 |
|
 |
Senior Member
|
|
Posts: 30,474
Join Date: Feb 2008
Location: There is no place like 127.0.0.1
|
|
Virus nathuwa softwares Crack karamu -
06-21-2018, 03:52 PM
Piracy! ඔව්.. වැරදි වැඩක්. තව කෙනෙක් මහන්සියෙන් හදන software එකක් සත පහක් නොගෙවා පාවිච්චි කරලා.. සොෆ්ට්වෙයා එක හදපු එකාට ගෙම්බරුත් දාල නයා ඩාන්ස් දාන පප්පල අපේ රටේ ඉන්නෙ මේ ත්‍රෙඩ් එක ඒ අය වෙනුවෙන් නෙමෙයි උනත් ඒ අයත් මේකෙන් ලොකු සපෝට් එකක් ගනියි. නමුත් මේ ත්‍රෙඩ් එක Educational Purpose දාන ත්‍රෙඩ් එකක්.
ඇයි මේ Crack? මහන්සියෙන් හදන සොෆ්ට්වෙයා එක, අපි එකෙන් ගොඩක් වැඩ ගන්නවානම්.. පුළුවන් විදිහට Software එක හදන කෙනාට සපෝර්ට් එකක් විදිහට License එක සල්ලි දීල ගන්න කියල ඔයාලව Encourage කරන ගමන් තමයි මේ ගයිඩ් එක ඉදිරියට මම අරගෙන යන්නේ. නමුත් අපේ රටේ ආර්ථිකය එක්ක බැලුවහම ඩොලර් එකේ මිල ගොඩක් අධිකයි. ඉතින් එක අපේ වරදකට වඩා මේ Politicians ලට තමයි වැරැද්ද කරන්නේ. අඩුම ගානේ අත්‍යවශ්‍ය සොෆ්ට්වෙයා ටික වත් අපේ රටේ අයට අඩුවට ගන්න කිසිම සැලසුමක් වත් පෙන තෙක්මානෙක නැති නිසා ගොඩක් යට විසඳුම ඉතින්..Pircacy තමයි.
නමුත් පුළුවන් විදිහට License එකක් අරගෙන developer ට support එකක් දෙන්න පුලුවන්නම් ඒක වටිනව.
මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ 50KG කියල එළකිරි එකේ මෙම්බර් කෙනෙක් ත්‍රෙඩ් එකක් දාල තිබුනා Adobe Photoshop සොෆ්ට්වෙයා එක සල්ලි දීලා.. license එක අරගත්තා කියල. කෙලින්ම නම කියල දැම්මේ ඉතින් ත්‍රෙඩ් එක පෙන්නම තියෙන නිසා.. (http://www.elakiri.com/forum/showthr...යා මේ ලයිසන් එක ගත්ත ඇත්ත අරමුණ මේ ත්‍රෙඩ් එකේ සඳහන් වෙන අරමුණ නොවෙන්න පුළුවන්, නමුත් කියවන කෙනෙකුට වැරදි අදහසක් ඔලුවට යන්න ඉඩ තියෙනවා Crack හදන අය අපිට ආදරේට Crack හදන අය නෙවෙයි.. නිකන් දෙනවනම් කොහේ හරි අවුලක් තියෙනවා කියල.
මේ කතාවේ තේරුමක් ඇති, නමුත් නිකන් තියෙන හැම සොෆ්ට්වෙයා crack එකකම වයිරස් නැහැ සහෝදරවරුනි. මේකට හේතු තියෙනවා විශ්වාස කරන්න පුළුවන් විදිහේ.
Crack කරන Teams ඉන්නව, genuinely safe crack හදන අය. එයාල මේ දේවල් කරන්නේ එයාලගේ Skills පෙන්නන්න, ඒ වගේම තව හේතු තියෙනවා. සමහරු එලි පිට වෙබ් සයිට් දාගෙන කරනවා, ගොඩක් සයිට් down වෙනවා DMCA ඇවිල්ල. තව හේතු තියෙනවා.. සල්ලි හොයන්න ඒ ෆයිල් හොස්ටින් සයිට් වල සල්ලි ගෙවන තැන් වල අප්ලෝඩ් කරනවා, ඒවගේම adfly වගේ Link දාල හොස්ට් කරනවා ඉතින් ඒ ලින්ක් එකෙන් සල්ලි හම්බුනාට ඇත්තටම බැලුවහම Crack එකේ වයිරස් නැහැ. තව ඕන තරම් හේතු තියෙනවා community වල රෙපියුටෙෂන් එකට කරනවා වගේ දේවල්. නමුත් තව කෙනෙකුට ඒ ෆයිල් එක අරගෙන එකට වයිරස් එකක් දාල ආපහු අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒක ගැන එයාලට වගකියන්න බැහැ.
__________________________________________________ _
මේ කියල දෙන්නේ 100% තමන්ගේ කම්පුයුටර් එක Virus වලින් ආරක්ෂා වෙන විදිඅහට Crack පාවිච්චි කරන්න. Crack එකක් 100% safe ද කියල තහවුරු කරගන්නයි.
Virus තියෙන Crack කොච්චර භයානකද? මේවා එක්ක එන මේ Rootkit type ඒවා කම්පිඋටර් එකේ රන් වෙනවද කියල ඇත්තටම හොයන්න ක්‍රමයක් නැහැ infect උනායින් පස්සේ. Drivers විදිහට ලෝඩ් වෙන්න පුළුවන් මෙමරි එකේ එහෙම මේවා. ඒ ලෝඩ් වෙලා Hacker ට අපේ කම්පියුටර් එකේ හැම මගුලක්ම send කරන්න පුළුවන්. අපි press කරන කී එකක් කී එකක් ගානේ, අදාල වින්ඩෝ එක ඇක්ටිව් වෙලා තියෙද්දී කීබෝඩ් එකේ එබුවේ මොන මොන කී ද පාස්වර්ඩ් ද අරවද මේවද බැංකු කාඩ් සේරම කලෙක්ට් කරගන්න පුළුවන් මේවයින්.
සමහර stealer තියෙනවා එක පාරක් රන් වෙලා සේව් වෙලා තියෙන ඔක්කොම passwords ටික Hacker ට සෙන්ඩ් කරලා, Stealer එක ඉවත් වෙනවා කම්පියුටර් එකෙන්.
ඒ කියන්නේ පලවෙනි පාර ක්‍රැක් එක ඩබල් Click කරපුවහම, වයිරස් එක රන් වෙලා අපේ පවුද්ගලික දේවල් ටික hacker ට සෙන්ඩ් වෙලා, ඒ ඩබල් ක්ලික් කරපු ෆයිල් එක මැකිලා එතනට වයිරස් නැති Safe Crack එකක් Save වෙනවා. එතකොට කාලයක් ගිහින් වයිරස් ගාඩ් එකට අහුවෙන්න කාලේ එනකොට ඒ වයිරස් එක තවත් අපේ කම්පියුටර් එකේ නැහැ ඒක ඔටෝ wipe delete වෙලා evidence ටිකත් මකල ඉවරයි ඒ වෙනකොට, Hacker කෙනෙක්ට අපේ පුද්ගලික තොරතුරු ගියා කියල අපි දන්නෙත් නැහැ, එයාට අවශ්‍ය වැඩේ වෙලත් ගොඩක් කාලයක් ගිහින් ඉවරයි. මොකද ඩබල් ක්ලික් කරපු ෆයිල් එක නෙමෙයි තව දුරටත් අපිට දකින්න එතන තියෙන්නේ. Virus total upload කරත් ඇත්තටම එකේ virus නැහැ (crack tool කියල ඕනනම් අහුවෙයි).
තව ඕන තරම් ක්‍රම තියෙනවා, Virus එක Crypt කරලා (FUD කියල කියනවා මේවට) Binary ෆයිල් එකේ පොඩි වෙනසක් කරලා Virus guard එකට අහුවෙන්නේ නැති වෙන්න මෙමරි එකට ලෝඩ් කරගන්නවා. වයිරස ගාඩ් එකේ අප්ඩේට් එන්න එන්න මේ වයිරස් එකත් hacker විසින් අප්ඩේට් කරනවා රිමෝට් place එකක ඉඳන් එක, එක එක විදිහට modify කර කර. ඉතින් අපිට කවදාවත් අහු වෙන්නේ නැහැ. මේ කෙනාට අපේ කම්පියුටර් එකේ වෙන්නේ මොනාද කියල බලාගෙන ඉන්න පුළුවන් ස්ක්‍රීන් එක දිහා. වෙබ් කැම් එකක් තියෙනවනම්, එකෙන් අපි දිහා බලා ඉන්නත් පුළුවන්, අපේ නෙට්වර්ක් එකට තව හයි කරලා තියෙන devices තියෙනවනම්, ඒවායේ vulnerabilities හරහා ඒවා compromise කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඔහුගේ criminal වැඩ වලට අපේ කම්පියුටර් එක පාවිච්චි කරන්න පුළුවන් bot එකක් විදිහට. එතකොට අපිව තමයි එයාගේ වැරදි වලට අහු වෙන්නේ.
__________________________________________________ ___
වැඩේට බහිමු.
අවශ්‍ය දේ: computer එකක්, ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්, මොළ ගෙඩියක්, හිතන්න පුළුවන් හැකියාව.
step 1. Torrent ගන්න. Torrent එකේ කමෙන්ට්ස් කියවන්න.
හැම වෙලේම Torrent File එකක් හොයාගන්න බලන්න නිකන් සොෆ්ට්වෙයා සයිට් වලින් download කරනවට වඩා.
මේකට හේතුව ටොරන්ට් එකක් create කරපුවයින් පස්සේ එකට අදාල hash එකක් generate වෙනවා. ටොරන්ට් එක පරණ උනත් එක මොඩිෆයි කරන්න බැහැ මේ Hash එක මාරු නොකර.
Warez ෆෝරම් වල සමහර අය්යලා මුලින්ම ගිහින් හොද ෆයිල් එකක් පොස්ට් කරලා.. හොදට කමෙන්ට් ටිකක් වටුනයින් පස්සේ එයාලගේ File Link එක එඩිට් කරනවා. (warez-bb වගේ සයිට් වල මේක වෙනවා, සමහර වෙලාවට මේ සයිට් වල ඉන්න මොඩරේටර් ලගේ එකවුන්ට් පවා හැක් වෙනවා, ඊටපස්සේ හැකර් ඇවිල්ල අනික් මෙම්බර් ලගේ ලින්ක් එඩිට් කරලා වයිරස් ලින්ක් තියෙන ලිනක්ස් දාගෙන යනවා)
step 2. comments වල file එක ගැන Virus තියෙනවා කියල තියෙනවනම් මග ඇරලා හොඳ එකක් හොයාගන්න බලන්න. එහෙම බැරි උනත් නැතත් කමක් නැහැ ඊළඟ ස්ටෙප් එකට යන්න:
step 3. Install Sandboxie software and create a new sandbox that has no internet access. ( settings වලට ගිහින් ඒ sandbox එකට ඉන්ටර්නෙට් block (restrict) කරන්න.
Sandboxie ගැන මම ත්‍රෙඩ් එකක් දාල තිබ්බ. හොයාගෙන බලන්න.
මේක ඉතාමත් වටිනා සොෆ්ට්වෙයා එකක් Free Version එකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්.
Sandboxie කියන්නේ අපේ කම්පියුටර් එක ඇතුලේ මේ වගේ දේවල් රන් කරලා ටෙස්ට් කරන්න, තවත් කම්පියුටර් එකක් වගේ දෙයක්. Virtual Computer කියල දෙයක් තියෙනවා, නමුත් මේක ඊට කිට්ටුවෙන් යන සමාන දෙයක්. නමුත් Virtual Computer එකක් නෙමෙයි. මේක අපි පාවිච්චි කරන කම්පියුටර් එක එක්ක වෙන් වෙලා අපේ වගේම තවත් කම්පියුටර් එකක් හැදිලා ඒක ඇතුලේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරන්න වගේ දේවල් කරන්න පුළුවන් පසුබිමක් සකස් කරලා දෙනවා. අපේ කම්පියුටර් එක වෙග්ම එක ඇතුලෙත් ඒ ෆයිල්ස් ඒ විදිහටම තියෙනවා, නමුත් ඒවා වෙනස් උනා කියල ප්‍රධාන කම්පියුටර් එක ට හානියක් වෙන්නේ නැහැ. අපේ වැඩේ කරගෙන ඉවර වෙලා ඒ Sandbox එක Reset කරන්න පුළුවන්. ඒ වගේම එක එක Permission ලෙවල් තියෙන Sandbox හදාගන්න පුළුවන් මේකෙන්. (youtube guide තියෙනවා මේ ගැන රිසර්ච් කරලා බලන්න ගොඩක් වටිනව)
ඉන්ටර්නෙට් පර්මිෂන් එක ඉවත් කරපු sandbox එකක් හදාගන්න 
මේ step එක ඉතා වැදගත් මොකද ඔයාල sandbox එකේ රන් කරාට වැඩක් නැහැ Crack exe එක, මොකද sandbox එක හරහාත් ඔයාලගේ කම්පියුටර් එකේ හැම file එකකටම, registry key එකකටම access තියෙන නිසා. එකම වෙනස ඒ access කරන්නේ sandbox එක ඇතුලෙන් නිසා ඒවා වෙන් වෙන්ව තියෙනවා. එතකොට මොන මොනාද උනේ කියල පේනවා සහ පස්සේ sandbox එක clean කරාම වයිරස් ඔක්කොම clean වෙලා යනවා. නමුත් මෙතන අපිට ඕන වැඩේ වෙන්නේ නැහැ stealer ට අදාළ දත්ත තොරතුරු ටික ඉන්ටර්නෙට් එක හරහා ඌ යවාගන්නවා. එතකොට අපි clean කරාට වැඩක් නැහැ ඉන්ටර්නෙට් block කරලා තිබ්බේ නැති හින්ද ඌ අපේ data ටික හොරකං කරලා ඌට send කරගෙන ඉවරයි අපි sandbox clean කරන පියවරට එන්න කලින්.
මේක ඇතුලේ ඉන්ටර්නෙට් access කරන්න crack එකට ඕනෙමයි කියල force කරනවානම් ඉන්ටර්නෙට් නැතුව crack කරන්න දෙන්නෙම නැතිනම් මම මේ කියන ස්ටෙප්ස් ටික follow කරන එකේ තේරුමක් නැති වෙයි.
|
 |
Senior Member
|
|
Posts: 30,474
Join Date: Feb 2008
Location: There is no place like 127.0.0.1
|
|
06-21-2018, 03:53 PM
step 4. Torrent File එකේ තියෙන සොෆ්ට්වෙයා එකේ version එකම official website එකෙන් download කරගෙන ඒ official setup file එකෙන් ඉන්ස්ටෝල්
කරගන්න. ඒක හොයාගන්න නැති නම් ඉතින් ටොරන්ට් එකේ තියෙන සෙටප් එක ප්‍රොපර්ටි ගිහිල්ලා එකේ තියෙනවද කියල බලන්න Digital signature එකක්. එහෙම තියෙනවනම් ගොඩක් දුරට අවුලක් නැහැ ඒ සෙටප් ෆයිල් එක Official වෙබ් එකේ Release වෙච්චැහැ File එක වෙන්න පුළුවන්.
step 5.
මේ ස්ටෙප් එක කොටස් දෙකකට කැඩෙනවා.
පළමු කොටස:
මේ කොටසේදී අපි මුළු සොෆ්ට්වෙයා එකම Sandbox එක ඇතුලට ඉන්ස්ටෝල් කරනවා. ඉන්ටර්නෙට් නැති අපි හදාගත්ත Sandbox එක ඇතුලට.
රන් කරලා බලන්න පුලුවන්නම් රන් කරලත් බලනවා.
විශේෂ දෙයක් තියෙනවා මෙතන සඳහන් කරන්න, කෙනෙක්ට පුළුවන් මේ අවස්ථාවේදී.. සොෆ්ට්වෙයා එක සම්පුර්ණයෙන් රන් වෙනවානම්, දිගටම මේ Sandbox එක Clear නොකර ට්‍රයල් එකක් විදිහට රන් කර කර මාසයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කරලා ආපහු Sandbox එක Clear කරලා ආයේ ඉන්ස්ටෝල් කරලා ආපහු මාසයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ ක්‍රමේට දිගටම කරගෙන යන්න පුළුවන්.
එහෙම නැතිනම්, මෙතන අතුලේදීම Crack කරලා පාවිච්චි කරන්න පුළුවන්. තව ඕනනම් Crack එක වැඩ කරනවද කියලත් බලන්න පුළුවන්. තමන් කැමති තැනකින් Sandbox එක Reset කරගන පුළුවන්.
2 කොටස:
සෙටප් එක ඔරිජිනල් කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරනවා, (Sandbox එකෙන් පිට).
ඒ කරලා Sandbox එක ඇතුලෙන් විතරක් Patch කරලා බලනවා.
ඒ කියන්නේ crack ෆයිල් එක Internet block කරපු sandbox එක ඇතුලෙන් රන් කරලා patch කරගන්න sandbox එක ඇතුලෙන්. මෙතැනදී original File එක modify වෙන්නේ නැහැ sandbox එක ඇතුලේ තියෙන ෆයිල් එක තමා crack වෙලා තියෙන්නේ. ඒක එලියට අරගන්න වෙනවා sandbox එක ඇතුලේ browse කරලා ගිහිං copy කරලා desktop එකට ගන්න. මේක තමයි patched File එක.
ඒ කියන්නේ Sandbox එක ඇතුලෙන් patch උනහම සොෆ්ට්වෙයා එක රන් වෙනව Full version එක විදිහට. එහෙම වෙන්නේ sandbox එක ඇතුලෙන් software එක ඕපන් කරොත් විතරයි. එළියෙන් ඕපන් කරොත් Trial එක තමයි රන් වෙන්නේ.
දැන් එතකොට මේ Crack File එක එක රන් කරයින් පස්සේ sandbox එක හා ප්‍රධාන කම්පියුටර් එක අතර පුංචි වෙනසක් වෙලා තියෙනවා. මේ වෙනස ෆයිල්ස් වල සහ රෙජිස්ට්‍රි එකේ වෙන්න පුළුවන්. මෙන්න මේ වෙනස තමයි Crack කරන exe file එකෙන් කරන්නේ automatically. එතකොට අපිට පුලුවන්නම්, මේ වෙනස Crack exe එක පාවිච්චි නොකර අතින් මැනුවලි හදාගන්න, ඔන්න එතකොට Crack කරන exe එකේ වයිරස් එකක් bind කරලා තිබ්බත් අපිට Crack කරන exe file එක රන් නොකර අපිට සොෆ්ට්වෙයා එක Crack කොරගන්න පුළුවන් සහෝදරවරුනි, බොලාට තේරුනාද මම කිව්වා දේ?
(Step 8 තියෙන Note එක කියවල බලන්න.)
මෙතැනදී ගොඩක් වෙලාවට වෙනස් වෙලා තියෙන්නේ, ඔරිජිනල් සොෆ්ට්වෙයා එකේ ප්‍රධාන File එක පොඩි වෙනසකට ලක් වෙලා තියෙන එක. එතකොට අපි දන්නවා මේ ෆයිල් එක තමයි Cracked ෆයිල් එක කියල. අපිට තියෙන්නේ දැන් මේ ෆයිල් එක Sandbox එකෙන් එලියට ගන්න එක. ඒක sandbox එක රයිට් ක්ලික් කරලා explorer contents ගිහින් අදාළ තැනට හොයාගෙන බ්‍රවුස් කරන ගිහින් වින්ඩෝස් එක්ස්ල්පොරර් එකෙන් ඩෙස්ක්ටොප් එකට හරි කොහෙට හරි කොපි කරගන්න.
step 6. දැන් මේක Virustotal.com site එකට අප්ලෝඩ් කරලා බලන්න virus තියෙනවනම්, කරන්න දෙයක් නැහැ වැඩේ අත ඇරලා දාන්න.
නමුත් step 6 එකේදී බොරුවට වයිරස් තියෙනවා කියල පෙන්නන්නත් ඉඩ තියෙනවා, නොපෙන්නන්නත් ඉඩ තියෙනවා: මේ කොයි දේ උනත්කෙ ස්ටෙප් 7 එකට යන්න
ආ තව දෙයක්, Virus total එකේ Kaspersky වගේ හෝ වෙන තව ගාඩ් වලින් කියනවා Not A Virus, Crack tool වගේ දේවල්. මෙහෙම තියෙනවනම් ගොඩ තමයි. ඒ කියන්නේ වයිරස් නැහැ. බඩු Safe කියන එක. නටපන් සහෝදරවරුනි නටපන්. Step 7 එක සිට එතන ඉඳන් එතකොට ලොකුවට වද වෙන්න ඕන නැහැ.
step 7. Desktop එකට ගත්ත patch වෙච්ච file එක රිනෙම් කරගන්න programname_cracked.exe කියල (photoshop නම් photoshop_cracked.exe)
Step 8. original program එකත් desktop එකට අරගන්න කොපි කරලා. එතකොට දැන් files 2යි. photoshop.exe සහ photoshop_cracked.exe කියල.
Note:
සොෆ්ට්වෙයා එකක් crack කරද්දී reverse engineering tools පාවිච්චි කරලා exe එකේ බයිනරි වෙනස් කිරීමක් තමයි කරන්නේ. ඒ කියන්නේ පුංචි වෙනස් කිරීමක් තමයි exe එකේ සිද්ද වෙන්නේ.
එකියන්නේ registration කෝඩ් එක (serial එක හෝ license key) වැරදි උනාම හරි, මොකක් හරි හේතුවකින් සොෆ්ට්වෙයා එක ඕපන් විය යුත්තේ Trial version එක විදිහටද, නැතිනම් Original Full Version එකද විදිහටද කියල තීරණය කරන තැනක් තියෙනවා. "අන්න එතන" පුංචි වෙනසක් කරපුවහම තමයි සොෆ්ට්වෙයා Full Version එක විදිහටම run කරවන්නේ, ඒ කියන්නේ මොන හේතුවක් උනත් (ලයිසන් එක හරි එකක් හෝ වැරදි එකක් හෝ කෙසේ හෝ ආවත්, එතන තීරණය කරන තැනින් පාස් කරලා ලයිසන්ඩ් වර්ෂන් එකක් විදිහට සොෆ්ට්වෙයා එක රන් කරවනවා). ඒ අදාළ තැන සොයාගෙන ඒ කරන ඒ පුංචි වෙනසට තමා crack කරනවා කියල කරන්නේ.
step 9. කලින් කියපු පුංචි වෙනස විතරක් ද සිද්ද වෙලා තියෙන්නේ එහෙම නැතිනම් මුළු File එකම Modify වෙලාද කියල බලන්න පුළුවන් command prompt එක ඕපන් කරලා (start එකේ cmd කියල type කරලා එන්ටර් කරන්න) ඩෙස්ක්ටොප් ෆෝල්ඩර් එකට කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක මාර්ගයෙන් පිවිසිලා
ඒ සඳහා
කියන කමාන්ඩ් එක ටයිප් කරලා එන්ටර් කරන්න.
ඊටපස්සේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක මේ වගේ වෙයි

(මෙතනට එන්න තව ක්‍රමයක් තියෙනවා, Shift එකත් එක්ක desktop එක රයිට් ක්ලික් කරලා open powershell window from here, කියන එකට යන්න, එතකොට Powershell ඕපන් වෙනවා, ඒක ඇතුලෙදි ආපහු cmd කියල ටයිප් කරලා එන්ටර් කරත් මේ අවස්ථාවට එන්න පුළුවන්, නමුත් background එක powershell එකේ blue color තියෙයි, එක ප්‍රශ්නයක් නෑ)
දැන්
Code:
fc/b photoshop.exe photoshop_cracked.exe
මේ කමාන්ඩ් එක ටයිප් කරලා එන්ටර් කරලා බලන්න. (desktop එකේ තියෙන files දෙකේ නම් දෙක හරියට ටයිප් කරගන්න බැරි නම් ඩෙස්ක්ටොප් එකේ ඉඳන් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට මවුස් එකෙන් ෆයිල්ස් දෙක drag and drop කරන්න. එතකොට file path එක වැටෙයි. මතක ඇතුව file name දෙක අතරේ space එකක් සහ fc/b කියන එක අතරේත් space එකක් තිබිය යුතුයි.
fc/b<space>file1<space>file2 විදිහට.
ඔතනදි වෙන්නේ ඔය exe file දෙකේ binary සැසදීමක්. පලවෙනි ෆයිල් එකේ සහ දෙවන ෆයිල් එක අතර කොච්චර වෙනසක් ද තියෙන්නේ කියල තමා මෙතන පෙන්නන්නේ.
ඔතනදි පුංචි ලයින් කීපයක් විතරක් නම් පෙන්නන්නේ, ඔන්න වැඩේ අවුලක් නැහැ. එකේ තේරුම ඔය cracked file එක නියම crack එකක් 100% clean and safe. virus නැහැ කියන එක. Virus තියෙනවනම් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක පිරෙන්න exe දෙකේ සෑහෙන්න වෙනස් කම් රාශියක් පෙන්නගෙන පෙන්නගෙන යනවා. එකියන්නේ සම්පුර්ණයෙන්ම ෆයිල්ස් දෙක හාත්පසින්ම වෙනස් වගේ දෙයක් කියල. ඔරිජිනල් එක සහ Cracked එක අතර. ඒ අවස්ථාවේදී නම් ඔය exe file එක එළිපිට රන් කරන්න සුදුසු නැති එකක්. ඒ කියන්නේ ඔකේ වයිරස් තියෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා කියන එක.
(නමුත් සමහර ෆයිල් තියෙනවා Packers පාවිච්චි කරලා තියෙනවා, ඒ කියන්නේ ඔරිජිනල් සොෆ්ට්වෙයා එක කම්ප්‍රෙස් කරන්න සහ, crack කරන එක අමාරු වෙන්න වගේ හේතු නිසා software developer එයාලගේ සොෆ්ට්වෙයා එක පැකර් එකක් පාවිච්චි කරලා පැක් කරලා එනවා, එතකොට Crack කරන මනුස්සයා ඉතා වෙහෙසක් දරලා මේක මෙමරි එකට කොපි වෙන අවස්ත්යාවේදී අදාළ hex ටික dump කරගෙන extract කරගන්නවා හරි ක්‍රමයක් එයාලට හම්බුනේ නැතිනම්, මේ වගේ අවස්තාවක උනත් ඔය file දෙක අතරේ ලොකු වෙනසක් එතකොට සිද්ද වෙනවා, ඔන්න එතකොට නම් වයිරස් නොවී ඒත් මේක සේෆ් genuine crack එකක් වෙන්න පුළුවන් අවස්තාවක් තියෙනවා. නමුත් ඔයාල ඒ risk එක ගන්න යන්න එපා තමන් කරන්න යන්නේ මොකක්ද කියල දන්නේ නැතිනම්, ඒ කියන්නේ තවත් deep මේ ෆයිල් එක ගැන ගවේෂණයක යෙදෙන්න වෙනවා, එහෙම කරන්න බලාපොරොත්තු වෙන අය දිගටම Reverse engineering කරගෙන යන්න...)
දැන් ඔය විදිහට වයිරස් නැහැ කියලා තීරණය කරපු file එක original file එක හොයාගෙන ගිහින් එතන තියෙන ෆයිල් එක වෙන නමකට රිනෙම් කරලා patch/crack වෙලා තියෙන ෆයිල් එක original file එකේ නමට rename කරගෙන සොෆ්ට්වෙයා එකේ අතල් එක උපරිම ගන්න බයක් නැතිව 
මීට අමතරව තව ක්‍රම තියෙනවා රන් වෙන මෙමරි එක ස්කෑන් කරලා sandbox එක අතුලේදීම තව debugging software එකක් මාර්ගයෙන් අදාළ dll ලෝඩ් වෙන ඒවා block කරලා මෙමරි එක hex dump එකක් බයිනරි ෆයිල් එකකට සේව් කරලා රිපැක් කරලා වයිරස් එකෙන් cracked සොෆ්ට්වෙයා එක වෙන් කරලා ගන්න ක්‍රම. එක ටිකක් විස්තර කරන්න advanced වැඩියි (බැරි කමක් නැති උනත් තේරුමක් නැති වෙයි, දැනට මේ ඇති).
මීට තවත් දුරට Reverese Engineer කරගෙන යන්න අවශ්‍ය අයට,
Malware Testing Box එකක් හදාගන්න පුළුවන් (Virtual Computer එකකට malware analysis tools install කරගෙන.)
FlareVM box එකක් හදාගන්න, මේකේ FakeNet වගේ Tools තියෙනවා, ඉන්ටර්නෙට් අවශ්‍ය කරන සොෆ්ට්වෙයා Crack කරන්න ගොඩක් වටිනවා.
ඒ වගේම Reverse engineering tools තියෙනවා ගොඩක්. 64dbg කියන එක එහෙම ගොඩක් දියුණු එකක් දැන් අපිටම Cracks හදාගන්න පුළුවන් තත්වේ තියෙන. පොඩි Assembly knowladge එකක් ඕන වෙයි. නමුත් දරන වෑයමෙන් ප්‍රතිපල තියෙනව.
කල්පනා කරලා හිතන්න පුළුවන් ඔලුවක් තියෙන අයට පුළුවන් Virus වලින් survive වෙලා ඉන්න. Virus guard කියන්නේ ගොඩක් වෙලාවට විහිළුවක්.
මෙතනින් FlareVM ඉන්ස්ටෝල් කරගන්න හැටි බලාගන්න.
Code:
https://www.fireeye.com/blog/threat-research/2017/07/flare-vm-the-windows-malware.html
මම මේ ගැන කතා කරපු තවත් තැන්: http://www.elakiri.com/forum/showpos...3&postcount=29
Last edited by BLACKLIST_MEMBER; 06-21-2018 at 04:03 PM.
|
 |
Senior Member
|
|
Posts: 9,318
Join Date: Dec 2008
|
|
06-21-2018, 03:57 PM
එල
|
 |
Senior Member
|
|
Posts: 15,028
Join Date: May 2010
Location: SL
|
|
06-21-2018, 03:59 PM
ela wadak
|
 |
Member
|
|
Posts: 88
Join Date: Sep 2011
Location: YouTube
|
|
06-21-2018, 04:14 PM
blackaaa
|
 |
Member
|
|
Posts: 88
Join Date: Sep 2011
Location: YouTube
|
|
06-21-2018, 04:14 PM
තමන්ටහ් ටිකක් අඩුමිලටහ් සොෆ්ට්වෙයාහ් ගන්නහ් ඕනේ නම් කරන්නහ් පුලුවන්හ් තවහ් දෙයක් තමයි ඊබේහ් එකේහ් පොඩ්ඩක් සර්ච් කරලාහ් අඩු මිලටහ් තියේද බලනහ් එකහ්. හැබැයි රෙපියුටඩ් සෙලර් කෙනෙක් වෙන්ටහ් ඕනෑ.
01. බ්ලැකා අය්යෙහ්, තව දෙයක්හ්, හැක් වෙලායි කියලහ් බයටහ් මැෂින් එකහ් ෆුල් ෆෝමැට් කළාටහ් ඒක සාර්ථක දහ් ? මමහ් අහලාහ් තියෙනවාහ් සමහරහ් ඒවා රැම් එකෙහ් ඉඳන්හ් ලෝඩ් වෙනහ් ඒවාහ් තියෙනවායි කියලාහ්.
02. බිට්ලොකර් ලොක්ඩ්හ් ඩ්රයිව්හ් එකක් ඇතුලෙහ් ඉන්ෆෙක්ටඩ් මැලිෂස් ෆයිල් එකකහ් තියෙනවාහ් නම් ඒකටහ් පුලුවන්ද ක්ලීන් ඉන්ස්ටෝල් කරපුහ් සී ඩ්රයිව්හ් එකටහ් කඩාගෙන එන්නහ් අපිහ් ඒක අරින්නත් ඉස්සරාතුවහ්??. මම නම්හ් හිතන්නෙහ් නැහැහ් ඒක පොසිබල්හ් කියලහ්, ඒත් කියන්නහ් දන්නෙහ් නෑ..
03. සමහර සයිට්හ් වලටහ් ගියාමහ් සෑහෙන වෙලාවක් යනකංහ් කැස්පර්ස්කී එකෙන්හ් මැසේජ්හ් එනවා, ලෝකලි ස්ටෝර්ඩ් අහවල් .js .html ආදීහ් ෆයිල් බ්ලොක් කරා අරකටහ් මේකටහ් කියලාහ්. මොකද එහ් ?
4. ටීම් වීවරහ් වගෙහ් ඒවා දාලා 24/7 සර්වර් වගෙහ් මැෂින් යූස්හ් කරන එකහ් කොච්චරහ් සුදුසුදහ් ?
5. ලීස්ඩ් ලයින්හ් එකකට අනිවාර්යෙන්හ් හාඩ්වෙයාහ් ෆයර්වෝල්හ් කියනහ් එකහ් ඕනෙමදහ් ?
6. උඹට ඇනොයින් නේදහ් මෙහෙමහ් හ්හ්හ් ගානකොටහ් :wink:
Last edited by Cosmic Panda; 06-21-2018 at 04:25 PM.
|
 |
Senior Member
|
|
Posts: 9,914
Join Date: Jun 2007
|
|
06-21-2018, 04:18 PM
hondama wade tamai SAAS tools use kerena eka
- no virus
- very cheap
-pay per license not software
- unlimited support
- cloud data protection
many more
|
 |
Senior Member
|
|
Posts: 41,534
Join Date: Nov 2008
|
|
06-21-2018, 04:23 PM
BUMP
|
 |
Senior Member
|
|
Posts: 249
Join Date: Jan 2018
|
|
06-21-2018, 04:27 PM
Bump
|
Senior Member
|
|
Posts: 320
Join Date: Mar 2018
|
|
06-21-2018, 04:28 PM
ela
|
Tags
|
154, black_virus, crack, dfgds, djnick, ghfds, jejsjs, mydone, reverse engineering, sisjdj, software, virus  |
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
|