතියේ ය. දැන් එම රටවල තරුණ පරපුර අතර ප්‍රචලිත වී ඇත්තේ විවාහ නොවී එකට ජීවත් වීම (Living Together) ය. ඒ අනුව පරමාදර්ශී පවුල (Ideal Family) යන සංකල්පය බටහිර සංස්කෘතිය තුළ දැන් බිඳී ගොස් තිබේ.


මින් බරපතළ පහරක් වැදී තිබෙන්නේ රටේ ජනගහනයට ය. ඊළඟ සියවස වන විට රටේ ජනගහනය අඩුවේයැයි ඒ රටවල පාලකයන් තුළ බියක් පවතින්නේ මේ ආකාරයට එකට ජීවත්වන පිරිස් දරුවන් හැදීම සාමාන්‍යයෙන් සිදු නොකරන නිසාය. Read more



https://magazine.aboutceylon.com
Post Email widiyata genna ganna barida..?


<img id="hzDownscaled" style="position: absolute; top: -10000px;">
Reply With Quote
(#12)
Old
buddikagayan's Avatar
buddikagayan buddikagayan is offline
Senior Member
buddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to behold
 
Posts: 12,297
Join Date: Jan 2012
Location: Colombo
09-19-2019, 06:43 PM

up
Reply With Quote
Reply

Bookmarks

Tags
අනියම්

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04417 seconds with 9 queries