ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස
Reply
 
Thread Tools
(#101)
Old
ms48mail's Avatar
ms48mail ms48mail is offline
Senior Member
ms48mail is a glorious beacon of lightms48mail is a glorious beacon of lightms48mail is a glorious beacon of lightms48mail is a glorious beacon of lightms48mail is a glorious beacon of lightms48mail is a glorious beacon of lightms48mail is a glorious beacon of lightms48mail is a glorious beacon of lightms48mail is a glorious beacon of lightms48mail is a glorious beacon of lightms48mail is a glorious beacon of light
 
Posts: 11,755
Join Date: Jan 2010
Location: කැළණි මිටියාවතේ
12-27-2011, 10:31 AM

ගොඩක් වටිනා ත්‍රෙඩ් එකක්. නොදන්න ගොඩක් දේ දැනගත්තා. තෑන්ක්ස්
Reply With Quote
(#102)
Old
NipunaPraveen's Avatar
NipunaPraveen NipunaPraveen is offline
Senior Member
NipunaPraveen is on a distinguished road
 
Posts: 455
Join Date: Jul 2011
12-27-2011, 10:35 AM

Quote:
Originally Posted by westpra View Post

සමහර මුලධර්මවාදීන් තමාට ඕන විදිහට බයිබලේ වෙනස් කරලා තියෙනවා .... එක නිසා පිරිසිදු එක ඕනෙනම් කතෝලික බයිබලේ තමයි බලන්න ඕන..



Thanks machan.
Reply With Quote
(#103)
Old
westpra's Avatar
westpra westpra is offline
Senior Member
westpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to all
 
Posts: 9,871
Join Date: Mar 2007
Location: westend
12-27-2011, 10:35 AM

Quote:
Originally Posted by chathupatiya View Post
උබේ තාත්තට කියපන් බීල පිස්සු කෙලින්න එපා කියල..
Reply With Quote
(#104)
Old
westpra's Avatar
westpra westpra is offline
Senior Member
westpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to allwestpra is a name known to all
 
Posts: 9,871
Join Date: Mar 2007
Location: westend
12-27-2011, 10:37 AM

Quote:
Originally Posted by NipunaPraveen View Post


Thanks machan.
welcome machan..
Reply With Quote
(#105)
Old
dj gamaya's Avatar
dj gamaya dj gamaya is offline
Senior Member
dj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud of
 
Posts: 63,856
Join Date: Nov 2007
Location: Hell & Heaven (Kiribathgoda)
Send a message via Skype™ to dj gamaya
12-27-2011, 10:41 AM

Quote:
Originally Posted by 070348K View Post
කතෝලික ක්‍රිස්තියානි සහ ප්‍රොතෙස්තන්ත (රෙපරමාදු) අයගෙ වෙනස මොකක්ද?

අවවාදයයි: යුරෝපෙ මිනිස්සු ලක්ශ ගනන් නිකන් මැරුනා මේව ගැන වාද කරන්න ගිහින් .... මෙතන ඒක කරන්න එපා
Reply With Quote
(#106)
Old
didulamax's Avatar
didulamax didulamax is offline
Member
didulamax is on a distinguished road
 
Posts: 65
Join Date: Jul 2007
12-27-2011, 11:11 AM

Quote:
Originally Posted by KaalaGola View Post
@ didulamax - good work machan. lokuma de thamai api jesus wa ape pugdalika galaum karu widiyata pili ganna eka. api wena monawa kalath wadak ne. anith eka thamai God & a Man athara inne ekama eka madahath karayek witharai e Jesus
Agree with you bro....... මෙතන ක්‍රිස්තියානි සහ කතෝලික අපේ වෙනස්කම් කීපයක් තිබුනත් මම පුද්ගලිකව ඔයාගෙ කතාවට එකඟයි... ජේසුස් වහන්සේ අපේ ගැලවුම්කරු විදියට අපි හැම කෙනෙක්ම පිලිගන්නවා... අන්න ඒකයි වැදගත්ම කාරණාව...

Quote:
Originally Posted by shenu View Post
sahathika aththa machan +REP
Thanks bro....
Reply With Quote
(#107)
Old
aravinda145's Avatar
aravinda145 aravinda145 is offline
Senior Member
aravinda145 is a jewel in the rougharavinda145 is a jewel in the rougharavinda145 is a jewel in the rougharavinda145 is a jewel in the rougharavinda145 is a jewel in the rougharavinda145 is a jewel in the rough
 
Posts: 1,083
Join Date: Nov 2006
12-27-2011, 12:24 PM

Quote:
Originally Posted by shamRox View Post
මචන් උබ ක්‍රිස්තියානි නිසා වෙන්න ඇති මෙහෙම කියන්න අත්තෙ...
නමුත් මෙතන වරදි 3ක් තියෙනව..


1-"නමුත් කතෝලික අය රූප වන්දනාව සිදු කරනවා."
කතොලිකයන් කවදාවත් ‍රැප වන්දනාව කරන්නෙ නැ, කරන්න ගරු කිරිමක් විතරයි
(අපි අපේ නැතිවුන කෙනෙක්ගෙ පින්තුරයක් ලග තියගන්නෙ... අන්න ඒ වගේ...
‍ රැපයට වන්දනා කිරිමක් නෙමෙයි සිද්ද වෙන්නෙ...)

2-"කතෝලික අය දෙවියන් වෙත තමන්ගේ යැදුම් යොමු කරන්නේ ශාන්තුවරුන් හරහායි..ඔවුන් විශ්වාස කරන්නේ තමන්ට දෙවියන් වෙත කෙලින්ම යැදුම් ඔප්පු කරන්න හැකියාවක් නෑ කියලයි"

ඔතනදි මචන් මම දන්න තරමින් එක කතොලිකයෙක්වත් දෙවියන්ගෙන් හැරෙන්න වෙන කාගෙන්වත් පිහිටක් ඉල්ලන්න නැ... නමුත් සන්තුවරයන්ගෙන් දෙවියන් වහන්සෙ ඉදිරියෙ අපි වෙනුවන් මැදහත් වෙන ලෙසට ඉල්ලනව.

3-"ක්‍රිස්තියානි අයගේ බයිබලයේ ඇතුලත් දස පණතේ එකම දෙවියන්ට පමණක් වන්දනා කරව...රූප වලටවත් වෙනත් දෙයකට වන්දනා නොකරව කියලා තියනවා....මම මුලින් කිවාවා වගේ කතෝලිත අය රූප වන්දනාව සිදු කරන නිසා එයාලගේ බයිබලයෙන් ඒ කොටස ඉවත් කරලා තියනවා......."

මචන් ඔය කියන්නෙ "සැබැවු එකම දෙවියන් වහන්සේට පමනක් වන්දනා කරව" කියන පනත වෙන්න ඇති... අනෙ මේක ගෙඩි පිටින්ම දස පනතෙ තියෙනව..

මචන් මම කතොලිකයෙක්. මට මෙක දැකල ඉන්නම බැරි තැන තමයි ලිව්වෙ...

මම මෙතන කිසිම වෙනත් ආගමක් ගැන කතා කලෙවත්, බැන්නෙවත් නැ. නිවැරදිව තෙරුම් කල පමනයි. මොකද මෙවගේ එව දකින වෙනත් ආගම් වල කට්ටිය ක‍තෝලික ආගම ගැන වරදියට තෙරුම් ගන්න නිසා,


ඉතින් අදින් පස්සෙවත් හොද යාලුවෙක් වගේ වෙනත් ආගමක් ගැන ප්‍රසිද්දියේ කතා කරද්දි ටිකක් වගකීමෙනෙන් කතා කරන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිනව.


ගොඩාක් ස්තූතියි සහෝ comment එකට.රෙප් දෙන්න බෑලු.
Reply With Quote
(#108)
Old
aravinda145's Avatar
aravinda145 aravinda145 is offline
Senior Member
aravinda145 is a jewel in the rougharavinda145 is a jewel in the rougharavinda145 is a jewel in the rougharavinda145 is a jewel in the rougharavinda145 is a jewel in the rougharavinda145 is a jewel in the rough
 
Posts: 1,083
Join Date: Nov 2006
12-27-2011, 12:28 PM

Quote:
Originally Posted by tishaeins View Post
ඔයගොල්ලො ආගම අතර වෙනස්කම් පමණක් කියන්න වාද නොකර සංසන්දනය කිරිමෙන් පමණක් නැත්තම් මෙක අනෙක් thread වගේ වෙවි අන්තිමට අපිට මෙකෙන් ගන්න වෙන්නේ දැනුම නෙමේ කුනුහරප විතරයි
ඒක ඇත්ත
Reply With Quote
(#109)
Old
aravinda145's Avatar
aravinda145 aravinda145 is offline
Senior Member
aravinda145 is a jewel in the rougharavinda145 is a jewel in the rougharavinda145 is a jewel in the rougharavinda145 is a jewel in the rougharavinda145 is a jewel in the rougharavinda145 is a jewel in the rough
 
Posts: 1,083
Join Date: Nov 2006
12-27-2011, 12:36 PM

Quote:
Originally Posted by rochel1977 View Post
මචන් වෙලා ගියා කිව්ව විදියට උඹේ ත්‍රෙඩ් එකට උත්තර දෙන්න. මෙන්න මෙහෙමයි විස්තරේ. අපේ ආගම පටන් ගන්නේ ආබ්‍රහම් කියන ආදී පියා ගෙන්. මේ පියාගෙන් තමයි අද අපේ ලෝකේ ප්‍රධානම ආගම තුනක් නිර්මාණය වෙලා තියෙන්නේ. යුදෙව්, කතෝලික/ක්‍රිස්තියානි, හා මුස්ලිම්. දෙවියන් වහන්සේගේ ජනතාවගේ ආගම තමයි යුදෙව්. ආබ්‍රහම් යුදෙව් ආගමට අනුව හිටපු කෙනෙක්. එයාගෙයි මෙයාගේ බිරියටයි සැහෙන කාලයක් යනකන් ළමයි හම්බුනේ නැහැ. මේ හේතුවෙන් මෙයාගේ බිරිය තමාගේ සේවිකාවක් වන "හැගර්" සමග යහන් ගත වෙලා එයාල වෙනුවෙන් හැගර්ට දාව දරුවෙක් ලබා දෙන්න කියලා එබ්‍රහම්ට කිවවා. බිරියට අවනත උන ආබ්‍රහම් මගින් හැගර් ට පුතෙක් හම්බුනා. එයාගේ නම තිබ්බේ "ඉස්මයිල්" කියලා. ටික කාලයක් යනකොට අබ්‍රහම්ගේ නෝනටත් දරුවෙක් හම්බුනා. එයාගේ නම "ඊසාක්". තමාගේ දරුවයි සේවිකාවගේ දරුවයි දැකපු අබ්‍රහම්ගේ නෝනා හැගර්ට තමාගේ දරුවා අරගෙන පිට වෙන්න කිව්වා. අසරණ උන හැගර් ඉස්මයිල් එක්ක කාන්තාරේ තනි උනා. ඉස්මයිල්ට බොන්න වතුර හොයන්න හැගර් හැම තැනම දිව්වා. අන්තිමට දෙවියන්ට කෑ ගහලා මොර දුන්නා තමාට උනා අසාධාරණය කියලා. දෙවියන් වහන්සේ උත්තර දීලා කිවවා ඉස්මයිල්ගෙන් අලුත් පරපුරක් ගොඩ නගනවා කියලා. ඒ පරපුර තමයි අද ඉන්න මුස්ලිම් උදවිය. මේක බොහොම සාරාංශයක් විතරයි.

ඊසාක් තමයි යුදෙව් නව පරපුර බිහිකරන්නේ. ඊසාක් ගේ පුතුන් වන ජාකොබ් හා එසව් ගෙන් ඊළඟ පරපුර හැදෙනවා. ජාකොබ් ගෙන් ජෝශප්, ජෝශප් ගෙන් පසු මෝසස්. මෝසස් තමයි යුදෙව් ජනතාව ඊජිප්තුවේ වහල් බවෙන් නිදහස් කරගෙන දෙවියන් විසින් පොරොන්දු උණු දේශය වෙත රැගෙන යන්නේ. ඒ දේශය තමයි ජුදෙව් දේශය නොහොත් අද කාලේ පලස්තීනය. මේ අතර තුර තමයි ජනතාවට දස පනත දෙන්නේ. යුදෙව් ජනතාව පලස්තීනය වෙත ඇවිත් එහෙ පදිංචි වෙමින් ව්‍යාප්ත උනා අද තියන ඉශ්‍රයලයට. මේ පලස්තීන ජාතිකයන් ඉස්මයිල්ගෙන් පැවත එන ජනතාව. දැන් තේරෙනවනේ දෙගොල්ල අතර රණ්ඩු සරුවල් අදටත් වෙන්නේ ඇයි කියලා. යුදෙව් ජනතාවගේ දෙවියන්ගේ නීතිය තදයි. නමුත් ඒ කලේ වෙනකොට ජුදයාව පාලනය කලේ රෝමෙන්. මේ අතරතුරේදී තමයි දෙවියන් වහන්සේගේ එකම පුතා වන ජේසු තුමා ඉපදෙන්නේ. එතුමත් යුදෙව් ජාතිකයෙක්. එතුමාවත් යදෙව්, මුස්ලිම් චාරිත්‍රයට අනුව චර්මද්චේදනය කරා. අවුරුදු 30 දී එතුමා දෙවියන් වහන්සේගේ පණිවුඩය මිනිසුන් අතරට ගෙනාවා. නමුත් මේ ඉගැන්වීම් යුදෙව් ඉගැන් වීම් වලට වඩා හත් පසින්ම වෙනස් නිසා යුදෙව් ආගමික නායකයන් ජේසු තුමාව රෝම නීතිය අනුව කුරුසයේ ඇන ගහලා මැරුවා. දවස් තුනකින් ජේසු තුමා සඳහන් කල පරිදිම මරණෙන් නැගිටීමෙන් තමයි ජේසු තුමාටම වෙන් උන ආගම් හැදුනේ. නමුත් ජේසු තුමා කිව්වේ නැහැ මම අවේ මේ ආගම පතුරුවන්න කියලා කොහෙවත් කිව්වේ නැහැ. එක කාලයත් එක්කම හැදුන එකක්. එතුමාට ඕනේ උනේ ප්‍රේමයේ පණිවුඩය ජනතාව අතරේ පතුරුවන්න.

කතෝලික, රෝමානු කතෝලික කියන්නේ දෙකම එකයි. කොන්ස්ටන්ටින් කියන රෝම අධිරාජ්‍යයා තමයි රෝමානු කතෝලික පල්ලිය හැදුවේ. අද වතිකානුව ඒ ප්‍රතිපලයක්. අපේ රෝමානු කතෝලික ආගම පාලනය කරන්නේ රෝමේ වතිකානුවෙන් පාප් තුමාගේ නායකත්වයෙන්. ක්‍රිස්තියානි ආගම වෙනමම බයිබලය මත හා දෙවියන් ජේසු තුමා අතර ගොඩ නැගුන ආගමක්. අපි රෝමානු කතෝලිකයන් හැටියට සාන්තු වරයන් මාර්ගයෙන් දෙවියන් යදිනවා. කෙලින්ම දෙවියනුත්, ජේසු තුමත්, ජේසු තුමාගේ මව වන මරිය තුමියවත් අදහනවා.
බොහොම ස්තූතියි සහෝ comment එකට.ගොඩාක් මහන්සිවෙලා ටයිප් කරල තියෙනවා.ඒ වගේම පැහැදිලිව.මම දන්නේ නැති ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා. සොරි මචං රෙප් දෙන්න බෑලු... Thanx again..
Reply With Quote
(#110)
Old
Rovin's Avatar
Rovin Rovin is offline
Senior Member
Rovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to behold
 
Posts: 56,786
Join Date: Aug 2008
Location: ෴*On Earth*෴
12-27-2011, 12:38 PM

Quote:
Originally Posted by didulamax View Post
බොහොම අගේ කරනවා මේ ත්‍රේඩ් එක ඇතුලේ ඉතාම සමගියෙන් අදහස් හුවමාරු කර ගැනීම ගැන.... මගේ දෙමාපියන්ගෙන් මට ලැබුනු ආගම රෝමානු කතෝලික... හැබැයි මම ඒ වගේම බුද්ධ දර්ශනයට ගොඩක් ගරු කරනවා.... පුංචි කාරණා කීපයක් කියන්න හිතුනා මට...

1) පළවෙනි කාරණාව තමයි ක්‍රිස්තියානි සහ කතෝලික කියලා හැන්දින්වීමේ පහසුව තකා සඳහන් කලත්, ක්‍රිස්තියානි යන වචනයේ තේරුම, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන සියල්ලෝ යන්නයි... වෙනත් වචන වලින් කියනවා නම්, රෝමානු කතෝලික ආගමත් ක්‍රිස්තියානි ධර්මයටම තමයි අයිති... ක්‍රිස්තුස්වහන්සේව මේ සියලු දෙනා විශ්වාස කරනවා... විකිපීඩියා වෙබ් අඩවියට ගිහින් Christianity කියලා search කරල බලුවොත් මේ කරුණ තවදුරටත් තහවුරු කරගන්න පුලුවන්... ඉතින් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන ආගමික සභාවන් ගොඩක එකතුවක් තමයි ක්‍රිස්තියානි ආගම.... මේ අතරට, කතෝලික, මෙතෝදිස්ත, ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි, ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි වගේ සභාවන් ගනණාවක් විතරක් නෙමෙයි ඊයේ පෙරේදා බිහි වුන සභාවන් පවා අයත්....

ජේසු තුමා උකුත්වී උත්ථානවීමට පෙර, ශාන්ත පීටර් තුමාට කිතුනු සුභාරංචිය ලොව පුරා පතුරුවන්න කියලා කිව්වා.. ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානවීමෙන් පසුව එතුමා ඒ සඳහා නායකත්වය ලබා දුන්නා කියන්න පුලුවන්.. මේ අය ලෝකේ තැන් තැන් වලට ගියා.. ගොඩාක් කරදර හිරිහැර වලට මුහුන පෑවා.. කොහොමහරි, විශාලතම පරිවර්ථනය වුනේ රෝම අධිරාජ්‍යය කිතුදහම වැලඳ ගැනීමත් එක්කයි.. රෝමානු කතෝලික කියන යෙදුම බිහිවෙන්නත් හේතුව ඒකයි...... ඉතින් මුල්ම සහ වඩාත් ප්‍රධානතම ලෙස ලොව පුරා පැතිර තියෙන්නේ වැඩිම දෙනෙක් විශ්වාස කරන්නේ,මේ අතරින් කතෝලික සභාවයි... සියල්ලම නොවුනත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් බොහොමයක්, නොයෙකුත් හේතූන් සහ කතෝලික සභාවේම ගැටලු නිසා බෙදී වෙන් වී ගිය කොටස්.. කතෝලික සභාව ක්‍රිස්තියානියේ දැනට ශේෂ වෙලා තියන ප්‍රදානතම සහ මුල්ම පුරුකක් කියලා හැඳින්වුවාට වරදක් නැහැ.. මුල් පුරුක නිසා කතෝලික සභාව වෙනමත් අනෙකුත් සියලු සභාවන් ක්‍රිස්තියානි ලෙසත් බොහොමයක් දෙනා හඳුන්වනවා...
Quote:
Originally Posted by didulamax View Post
2)නමුත් මේ සභාවන් අතර වෙනස, බුදු දහමේ නිකාය අතර වෙනස වගේ නෙමෙයි... එක්තරා විදියකට, ථෙරවාදය සහ මහායානය අතර වෙනස වගේ, සමහරවිට ඊටත් වඩා ගොඩක් වෙනස්කම් තියනවා මේවා අතර... කතෝලික පියතුමන්ලා විවාහ වෙන්නේ නැහැ, ලෞකික ජීවිත ගත කරන්නේ නැහැ.. ඒත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් වල පාදිලිතුමන්ලා විවාහ වීම සිදු කරනවා... පල්ලියට වෙලා ඉන්නෙ නැතුව සාමාන්‍ය මිනිසුන් වගේම ජීවිතයේ ප්‍රශ්න වලට මුහුන දෙනවා... මම සඳහන් කලා වගේම කතෝලික පූජක තුමන්ලා "පියතුමා" ලෙසත් අනෙකුත් බොහොමයක් ක්‍රිස්තියානි පූජකතුමන්ලා "පාදිලිතුමා" ලෙසත් හඳුන්වනවා...

3)කතෝලික ධර්මයේ සාන්තුවරු කියලා කොටසක් ඉන්නවා... ශාන්ත පීටර්, ශාන්ත තෝමස්, ශාන්ත බෙනඩික් වගේ නම් ඔයගොල්ලො අහල ඇති... මේ අය සාමාන්‍ය මනුෂ්‍යයො අපි වගේම... හැබැයි ඒ අය තමන්ගෙ ජීවිත බොහොම ආදර්ශමත් විදියට දෙවියන්ට ප්‍රසන්නව ගත කරපු නිසා ඒ අය ස්වර්ගයේ ක්‍රිස්තුස්වහන්සේ ලඟට ගිය බව කතෝලික අපි විශ්වාස කරනවා.. ඒ නිසා ඒ අයටත් විශේෂ තැනක් දීලා තියනවා, දේවස්ථාන කැප කරලා තියනවා මේ අයගෙ නමට... හැබැයි මේ අයට අපි යාච්ඥා කරන්න පුලුවන් අපි වෙනුවෙන් දෙවියන්වහන්සේ ඉදිරියේ මැදිහත් වෙන්න කියලා පමනයි... මොකද මේ අයත් විශේෂ වුවත් මනුෂ්‍යයන් නිසා.. මේ කාරණාව ප්‍රධානතම බෙදීමක් ඇති කලා කතෝලික සභාවේ... අනෙකුත් කිසිම ක්‍රිස්තියානි සභාවක් මේ සාන්තුවරු කියන සංකල්පය පිලිගන්නේ නැහැ...

4)ඊලඟට රූප වන්දනාව කියන කරුණ ගැන ගොඩක් දෙනෙක් කියල තිබුනා.... කතෝලික පල්ලි වල, ක්‍රිස්තුස්වහන්සේගෙ සහ මරියතුමියගේත් සාන්තුවරුන්ගේත් සුරුවම් තියනවා... නමුත් අනෙක් ක්‍රිස්තියානි ආගමික මධ්‍යස්ථාන වල නැහැ... රූප වලට වැඳීම ක්‍රිස්තු ධර්මයේ සපුරා තහනම්.... නමුත් කතෝලිකයන්ගේ අදහස මේ සුරුවම් පිහිටුවා තිබුනත් ඒවාට වන්දනා කිරීමක් නොවේ, ඒ චරිත සිහි කිරීමක් ඒ අයට ගරු කිරීමක් පමණක් සිදු කරන බවයි... නමුත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් මීට කිසිසේත්ම එකඟ නැහැ... අපි ඉතා පාපකාරී දෙයක් සිදු කරන බවයි ඔවුන්ගේ අදහස.... මේ කරුනත් විශාල බෙදීමක් ඇති කලා....

5)ඊලඟට මරියතුමිය, ඒ කියන්නේ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මව, කතෝලික අපි විශේෂ කොට සිහිපත් කරනවා.. එතුමිය ගැන බොහොමයක් ආගමික කරුණු විශ්වාස කරනවා(අපි ඒ දේවල් හඳුන්වන්නේ අභිරහස් ලෙසයි... මෙතන සඳහන් කරන්න ගියොත් සංකීර්ණ වේවි පැහැදිලි කිරීම.. ඒ නිසා මම මෙතනින් නවතිනවා).. ඒත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් එතුමියත් සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙස පමණයි සලකන්නේ...
Quote:
Originally Posted by didulamax View Post
ප්‍රධානතම කැපී පෙනෙන වෙනස්කම් කීපයක් තමයි මම ආයෙත් පොඩ්ඩක් පැහැදිලි කලේ... ඉතින් මේ වගේ කරුනු රාශියක් මුල් කරගෙන සහ, සංවිධාන ව්‍යුහයේ වෙනස්කම් ගොඩක් එක්ක අලුත් සභාවන් ගොඩක් නිර්මාණය වෙලා තියනවා.. අදටත් නිර්මාණය වෙනවා... මේ දේ පැහැදිලි කර ගන්න එක ගොඩක් වැදගත්... මම කියන්නම් ඒ ඇයි කියලා....

පහුගිය කාලයේ ලොකු ආන්දෝලනයක් ඇති වුනා අන්‍යාගමීකරණය ගැන..... අපි ඇත්ත කතා කලොත් සමහර ඊයෙ පෙරේදා බිහි වුන,කිතුණු යැයි කියාගන්න ආගමික කල්ලි කීපයක් ඉතාම සදාචාර විරෝධී විදියට,කිතු දහමටත් විරෝධී විදියට කටයුතු කලා ආගම ප්‍රචාරයට ආපු බව සඳහන් කරමින්... නමුත් ඉතාම කණගාටුවට කරුණ,අද මේ රටේ බෞද්ධ සහෝදර සහෝදරියන් එක්ක බොහොම සහජීවනයෙන් ජීවත් වෙන, පරණම කිතුණු සභාවන් වන කතෝලික, මෙතෝදිස්ත වගේ සභාවන් පවා මේ නිසා නිරපරාදයේ බැනුම් ඇහුවා...ගොඩක් දෙනෙක් තවමත් දන්නේ නැහැ මේ ඩොලර් කාක්කන් සහ මේ රටේ පාරම්පරික, ක්‍රිස්තියානි/ කතෝලික ජනතාව අතර වෙනස... අද වෙනකොට මේ අයගෙන් ප්‍රධානතම තර්ජනය එල්ල වෙලා තියෙන්නේ, මේ රටේ පාරම්පරික කතෝලික සහ අනිකුත් ක්‍රිස්තියානි සභාවන් වලටයි... අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමාත් මේ ගැන මෑතකදි සඳහන් කරල තිබුනා.. ඉතින් මම කියන්නේ, මේ ආගමික ආයතන අතර වෙනස් කම් පැහැදිලි කරගන්න එක අපේ අපේ කිතුනු නොවන සහෝදර සහෝදරියන්ටත් ඉතා වැදගත්... අනවබෝධය නිසා ගොඩක් ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්... ගොඩක් ස්තුතියි මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත සහෝදරයාට...ආගමික සහජීවනය ගැන ඔයත්, ඔයාගෙ පෙම්වතියත් අපි හැමෝටම ආදර්ශයක්...
okkoma kiyala thiyenawa methana
Reply With Quote
Reply

Bookmarks

Tags
ask rovin, catholic, christian

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05131 seconds with 9 queries